විදු නැන නුවණ – Science Literacy for All

අඥාත ශක්තිය? ඔව්, එය සංකීර්ණ බව අපි දන්නෙමු

‘දකින දේ තමයි විශ්වාස කරන්නේ’ යන කියමන සැම විටමත් යොදා ගත නොහැකි බව අපි දන්නෙමු. නොදකින කොපමණ දේවල් අප විශ්වාසයට ගන්නවාද? නිදසුනකට,  විශ්වය ගත්තොත් එහි තේරුම් ගැනීමට අසීරුම දේ තමයි අඥාත ද්‍රව්‍ය සහ අඥාත ශක්තිය. ඒවා පිළිබඳ ඍජු සාක්ෂි නැතත්,  ඒවා දැක බලා ගැනීමට නොහැකි වුවත් ඒවා පවතින බව නම් සත්‍යයක්. මේක තේරුම් ගැනීම අසීරු සංකීර්ණ දෙයක් බව ඇත්තයි. අඥාත ද්‍රව්‍ය ගැන නිතර ලිපි පළ කරන තතු මෙවර ගෙන එන්නේ ඩිස්කවරි ඩිජිටල් නිවුස් ජ්‍යෙෂ්ඨ නිෂ්පාදක ආචාර්ය ඉයන්  ඕනිල් සමග පැවති සම්මුඛ සාකච්ඡවක සාරාංසයකි.

shapeimage_4

අභ්‍යාවකාශයේ දී අපට දැක ගත නොහැකි දෙ අතර අඥාත ද්‍රව්‍ය, අඥාත ශක්තිය ගැන ජනතාව තුළ ඇති පොදු වැරදි සංකල්ප මොනවාද?

විශාලතම වැරදි සංකල්පය නැතිනම් දුර්මතය තමයි (අපට ඇත්තේ ඍජු නොවන සාක්ෂි නිසා) අඥාත ද්‍රව්‍ය යනුවෙන් දෙයක්  නොපවතින බව. ජනතාව මේ වගේ දේවල් ගැන ලියැවුණු  ලිපි  කියෙව්වහම  ඉක්මන් විසඳුමක් විද්‍යාඥයන්ගෙන් බලාපොරොත්තු වෙනවා. සමහරු කියන්නේ, අඥාත ද්‍රව්‍ය යනු පර්යේෂණ සඳහා අරමුදල් ලබා ගැනීම පිණිස විද්‍යාඥයන් කියන දෙයක් පමණයි කියලයි. ඒත් ඒක එහෙම නෙමෙයි.

සමහර විට අප සලකා බැලිය යුත්තේ ගුරුත්වය හෝ අවකාශ කාලය(space time) පිළිබඳ අපේ අවබෝධය ගැන කියලත් තර්ක කරන්න පුළුවනි. කාලය ගෙවී යද්දී, අප ගුරුත්වාකර්ෂණ තරංග ගැන අධ්‍යනය කරන විට සාමාන්‍ය සාපේක්ෂතාවාදය ගත් විට අයින්ස්ටයින් හරියටම හරි කියල තේරෙනවා.

තාරකා භෞතික විද්‍යාවට  සහ අභ්‍යාවකාශ ගවේෂණයට අදාළ මෙකී අංශය පිළිබඳ තවදුරටත් පර්යේෂණ පැවැත්විය යුතු යයි ජනතාව ඒත්තු ගන්වන්නේ කෙසේද?

ලොව ජනතාව අද සිතා ගෙන ඉන්නේ විද්‍යාත්මක ගවේෂණයේ ‘ස්වර්ණමය යුගයකට’ අප අවතීර්ණවෙලා කියලයි. ඒ අය හිතන්නේ වර්තමානයේ විද්‍යාඥයන්ට සෑම දෙයක් ගැනම පිළිතුරු ඇතැයි යනුවෙනුයි. ඒ අය සිතන්නේ  විද්‍යාඥයන් මෙතෙක් ඉදිරිපත් කර ඇති සිද්ධාන්ත එකට එකතු කරලා විශ්වය ගැන කරුණු පැහැදිලි කර දෙයි කියලයි. එහෙත්, ඒක ඒ විදිහට සිද්ධ වෙන්නේ නැහැ. මං හිතන විදිහට නම් අඥාත ද්‍රව්‍ය. අඥාත ශක්තිය ගැන හොයන එක වෙන කිසිම වාසියක් නැති වුණා වුණත් වටිනවා කියලා. මොකද, වෙනත් විද්‍යාත්මක ගවේෂණයේදී මෙන්ම මේ ප‍්‍රයත්නයේදීත් ඉගෙන ගත හැකි දෑ බොහොමයි. මේ වෑයම හරහා මතුකර ගන්නා තාක්ෂණ ශිල්පිය කාරණා ජනතාවගේ ජීවිත සරු සාර කිරීමට ඉවහල් වෙනවා. අනික, විශ්වය තුළ අපේ තැන ගැන දැකීම ඇත්තටම යහපත්. සාගර පතුල මෙයාකාරයයි සිතින් සිතාගෙන අන්ධයෙකු මෙන් සාගරය මතු පිට පා වෙවී සිටිනවාට වඩා එහි ඇති දේ සැබැවින්ම දැන ගැනීම අගනේ නොවේද?

අඥාත ද්‍රව්‍යය ඇති බව සනාථ කිරීම පිණිස විද්‍යාඥයන් සොයා ගෙන ඇති ප‍්‍රධාන සාක්ෂි මොනවාද?

පදාර්ථවලින් බහුතරය, එකට එක්ව ගුරුත්වාකර්ෂණීය බලයක් ඇති කරන අදෘශ්‍යමාන අංශුවලින් සමන්විත බවට අපට මනා අවබෝධයක් ඇත. එහෙත් ඒවා ඉතාමත් කුඩායි. එමෙන්ම ඒවා විද්‍යුත් චුම්බක බලය හරහා අන්තර් කි‍්‍රයා කරන්නේ නෑ. ඒ කිය්නනේ අපට ඒවා ඍජුව දැක ගත නොහැකියි. එමගින් ඇති කරන විකිරණය අහස දිහා බලල දැක ගන්න බැහැ. මන්ද විකිරණයක් විමෝචනය නොකරන නිසා එහි පැවැත්ම දැන ගත හැක්කේ ගුරුත්වාකර්ෂණය බලය තුලින්  පමණයි.

අප මන්දාකිණි දකින විට අපට පෙන්නේ දිය සුළියක් ලෙස නොව රෝදයක් අයුරින් කැරකෙන බවයි. දිය සුළුය මැද වැඩිම වේගයෙන්ද පිටත අඩුම වේගයෙන්ද කැරකෙනවා. ඒත් මන්දාකිණි හැසිරෙන්නේ එලෙස නෙවෙයි කියලයි අපට හිතෙන්නේ. විශ්වයේ ඇති පදාර්ථ සියල්ල දැක ගත හැකි නම් ඒවා සිදුවන්නේ එය තමයිකියලා හිතෙයි.  ඒත් පදාර්ථ බහුතරය (85%) අදෘශමාන නිසා මන්දාකිණියේ දෘශ්‍යමාන ද්‍රව්‍යය සමස්තයක් ලෙස අත්‍යත්‍යව චලනය වන්නේ එය වටා ඇති අඥාත ද්‍රව්‍ය දැවැන්ත ප‍්‍රභා මණ්ඩලයක් තුළ අන්තර්ගතව ඇති හෙයිනි. ඉතින් අප දකින්නේ අපට ඇත්තටම පෙනෙන මේ ප‍්‍රභා මණ්ඩලයේ මැද පමණයි. එය ඈතට පැතිරේ. අඥාත ද්‍රවයෙහි  ඕවලාකාර චලනය දිය සුළියක් බඳුය. එහෙත් අප දකින්නේ දෘෂ්‍යමාන පදාර්ථයෙහි දෘශ්‍යමාන කේන්ද්‍රීය කොටස පමණකි. මීට අමතරව, සාක්ෂි හැටියට මන්දාකිණි පොකුරු හා තාරකා වායුවල චලනය සහ මන්දාකිණි පොකුරු හරහා යන ආළෝකයේ චලනය බැලිය හැකිය.

අඥාත බව හැඟැවීමට අඥාත පදාර්ථ අඥාත ශක්තිය හා කළු කුහරවලට අඳුරු යන අර්ථයෙන් black (කළු) යයි යොදන හෙයින් සමහරු ඒවා අතර සම්බන්ධයක් දකිනවා එහෙම සම්බන්ධතාවක් තිබේද?

සත්තකින්ම තිබෙන්න පුළුවනි. කළු කුහර අතිශය ඝනත්වයකින් යුත් ස්ථානයි. ඒවායේ විශාල ගුරුත්වාකර්ෂණ බරක් දරනවා. සියලූම මන්දාකිණිවල හරයෙහි අති දැවැන්ත කළු කුහර ඇති බව අපි දන්නවා. අපේ මන්දාකිණිය මැද ඇති කළු කුහරය ඇසින් දැකිය නොහැකි වුවත් ගුවන් විදුලි තරංග සහ ඉන් නිකුත් කරන තාපය මගින් අපට එය සොයා ගත හැකිය.

ළඟපාතක පදාර්ථ කිසිවක්ම නොමැති කම හෙයින්  කිසිම පදාර්ථයක් සමග අන්තර් කි‍්‍රයා නොකරන කළු කුහර විශාල සංඛ්‍යාවක් ඇතැයි ද මතයක් තියෙනවා. මේ අනුව මේවා අතර සම්බන්ධතාවක් තිබෙනවා යන්න යථාර්ථවාදියි. තර්කානුකූලයි. ගුරුත්වාකර්ෂණ තරංග ඔස්සේ අපට තවත් කළු කුහර ඝට්ටන සොයා ගත හැකිවේවි.

එතකොට අඥාත ශක්තිය? අඥාත ශක්තිය පවතින බව අප දන්නේ කොහොමද?

ප‍්‍රධාන සාක්ෂිය ලැබෙන්නේ ඇත්තටම සියවස ආරම්භයේ, මුල් හබල් මෙහෙයුමෙන්(Hubble’s original mission). එන්ට එන්ට වැඩිවන වේගයකින් මන්දාකිණි එකිනෙකින් ඈත්වන්න බව එමගින් පෙන්නුම් කරයි. එකල එය වටහා ගැනීමට නොහැකි වුනත්,  දැන් පෙනී යන්නේ විශ්වයෙහි ප‍්‍රති – ගුරුත්ව සංරචකයක්(අඥාත ද්‍රව්‍ය) තිබෙන්නාක් වගෙයි, එමෙන්ම පදාර්ථ ශක්තිය ඇත්තටම අඩංගුව ඇත්තේ  අඥාත ද්‍රව්‍ය තුළ තිබෙන්නාක් වගෙයි . මෙය පැහැදිලි කිරීම පහසු නැහැ.

untitled-01

අඥාත පදාර්ථ, අඥාත ශක්තිය, කළු කුහර ආදිය ගැන හාදරන්න උනන්දුවක් දක්වන තරුණ පිරිසට දිය හැකි කෙටි උපදේශය කුමක් ද?

භෞතික විද්‍යාවට අදාළ සියලුම ශික්ෂාවන් ගැනත් ඉන් අනතුරුව ගණිතය ගැනත් හොඳ  අවබෝධයක් ලබාගන්න ඕනෑ. ඒ වගේම දිගටම උනන්දුවක් සහ ප්‍රබෝධයක් තියෙන්න ඕනෑ. පෘථිවිය කොපමණ නම්  විශාලද  එත් සෙසු විශ්වයට සංසංදනය කරද්දී  අප කොතරම් ක්ෂුද්‍ර ද කියල බයක් වගේ දැනෙනවා. එත් ඒ ගැන දැනගන්න තියෙන උනන්දුව, කුතුහලය කොහොමටවත්  නතර කරන්න බැහැ.

 

Discovery Communications, InSCIder හී පළවූ Dark Energy. We Know. It’s Complicated! ලිපිය ඇසුරෙනි.

 

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: