සැමට විදු නැන නුවණ – Science Literacy for All

නිරතුරු රස මියුරු – ගෙනෙන සුමිතුරු පළතුරු

පළතුරුවල ඉතිහාසය මානවයාගේ ඉතිහාසයට වඩා බොහෝ ඈතට දිවෙන්නක්. බයිබලය අනුව, මිනිසාගේ මුල්ම පාපයට මුල් වෙන්නෙත් පළතුරකි. පළතුරක වර්ධනය මත රඳා නොපවතින යමක් කෘෂිකර්මාන්තයේ ඇතොත් ඒ ඉතාම සුළු කොටසක්. නිර්වචන වශයෙන් ගත් කල පළතුරක් යනු පරිණත ඩිම්බ කෝෂයක (matured ovary) අවසාන ඵලයයි. මේ අවසාන ඵලය, (තිරිඟු, වී, රයි,  ඕට්ස්, බාර්ලි වැනි)  ඕනෑම ධාන්‍යයක තනි කර්ණිකාවක් වැනි තනි බීජයක සිට(පීච්,පෙයාර්ස් හෝ පැණි කොමඩු වැනි) මාංසල ව්‍යුහයක් දක්වා ස්වරූප විය හැකියි. රටකජු (ground nuts) ඇතුළු සියලූම අස්මා භෝග (nut crops) ප්‍රායෝගිකව තාක්ෂණික අර්ථයෙන් ගතහොත් ‘ඵල’ ලෙස සැලකිය යූතුය.  එමෙන්ම පාම්තෙල්, පොල්, කැනෝලා, හණ ඇට (linseed) සහ ආහාරයට ගන්නා සහ කාර්මික තෙල් වර්ග හින්දවා ගැනීම පිණිස වගා කරන ශාක ද එලෙසමය. බොහෝ මූල් සහ තණ වගා පවා ඊළඟ බෝග වාරයේ වගා කිරීම සඳහා විශ්වාස තබන්නේ බීජ ලබාගැනීම පිණිස ඵල පද්ධති මතය. වර්ධන ප‍්‍රචාරක මගින් වවන ලද මූල සහ ආකන්ද (tuber) පැහැදිලිව පෙනෙන ව්‍යාතිරේකයකි. එහෙත් බෝග වගාකරුවන් විසින් සිදුකරනු ලබන ඒවායේ ජානමය වැඩිදියුණු කිරීම් රඳා පවතින්නේ  පුෂ්ප හටගැනීම, පරාගණය සහ ඵල පද්ධති මතයි. එසේ රඳාපවතින්නේ වැඩිදියුණු කළ වර්ග ආරම්භයේදීම අවශ්‍ය වන්නා වූ බීජ සපයා ගැනීම සඳහාය. සඳහන් කළ යුතු තවත් කාරණාවක් වන්නේ තක්කාලි, පීස්, බෝංචි, පිපිඤ්ඤා, බෙල්පෙපර්, වම්බොටු. බණ්ඩක්කා ඇතුළුව ‘එළවළු’ වර්ග බොහොමයක් උද්භිද විද්‍යාත්මකව ගතහොත් ඵලය.

fruass3b

කෙසේ වෙතත්, උද්‍යන විද්‍යානුකූලව පළතුර ලෙස වර්ගකෙරෙන නිෂ්පාදන වන්නේ ගතිලක්ෂණ වශයෙන් සීනි අධික, මාංසල නිෂ්පාදන(කැපීපෙනෙන ව්‍යාතිරේකයක් වන්නේ අලිගැටපේරය) මෙන්ම ඇතැම් විට මහා පරිමාණයෙන් සැකසීමට ලක්වන නමුත් සාම්ප‍්‍රදානුකූලව කෑමෙන් පසු අතුරුපසක් ලෙස අහාරයට ගන්නා මාංසල ගෙඩිය. එළවළු මෙන් නොව බොහාමයක් ගස්වල වැල්වල හෝ පඳුරුවල (ස්ට්‍රෝබෙරි, බහුවාර්ෂික අකෘෂ්ඨ ශාකයක ඵලය) වැඩෙන බහුවාර්ෂිකය. වාර්ෂිකයක් වන කොමඩු ව්‍යාතිරේකයකි.

වාර්ෂිකයක් වුවත් බහුවාර්ෂිකයක් වුවත් පළතුරක්, එළවළුවක් හෝ ධාන්‍යයක් වශයෙන් වාණිජමය ලෙස වර්ගීකරණය කළත්, අස්වැන්න නෙළාගන්නා මොහොතවන තුරුම ඵලයක් යනු පොදු කායකර්මයකට(common physiology) හසුවන එමෙන්ම එකම පරිසරාත්මක බලපැම්වලට නතුවන ජනක ශාකයේ(parent plant) අත්‍යවශ්‍ය කොටසකි. ඵලයක් ජනක ශාකයේ වර්ධන අවස්ථාවෙන් හෝ එය පැල කළ පරිසරයෙන් හෝ ස්වාධීන යයි නොගත යුතුයි.

අර්ථවිග‍්‍රහ :

  1. ඵලය යනු පරිණත ඩිම්බකෝෂයක නිපැයුමක්
  2. පරිණතවීම:මේරීම පරිණතවීම හෙවත් මේරීම යනු ජනක ශාකයෙන් වෙන්කිරීමට හැකි තරමට කායකර්මව පරිණත අවස්ථාවකට පැමිණීමට ප‍්‍රමාණවත් මට්ටමකට ඵලයක වර්ධනය සම්පූර්ණ වීමයි. ආකෘතිකව ගතහොත්, මේ අවස්ථාව එහි බීජ, ජීව්‍ය වන(viable) ලක්ෂ්‍යයයි. මෙය හා වෙළෙඳ පොළ පරිණතභාවය අතර අවශ්‍යම සම්බන්ධතාවක් නැත. වෙළෙඳ පොළට අවශ්‍ය වන පරිණත භාවය යනු අමු ඵල විය හැකියි. (නිදසුන් පිපිඤ්ඤා, බණ්ඩක්කා) නොඑසේ නම් පිටත පැහැය සහ හෝ සීනි නැතිනම් අම්ල සංයුතිය (නිදසුන් – දෙහි, දොඩම්, මිදි) මත පදනමකින් තොරව නියම කෙරෙන නෛතික ප‍්‍රමිති විය හැකියි.
  3. ඉදීම සහ මේරීම/පැහීම ශාපරාණීය නොවන(non-climacteric) ඵල (උදාහරණ : මිදි, ස්ට්‍රෝබෙරි, දෙහි, දොඩම්) කඩන අවස්ථාවේම කෑමට ගත හැකි එමෙන්ම පශ්චාත් අස්වනු ඉදීමේ චක‍්‍රයක් නොමැති ඵල සම්බන්ධයෙන් නම් ඉදීම හා පරිණතභාවය යන වචන දෙකම එකම තේරුමකින් යොදා ගත හැකියි. එහෙත් ශාපරාණීය හෙවත් අන්තඋපරිම(climacteric) වර්ගයේ ඵල සඳහා ඒවා හාත්පසින්ම වෙනස්ය. එනම් පශ්චාත් අස්වනු කැපීපෙනෙන ශ්වසහන නැගීමකට ඇතුල්වන තුරු ඉදී නැතැයි සැලකෙන මෙම ශ්වසන නැගීමේදී එතිලීන් පරිණාමයවේ, කාබන් ඩයොක්සයිඞ් ප‍්‍රතිදානය ඉහළයයි (සමහරවිට දශ ගුණයකින් පමණ), පටක මෘදුවේ, පිෂ්ටය සීති හෝ අම්ල / සීනි විපර්යාසයන් සිදුවේ. එමෙන්ම ආකෘතිකව දැකිය හැකි බාහිර වර්ණය වෙනස්වීමද ඇතිවේ. තත්කාලි, පෙයාර්ස්, ඇවකාඩෝ, (අලිගැටපේර) සහ කෙසෙල් වනාහි කැපීපෙනෙන පශ්චාත් අස්වනු මේරීමේ චක‍්‍රයක් සහිත ශාපරාණීය පළතුරුයි.
  4. බදරිය(Berry) යන්න පොදු මහජනතාව සහ ශාක විද්‍යාඥයන් යන දෙකොට්ටාසය යොදාගන්නේ වෙනස් ආකාරයන්ටය. උද්භිද විද්‍යාත්මකව 0bda58aecc3a31248dd06e0b25d43cb7ගතහොත් බදරියක් යනු මාංසල ගතියෙන් පිරුණු, සාමාන්‍යයෙන් නොපැළෙන, සහ වයනයෙන් සමපාතීයවන(homogeneous in texture) තනි ඡායාංගයක(pistil) නිපැයුමකි. මේ අනුව මිදි ගෙඩියක් තාක්ෂණිකව සලකන විට බදරියකි. එහෙත් ස්ට්‍රෝබෙරි බදරියක් නොවේ.
  5. පුෂ්ප අවදිය(Anthesis) වචනයෙන්ම පැහැදිලිවන අන්දමට පරාගනයට අවස්ථාව සලසමින් මල් හටගන්නා කාලයයි. පරාගනය යනු ඵල වර්ධනයේ ආරම්භය ලෙස සැලකේ.
  6. පාතෙනොඵලනය(Parthenocarpy): එහි පටුම අර්ථයෙන් ගතහොත් මින් කියැවෙන්නේ ලිංගික සංසේචනය නොමැතිව ඵල දැරිමේ හැකියාවයි. පුළුල්ව දක්වන්නේ නම් බීජ නොමැතිව ඵල නිපදවීමේ හැකියාවයි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: