විදු නැන නුවණ – Science Literacy for All

සංකල්ප සාර සංග්‍රහය 14: විද්‍යාව (Science)

මහා සංකල්ප ගැන සරලව හා කෙටියෙන් දැක්වෙන තතු ලිපි පෙළහී තවත් ලිපියක්

විද්‍යාව යනු භෞතික විශ්වයේ සිදුවන්නේ කුමක්ද යන්න ගැන ක්‍රමානුකුල පැහැදිලිකිරිමක් සැපයීම  උදෙසා තැත් කරන මානව බුද්ධිමය ක්‍රියාකාරකමට අදාළ ක්ෂේත්‍රයයි. විද්‍යාත්මක වාදයක් හෝ න්‍යායක් පිළිගැනීමට ලක්වීමට නම් එය බහුවිස්තිර්ණ හෙවත් සර්වග්‍රාහී වියයුතුය – එනම් ඊට ව්‍යතිරේක හෝ අපවාද තිබිය නොහැකිය. නිදසුනක් දක්වන්නේ නම්, මිහිතලය මතුපිට සිට ඉඳ හිට හෝ ගල් කුට්ටි අහස දෙසට මිටර් සිය ගණනක් උඩට විදින්නේ නම් අපට නිව්ටන්ගේ  ගුරුත්වය  පිලිබඳ  නියමය(Newton’s law of gravity) පිළිගැනීමට නොහැකිය. භාවිකථන හෙවත් පුරෝකථන බලය ද වැදගත්ය – එනම් න්‍යාය උරගා බැලීමට හෙවත් පරික්ෂාවට ලක්කිරීමට හැකි විය යූතුය. නිදසුනක් දක්වතොත්අහස්යානයක තටු හෙවත් පියාපත් සැලසුම්කර ඇත්තේ එම අහස්යානය එක්තරා වේගයක් කරා ළඟා වූ විට, නිරීක්ෂණය කරන හැම අවස්ථාවක ම  සිදුවන්නාක් මෙන්, එය අහසට නගිනු ඇතැයි අපි පුරෝකථනය කරන්නෙමු.

න්‍යායන් අතරේ, වඩාත්ම තර්කානුකුලව ඒකාන්ත ඒවා වන්නේ  ගණිතය යොදාගන්නා න්‍යායන්ය. චලනය හා ගුරුත්වය පිලිබඳ නිව්ටන්ගේ නියමයන් යොදා ගනිමින්  ගණිතමය ගණනයකිරීම් හරහා අවලම්බයක හෙවත් පෙන්ඩියුලමයක පැද්දීමේ සිට ඊළඟ සුර්යග්‍රහණය සිදුවන කාලවකවානු දක්වා සංසිද්ධි පුර්ණ පරාසයක් ගැන අපට නිගාමී හෙවත් අපෝහන අනුමිති(deductive inferences පොදු දෙයින් පටන් ගෙන් සුවිශේෂි දක්වා තර්ක කිරීම්) සිදු කල හැකිය. සසඳා වෙනස දක්වන්නේ නම්, ගණිතය මත පදනම නොවූ  අපෝහන අනුමිති පිළිගැනීමට ලක්වුනොත් කලාතුරකිනි. එහෙත්, සෑම න්‍යායක්ම ගණිතමය සංකල්ප යොදා ගන්නේ නැත: නිදසුනකට්, චාල්ස් ඩාවින්ගේ පරිණාමවාදය(Charles Darwin’s theory of evolution)  ගණිතයෙහි පිහිට නොලබාම පැහැදිලිකිරීමේ ඉමහත් ශක්තියකින් යුක්තයි.

විද්‍යාව බොහෝ වශයෙන් පදනම්ව ඇත්තේ නිගමනය හෙවත් අපෝහනය(deduction) යන්නෙහි ප්‍රතිවිරුද්ධ ක්‍රියා සන්තතිය වන අභ්‍යභනය හෙවත් උද්ගමනය(induction) මතය. අභ්‍යභනය හෙවත් උද්ගමනය යනු  නිරීක්ෂණ, සම්පරික්ෂණ(අත්හදාබැලීම්) සහ මිනුම් ස්වරුපයෙන් තිබෙන සුවිශේෂී ආනුභවික හෙවත් අනුභූතික සාක්ෂිවලින් පොදු න්‍යායන් උපයා ගැනීමේ ක්‍රියාදාමයයි. ඇත්තවශයෙන්ම, න්‍යායන් වඩාත් දර්ශීය වශයෙන් උත්පාදනයවන්නේ විද්‍යාඥගේ නිර්මානාත්මක පරිකල්පනය මගිනි. එවිට ආනුභවික හෙවත් අනුභූතික සාක්ෂිවලින් කරන උද්ගමනය  යොදා ගැනෙන්නේ  න්‍යාය සාධාරණීකරනය හෝ නිෂ්ප්‍රභ කිරීම පිණිසය.

hume1

 

දහඅටවැනි සිය වසේ ස්කොට්ලන්ත ජාතික දාර්ශනිකයකුවන  ඩේවිඩ් හියුම් නිවැරදිව පෙන්වාදුන්නේ උද්ගැමි අනුමානයන්ට(inductive inferences) තර්කානුකුල පදනමක් නොමැති බවයි: ගුවන් යානයක් අහසට නගිනු අප කොපමණ වාරයක් දැක තිබුණ ද, ඊළඟ වාරයේදී ද එය අහසට නැගිය යුතු බවට තර්කානුකුල හේතුවක් නොමැත. භාවිතයේදී, අප විසින් න්‍යායන් පිළිගනු ලබන්නේ, ඒවාට ප්‍රමාණවත් අනුභූතික සාක්ෂිවල පිටිවහල ඇතිවිටය.

 

Big ideas in brief (Quercus, 2013) නම් ග්‍රන්ථයේ Science කොටස ඇසුරෙනි

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: