විදු නැන නුවණ – Science Literacy for All

ඇල්ෆා සෙන්ටෝරි තාරකාවේ ග‍්‍රහයන් සෙවීමේ ඉදිරි පිම්මක්

අන්තස්තාරීය ගමන් පිළිබඳ අතීත සිහිනය සැබෑ කර ගැනීමට වෙර දරන ව්‍යාපෘතියක් ලෙස ස්ටාර්ෂොට්(Starshot) හඳුන්වන්න පුළුවන්. මේ පෞද්ගලික අංශ වෑයම සඳහා අරමුදල් සපයනු ලබන්නේ යූරි මිල්නර්  නම් කෝටිපතියයි. එක පරම්පරාවක් ඇතුළත තාරකා වෙත අධිවේගී රොබෝටික චාරිකා සිදුකිරීම ව්‍යාපෘතියේ අරමුණයි. එහෙත් ව්‍යාපෘතියේ සිහිනය සැබෑ කර ගැනීමට නම්  යා යුතු ගමනාන්තය ප‍්‍රථමයෙන්ම සොයා ගත යුතුය.

logo

මේ ව්‍යාපෘතියේ ප‍්‍රාථමික ඉලක්කය වන්නේ ඇල්ෆා සෙන්ටෝරී(Alpha Centauri) ති‍්‍රත්ව තාරකා පද්ධතියයි. ඒ තමයි අපට ආසන්නම අසල්වැසි තාරකා පද්ධතියි. ඊට ඇති දුර ආළෝක වර්ෂ හතරකට වඩා මදක් වැඩිය. එහි තාරකා පද්ධති තුන අතුරෙන්, රතු වාමනයකු වන ප්‍රොක්සීමා සෙන්ටෝරී  තාරකාවට පමණයි ග‍්‍රහයෙකු ඇති බව දැන ගන්නට ඇත්තේ. අපේ පෘථිවියේ ස්කන්ධයට සමාන ස්කන්ධයක් සහිත මේ ග‍්‍රහයා තාරකාවට ආසන්න කක්ෂයක පරිභ‍්‍රමණය වෙයි.  එහෙයින් එහි ජලය ද්‍රව ස්වරූපයෙන් තිබීමටත් ඒ නිසාම අප දන්නා ආකාරයෙන් ජීවය පැවතීමටත් ඉඩ තිබිය හැකිය.

maxresdefault

මේ ග‍්‍රහයා වඩා සමීපව නිරීක්ෂණය කිරීමට විද්‍යාඥයන්ට දැනටමත් සැලසුම් කර තිබේ. එසේ වුවද, ළඟ පාත ධාරක තාරකාවෙන් එන තීව‍්‍ර ලෙළ සිළු(intense flares) හේතුවෙන් එය එතරම් පහසු කාර්යයක් නොවනු ඇත. බොහෝ දෙනෙක් කල්පනා කරන්නේ පද්ධතියේ වඩාත් විශාල, වඩාත් ප‍්‍රභාවත් සහ අපේ සූර්යයාට වඩාත් සමාන තාරකා වන ඇල්ෆා සෙන්ටෝරි A සහ ඇල්ෆා සෙන්ටෝරි B යන යුගල තාරකා අතරේ ජීවය පැවැත්මට වඩා හිතකර ග‍්‍රහලෝක තිබිය හැකි බවයි. එසේ වුවද, ඒවායේ ග‍්‍රහලෝක සෙවීමට මෙයට කලින් දරන ලද සියලූ වෑයම් අසාර්ථක වී ඇත.

මේ තාරකා යුගලය ඉතා ගැඹුරින් විමර්ෂණය කිරීමට නම් වඩාත් මිල අධික නව උපකරණ හා මෙවලම් අවශ්‍යවනවා පමණක් නොව ලෝකයේ වැඩිම ඉල්ලූමක් ඇති ටෙලස්කෝප රාතී‍්‍ර බොහොමයක් තිස්සේ පරිහරණය කිරීමටත් සිදුවේ. මෙසේ දැනට පවතින සම්පත් සාපේක්ෂව සිමාවීමේ හේතුවෙන්, මේ ඇල්ෆා සෙන්ටෝරි A සහ B තාරකාවල  ග‍්‍රහලෝක ඇතොත් ඒවා තාරකා යුගලයේ අධික දීප්තිය අතරේ මෙතෙක් අපෙන් වසන්ව පවතී.

චිලියේ පැරනල් නිරික්ෂනාගාරයේ අති විශාල ටෙලස්කෝපයට ඉස්මත්තෙන් අපට ආසන්නම අසල්වැසි තාරකා පද්ධතියවන ඇල්ෆා සෙන්ටෝරී පායා එන අයුරු

චිලියේ පැරනල් නිරික්ෂනාගාරයේ අති විශාල ටෙලස්කෝපයට ඉස්මත්තෙන් අපට ආසන්නම අසල්වැසි තාරකා පද්ධතියවන ඇල්ෆා සෙන්ටෝරී පායා එන අයුරු

කෙසේ වෙතත්, මේ දශකය අවසන්වීමට පෙර ඒවා පැහැදිලිව දැකගන්නට හැකි වෙතැයි අපේක්ෂිතයි. 2019 තරම් මෑතක ඇල්ෆා සෙන්ටෝරි A සහ B තාරකා පද්ධතිවල ග‍්‍රහයන් සොයා අනුරූපනය කිරීම සඳහා මිල්නර්ගේ ඉදිරිපිම්මකට මුලපිරීම් සංවිධානය (Breakthrough Initiatives organization) දකුණු දිග යුරෝපීය නිරීක්ෂණාගාරය හෙවත් European Southern Observatory (ESO) සමග ජනවාරි මුල ගිවිසුමකට එළැඹින. මේ  අනුව ව්‍යාපෘතිය, උපකරණ ඉහළ තත්ත්වයට නංවීම()සඳහා සහ  චිලියේ පිහිටි ESOට අයත් පැරනල් නිරීක්ෂණාගාරයේ Very Large Telescope (VLT)   හෙවත් අති විශාල ටෙලස්කෝපය භාවිතය සඳහා මෙතෙක් අනාවරණය නොකළ ප‍්‍රමාණයක මුදලක් ආයෝජනය කර ඇත. මෙය සිය ස්ටාර්ෂොට්(Starshot) ගවේෂණ යානා මගින් යම් දිනක සෙවීමට ඉඩ ඇති අසල්වැසි තාරකාවල ග‍්‍රහලෝක ගවේෂණය පිණිස යෑමට වූ මහාභිලාෂී සැලැස්මේ මුල් පියවර පමණකි. සිය ගවේෂණ, දක්ෂිණා අර්ධ ගෝලයේ අතිරේක නිරීක්ෂණාගාර යොදා ගනිමින් වර්ධනය කිරීමට මෙන්ම ග‍්‍රහලෝක සෙවීමේ කුඩා ටෙලස්කෝප අභ්‍යාවකාශ ගත කිරීමේ හැකියාව සොයා බැලීමට දැනටමත් සාකච්ඡා පවත්වා ඇතැයි සංවිධානයේ ප‍්‍රකාශකයෙක් පැවසීය. ‘අසල්වැසි තාරකා පද්ධති හොඳින් දැන හඳුනාගෙන ඒවා තුළ වෙනත් ග‍්‍රහලෝක තිබේ දැයි සෙවීමට දැන් මානව වර්ගයාට කාලය පැමිණ ඇත’ යයි මිල්නර් කියයි.

ඉදිරිපිම්මකට මුලපිරීම් ව්‍යාපෘතිය මගින් සිදු කරනු ලබන,  භූමිය පදනම් කර ගත් වෑයම්වලට අමතරව අනෙකුත්  ව්‍යාපෘති මගින්ද ඇල්ෆා සෙන්ටෝරි පද්ධතියේ ග‍්‍රහලෝක අනාවරණය කිරීමට  ඉඩ ඇත. භූමිය පාදක කරගත් ‘නව පරම්පරාවක අතිශය විශාල ටෙලස්කෝප’ 2020 දී එළි දැකීමට නියමිතයි. සුපිරි ප‍්‍රමාණයේ මීටර් 30 ක් පළලැති දර්පණ සහිත මෙම ටෙලස්කෝප මගින් මධ්‍ය අධෝ-රක්ත තරංග අයාම ඔස්සේ ඇල්ෆා සෙන්ටෝරි ග‍්‍රහලෝක පහසුවෙන්ම අනුරූපනය කළ හැකිය. එවැනි යෝධ ටෙල්ස්කෝප නිපදවීමට හැකිවෙන්නේ ඉදිරිපිම්මකට මුලපිරීම් ව්‍යාපෘතිය සහ වෙනත් සංවිධාන මගින් වැඩි දියුණු කරනු ලබමින් තිබෙන තාක්ෂණයන්  මාර්ගෙයනි. එවන් තාක්ෂණයන්, ග‍්‍රහලෝකවල ජීවය පැවතිය හැකි දැයි හෝ දැනටමත් පවතින්නේ දැයි හෙළිකිරීමට හැකිවන පරිදි එම  ග‍්‍රහලෝකයන්හී සුවිශේෂී ජීවවිද්‍යාත්මක ලකුණු ද(bio signatures) වායුගෝලයේ වෙනත් වායු ද  සොයා ගැනීමේ බලාපොරොත්තු අපට ඇති කරයි.

Scientific American (a part of Springer Nature) හී පළවු A Breakthrough in the Search for Alpha Centauri’s Planets යන ලිපිය අැසුෙරනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: