විදු නැන නුවණ – Science Literacy for All

වඳුරෝ ද මිනිසුන් සෑදු ගල් ආයුධවලට සමාන ‘ආයුධ’ තනති

වඳුරෙක් අර්තාපල් අලයක ප‍්‍රමාණයේ ගලක් ගෙන පුළුවන් තරම් වැර යොදා තවත් ගලක ගසයි. ගල් පතුරු සැම තැන විසිරුණත් ඌ ඒ ගැන අවධානයක් යොමු නොකරයි. මස්, කැබලි කිරීමට හෝ ශාක කොටස් කපා දැමීමට තරම් ඒවා මුවහත්ය. හිතා මතා නොවුණත් මේ වඳුරා නිපදවා ඇත්තේ මානවයන්ගේ පුරා විද්‍යාත්මක ස්ථානවල දී දැකිය හැකි අන්දමේ ගල් ආයුධ වලට සමාන සිප්පමය. (ඡයාරූපය බලන්න)
මේ වඳුරා දකුණු ඇමරිකාවේ වන කැපුචින්(capuchin) වඳුරෙකි. එකෙකි. බ‍්‍රසිලයේ සේරා ඩා කැපිවරා ජාතික වනෝද්‍යානයෙහි වෙසෙන මේ වඳුරු වර්ගය පුළුල් පාරාසයක කාර්යයන් සඳහා දීර්ඝ කාලයක් තිස්සෙම ගල් යොදා ගන්නා බව දැන සිටි කාරණාවකි. ඇට වර්ග පලා මදය ගැනීම, බිම හාරා කෑමට මුල් සොයා ගැනීම මෙන්ම සහාකාරියක්/සහකරුවෙක් බවට පත්විය හැකි එකෙකුගේ අවධානය යොමු කර ගැනීම ආදිය මෙකී කාර්යයන් අතර වේ. බටහිර අප‍්‍රිකාවේ චිම්පන්සින් ඇතුළු අනකුත් මානවයන් නොවන ප‍්‍රිමාටේස් සත්තු ද වනගතව වසන විට ආයුධ ලෙස ගල් භාවිතා කරති. එහෙත් විද්‍යාඳයන් දැක ඇති, ගල් කඩා බිඳ දැමීම සඳහා තවත් ගලක ගසන වඳුරන් වන්නේ මෙකී සේරා ඩා කැපිවරා වනෝද්‍යානයේ කැපුචින් වඳුරන් පමණකි. කලින් අදහස් කෙරුනේ, මෙම ක‍්‍රියාව මානව පවුලට අයත් සාමාජිකයන්ට පමණක් සීමාවූවක් ලෙසයි. මානවයන් එලෙස ගල් කඩා දමන්නේ යම් යම් දේවල් කපා ගැනීම පිණිස තියුණු අග‍්‍ර සහිත ආයුධ සෑදීම පිණිසය. අනෙක් අතට කැපුචින් වඳුරන් මෙලෙස ගල් කඩා දැමුව ද ඔවුන් එම ව්‍යායාමයේ දී බිහි කරන ගල් පතුරු භාවිතයට ගන්නා බවක් මෙතෙක් නිරීක්ෂණය වී නැත. ඔවුන් කරන්නේ ගිල් වී ඇති ගලෙහි මතුපිට ලෙවීම පමණකි. එසේ කරන්නේ බාගදා ඛනිජමය කුඩු ලෙවකෑමට විය හැක.
මෙකී කැපුචින් වඳුරන් විසින් නිෂ්පාදිත ගල් පතුරු නව අධ්‍යයනයක් මගින් පරීක්ෂාවට ලක් කරන ලදී‍‍. ස්වභාවිකව ගැලවෙන ගල්පතුරු වලින් මිනිසුන් ආයුධ ලෙස භාවිතා කළ ගල් පතුරු වෙන් කර හඳුනා ගැනීම සඳහා යොදා ගන්නා නිර්ණායකයන්ට ඒවා අනුකූල වන බව අනාවරණය වී තිබේ. 2016 සරත් සෘතුවේ Nature සඟරාවෙහි පළ කර ඇති මේ අධ්‍යයන වාර්තාව මතභේදාත්මක පුරා විද්‍යා භූමි පිළිබඳව විවාදයකට තුඩු දීමට ඉඩ තිබේ. මානවයන්, සෙසු ප‍්‍රිමාටේස් සතුන්ගෙන් වෙන් කර හඳුනා ගන්නේ කෙසේ ද යන්න ගැන මෙන්ම අපේ පරපුරේ ඇත්තන් ගල් වලින් මෙවලම් තැනුවේ කෙසේ ද යන්න ගැනද නව සොයා ගැනීම ගැටළු මතු කරයි.
කැපුචින් වඳුරන් ගල් තෝරා ඒවා මිටි සේ භාවිතා කරමින් අනතුරුව ගල් කැටවලට ඒවායින් පහරදෙනු ඔක්ස්ෆර්ඞ් විශ්ව විද්‍යාලයේ තෝමොස් ප්‍රොෆිට් සහ සගයන් කණ්ඩායමක් විසින් නිරීක්ෂණය කරන ලදී. පර්යේෂකයන් කැඞී ගිය ගල් කැබලි ද අවට භූමිය ඇතුළත කැනීම් වලදී හමු වූ අනෙකුත් සිප්පම් ද එකතු කළේ මිනිස් පුරා විද්‍යාත්මක භූමියක කැනීම්වල දී සොයාගන්නා ආකාරයටය. ඔවුහු අනතුරුව කැපුචින් සිප්පම් 111ක එකතුව විශ්ලේෂණය කර බැලූවේ ඒවායේ හැඩය හා ප‍්‍රමාණය මෙන්ම තැලීම හේතුවෙන් ගල්මත ඇති වූ කැළල් ද පරීක්ෂා කරමිනි.
කැපුචින් සිප්පම් කැපී පෙනෙන ආකාරයේ කෙණෙස්සක හැඩයක් ෙෙවත් ශංඛාකාර හැඩයක් ද, පතුරු සහ මුවහත් අග‍්‍ර ද ප‍්‍රදර්ශනය කිරීම පර්ෙය්ෂකයන් පුදුම යට පත් කර වන්නක් විය . වඳුරන් බොහෝ අවස්ථාවල එක් පාෂාණයකින් පතුරු කිහිපයක් ද ඉවත් කරගන්නා බවද පරීක්ෂකයන්ට නිරීක්ෂණය විය. ේම සියල්ල මිනිසුන් සාදන ශිලා ආයුධවල ප‍්‍රමිති ලක්ෂණයන්ය.
මෙවන් ගති ලක්ෂණ මානවයන්ගේ ආකාරයේ අත් පරිණාමය වීම හා සමායෝජනය (emergence of humanlike hands and coordination) මානව සංජානනයේ වෙනස්වීම්වලට සම්බන්ධ යයි කලින් සැලකිණ. එහෙත් වඳුරන් ද එම අංග ලක්ෂණම ප‍්‍රදර්ශනය කරමින් ගල් පතුරු සෑදීම හේතුවෙන් පරිණාමය ගැන වෙනත් පැහැදිලි කිරීමක අවශ්‍යතාව මතු කරයි. එමෙන්ම, නූතන වඳුරන් මේ ආකාරයට ගල් පතුරු සාදන්නේ නම් දැනට වඳව ගිය වඳුරන් හා වානරයන් ද එලෙස කරන්නට ඉඩ ඇත. එහෙයින්, මානව පවුලේ සාමාජිකයින් හිතා මතාම නිෂ්පාදනය කළ ශිලා මෙවලම් හඳුනාගැනීමේ දී යොදා ගන්නා නිර්ණායක සීහුම් කිරීමට, සුශිෂ්ට කිරීමට පුරා විද්‍යාඥයන් කි‍්‍රයා කිරීම අවශ්‍ය වෙතැයි ප්‍රොෆිට් ඇතුළු කණ්ඩායම අදහස් කරති.
ආදිතම ශිලා ආයුධ හැදුවෝ මානව පරම්පරාවේ සාමාජිකයන්ද යන්න ගැන සැකයක්. මෙකී කැපුචින් වඳුරන්ගේ ගල් පතුරු නිසා ඇතිවන්නට හැකි යයි සමහර විශේෂඥයෝ සැක පහළ කරති. කෙසේ වෙතත්, මානව නොවන සත්ව විශේෂයක් අතින් අහමීෙෙන් තැනුනු ගල් පතුරු, මිනිසුන් ඕනෑකමින් සෑදු ගල් ආයුධවලට සමාන බවක් පෙනී ගිය පළියටම මිනිසුන් තැනූ මෙවලම් වල විශේෂත්වයක් නැතැයි කිව නොහැකි බව ස්ටෝනි බෲක් සරසවියේ සෝනියා හාර්මන්ඞ් පෙන්වා දෙයි.
Scientific American January 2017 Issue හි පළවූ Monkeys Make Stone “Tools” That Bear a Striking Resemblance to Early Human Artifacts ලිපිය ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: