සංකල්ප සාර සංග්‍රහය 15: විඥානය (consciousness)

Posted by

විඥානය

මහා සංකල්ප ගැන සරලව හා කෙටියෙන් දැක්වෙන තතු ලිපි පෙළහී තවත් ලිපියක්

විඥානය යනු බාහිර ලෝකය ගැන පමණක් නොව අප ගැනම මෙන්ම අපගේ මනසෙහි, චිත්තාභ්‍යන්තරයෙහි හටගන්නා දෑ පිලිබඳ අවබෝධයයි. මෙකි ඇතුළත ලෝකයට වේදනය(හැඟීම් feelings), ස්මෘතින්(මතකයන් memories), විශ්වාසයන්(ඇදහිලි beliefs), සංජානනයන්(perceptions) සහ අනෙකුත් මානසික සිද්ධීන්ඇතුලත්ය. විඥානය තමයි මිනිසා අනෙකුත් සත්වයින්ගෙන් වෙන්කර දක්වන්නේ කියලත් සමහරුන්ගේ මතයක් තියනවා.  සත්වයින් ද,  පැහැදිලිවම,  බාහිර ලෝකය ගැන සවිඥානාකයි. එහෙත්, ඔවුනට ස්වසංවිත්ති හෙවත් ආත්ම සංඥතාවක්(self-conscious) ඇතොත් ඒ කොපමණ ප්‍රමාණයකට ද යන්න විවාද සම්පන්න කාරණාවක්. ඔවුන් පැහැදිලිවම ඉන්ද්‍රීය ආදානයන් හෙවත් යෙදවුම් සැකසුම් කරන(process) අතර ඔවුන්ගේ ක්‍රියාවන් ඉස්මතුවන්නේ ඒවා තුලිනි. එසේවුවත්, අන්තරවලොකනයෙන් හෙවත් අන්තරික්ෂණයෙන් (introspection) සැලසෙන වාසියෙන් තොරව මානව චර්යාව නිරීක්ෂණය කිරීමෙන්  මානවයන් ගැන වැඩි යමක් පැවසිය නොහැකියි.

main-qimg-2d575da5f58dfefe36bed51c64787e3a

සමකාලින  ස්නායු විද්‍යාව (neuroscience) මුහුණ පා සිටින අභියෝග අතුරෙන්  මහා ම අභියෝගයක් වන්නේ විඥානය සඳහා භෞතික පදනමක් සොයා ගැනීමයි. මොළයේ විවිධ කොටස් වල කාර්යයන් (function) ගැන පවතින අවුල ලිහමින් පවතින අතර සමහර භෞතිකඥයන් පවසන්නේ විඥානයට,  ක්වන්ටොම් සිද්ධි සම්බන්ධ බවයි. කෙසේවෙතත්, විඥානය යනු පුද්ගල නිශ්‍රිත අත්දැකීමකි. එහෙයින් එය කවරදාකවත්ම යන්ත්‍රවාදී  පැහැදිලි කිරීම් මගින්  සම්පුර්ණයෙන් තේරුම් කර දිය නොහැකිය.

 

Big ideas in brief (Quercus, 2013) නම් ග්‍රන්ථයේ consciousness  කොටස ඇසුරෙනි

 

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.