සැමට විදු නැන නුවණ – Science Literacy for All

අනාගතය පණ ගැන්වීමට වාෂ්පීකරණ බලය

ස්වභාවිකව සිදුවන  ජල  වාෂ්පීකරණය ඉතා  කුඩා වාහනයක් ධාවනය සඳහා විද්‍යාඥයන් විසින් යොදා ගනු ලැබූ  අයුරු විමසා බලමු. 

වාෂ්පීකරණය යනු ජල චක‍්‍රයේ මූලික අංගයකි.  උෂ්ණත්වය හෝ  පීඩනය වැඩිවීම හේතුවෙන් ද්‍රව තත්වයේ ඇති ජලය වාෂ්ප තත්වයේ පවතින ජලය නැතහොත් ජල  වාෂ්ප බවට පත්වීම  ජල  වාෂ්පීකරණය යයි.

පොළොවට ශක්තිය පරිවහනය වන ප‍්‍රධානතම ආකාරයක් වුවත් මේ අතිවිශාල  ශක්ති ප‍්‍රභවය  තවමත් භාවිත නොවී පවතී. එසේ වුවද නිව්යෝක් නුවර කොලොම්බියා සරසවියේ  පර්යේෂකයින් පිරිසක් විශ්වාස කරන්නේ බැක්ටීරිය බීජාණු විශේෂයක් ආධාර කර ගනිමින් මෙම ශක්ති ප‍්‍රභවයෙන් ප‍්‍රයෝජන ගැනීමට දැන් තමන් ඉදිරි පිම්මක් තැබීමට සමත් ව සිටින බවයි.

මෙම බැක්ටීරිය බීජාණු සාමාන්‍යයෙන් පවතින්නේ වියළි ස්ථානවලයි.  නමුත් මේවා  තෙතමනයට නිරාවරණය වුවහොත් පහසුවෙන් ජල වාෂ්ප උරා  ගැනීමට හැකියාවක් දක්වයි.  එමෙන්ම වියළි පරිසරයක දී  ජලය වාෂ්ප වීම නිසා නැවතත්  පෙර  තිබ ආකාරයට හැකිලෙයි.  ඒ  අනුව මෙම බැක්ටීරිය බීජාණවලට ජලය  ලබාගෙන  දිග  හැරීමටත් (ප‍්‍රසාරණයවීමටත්) ජලය පිටකර(ජලය වාෂ්පවූ විට) හැකිලීමටත් (සංකෝචනය වීමටත්) හැකියාවක් ඇත.  මාංශ පේශීයක් හැකිලෙන  දිග  හැරෙන ආකාරයට සමාන අයුරකින් මෙම බැක්ටීරීය බීජාණු ජල වාෂ්ප සහිත හෝ රහිත  පරිසරයන්ට අනුව  දිග හැරීම හෝ හැකිලීම සිදුකරයි.

බැක්ටීරිය බීජාණු සිදු කරන මෙම ක‍්‍රියාවලිය උපයෝගී කර  ගනිමින් බලශක්ති පද්ධතියක් නිර්මාණය  කර ගත  හැකි බව මෙම විද්‍යාඥයින් පිරිස අවබෝධ කර  ගත්හ. එපමණකින් නොනැවතී, ඒ  බව පෙන්වීම සඳහා ඔවුහු උපකරණයක් නිපදවා එය වැඩිදියුණු කිරීමට ද ක්‍රියා කළහ.

විද්‍යාඥයින් පිරිස   කුඩා ප්ලාස්ක්  පටිවලට මෙම බීජාණු එක් කර එම පටි තබා ඇති ස්ථානයේ ආර්ද්‍රවතාව  (තෙතමනය* වැඩි  කළහ.  එවිට ඔවුන්ට පෙනී  ගියේ බීජාණු  ජල වාෂ්ප උරා  ගැනීමත් සමගම යොදා ගත් ප්ලාස්ටික් පටි වල  දිග  වැඩි වන බවය.  බැක්ටීරිය බීජාණු එක් කරන ලද පටි වැඩි ප‍්‍රමාණයක් භාවිතා කිරීමෙන් මෙම බැක්ටීරිය බීජාණු වල ක‍්‍රියාකාරීත්වය මගින් වැඩි බලයක් උත්පාදනය කර ගත  හැකිබව ඔවුන්ට පෙනී  ගියේය.

මෙම  මුලධර්මය උපයෝගී කර  ගනිමින් විශේෂඥයෝ  ‘‘වාෂ්පමෝලක්’’ මගින් ක‍්‍රියා කරන  කුඩා සෙල්ලම් කාරයක් නිපදවීමට සමත්ව සිටිති. බැක්ටීරිය බීජාණු එකතු  කරන  ලද ප්ලාස්ටික් පටි ඉතා විශාල  සංඛ්‍යාව ප්ලාස්ටික් රෝදයක් වටා සම්බන්ධ කර මෙම කාරයේ ප‍්‍රධාන කොටස නිපදවා  ඇත.  මෙම රෝදයේ එක් අර්ධයක්  ආර්ද්‍රතාව  (තෙතමනය) සහිත පරිසරයකත් අනෙක් අර්ධය ආර්ද්‍රතාව  (තෙතමනය)  රහිත  පරිසරයකත්  තබා  ඇත. ආර්ද්‍රතාව  වැඩි ප‍්‍රදේශයේ ඇති බීජාණු ප‍්‍රසාරණය වන අතර  ආර්ද්‍රතාව අඩු ප‍්‍රදේශයේ ඇති බීජාණු සංකෝචනය වීම සිදු වෙයි.  මේ නිසා ප්ලාස්ටික් රෝදය  මත  බරෙහි අසමතුලිත  තාවයක් ඇතිවෙයි. ඒ හේතුවෙන් රෝදය කැරකැවීමට පටන්  ගනී.  විද්‍යාඥයෝ මෙම බීජාණු ඇන්ජිම ඉලාස්ටික් පටියක් මගින් කුඩා සෙල්ලම් කාරයේ රෝද හා සම්බන්ධ කළහ.  ඔවුන්ට  දැක ගත  හැකිවූයේ මෙම කුඩා සෙල්ලම් කාරය ක‍්‍රමයෙන් ඉදිරියට ධාවනය වන අයුරු ය.

මේ නව  තාක්ෂණය උපයෝගී කරගෙන දියුණු කළ හැකි නිපැයුම් විශාල ප‍්‍රමාණයකි.  වාෂ්පීකරණය මගින් ශක්තිය නිපදවීමට හැකි වන අතරම ජලය ආරක්ෂාකර ගැනීමට ද හැකි වීම මෙම තාක්ෂණය කෙරෙහි විද්‍යාඥයින් උනන්දුව වැඩිකිරීමට හේතු වෙයි.  අපට නුදුරු අනාගතයෙ දී  ම  අප ගේ වාහනවල  ටැංකි වතුරෙන් පුරවා ගෙන ධාවනය කර වීමට හැකි බවක් මෙයින් නොකියවෙන අතර කිව හැක්කේ වාෂ්පීකරණය මගින් ඇන්ජින්  බල  ගැන්වීමේ මෙම ඉදිර පිම්ම  තව දුරටත් ප‍්‍රබන්ධ  කථාවක්  නොවන අතර එය විද්‍යාත්මකව  තහවුරු කරගෙන ඇති බවයි.

වාෂ්ප මෝල

මේ උපාය කුශල වාෂ්ප ඇන්ජිමේ ඇතුළාන්තයට එබී බලමු

mill

 

  1. වාෂ්පීකරණය

කුටීර බිත්තියේ ජලය ඇතිවිට ඒවා වාෂ්පිකරණය වී කුටීරය තුළ ජලවාෂ්ප සහිත පරිසරයක් ඇති කරයි.

  1. බැක්ටීරීය බීජාණු

කුඩා පටිවලට එක් කර ඇති බැක්ටීරීය බීජාණු කුටීරය ඇතුළත ඇති තෙතමනය උරාගෙන ප‍්‍රසාරණය වෙයි. මේ නිසා කුඩා පටිවල දිග වැඩි වී ඒවායේ කේන්ද්‍රය වෙනස් වෙයි.

  1. ව්‍යාවර්තය නිර්මානයකිරිම(ඇඹරුමක් ඇතිවීම)

කුඩා පටිවල දිග වැඩිවීම නිසා පටිවල අසමතුලිතතාවයක් ඇති වෙයි. පටිවල ස්කන්ධ කේන්ද්‍රය පටියේ මධ්‍ය අක්ෂයෙන් ඉවතට යාම නිසා ඇඹරුමක් ඇතිවෙයි. මෙහිදී ඇතිවන බලය නිසා රෝදයේ කරකැවීමක් ඇති වෙයි.

  1. කැරකෙන රෝදය

රෝදය කරකැවෙන විට එයට ඉලාස්ටික් පටියක් මගින් සම්බන්ධ කර ඇති කුඩා කාරයේ ඉදිරිපස රෝදය ද කරකැවෙයි. ඒ හා සමගම කාරය ඉදිරියට තල්ලූ වෙයි.

  1. ජලය පිටවීම

බැක්ටීරීය බීජාණු වියළි ප‍්‍රදේශයට පැමිණි විගසම ඔවුන් උරාගත් ජලය පිටකර ඇකිලීමට භාජනය වෙයි. මෙහිදී රෝදයට සවිකර ඇති පටිවල ස්කන්ධ කේන්ද්‍රය නැවතත් තිබූ තැනටම පැමිණෙයි.

 

(අනාගතය පණ ගන්වන ඉන්ධන යන මැයෙන් 2017 පෙබරවාරි 13 දා පළවූ ලිපියට සම්බන්ධයි. එම ලිපිය මෙතැනින් කියවන්න)

 

How It Works(Future Publishing Ltd) Bookzine series WORLD OF TOMORROW 2017 හි පළව ඇති Evaporation Power නම් ලිපිය ඇසුරෙන්

සකස් කළේ චන්දන තෙන්නකෝන්

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

w

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: