විදු නැන නුවණ – Science Literacy for All

සෛලවල රසායනික සංඝටක

‘සියලු සත්වයෝ හුදෙක් රසායනික පද්ධතිය’ යන්න එසැනින්  පිළිගැනීමට අසීරු කාරනාවක් සේ  අප බොහෝ දෙනාට පෙනී යයි. රසායන විද්‍යාව මගින් සාමාන්‍යයෙන් විස්තර කරනු ලබන්නේ  ඝන, ද්‍රව සහ වායු වලින් සැදුම් ලත් ලෝකයකි.ජීව ස්වරූපවල පුදුමාකාර විවිධත්වය, අරමුණක් ඇති බවක් පෙනී යන චර්යාව මෙන්ම  වර්ධනය සහ ප‍්‍රජනනය සඳහා ඒවාට ඇති හැකියාවත් යන සියල්ල ගත් විට එම ලෝකයෙන් ජීවය කැපී පෙනෙන ලෙස වෙන් කර දැක්විය හැකිය. ඇත්ත වශයෙන්ම දහනව වැනි සිය වස වනතෙක්ම ප‍්‍රචලිතව පැවති මතය වූයේ සත්වයින් සතුව, සිය කැපී පෙනෙන ගුණාංගවලට මගපාදන ‘අත්‍යවශ්‍ය’ බලයක් ඇතැයි යන්නය.

figure-1-the-chemical-composition-of-a-typical-cell-the-biological-matter-of-any-cell

රසායනික හෝ භෞතික නීතිවලට කීකරු නොවන කිසිවක් සජීවීන් සතුව නොමැති බව අපි දැන් දන්නෙමු. කෙසේ වතුදු, ජීවයේ රසායනය ඇත්තටම විශේෂිත වර්ගයකි. ප‍්‍රථමයෙන්ම,  එය බොහෝ බලවත් ආකාරයෙන් කාබනික සංයෝග පාදක කරගෙන ඇත. මේ පිළිබඳ අධ්‍යයනය හඳුන්වනු ලබන්නේ කාබනික රසායන විද්‍යාව(organic chemistry) යනුවෙනි.  දෙවැන්න, එය මුළුමනින්ම පාහේ රඳා පවතින්නේ ජලජමය හෙවත් ජලීය ද්‍රාවණයක් තුළ සිදුවන එමෙන්ම පෘථිවිය තුළ අත් දැකිය හැකි මට්ටමේ  සාපේක්ෂව පටු උෂ්ණත්ව පරාසයක් තුළ සිදුවන රසායනික ප‍්‍රතිචාරයන් මතය. තුන්වෙනුව,  ජීවය අතිශය සංකීර්ණය: අප දන්නා වෙනත්  ඕනෑම රසායනික පද්ධතියකට වඩා සරලතම සෛලයක් පවා (රසායනික වශයෙන් ගත කල) බොහේ සේ සංකීර්ණයය.  සිව්වෙනුව, එය දැවැන්ත බහු අවයවික අණුක එකතුවලින්(collections of enormous polymeric molecules) එනම් එක කොනක් අනෙක් කොනට යනාදී වශයෙන් සවි වූ රසායනික උප ඒකක දාමවල ආධිපතයයට යටත්වනවා  මෙන්ම සමායෝජිත වේ. මෙකී බහු අවයවක අණුකවල සුවිශේෂී ගුණාංග, සෛල හා අනෙකුත් ජීවීන් වර්ධනය වී ප‍්‍රජානනයවීම ටත් ජීවයේ ගුණාංග  ලෙස සැලකෙන අනෙකුත් දේවල් සියල්ලටත් මං සලසන්නේය. අවසාන වශයෙන් ගත් කළ, ජීවයේ රසායනය තදින් පාලිතය : නිසි ස්ථානයේ හා නිසි කාලයේදී සිය රසායනික ප‍්‍රතිචාරයන් සියල්ල සිදුවන බව සහතික කරනු වස්, සෛල විවිධ යාන්ත‍්‍රණ ගණනාවක්ම උපයෝගී කර ගනී.

ජීව විද්‍යාවේ සියල්ල මධ්‍යයෙහි රසායන විද්‍යාව පවතින හෙයින් ප‍්‍රථමයෙන්ම සජීවී සෛලයේ රසායනය ගවේෂණය කිරීම වටී. සෛල සෑදෙන අණු හඳුනා ගත යුතුවේ. එමෙන්ම,  ඒවායේ ව්‍යුහයන්,  හැඩතල මෙන්ම රසායනික ගුණාංග සොයා බැලිය යුතුවේ. මන්ද මෙකී අණු සජීවී සෛලවල විශාලත්වය, ව්‍යුහය සහ කාර්යභාරය තීරණය කරයි. ඒවා අන්තර් කි‍්‍රයාකරන ආකාරය අවබෝධකර ගැනීමෙන් සෛල තම පැවැත්මට, වැඞීමට හා ප‍්‍රජනනයට රසායන විද්‍යාවේ සහ භෞතික විද්‍යාවේ සිද්ධාන්ත උපයෝගී කරගන්නා ආකාරය දැක ගැනීම ආරම්භ කිරීමට අපට හැකියි.

රසායනික බන්ධන

පදාර්ථය (Matter) සෑදී ඇත්තේ මූලද්‍රව්‍ය(element) එකතුවකිනි — තවත් කුඩාවට කැඩිය නොහැකි හෝ රසායනික මාර්ගයකින් අන්තර් පරිවර්තනය කළ හයිඩ‍්‍රජන් හෝ කාබන් වැනි මූලද්‍රව්‍ය එකතුවකිනි.  තවදුරටත් එහි සුවිශේෂී රසායික ගුණ රඳවා ගත හැකි මූලද්‍රව්‍යයක කුඩාම අංශුව පරමාණුවයි(atom). සජීවී සෛල සෑදෙන්නා වූ ද්‍රව්‍යයද ඇතුළුව ශුද්ධ මූලද්‍රව්‍ය හැරුණු කොට අනෙකුත් ද්‍රව්‍යයන්හි ගුණාංග රඳා පවතින්නේ ඒවායේ අඩංගුවන්නේ කුමන පරමාණුද  එමෙන්ම අණු(molecules) සාදනු වස් කාණ්ඩ වශයෙන් මේ පරමාණු එකට බැඳී ඇති ආකාරය ද  අනුවයි. එසේ හෙයින්, සජීවීන් ගැන අවබෝධයක් ඇතිකර ගැනීමට නම්, අණුවල පරමාණු එකට තබා ගන්නා රසායනික බන්ධන සෑදෙන්නේ කෙසේද යන්න දැන ගැනීම අත්‍යවශ්‍යය.

පරමාණුවලින් සෛල සෑදෙන ආකාරය තවත් තතු ලිපියකින් දැන ගමු.

 

ESSENTIAL CELL BIOLOGY (© 2014 by Bruce Alberts, Dennis Bray, Karen Hopkin)

නම් ග්‍රන්ථයේ Chemical Components of Cells කොටස ඇසුරෙන් සකස් කෙරිණ.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: