විදු නැන නුවණ – Science Literacy for All

සෞඛ්‍යය

ලේ පිළිකාවෙන් පෙළෙන හෝ  ඇට මිදුලූ බද්ධ කිරීමේ අවශ්‍යතාවයෙන් යුතු රෝගීන්ට වේලීන් ඇමයිනෝ අම්ලය නව ප‍්‍රතිකාරවලට මඟ පාදන්නක් විය හැකිය.

ලේ පිළිකාව(Blood cancer) සඳහා කෙරෙන ප‍්‍රතිකාරවල දී අනාගතයේ යම් දවසක ආහාරමය සීමා කිරීම් ද එක්විය හැකිය: රුධිර මූල කලල සෛල නිපදවිමේ දී  අත්‍යවශය ඇමයිනෝ අම්ලයක් වැදගත් කාර්යභාරයක් ඉටු කරන බව පර්යේෂකයන්ට පෙනී ගොස් තිබේ. මෙම සොයා ගැනීම රසායනික චිකිත්සාව සහ විකිරණ චිකිත්සාවට විකල්පයක් බවට පත්වීමේ හැකියාවක් ඇතිකිරීමට මඟපෑදිය හැකි යයි විද්‍යාඥයෝ කියති.

2014 වසරේ දී ඇමරිකා එක්සත් ජනපදයේ පමණක් 20,000 ජනතාව ඇට මිදුළු(ඉහත) හෝ පෙකණිවැල රුධිර බද්ධකිරීමට ලක්වූහ.

2014 වසරේ දී ඇමරිකා එක්සත් ජනපදයේ පමණක් 20,000 ජනතාව ඇට මිදුළු(ඉහත) හෝ පෙකණිවැල රුධිර බද්ධකිරීමට ලක්වූහ.

වේලීන් යනු අත්‍යවශ්‍ය ඇමයිනෝ අම්ල දහයෙන් එකකි. ජීවිතය පවත්වාගෙන යාමට නැතුවම බැරි එහෙත් මිනිස් සිරුරෙන් නිපදවිය නොහැකි ප්‍රෝටීන තැනුම් ඒකකයි. එහෙයින් ඒවා ආහාරයෙන් සොයා ගත යුතු අතර  මාංශ, කිරි හා ආශි‍්‍රත නිෂ්පාදන මෙන්ම රනිල වැනි ප්‍රෝටීන් බහුල ආහාරවල අඩංගුවේ. වේලීන්,  පරිවෘත්තියට (metabolism) සහ පටක අලූත්වැඩියාවට සම්බන්ධය. එමෙන්ම, දැන් පෙනී ගොස් ඇති පරිදි ඒවා රුධිර මූල කලල සෛල සෑදීමෙහිලා ප‍්‍රමුඛවේ. Science සඟරාවෙහි පළ කර ඇති අන්දමට, වේලීන් නොමැතිව පෙට්රි දීසියක මිනිස් රුධිර මූල කලල සෛල වගා කළ විට ඒවා සීස‍්‍රයෙන් බෝවීමට (ප‍්‍රගුණවීමට) අසමත් වූ බව ටෝකියෝ සරසවියේ සහ ස්ටැන්ෆර්ඞ් සරසවියේ පර්යේෂකයන්ට පෙනී ගොස් තිබේ. සති දෙකේ සිට හතර කාලයක් තුළ මෙම ඇමයිනෝ අම්ලය නොමැතිව සිටි මීයන්ගේද අලූතෙන් රක්තානු හා ශ්වේතානු සෛල වැඞීම ඇන හිට ඇත.

protein-rich-foods

මෙකී ප‍්‍රතිඵල පදනම් කර ගනිමින් අධ්‍යයනයේ ජ්‍යෙෂ්ඨ කර්තෘ හිරෝමිට්සු නකවුචි සහ සගයන් අදහස් කරන්නේ ඇට මිදුලූ  බද්ධ කිරීමට පෙර ලේ පිළිකාවෙන් පෙළෙන රෝගීන්ට ආහාරමය වේලීන් ලබාදීමෙන් වැළකී සිටිය විට ඔවුනට රසායනික චිකිත්සාව හා විකිරණ ප‍්‍රතිකාරය සිදු කිරීමේ හැකියාව ඇති නොවන බවයි. රසායනික චිකිත්සාව හා විකිරණ ප‍්‍රතිකාර යන දෙකම බද්ධ කළ සෛලවලට ඉඩදීම සඳහා පිළිකා සාදන සෛල විනාශ කරන නමුත් සෞඛ්‍යමය අවදානමකින් යුක්ත විය හැකිය.

පසුවිපරම් වශයෙන් සිදු කල සම්පරීක්ෂණයකදී මේ අදහස පරීක්ෂාවට ලක් කිරීමට නකවුචි සහ සගයෝ කි‍්‍රයා කළහ. ඒ අනුව, වේලීන් පරිසීමා කළ මීයන්ට රසායනික චිකිත්සාව හෝ විකරණය අවශ්‍ය කරන්නේ නැතුව ඇට මිදුළු සාර්ථකව බද්ධ කිරිමට ඔවුහු සමත් වූහ. එසේ වුවද සති හතරක පරීක්ෂණ කාලය අවසන් වූ විගසම වාගේ (පරීක්ෂාවට යොදාගත්) මීයන්ගෙන් අඩක්ම වේලීන් නොමැති කමින් මිය ගියහ. (අන්තඃ – ශාරීරික වශයෙන් දීමට ඉඩ ඇති) වේලීන් මුක්ත ආහාරයක් දරා සිටීම මිනිසුන්ට කොපමණ කාලයක් සිදු කල හැකිද යන්න තීරණය කරනු පිණිස තවත් බොහෝ පර්යේෂණ සිදුකළ යුතු බව නකවුචිගේ අදහසයි. එහෙත් (වේලීන්) අහිමිකිරීම මිනිසුන්ට දරා ගත හැකි නම් ඇතැම් රෝගීන්ට ඇට මිදුළු බද්ධකිරීමට අවස්තාව පාදනු ඇතැයි කැන්සාස් නුවර වෛද්‍ය පර්යේෂන පිළිබඳ ස්ටෝවර්ස් ආයතනයෙහි (Stowers Institute for Medical Research) මූල කලල සෛල ජීවි විද්‍යාඥයෙකු වන ලින්හෙන්ග් ලී පවසයි. ගර්භනී මාතාවන් හෝ පහළ රුධිර සෛල ගණනයන් (low blood count ) සහිත පුද්ගලයන් වැනි ඇතැම් රෝගීන් රසායනික චිකිත්සාව හෝ විකිරණය සඳහා සාමාන්‍යයෙන් නුසුදුස්සන් ලෙස සළකන  බව ලී පෙන්වා දෙයි. ඔහු මෙම පර්යේෂණයට සම්බන්ධ නොවූවකි. කෙසේ වෙතත් ඔහු කියා සිටින්නේ මේ ප‍්‍රවේශය සාර්ථකවීමට නම් වෙනත් චිකිත්සාවන් සමග සම්බන්ධ කිරීමට හා රසායනික චිකිත්සාව හෝ විකිරණය අඩු මාත‍්‍රාවකින් ලබා දීමට  සිදු විය හැකි බවයි.

ඇතැම් ලියුකේමියා රෝගීන්ගේ ආහාරයෙන් වේලීන් ඉවත් කිරීම ඔවුන්ගේ ඒ පිළිකාව ඇතිකිරීමට මූලික වශයෙන් හේතුවන  සෛල ඉවත්කර දැමීමට ද හැකියාව තිබේ. ‘එවැනි සරල එමෙන්ම සාපේක්ෂව  හානිය අඩු චිකිත්සාවක් ලියුකේමියා ප‍්‍රතිකාරයට යොදා ගත හැකි නම් එය කොතරම් වටිනා වැඩක්ද?’ යනුවෙන් නකවුචි ප්‍රශ්න කරයි.

Scientific American(January, 2017) හි Could a Special Diet Replace Chemotherapy? යන ලිපිය ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: