විදු නැන නුවණ – Science Literacy for All

මුහුණු, වඩා හොඳින් මතක තියෙන්නේ වැඩිහිටි වයසේදිලූ!

බස් රියේදී,  කඩපොලේ දී හෝ මිනිසුන් ගැවසෙන  ඕනෑම ස්ථානයකදී යම් අයෙකු දුටු විට දැක පුරුදු ගතියක් ඔබටත් දැනෙනවාද? කුඩා අවධියේ සිට වැඩිහිටි තත්ත්වයට පත්වෙද්දී අපේ ජීවිතයේ අපට මුනගැසෙන දහසක් දෙනාගේ මුහුණුවර මතක තබා ගෙන හඳුනාගැනීමට අප කාටත් සිදුවේ. අපේ මොළයට ඇති මේ හැකියාව අප වැඩිහිටි භාවයට පත්වෙද්දී තවත් වර්ධනය වන බව ජනවාරි Science  සඟරාවේ පළකෙරෙනු අධ්‍යයන වාර්තාවකින් හෙළිවේ.

facelock-2

ළමුන්ට සහ තරුණ වැඩිහිටියනට,  චර්යා රටා පරීක්ෂණ  මෙන්ම කායික හා මොළ පරිලෝකන සංයෝජනයකට මුහුණ පෑමට සලස්වමින් පර්යේෂකයෝ තම අධ්‍යයනය ආරම්භ කළහ. එහිදී ඔවුනට පෙනී ගියේ මුහුණ හඳුනා ගැනීමේ දී තරුණ වැඩිහිටියන් ළමුන්ට වඩා ඉදිරියෙන් සිටිනා බවයි. එපමණක් නොව, මුහුණ දෙස බලන අවස්ථාවල මුහුණ හඳුනාගැනීමට අදාළ මොළයේ කොටස් හෙවත් ප‍්‍රදේශවල දැඩි ප‍්‍රතිචාරයක් ඇතිවෙන බවද එම ප‍්‍රදේශවල වඩාත් ඝන පටක ඇති බවද පර්යේෂකයන්ට  පෙනී ගියේය. මොළ ව්‍යුහයේ මෙකී වෙනස්කම්වල යටි දැක්ම වන්නේ මුහුණු හඳුනාගැනීමට අපට ඇති කුසලතාවයන් වැඩිදියුණු වන  බව යයි අධ්‍යයනයේ සොයා ගැනීම් හඟවයි.

වයස අවුරුදු 10 වන තෙක් ළමුන්ගේ මොළයෙහි සැලකිය යුතු පරිවර්තනයක් සිදුවේ. එය හඳුන්වනු ලබන්නේ සම්පර්ක කප්පාදුව(synaptic pruning) ලෙසයි. මෙහිදී සිදුවන්නේ පාවිච්චි නොවන මොළ සම්බන්ධතා කප්පාදු කර හැර නිතර භාවිත වන ඒවා ශක්තිමත්  කිරීමයි. මේ හේතුවෙන් අපේ මොළ වඩාත්  කාර්යක්ෂම සකසන යන්ත‍්‍ර(processing machines) බවට පත්වෙයි. ස්ටැන්ෆර්ඞ් සරසවියේ ස්නායු විද්‍යාඥ කලානිද් ගි‍්‍රලි ස්පෙක්ටර් සහ ඇගේ සගයන් මීට කලින් පෙන්වා දී ඇත්තේ මේ කප්පාදු කවුළුව ඇතුළතම මොළයේ ඇතැම් දෘෂ්ටිමය ප‍්‍රදේශ කලින්ම පරිණත වන බවයි. නිදසුනක් දක්වතොත්, අජීවී වස්තු හඳුනා ගැනීමේ අපේ හැකියාව  වයස අවුරුදු හත වන විට පිහිටා අවසන්ය. එහෙත් මුහුණු හඳුනා ගැනීමේ අපේ කුසලතා අපට අවුරුදු 20  ගණන් වනතුරුම අඛණ්ඩව වර්ධනය වේ. ළමා වියේ හා තරුණ වැඩිහිටි වියේ අතර තුර මොළයේ ඇතිවන වෙනස්කම් සොයා බැලීම පිණිස පර්යේෂකයන් උනන්දු කරවූයේ එම කාරණාවයි.  download

පර්යේෂක කණ්ඩායම, අධ්‍යයනය සඳහා වයස අවුරුදු 5 සිට 12 දක්වා ළමුන් 22ක් ද, අවුරුදු  22 සිට 28 දක්වා තරුණ වැඩිහිටියන් 25දෙනෙක් ද යොදා ගත්හ. අධ්‍යයනයේ ප‍්‍රතම අදියරයේදී සහභාගී වන්නන්ගේ මොළයේ ව්‍යුහය අනුරූපනය සඳහා පර්යේෂක කණ්ඩායම MRI ස්කෑන් (magnetic resonance imaging ) පරීක්ෂණ උපයෝගී කර ගත්හ. අනතුරුව සහභාගිවන්නන් (මුහුණ, ශරීර කොටස් වස්තුන් ස්ථාන හෝ සංකේත ලෙස වර්ග කළ)  ඡායාරූප බලමින් සිටියදී මොළයේ කාර්යබද්ධ ස්කෑන් පරීක්ෂාවන්ට ලක් කෙරිණ. මුහුණුවර හඳුනාගැනීම හා සම්බන්ධ වන මොළයේ ප‍්‍රදේශ වරණාත්මකව මුහුණ කෙරෙහි ප‍්‍රතිචාර දක්වන්නේ කෙසේද යන්න දැක බලා ගැනීමට මෙමගින් පර්යේෂකයන්ට අවස්ථාව සැලසිණ. අවසාන වශයෙන් සහභාගිවන්නෝ මුහුණු හඳුනා ගැනීමේ සිය කුසලතා ගැන ඇගැයීමක් කිරීම පිණිස පරීක්ෂන ගණනාවකට පෙනී සිටියහ. විවිධ ආලෝක තත්ත්වයන් යටතේ සහ විවිධ කෝණවලින් අරගත් ඡායාරූප හා මුහුණ සැසදීමේ කුසලතාව එවැනි එකකි.

aid554887-728px-memorize-names-and-faces-step-7

පූර්ව අධ්‍යයනවලදී මෙන්ම මෙහිදී ද පර්යේෂකයන්ට පෙනී ගිය කාරණාවක් වන්නේ මුහුණු හඳුනා ගැනීමේදී,  ළමුන්ට වඩා වැඩිහිටියන් සමත්කම් දක්වන බවයි. එමෙන්ම අනෙකුත් අනුරූප දකින විට හා සංසන්දනයේදී ඔවුන් මුහුණ දෙස බලන විට තර්කරූපී සංචලිතයෙහි(gyrus = මොළයෙහි මස්තිෂ්කය මතුපිට නැම්මක් හෝ ගැට්ටක්) පිහිටා ඇති මුහුණු හඳුනා ගැනීමේ මොළයේ කොටස්වල හෙවත්  ප‍්‍රදේශවල වඩාත් දැඩි ප‍්‍රතිචාරයන්ද පර්යේෂකයන්ට නිරීක්ෂණය විණ. වඩාත් අනපේක්ෂිතව අනාවරණය වූ කාරණාව වූයේ මෙකී මොළ ප‍්‍රදේශ හෙවත් කොටස්වල පටකය ළමුන්ට වඩා වැඩිහිටියන්ගේ ඝනවීමයි. එහි එක සමාන මොළ ෙසෙල සංඛ්‍යාවක් පැවතියේ වුවද එකිනෙකට සම්බන්ධවීමට උපකාරී වන සහායක ව්‍යුහයන් වැඩියෙන් තිබිණ. ගි‍්‍රල් – ස්පෙක්ටර් පෙන්වා දෙන අන්දමට අප වැඩිවියට පත්වෙද්දී වඩාත් හොදින් මුහුණු හඳුනා ගැනීමට සම්පර්ක කප්පාදුවට  වඩා මුහුණුවර හඳුනාගැනීමට අදාළවන  මොළයේ කොටසේ පටක වර්ධනය  උපකාරී වන බවට  මෙම ඝන පටකය සාක්ෂි බවයි. “මුළු ජීවිත කාලය පුරාවට මෙන්ම මොළයේ විවිධ ප්‍රදේශ පුරා වර්ධනයේ බහු යාන්ත‍්‍රණ පවතින බව මෙයින් හැඟී යනවා” යයි ඇය කියයි.

ළමුන් ක‍්‍රමයෙන් වැඩිහිටි බාවයට පත්වෙද්දී  ඔවුන්ගේ මොළයෙහි මේ වර්ධනීය වෙනස්කම් නිරීක්ෂණය කිරීමෙන් මේ සම්බන්ධය තවදුරටත් අධ්‍යයන කිරීමට පර්යේෂකයෝ සැලසුම් කරති.

Scientific American හී පලවූ  We Remember Faces Better as Adults  යන ලිපිය ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: