විදු නැන නුවණ – Science Literacy for All

මත්පැන හා අප අතර වසර 9000 ක ආදර කතාව

මධ්‍යසාරය හුදෙක් මනස වෙනස් කරන පානයක් ම පමණක් නොවෙයි. එය ආරම්භයේ සිටම මානව සංස්කෘතියේ ප‍්‍රධාන  ගාමක බලයක් ලෙස වැජඹෙන්නේ කලා, භාෂා සහ ආගම් පෝෂණය කරවමිනි.

birthofbooze09-adapt-1190-1

  මානව ශිෂ්ඨාචාරයේ ආරම්භ වූ අවධිය ආසන්නයේ සිටම විවිධාකාර වූ බෝග යොදා ගනිමින් මධ්‍යසාරය නිපදවීම පිළිබඳව සාක්ෂි ලොව පුරා රටවල් වලින් ලැබෙමින් පවතී.  පෙන්සිල්වේනියා සරසවියේ ජීවඅණුක පුරා විද්‍යාඥ පැටි‍්‍රක් මැක්ගවන් විශ්වාස කරන්නේ එය අහම්බයක් නොවන බවයි. ශිලා යුගයේ වත් පිළිවෙත් පුද සිරිත්වල සිටම මත් පැනෙහි මනස වෙනස් කරවන සුළු ගුණ අපේ නිර්මාණශීලීත්වය දැල්වීමටත් එමෙන්ම භාෂාව, කලාවන් සහ ආගම පෝෂණය කිරීමටත් ඉවහල් වී ඇතැයි ඔහු තර්ක කරයි. කෘෂිකර්මාන්තයෙහි සම්භවයේ සිට ලිවීමේ මුල පිරීම දක්වා මානව වර්ගයාගේ මහා සංක‍්‍රමණ සලකන විට කෙනෙකුට මත්පැන හා සම්බන්ධතාවන් දැක ගත හැකිය. ‘‘මධ්‍යසාරමය පාන මානව සංස්කෘතියට වැදගත් වන බවට සාක්ෂි ලොව පුරා දැක ගත හැකිය. ඒත් මීට වසර තිහකට පෙර අද මෙන් එය පිළිගැනීමක් තිබුනේ නැහැ’’ මැක්ගවන් කියා සිටියි.

images-1

            ‘‘ විවිධ  අංගෝපාංග තුනක්(ingredients) ජලය සමග මිශ‍්‍ර කරන්න. එවිට බියර් සෑදේ. අද සිටින වෘත්තීය බීර නිෂ්පාදකයන් අළුතෙන් දෙයක් සොයාගෙන නැහැ. වසර දහස් ගණනක් තිස්සේ බිලියන ගණන් ජනතාව මත්පැන් පෙරා තිබෙනවා.’’ යයි පවසන්නේ පර්යේෂකයෙකු හා බියර් ඉතිහාසඥයෙකු වන ජර්මානු ජාතික මාටින් සර්එන්කෝච්ය. පසුගිය දශක කිහිපය තුළ මේ සම්බන්ධ අධ්‍යයනයන් හි යෙදී සිටින සර්එන්කෝච් හා අනෙකුත් පර්යේෂකයන් පෙන්වා දෙන්නේ මධ්‍යසාරය ලෝක ව්‍යාප්තව නිපද වූවක් බවත් එමෙන්ම ඊට ඉතිහාසය හා ප‍්‍රාග් ඉතිහාසය තුළ ද විෂය අර්ථයක් හිමිව ඇති බවත්ය. ඊට හේතුව මානවයන් ලිවීමේ හැකියාව සොයා ගැනීමට බොහෝ කාලයකට පෙර සිටම මත්පැන් බීමට පුරුදුව සිටීමයි.

            මධ්‍යසාරය  අවසේධනය(inhibitions) හෙවත් තහංචි පහළට ඇද දමයි. එය, ජනතාවට තමන්ගේ යහළු මිත‍්‍රාදීන්ට වඩාත් සමීපවීමට අධ්‍යාත්මික ලෝකයට වඩාත් ළංවීමට මග පෑදිය හැකිය. දින ගණනාවක් තිස්සේ පවතින මහා සාදවලදී  ඉන්කාවරු විචා (බියර් වර්ගයක්) පානය කිරීමට පුරුදුව සිටියහ. මහා අල්තාර මත තබා ඔවුහු සිය දෙවිවරුන්ට එය පූජා කළහ. ඉන්කා අධිරාජ්‍යයෙහි පුරාණ අගනුවර වූ කූස්කෝව් (Cusco) හි අද සිටින මිනිස්සු උත්සව වලදී කාඞ් සෙල්ලම් කරමින් සුරාපානය කරති. එවැනි උත්සවවල අංගයක් ලෙස පේරූ දෙවියෙකු හැටියට  සලකන කළු ජේසුතුමාට මත්පැන් පුද කෙරේ. ශත වර්ෂ ගණනාවක් යද්දී පේරූ සංස්කෘතියට ස්තර ගණනාවක් එක් වී ඇත. එමෙන්ම, ප‍්‍රමුඛ ආගම ලෙස හිරු සහ සඳු ඇදහිල්ල ක‍්‍රිස්තියානිය මගින් ආදේශ වී තිබේ. ඒවා එසේ වුවද, පරම්පරාවෙන් පරාවට පුරුදු මත්පැන් පානය නම් තවමත් නොවෙනස්ව පවතී.

            මෑතක සිදුකළ රසායනික විශ්ලේෂණ අනුව පැරණිතම බියර සුමේරියානු බියර නොවන බව පෙන්වා දෙන සර්එන්කෝච් මී පැණි සහ පළතුරු යොදා ගනිමින් මෙයට වසර 9000 කට පෙර චීන ජාතිකයන් වයින් වර්ගයක් නිපදවා ඇති බව පවසයි. නූතන ජොර්ජියාවේ කවුකසූස් කඳුවල සහ ඉරානයේ සග්රොස් කඳුවල මුලින්ම මිනිසුන් වගා කළ පළතුරු වූයේ මිදිය. මිදි යොදාගෙන ඒ අනුව වයින් තැනීම ඇරඹුනේ මෙයට වසර 7400 ක් තරම් පැරණි අවධියක දීය.

 

සුරාව සොයා අපි ගස්වලින් බිමට බැස ආවෙමු

Image result for primates drinking Booze

 

            සුරාව සමග මානව වර්ගයාගේ ආදර කතාව දිව යන්නේ ගොවිතැන ආරම්භ වීමටත් පෙර අවධියකටය. ඇත්ත වශයෙන්ම, මිනිසා මිහිතලය මත පහළවීමට පෙරය. මත් පැනට අපේ තිබෙන ලොල් බව බාගදා වෙනස් නොවන සුළු පරිණාමීය ගති ලක්ෂණයක් විය හැකිය. අපව වෙනත් බොහෝ සතුන්ගෙන් වෙන්කොට දැක්වෙන :

            සියළුම මධ්‍යසාර පානයන්ට පොදු ක‍්‍රියාකාරී ද්‍රව්‍යය නිපදවනු ලබන්නේ යීස්ට් මගිනි. යීස්ට් යනු සීනි ආහාරයට ගනිමින් කාබන්ඩයොක්සයිඞ් සහ එතනොල්  පහ කරන ක්ෂුද්‍ර (අන්වීක්ෂීය) ඒක ෙසෙලික ජීවීන්ය. එතනොල්,  පානයට ගත හැකි එකම මධ්‍යසාරයයි. එය එක්තරා පැසවීමේ ස්වරූපයකි. නූතන ලෝකයේ බියර්, වයින් හෝ සකේ(sake ) නිෂ්පාදකයන් බොහොමයක් යොදා ගන්නේ වගා කළ තනි යීස්ට් ගණයක් වන………..වලිනි. එහෙත් යීස්ට් විශේෂ විවිධය. එමෙන්ම සර්වත‍්‍රවර්තීය. ඉතින්, මෙයට වසර මිලියන 120 කට පෙර මේ මිහිතලය මත මුලින්ම පළතුරු පහළ වූ අවධියේ සිටම වනගතව වැවුණු ඉදුණු පළතුරු පැසවන්නට ඇත.

මෙයට ශත වර්ෂ භාගයකට පෙර මතුවූ අදහසකට අද නැවතත් සහය පල වෙමින් පවතී: එනම් අපේ ආදී දඩකරු අන්නගවේෂකයන්ට  ධාන්‍ය ‘හිලෑකර’  වගාකිරීමට අනුප්‍රාණය සැපයුයේ  පාන් (ආහාරය) නොව බියර(සුරාව) යන්නය. මේ මතය සනාථ කිරීමට සාක්ෂි සොයා ගැනීම අසීරු බව සර්එන්කෝච්ය පිළිගත්තත්  මැක්ගවන් කියා සිටින්නේ එය බලගතු අදහසක් බවයි. මන්ද පැසවූ පාන අපේ ආදිතමයන්ට පෝෂක මෙන්ම අහිතකර ක්ෂුද්‍ර ජීවින්ගෙන් ආරක්ෂාව ද සැපයු හෙයිනි. හැබැයි කතාවේ අනික් පැත්තක් ද ඇත. මත්වීම උදෙසාම සුරාව පානය කිරීමේ විපාක ද ඉතිහාසය පුරාම  දැකිය හැකිය.

 

NATIONAL GEOGRAPHIC Magazine හි පළවූ Our 9,000-Year Love Affair With Booze ලිපිය ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: