විදු නැන නුවණ – Science Literacy for All

කායවර්ධන ආහාර බාලවයස්කාරයින්ට අගුණයි!

ළමුන් කි‍්‍රයටීන් භාවිතයට යොමු නොකළ යුතු යයි ඇමරිකා එක්සත් ජනපද ප‍්‍රධාන වෛද්‍ය සංගම් කියා සිටියි.

bodybuilding-supplements

ඇමරිකාවේ සෞඛ්‍යමය ආහාර අළෙවිකරන බොහෝ වෙළෙඳ සැල්, මලල කී‍්‍රඩා කාර්යපල වර්ධන කාරකයක්(performance enhancer) ලෙස වයස අවුරුදු 18න් පහළ ළමුන්ට කි‍්‍රයටීන්(creatine) ආහාර පරිපූරක නිර්දේශ කරන බව නව අධ්‍යයනයක් පෙන්වා දෙයි. ඔවුන් මෙසේ කරන්නේ එරට ප‍්‍රමුඛ වෛදය සංවිධාන එය අධෛර්යමත් කරන පසුබිමක බවද එම අධ්‍යයන වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ. වයස අවුරුදු 18 න් පහළ අය සඳහා කි‍්‍රයටීන් භාවිතයට විරුද්ධව උපදෙස් දෙන ආයතන අතර ඇමරිකානු ළමා රෝග වෛද්‍ය විද්‍යා සංගමය සහ කී‍්‍රඩා සෞඛ්‍ය සඳහා වූ ඇමරිකානු විද්‍යාලය වේ.

උපාය දුතයෙකු ලෙස කි‍්‍රයා කරමින් පර්යේෂකයෙකු ශරීරය වර්ධනය කර ගැනීමට බලාපොරොත්තු වන 15 හැවිරිදි පාපන්දු කී‍්‍රඩකයෙකු හැටියට රඟ පෑ විට රට පුරා සෞඛ්‍ය ආහාර අළෙවි සල්වල වෙළෙඳ සහායකයන්ගෙන් තුනෙන් දෙකකට  වැඩි පිරිසක් ඔහුට කි‍්‍රයටීන් පරිපූරක නිර්දේශ කළ බව අධ්‍යයනයෙන් දැක්වේ. “කි‍්‍රයටීන් අඩංගු පරිපූරක ආහාර බඳුන්වල ඇති ලේබලයේ එය වයස අවුරුදු 18න් පහළ අයට නිර්දේශ නොකරන බව විශේෂයෙන්ම සඳහන් කර තිබෙනවා” යයි අධ්‍යයනයේ ප‍්‍රධාන කතුවරිය වෛද්‍ය රූත් මිලනයික් පවසයි. ඇය නිව්යෝක්හි කොහෙන් ළමා වෛද්‍ය මධ්‍යස්ථානයේ නවජ ස්නාසා වර්ධන පසු විපරම් වැඩසටහනෙහි අධ්‍යක්ෂවරියයි.

enhanced-13108-1407745000-3

කි‍්‍රයටීන් මස් සහ මාළුවල තිබෙන ස්වාභාවික ඇතිවන්නා වූ ඇමයිනෝ ඇම්ලයකි. මේරිලන්ඞ් විශ්වවිද්‍යාලයේ වෛද්‍ය කේන්ද්‍රය දක්වන අන්දමට එය මානවයන්ගේ සිරුරේ අවයව(ඉන්ද්‍රීය) ගණනාවක් මගින්ද නිපද වේ. කි‍්‍රයටීන් පරිපූරක භාවිතය කාය වර්ධනයන් සහ තරගකාරී මලල කී‍්‍රඩකයන් අතර ජනපි‍්‍රය වී ඇත්තේ එය මාංශ පේශී ස්කන්ධය වැඩි කෙරෙතැයි යන විශ්වාසය හේතු කොට ගෙනයි. කි‍්‍රයටීන් පරිපූරක  මලල කී‍්‍රඩා කාර්යඵලය වර්ධනය කිරීමට ද හැකියාවක් ඇතැයි මිලනයික් කියයි.

එසේ වුවද මෙවන්  පරිපූරක, රුධිරධාරාවෙන් ජලය ඉවත් කර මාංශපේශීවල කාර්ය ඵලය වර්ධනයට යොදා ගැනීම නිසා විජලනය ද ඇති විය හැකි බව ඇය පෙන්වා දෙයි. දීර්ඝ කාලීනව කි‍්‍රයටීන් පරිපූරක භාවිතය වකුගඩු හා අක්මාවලට හානි කරනවන අතර මෙය වඩාත්ම වැදගත් වන්නේ තවමත් වැඩෙමින් සිටිනා වියේ  ළමුන්ට බව නිව්යෝර්ක් හි ලෙනෙක්ස් හිල් රෝහලෙහි හදිසි ආපදා වෛද්‍යවරුන් වන රොබට් ග්ලැටර් පවසයි.

“එය ඉන්ද්‍රියන් කෙරෙහි බලපෑමක් ඇති කරන්න පුළුවනවනවා  සේම එම ඉන්ද්‍රියන්ට ධූලක(toxins) ගැන කි‍්‍රයාකිරීමට ඇති හැකියාව කෙරෙහි ද බලපෑම් ඇති කරන්න පුළුවන්” ග්ලැටර් කියයි. “ඉතින් වැඩෙමින් සිටිනා ළමයෙකු මේවා භාවිතයට පුරුදු වුණොත් එමගින් දුෂ්කෘත්‍යයක් ඇති කිරීමට මෙන්ම දිගු කාලයේදී එම ඉන්ද්‍රිය කොයි ආකාරයට කි‍්‍රයා කරාවිද යන්න කෙරෙහිත් බලපෑමක් ඇති කරයි”.

cim-matwoaa_ryt

ඉහතින් ද දැක්වූ උපායික රඟපෑමේදී 19 හැවිරිදි පර්යේෂක සහායකයෙක්,  15 හැවිරිදි ළමයෙකු ලෙස පෙනී සිටිමින්, ඇමරිකා එක්සත් ජනපදය පුරා සෞඛ්‍යමය ආහාර වෙළෙඳ සැල් 244කින් මාංශපේහී වර්ධන පරිපූරකයන් ගැන විමසීම් කළේය. එහිදී වෙළෙඳ සහායකයින්ගෙන් 35%ක්ම එක එල්ලේ කි‍්‍රයටීන් පරිපූරකය නිර්දේශ කල අතර  තවත් 29%ක්, මේ පරිපූරකය ගැන  විමසා සිටි විට දී ඒවා නිර්දේශ කර ඇත. වෙළෙඳ සැල් සාහයකයන්ගේ 75%ක්ම කියා සිට ඇත්තේ 15 හැවිරිදි අයට කි‍්‍රයටීන් පරිපූරක අළෙවි කිරීමේ හැකියාව තිබෙන බවයි. එය ඇත්තකි. එක්සත්  ජනපදයේ බාලවයස්කාරයින්ට කි‍්‍රයටීන් අළෙවිය තහනම් නැත. “මේ එකම වෙළෙඳ සැලක්වත් නීතිය හමුවේ වරදක් කර නැතත්, ඔහුන් 15 හැවිරිදි පාරිභෝගිකයෙකුගේ ශුභ සිද්ධිය ගැන තැකීමක් ද  කර නැහැ” මිලනයික් කියයි.

කෙසේ වෙතත්, එරට පරිපූරක ආහාර අළෙවිකරන වෙළෙඳ සල් දාමයක් හිමි ප‍්‍රධාන පෙළේ සමාගමක් අධ්‍යනයේ සොයා ගැනීම්වලට ප‍්‍රතිචාර දක්වමින් ප‍්‍රකාශ කරන්නේ ‘කි‍්‍රයටීන් කී‍්‍රඩා පරිපූරක පෝෂණයක් හැටියට බොහෝ පුළුල් ලෙස පරික්ෂාවට ලක්ව ඇති බවයි. ‘එහි ලේබලයේ ප‍්‍රකාරව ගැටවර වියේ අයද ඇතුළුව සෑම වයස් සීමාවක අයටම එහි සුරක්ෂිතභාවය තහවුරු වී තිබෙනවා.’ සමාගමේ ප‍්‍රකාශනයේ සඳහන් වේ.

පෝෂක පරිපූරක අවශ්‍ය අය උපදෙස් පැතිය යුත්තේ වෙළෙඳසල් සේවකයන්ගෙන් නොව පෝෂණවේදියෙකු හෝ වෛද්‍යවරයෙකුගෙන් බව පෙන්වා දෙන ග්ලැටර් මෙම අධ්‍යයනය දෙමාපියන්ගේ, ගැටවර වියේ පුද්ගලයන්ගේ හා පුහුණු කරුවන්ගේ ‘ඇස් ඇරවන්නක්’ වේ යයි සඳහන් කරයි. “සෞඛ්‍යමය ආහාර වෙළෙඳ සල්වල සේවකයෝ කියන්නේ විශේෂඥයෝ නොවෙයි. ඒ අය මොනව මොනවා හරි නොතේරෙන වචන ටිකක් ඇද බාලා පරිපූරකවල ගුණ වර්ණනා කරනවා. මෙන්න මේ කාරණාව ගැන පාරිභෝගික අපට අවබෝධයක් තියෙන්න ඕන” ඔහු තවදුරටත් සඳහන් කරයි. ‘වෙළෙඳ සැලේ කවුන්ටරයෙන් මිලදී ගත හැකි පරිපූරක නියාමනයකින් තොරයි. බොහෝ විට වෙනත් ආකාරවලින් නරක් වෙලා. මෙය ගැටවර වියේ අයගේ සෞඛ්‍යයට හා ආරක්ෂාවට අවදානමක් එක් කරනවා.’ යයි පවසන්නේ නිව්යෝක් නුවර ඔවුන්ට සයනායි ගැටවර සෞඛ්‍ය මධ්‍යස්ථානයේ රසායනික පෝෂණ සම්බන්ධීකාරක ටොමී අකන්බීයි.

මෙම අධ්‍යයනය 2017, ජනවාරි 2 දා Pediatrics.සඟරාවේ මාර්ගගතව(online) පළ විය.

WebMD Newsletter හී  පළවූ Bodybuilding Supplement Being Sold to Minors ලිපිය ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: