විදු නැන නුවණ – Science Literacy for All

මරණය සිදුවූ වේලාව මෘත ශරීරයෙන්ම දැනගැනීම

ප‍්‍රබන්ධ කතාවල මෙන්ම වෘතාන්ත චිත‍්‍රපටවලත් හදිසියේ කෙනෙකුගේ මෘත ශරීරයක් සොයා ගත් කළ පරීක්ෂණ පවත්වන නිලධාරියා මරණය සිදු වූ වේලාව දැන ගැනීම පිණිස යොමු වෙන්නේ වෛද්‍ය පරීක්ෂකයා වෙතයි. එහෙත් සැබෑ ජීවිතයේදී නම් කෙනෙකු මිය යන්නට ඇත්තේ කොයි වෙලාවේද යන්න කීමට වෛද්‍ය පරික්ෂකවරුන්ට ඉතා නිශ්චිතව දැක්විය හැකි ක‍්‍රමයක් නැත. අඩු තරමින් මේ වන තුරු නම් තිබුණේ නැත. එහෙත් 2016 දෙසැම්බර් 22 දා PLOS ONE සඟරාවෙහි පළ වූ අධ්‍යයන වාර්තාවක මේ ගැන ඉඟියක් පළවේ.

featuredimage1

 

මේ නව අධ්‍යයනය අනුව, පර්යේෂකයන් දැන් කියා සිටින්නේ මෘත ශරීරයක ඇති බැක්ටීරියා පුද්ගලයා මිය ගිය වේලාව වඩාත් නිවැරැදිව කීම සඳහා යොදා ගත හැකි බව පර්යේෂකයෝ කියති. අධ්‍යයනය සඳහා ඔවුහු මළ සිරුරු 21 ක මෘත ජෛවී දර්ශ හෙවත් බියෝම (necrobiomes) පරීක්ෂා කර බැලූහ. මෘත බියෝමය යනු කෙනෙකු මිය ගිය පසු එම සිරුරේ දැකිය හැකි බැක්ටීරියා ගොන්න හෙවත් බැක්ටීරියා ප‍්‍රජාවයි. කෙනෙකු මිය ගියාට පසු ශරීරය කුණු වෙන්නට පටන් ගෙන වේලාව ගත වෙද්දී මේ මෘත බියෝමය සැලකිය යුතු වෙනස්කම්වලට භාජන වෙන බව අධ්‍යයනයෙන් පෙන්වා දෙනු ලැබේ.

වර්තමානයේ වෛද්‍ය පරීක්ෂකයන් කෙනෙකු මිය ගිය වේලාව නිර්ණය කරන්නේ වියෝජනයේ පසු අවධි මෘත ශරීරයේ(later stages of decomposition) ඇති කෘමීන් පරීක්ෂා කිරීමෙන් බව පර්යේෂකයෝ සඳහන් කරති. එහෙත් මේ විධිවේද විශ්වාසය තැබිය නොහැකි ඒවා බව ප‍්‍රකට යයි පෙන්වා දෙන පර්යේෂකයෝ උෂ්ණත්වය, කාලගුණික තත්ත්වයන් සහ භූගෝලීය පිහිටීම් ආදි සාධක ඊට බලපාන බව ප‍්‍රකාශ කරති.

decomposing-body

එසේ වුවද, ‘මෘත ශරීරයක් අත්පත් කරගන්නේ කුමන ක්ෂුද්‍රජීවීන්ද එමෙන්ම ඒ සඳහා කොපමණ වේලා ගතවේද යන්න දැන ගැනීමෙන් අපරාධ වෛද්‍ය විද්‍යාඥයන්ට මරණය සිදුවූ වේලාව සහ අපරාධයකට සම්බන්ධ අනෙකුත් විස්තර  තීරණය කිරීම පිණිස මෘත බියෝමය උපයෝගී කර ගත හැකිය.’ නිව්යෝර්හි ස්වාභාවික ඉතිහාසය පිළිබඳ ඇමරිකානු  කෟතුකාගාරයේ අණුකවර්ගීකරණ විද්‍යා සංරක්ෂක රොබට් ඩිලාසාල් කියයි. මොහු මේ අධ්‍යයනයට සම්බන්ධ වූවෙක් නොවේ.

අධ්‍යයනය සඳහා පර්යේෂකයන් විසින් ටෙනසි විශ්වවිද්‍යාලයේ මානව විද්‍යා පර්යේෂණ පීඨයේ තිබූ මෘත ශරීරවල කන් හා නාසා ඇලිවල බැක්ටීරියා සාම්පල ලබා ගන්නා ලදී. එම මෘත ශරීර වනාන්තරයක එළිමහනේ තබා සති ගණනක් තිස්සේ ස්වාභාවිකව වියෝජනය වෙන්නට හරිනු ලැබීය.  පර්යේෂකයන් බැක්ටීරියාවල DNA අනුක‍්‍රමණය කරන ලද අතර ඔවුන්ගේ ඒ සොයාගැනීම් (මෘත ශරීරය බවට පත් තැනැත්තා) මිය ගිය වේලාව ‘සමුච්චිත ප‍්‍රමාණ දින’(“accumulated degree-days” ) 55 දක්වා පුරෝකථනය කළ හැකි මොඩලයක් (ආකෘතියක්) නිර්මාණය කිරීමට යොදා ගැනිණ. සමුච්චිත ප‍්‍රමාණ දින 55  දළ වශයෙන් ගිම්හාන දින දෙකකට පමණ සමානය. ‘සමුච්චිත ප‍්‍රමාණ දින කියන්නේ කාලය ගෙවී යාමත් උෂ්ණත්වයත් එකවර මිනිය හැකි ක‍්‍රමයක්’ අධ්‍යයනයේ ජ්‍යෙෂ්ඨ කර්තෘ නේතන් ලෙන්ට්ස් පවසයි. ඔහු ක්ෂ්ද්‍ර ජීවවිද්‍යා මහාචාර්යවරයෙකි.  මිනිසුන්ගේ මළ සිරුරු වියෝජනය තනිකරම කාලය හා උෂ්ණත්වය යන දෙකම මත රඳා පවතින හෙයින් විද්‍යාඥයන්ට කාලය ගෙවී යාම ගැන පමණක් සැලකිලිමත් විය නොහැකිය යන්නයි ලෙන්ට් ගේ අදහස. වියෝජනය සිදුවන ප‍්‍රමාණය ගැන බලන විට ගිම්හානයේ එක දවසක් ශීත ඍතුවේ සති දෙකක් වගෙයි.’ ඔහු කියයි. මෘත ශරීරයක දැකිය හැකි බැක්ටීරියා ප‍්‍රජාවන් කාලයත් සමග වෙනස්වන බව ඔහුගේ මතයයි. ‘වියෝජනය වන පෘෂ්ඨි වංශිකයෙකු යනු, විවිධ ජීවි ස්වරූප ගහණය පරිසර පද්ධතියක් ලෙස සිතන්න පුළුවන්. එම  පරිසරය පද්ධතිය බොහොම ගතිකයි. මන්ද වියෝජනය වෙමින් පවතින ධාරකයාගේ පරිසරය පවතින්නේ දැඩි විපර්යාසයන්ට ලක්වෙමිනුයි’

standard-methods-to-determine-time-of-death-21288001

නිදසුනකට, ශරීරය තුළ ඔක්සිජන් පරිභෝජනය කරමින් කාබන් ඩයොක්සයිඞ්  ගොඩ නැගෙද්දී බැක්ටීරියා පවතින ඔක්සිජන් ඉහළ හා පහළ මට්ටම් චක‍්‍ර යම් කි‍්‍රයාභාරයක් ඉටු කරයි. එහෙත් අවසානයේ ශරීරයේ පටක බිඳී ඔක්සිජන් ආපසු ගලා එන්නේ පරිසරය යළි වෙනස් කරමිනි. තවද පෝෂක බහුලතාවය ඉහළ හා පහළ මට්ටම් ඇති චක්‍ර තිබෙන බවද ලෙන්ට් පෙන්වා දෙයි. පටකයක් බිඳී පෝෂක එළියට වැගිරෙන තුරු පෝෂක මට්ටම් පහළ තිබිය හැකිය. අවසානයේ පරිසරය, ‘විකල්ප ක්ෂුද්‍රජීවීන් කණ්ඩායම්වලට පෝෂණ උමතුවක් ඇතිකරවන්නක් බවට පත්වන්නේ සිය කාලය පැමිණි විට ව්‍යාප්ත වන බැක්ටීරියා වැළක් අනුක‍්‍රමයෙන් පිහිටුවනු ලබමිනි’. කෙසේ වෙතත් මෙම පරිසර පද්ධතිය ගැන පර්යේෂකයන්ට ඉගෙන ගත යුතු බොහෝ දේ ඇතැයි ලෙන්ට් කියා සිටියි.

නව අධ්‍යයනය මේ සංකල්පය ගැන බලාපොරොත්තු තැබිය හැකි සහතිකයක් වුවත් විවිධ ස්ථානවලින් එමෙන්ම සිරුරේ තවත් කොටස්වලින් බැක්ටීරියා යොදා ගනිමින් සිදුකරන විශාල අධ්‍යයනයිකන් තොරතුරු ලබා ගනිමින් මේ ක‍්‍රමවේදය තවත් වැඩි දියුණු කළ හැකි බව පර්යේෂකයෝ පෙන්වා දෙති.

Live Science හී පළවූ  Time of Death? Check the Body’s ‘Necrobiome’ ලිපිය ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: