විදු නැන නුවණ – Science Literacy for All

වයස්ගතවීම ආපසු හැරවිය හැකිද?

වයසට යාමත් සමග සිදුවන  ජාන කි‍්‍රයාකාරිත්වයෙහි වෙනස්කම් ආපසු හැරවිය හැකි බව නව අධ්‍යයනයකින් පෙන්නුම් කරයි.

turning-back-the-aging-clock1

මහලූවීම — සෑමදෙනාගේ කෙසේවෙතත් අඩුම තරමින් මීයන්ගේ — මහලූවීම මන්දගාමී කිරිමට නැතහොත් ආපසු හැරවීමට පවා හැකියාව ඇතැයි නව අධ්‍යයනයක් දක්වයි. මිනිසුන් තුළ දශක ගණන් තිස්සේ වයසට යාමෙන් සිදුවන වෙනස්කම් ආකාරයේම ජාන කි‍්‍රයාකාරිත්වයෙහි සිදුවන වෙනස්කම් නිෂ්කරණයෙන්  හෙවත් නැවත තිබූ තත්ත්වයට පත්කිරීමෙන්  මෙය සිදු කළ හැකිවේ. මහලූවීම, අවෑම හෙවත් වීයැයීම(aging) වැඩිහිටි   සෛල, කලලානුරූප(embryonic like) සෛල බවට යළි හරවන ජාන සියුම්ව සකස්කිරීම මගින් ජෛවී විද්‍යා අධ්‍යයනය සඳහා වූ සෝල්ක් ආයතනයේ(Salk Institute for Biological Studies) පර්යේෂකයෝ මීයෙකුගේ සහ (නාලස්ථව හෙවත් සිරුරෙහි පිටත) මානව ෙසෙලයක මහලූවීම ආපසු හැරවීමට මෙන්ම වේගවත්ව මහලූවීමේ තත්ත්වයකට මුහුණ පා සිටි මීයෙකුගේ එම මහලූවීමේ කි‍්‍රයාදාමය මන්දගාමී කිරීමට ද මැද වයස් මීයෙකුට තුවාල සිදු වූ සාර්ථකව ඉන් ගොඩ ඒමට ද මඟ පෑදුහ. මේ අධ්‍යයනය පිළිබඳ වාර්තාව Cell සඟරාවේ පසුගිය දා පළ විය.

වියැයීම

download

වියැයීම යනු බොහෝ සෙයින්ම අපිප්‍රවේණි(epigenetic) විපර්යාසයන්  ලෙස හඳුන්වනු ලබන ජාන වඩාත් කි‍්‍රයාශීලීවීමට හෝ කි‍්‍රයාශීලීත්වය අඩුවීමට බලපාන වෙනස්වීමේ කි‍්‍රයාදාමයක්ය යන විද්‍යාත්මක තර්කය මෙම අධ්‍යයනයෙන් සවිමත් වේ. ජීවිත කාලය තුළ දී ෙසෙල කි‍්‍රයාකාරී යාමකයන් එක්කෝ ජානවලට එක්වේ. නැතිනම් ජානවලින් ඉවත් වේ. මානවයන්ගේ නම් මෙකී විපර්යාසයන්  හෙවත් වෙනස්වීම් දුම්පානය,දුෂණය(pollution) හෝ වෙනත් පරිසර සාධක හේතුවෙන් ඇතිවිය හැකිය. ජානයන්ගේ කි‍්‍රයාකාරකම් ඉහළ පහළ යැවීමට මුල් වන්නේ මෙම සාධකයි. මෙම විපර්යාසයන් එකිනෙක ගොඩ ගැසෙද්දී අපේ මාංශපේශී දුර්වල වේ. අපේ මනසේ කි‍්‍රයාකාරිත්වය මන්දගාමීවේ. එසේම අප ලෙඩ රෝගවලට ගොදුරුවීමේ අවදානම තවත් වැඩිවේ.

මේ වෙනස්වීම අඩුතරමින් සමහරක්වත් ආපසු හැරවීමේ හැකියාවක් ඇති බව නව අධ්‍යයනය දක්වයි. ජීවත්වන මිනිසුන් වෙත ද, මේ ආපසු හැරවීමේ කි‍්‍රයාදාමය ආනුෂාංගිකව ගෙන ඒමට හැකිවෙනු ඇතැයි පර්යේෂකයෝ අදහස් කරති. ‘වියැයීම කියන්නේ අපට හැඩ ගස්වා ගත හැකි සුවිකාර්ය  දෙයක්’ යයි සෝල්ක් හී ජාන ප‍්‍රකාශන විශේෂඥයෙකු හා අධ්‍යයනයේ ජ්‍යෙෂ්ඨ කර්තෘ ජුවාන් කාලෝස් ඉශ්පිසුවා බෙල්මොන්ටේ පවසයි.  අධ්‍යයනයේදී  සුහුඹුල් ෙසෙල නැවත කාලානුරූප තත්ත්වයට පරිවර්තනය කිරීමේ හැකියාව ඇති ජාන හතරක් කෙටි කාලයක් තුළ ‘ඇර’ තැබීමෙන් බෙල්මොන්ටේ සහ සගයෝ එක්ව සෛල තිරිහන් කළහ. ඔවුහු  පණ පිටින් සිටින මීයෙන්ගේ ජාන හතරක් සක්‍රිය කළහ. (නෝබෙල් ත්‍යාගලාභී ෂින්යා යමනාකා වෙනුවෙන් නම් කෙරුණු) ‘යමනාකා සාධකය’ ලෙස හදුන්වනු ලබන මේ ප්‍රවේශය මගින් මැදි වයස් මීයෙකුගේ හානි පැමිණි මාංශ පේශී සහ අග්න්‍යාශය යළි තිරිහන් කෙරිණ. තවද මේ කි‍්‍රයාදාමය උපයෝගී කරගනිමින් Hutchinson–Gilford progeria syndrome (මෙය කුඩා දරුවන් ඉක්මනින් වයසට යාමට සලස්වන රෝග තත්ත්වයකි) නම් රෝග තත්ත්වයට  වගකිව  යුතු ජානයක් විකෘතියෙන් මීයෙකුගේ ආයු කාලය 30% දීර්ඝ කිරීමටද හැකිවිය.

සමහර විද්‍යාඥයන් කල්පනා කරන අන්දමට වියැයීම මෙහෙයවනු ලබන්නේ අපිප්‍රවේණි  විපර්යාසයක් මගින් යන්නට මෙම අධ්‍යයනය තවදුරටත් සාක්ෂි සපයයි. ‘මං හිතන විදිහට නම් වියැයීම ආපසු හැරවීමේ ඒකායන මාර්ගය  අපිප්‍රවේණි  යළි ක‍්‍රමලේඛ ගත කිරීමයි.’ හාවඞ් සරසවියේ ජාන විද්‍යාඥ හා ප‍්‍රතිවියැයීමේ පර්යේෂක ඬේවිඞ් සින්ක්ලෙයාර් පවසිය. ඔහු මේ අධ්‍යයනයට සම්බන්ධ නොවූවකි. ‘වියැයීම මෙහෙයවන මූලික බලවේග අපිප්‍රවේණි  විපර්යාසයක් බවට  ඕනෑ තරම් සාක්ෂි මගේ පර්යේෂණාගාරයේ තියෙනවා’ සින්ක්ලෙයාර් කියයි.

mice-with-ppl1-gene

සෝල්ක් අධ්‍යයනය සිදු කෙරුනේ මැද වයස් මීයන් යොදා ගෙන වුවද අපිප්‍රවේණි යළි ක‍්‍රමලේඛනගත කිරීම  ඕනෑම වයසක මිනිසුන් සහ මීයන්ද යොදාගෙන සිදු කළ හැකි විය යුතුය’යි අධ්‍යයන යේ ප‍්‍රථම කර්තෘ අලෙජැන්ද්‍රෝ ඔකැම්පෝ කියා සිටින අතර ඉදිරියේදී ශතායුකයන්ගේ (සියක් වයසැත්තන්ගේ) සෛලද තිරිහන් කිරීමට කාලයාගේ ඇවෑමෙන් හැකිවනු ඇති’ බව ද පෙන්වා දෙයි.

වියැයීමට එකරවර මුළු ශරීරය පුරාම සිදුවන කි‍්‍රයාදාමයක්ද යන්න සෙවීමට  බෙල්මොන්ට් සහ ඔහුගේ කණ්ඩායම ප‍්‍රයත්න දරයි. එසේ නොමැතිව, ඔහු ප්‍රශ්න කරන ආකාරයට වියැයීම නියාමනය කරන්නේ කිසියම් පටකයක්ද? එය අයහපත් වුවහොත් සමස්ත ජීවියාම අයහපත් තත්ත්වයට පත්වෙයිද?. ‘හෝමෝන, ශරීර උෂ්ණත්වය, මනෝභාවයන්, කුසගින්න හා සිරුරේ දෛනික(circadian)  සිදුවීම් පාලනය කරන මධ්‍යස්ථානය ලෙස සැලකෙන මොළයේ හයිපොතැලමසයද වියැයීමේ නියාමයකයන් ලෙස කි‍්‍රයාකරනවා වීමට ඉඩ ඇති  බව වර්තමානයේ විද්‍යා ක්ෂේත‍්‍රයේ පවතින සිතුවිල්ල යයි  බෙල්මොන්ටේ කියා සිටියි.

සතුන්ගේ වියැයීම ආපසු හැරවීමට ගන්නා ප‍්‍රයත්න අතර කැලරි සීමාකිරීම, rapamycin  යන ඖෂධය සහ parabiosis නමින් දැක්වෙන  මහලූ මීයන්ට තරුණ මීයන්ගේ ලේ ලබාදීම ආදී  ප‍්‍රවේශයන් ද වේ. මේ ක‍්‍රමවේද සියල්ලම යම් සාර්ථකත්වයක් පෙන්නුම් කිරීමෙන් පෙනී යන්නේ මහලූ වීමට බලපාන හේතු කිහිපයක් ඇති බව යයි ප‍්‍රකාශ කරන වොෂින්ටන් සරසවියේ අණුක ජීව විද්‍යාඥ මැට් කාබර්ලීන් පෙන්වා දෙන්නේ බහු ආංගික අනුපූරක පිළියම් වියැයිම අපසු හැරවීමේදී වඩා සාර්ථක විය හැකි බවයි.

Scientific American හී පළවූ  Aging Is Reversible—at Least in Human Cells and Live Mice යන ලිපිය ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: