සැමට විදු නැන නුවණ – Science Literacy for All

භූ විද්‍යාඥයෝ අටවැනි මහද්වීපයක් ගැන ඔත්තු බලති

වැඩිකොටම ජලයෙන් යටවී ඇති මේ ලෝකය  අපි‍්‍රකාවඕස්ටේ‍්‍රලියාව සහ අනෙකුත් මහාද්වීප සමග එකට තබා හඳුනාගත යුතු බව සමහර පර්යේෂකයෝ තර්ක කරති.

 

නිරිත දිග ශාන්තිකර සාගරයෙහි රළවලට යටින් වැඩිවශයෙන්  සැඟව ගොස් ඇත්තේ සීලැන්ඩියාව(Zealandia) යනුවෙන් නම් කෙරුණු රාජධානියකි. භූ විද්‍යාඥයන් කියා සිටින්නේ එය මහාද්වීපයක් ලෙස හැඳින්විය යුතු බවයි. භූභෞතික දත්ත මගින් පෙන්නුම් කරන වර්ග කිලෝමීටර මිලියන පහක් තරම් වන වපසරිය (මෙයට නවසීලන්තය සහ තවකැලිඩෝනියාවද ඇතුළත්ය.) වනාහි මහාද්වීපික කබොලෙහි () එක් තනි සම්පූර්ණ කොටසක්ය, එමෙන්ම භූගෝලීය වශයෙන්  ඕස්ටේ‍්‍රලියාවෙන් වෙන් වූවක්ය යන තර්කය GSA Today සඟරාවෙහි වත්මන් කලාපයෙහි (මාර්තු/අපි‍්‍රයෙල් 2017) පළ කර ඇති ලිපියක් මගින් නවසීලන්තයේ,  ඕස්ටේ‍්‍රලියාවේ සහ නවකැලිඩෝනියාවේ විද්‍යාඥයන් පිරිසක් ගෙන හැර පාති.

”ලෝකයේ සාගරවල ජලය හිරකර තබන ‘පොරොප්පය’ ගැලවිය හැකි නම් මෙයට බොහෝ කලකට පෙර සිටම සීලැන්ඩියාව මහාද්වීපයක් ලෙස හඳුනා ගැනීමට ඉඩ තිබුණා”යයි අධ්‍යයනයේ කණ්ඩායම් නායක නික් මෝටිමර් පවසයි. හෙතෙම නවසීලන්තයේ, ඩුනේඩින් හි GNS Science ආයතනයේ භූ විද්‍යාඥයෙකි.

images

කෙසේ වෙතත්, මහාද්වීප නිල වශයෙන් නියම කිරීම භාරව කි‍්‍රයාකරන අන්තර් ජාතික සංවිධානයක් නැත. එහෙයින් නව මහාද්වීපය පිළිගැනීමට ලක්වීමට නම් තම සහෝදර විද්‍යාඥයන් ප‍්‍රමාණවත් පිරිසක් භූස්කන්ධය මහද්වීපයක් ලෙස පිළිගැනීමට එකඟවෙතැයි පර්යේෂකයන්ට බලාපොරොත්තු තැබීමට සිදුවේ. එසේ නොවුවහොත් සෛදාන්තික අපේක්ෂාවක් හැටියටම පවතිනවා මිස භූගෝලය ඉගෙන ගන්නා ළමුන් පවා දන්නා අන්දමේ භූප‍්‍රදේශයක නැවත හැඩගැසීමක් බවට පත් නොවනු ඇත.

‘භූ විද්‍යාත්මක මහාද්වීප භූස්කන්ධ පිළිබඳ සම්මත අර්ථ නිරූපණය කෙතරම් පුළුල් ආකාරයකට අපට යොදා ගත හැකිද? සහ යොදා ගත යුතුද? යන්න ගැන නැවත වරක් සිතීමට මේ අධ්‍යයනයේ ප‍්‍රතිඵල අපව පොළවනවා.’ යයි නවසීලන්තයේ පහළ හට් ප‍්‍රදේශයේ පිහිටි GNS Science කාර්යාලයේ ඛනිජ භූ විද්‍යාඥයෙකු වන පැටි‍්‍රෂියා ඩුරන්ස් කියා සිටියි.

සීලැන්ඩියාව (මහාද්වීපයක් ලෙස) පිළිගැනීමට ලක් කරනු වස්  මෝටිමර් සහ සගයින් සාකච්ඡාවාරවලදී මෙන්ම  ජනපි‍්‍රය ලිපිලේඛන සහ පොත් මගින් උත්සායක යෙදෙමින් ඉන්නේ  දශයකට වැඩි කාලයක් තිස්සේය. මේ අධ්‍යයන වර්තාව ඔවුන් මෙතෙක් ඉදිරිපත් කළ තාක්ෂණිකව වඩාත්ම සහවාදාත්මක වාර්තාව මෙයයි. මෙයට වසර මිලියන 100කට පමණ පෙර සිට පටන් ගෙන සීලැන්ඩියාව, ගොඞ්වානා(Gondwana)  සුපිරි   මහාද්වීපයෙන් ගැලවී යන්නට පටන් ගත් බවට  ඔවුහු වාර්තා කරති. මේ සුවිභේදය සිලැන්ඩියාවට (භූ ස්කන්ධයක් ලෙස) ස්වාධීන බව අත්පත්කර දුන්නද එය කබොල තුනී වීමට හේතු විය. මෙහි ප‍්‍රතිඵලය ලෙස ප‍්‍රදේශය ගිලා  බැස්මට ලක්වීමෙන් එහි බහුතර  ප‍්‍රදේශයට උරුම වුනේ ජලජමය පැවැත්මකි. අද, නවසීලන්තය හා නව කාලෙඩෝනියාව ලෙස ජලයෙන් උඩ පිහිටා ඇත්තේ සියයට 6ක් පමණය.

පෘථිවියේ ගුරුත්ව ක්ෂේත‍්‍රය යොදා ගෙන සැකසුණු චන්ද්‍රිකා සිතියම් පැහැදිලිව දක්වන්නේ  සීලැන්ඩියාව,  ඕස්ටේ‍්‍රලියාවේ ඊහාන දිග වෙරළ බඩ සිට නවසීලන්තයේ දුපත්  පසුකරමින් බොහෝ ඔබ්බට දිවෙන තනි භූගෝලීය ලක්ෂණයක් බවයි.  මුහුදු පත්ලේ සාක්ෂිවලින් පෙනී යන්නේ සිලැන්ඩියාවේ (මුහුදු පත්ල) සැහැල්ලූ මහාද්වීපික කබොලින් මිස අසල්වැසි දියයට සානු සෑදී ඇති අඳුරු යමහල් පාෂාණවලින් නොවන බව මෝටිමර් පෙන්වා දෙයි. මෙම ප‍්‍රදේශය, කැඞී බිඳී ගිය විවිධ මහාද්වීපික කබොලුවල කොටස් එකතුව සැදුනු ‘තලපයක්’  නොව ව්‍යුහමය වශයෙන් එක්ව තිබෙන බවක් පෙනී යයි.

Image result for zealandia underwater

මහද්වීපයක් යනු කුමක් ද යන්න පිළිබඳව පුළුල් ලෙස පිළිගැනීමට ලක්වූ අර්ථ විවරණයක් නොමැත. අනෙක් කරුණ වනුයේ භූගෝල විද්‍යාඥයන් හා භූ විද්‍යාඥයන් මේ ප‍්‍රශ්න සම්බන්ධයෙන් දක්වන්නේ විෂම අදහස් වීමය. (භූගෝලීය වශයෙන් ගතහොත් ආසියාව හා යුරෝපය එකිනෙකට වෙනස් වූ මහාද්වීපයක් වේ. එහෙත් භූ විද්‍යාඥයන් සලකන්නේ ඒ දෙකම යුරේසියාව යන එක් තනි භූ ස්කන්ධයක් ලෙසටයි.) “මෙම වාර්තාවෙන් සැලසෙන ප‍්‍රධාන වාසියක් ලෙස සැලකිය හැක්කේ මහාද්වීපය වැනි මූලික පදයක් හිතුවක්කාර ලෙස එමෙන්ම අසංගතව ලෙස යොදා ගැනීම කෙරෙහි අවධානය යොමු කරවීමය” යි කැනඩාවේ ඇන්ටිගොනිෂ් හි ශාන්ත ප‍්‍රැන්සිස් ෂේවියර් විශ්වවිද්‍යාලයේ භූ විද්‍යාඥ බ්‍රෙන්ඩන් ම’ර්ෆි පවසයි.

යුරේසියාව, අපි‍්‍රකාව, ඇන්ටාක්ටිකාව,  ඕස්ටේ‍්‍රලියාව සහ උතුරු හා දකුණු ඇමරිකාව වැනි ජනපි‍්‍රය මහාද්වීප නාමයක් ලෙස සීලැන්ඩියාව පිළිගැන්වීමට ලක්වීම පහසු කාර්යයක් නොවනු ඇත. “ඒකට ඉතින් මොකෝ?” මෝටිමර් කියා සිටියි, “මොන නම කීවත් සීලැන්ඩියාව පිළිබඳ අධ්‍යයන, නවසීලන්තයට ආවේණික ශාක හා සත්වයන් හට ගත්තේ කෙසේදැයි හොඳින් වටහා ගැනීමට ජීවභූගෝල විද්‍යාඥයන්ට  උපකාරී වනු ඇති අතර මහාද්වීපික කබොල යළි හැඩගැස්වෙන්නේ කෙසේද යන්න  ගැන අධ්‍යයනවල දී භූවිද්‍යාඥයන්ට පිටිවහලක් වනු ඇත” යි ද මෝට්විමර් පෙන්වා දෙයි.

Scientific American (a part of Springer Nature) හි පළවූ  Geologists Spy an Eighth Continent යන ලිපිය ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

w

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: