විදු නැන නුවණ – Science Literacy for All

මුහුදු පරිසර පද්ධති දේශගුණ විපර්යාසයන්ට මුහුණ දීමට සැරසෙයි.

කොරල් පරකෙල්ප් මුහුදු පැළෑටි වනාන්තර සහ අනෙකුත් සාගර පරිසර පද්ධති අප සිතනවාට වඩා ප‍්‍රත්‍යස්ථිතික(පහසුවෙන් ප‍්‍රකෘති තත්ත්වයට පත්වීමේ හැකියාව) යයි නව අධ්‍යයනයකින් පෙන්නුම් කරයි.

සාගර ජීවිතය  මත දේශගුණ විපර්යාස මගින් සිදුවන විනාශය ගැන අප‍්‍රමාණ වූ විද්‍යාත්මක වාර්තා මගින් පෙන්වා දෙනු ලැබ ඇත. එහෙත්, මේ අඳුරු චිත‍්‍රයට රිදී රේඛාවක් සැපයීමට එකී වාර්තා ලියූ පර්යේෂකයන් පිළිබඳව සිදු කළ සමීක්ෂණයකින් මග පෑදී ඇත. මේ විද්‍යාත්මක වාර්තා අතුරෙන් නොසලකා නොසිටිය හැකි බහුතරයක, දේශගුණ විපර්යාසයන්ට මුහුණ දිය හැකි මුහුදු ජීවීන් ගැන  නිදසුන් දක්වා තිබේ.

‘දේශගුණික (අහිතකර සිද්ධීන් වලින් පසුව සංවේදී පරිසර පද්ධති කැපී පෙනෙන ආකාරයෙන්  ප‍්‍රත්‍යස්ථිතික ශක්තියක් (resilience) පෙන්නුම් කරන අවස්ථා තියෙනවා. ඒවා ‘අඳුරු චිත‍්‍රයක ප‍්‍රභාමත් සිද්ධි’ ලෙස කෙනෙකුට හිතන්න පුළුවන්. ප‍්‍රධාන  පෙළේ දේශගුණික කැළඹීම් හමුවේ වුනත් පරිසර පද්ධතිවලට පැවතිය හැකි තත්ත්වයන් තමයි ඒවායින් පෙන්නුම් කරන්නේ’’ යයි අධ්‍යයනයේ ප‍්‍රධානී ජෙනිෆර්  ඕලියරි ප‍්‍රකාශ කරයි. ඇය කැලිෆෝනියා බහු තාක්ෂණික රාජ්‍ය විශ්ව විද්‍යාලයේ සමුද්‍ර සංරක්ෂණ ජීව විද්‍යාඥවරියකි.

download

සමීක්ෂණයේ ප‍්‍රතිඵල BioScience සඟරාවේ පළ කල වාර්තාවකට ඇතුළත් කර තිබේ. පූර්ණ වශයෙන් පර්යේෂකයන් 97 දෙනෙකුගෙන් සමීක්ෂණයේ දී තොරතුරු ලබා ගන්නා ලදී. දේශගුණික කැළඹීම් නිරීක්ෂණය කළ අයගෙන් සියයට 80 ක් ප‍්‍රත්‍යස්ථිතික අවස්ථා දුටු බව ද වාර්ථා කර තිබේ. පරිසර පද්ධති ගැන විශේෂඥයන් නිර්දේශ කළ වාර්තා ගැන සොයා බැලු මෙයාකාරම සමීක්ෂණකින් ප‍්‍රත්‍යස්ථ අවස්ථා ගැන  නිදසුන් සියයට 85 ක් සොය ගත හැකි විය.

උදාහරණයක් දක්වන්නේ නම් බටහිර ඔස්ටේ‍්‍රලියාවේ  විරංජන  සිද්ධියක දී කොරල්පරයක සජීවී කොරල් සියයට 90 ක් හානියට පත්විය. එහෙත් වසර 12 ක් ගතවූ තැන එය, එහි මුල් ප‍්‍රමානයෙන් සියයට 44 ක ප‍්‍රකෘතිමත් වීමට හැකි විය. මේ අතර එල් නිනෝවට අදාල (සාගර) ප‍්‍රවාහයකින් කැලිෆෝනියා වෙරළෙන් ඔබ්බෙහි  මුහුදේ කෙල්ප් වනයක් විනාශ වී ගියද අඩ දශකයකට පළමුවෙන් යථා  තත්ත්වයට පත්වීමට ඒවාට හැකිවිය. ප‍්‍රත්‍යස්ථිතික හැකියාවන් පිළිබඳ නිදසුන්  හඳුනා ගැනීම සහ ඒවා පිටුපස ඇති හේතු හුවා දැක්වීම සමීක්ෂණ විශේෂඥයන්ට වටිනා සැලසුම්පතක් විය හැකි බව  ඕලියරි පෙන්වා දෙයි. මෙවැන්නක් පරිසර පද්ධති පණගන්වන ප්‍රදේශගත තත්ත්වයන් පිළිබඳව  සමීක්ෂණ විශේෂඥයන්ට තොරතුරු සැපයීමට මෙන්ම ඒවා ආරක්ෂා කිරීමේ ඔවුන්ගේ උපාය මාර්ගයන්ට මග පෙන්විමට ද  හැකි වෙයි.         .

’‘මහා පරිමාන දේශගුණික කැළඹීම්වලට ඔරොත්තු දී යළි ප‍්‍රකෘතිමත් වීමේ ගුණයෙන් යුතු ස්ථාන හඳුනාගැනීම වස් පුළුල් ප‍්‍රවේශයක් මෙම අධ්‍යයනය මගින් සපයනු ලබනවා’’ Monterey Bay Aquarium පර්යේෂණ ආයතනයේ චාල්ස් බොෂ් පැහැදිලි කරයි, “කෙල්ප් වනාන්තරවල සහ කොරල් පද්ධති වෙනත් ජීවීන්ට වාසය කළහැකි ව්‍යුහයන් සපයනවා. ඒ අනුව ආර්ථික වශයෙන් වැදගත් වන ජීවීන්ට වාසස්ථාන ඇතුළුව ඒවායින් විවිධ සේවාවන් සැපයෙනවා’’

ප‍්‍රත්‍යස්ථිතික බවට මග පාදන සාධක සෙවීමේ දී සංරක්ෂණ වේදීන්ට මේ සමීක්ෂණවල ප‍්‍රතිඵල යොදා ගත හැකිය. ජල විද්‍යාත්මක තත්ත්වයන්  වැනි සමහරක් මිනිස් අපගේ පාලනයෙන් බැහැර වුවත් අනෙක් ඒවා ලොව පුරා විවිධ සාගර පරිසර පද්ධති තුළ දී නැවතත් ප්‍රතිගුණනය කළ හැකිවේ ’’.  නිදසුනක් දක්වන්නේ නම් වාසභූමී අතර සම්බන්ධතාව පවත්වාගෙන යාම හා ප‍්‍රවර්ධනය කොරල් සහ කෙල්ප් වැනි වාසභූමී සම්පාදනය කරන ආදී හෝ ශේෂ(pristine or remnant) ගහණයන් ආරක්ෂා කිරීම දරුණු දේශගුණික සිද්ධීන් වලට පසු ප‍්‍රකෘතිමත් වීම ඉමහත්ව පෝෂණය කළ හැකි වෙනවා’’ යයි ස්ටැන්ෆර්ඞ් සරසවියේ හොප්කින්ස් සමුද්‍ර ස්ථානයේ ගි්‍යුලියෝ ඩිලියෝ පවසයි. ඔහු ද මේ අධ්‍යයනයට සම්බන්ධ වූවෙකි. ‘දුෂණය සහ අවසාදිත සංචලනය වැනි පීඩනයට හේතුවන අතිරේක සාධක ඉවත් කිරීම හෝ අවම කිරීම ද වෙරළ බඩ සමුද්‍ර පරිසර පද්ධති බහුතරයක ප‍්‍රත්‍යස්ථිතිය ප‍්‍රවර්ධනයට හේතුවනු ඇති බවද ඔහු සඳහන් කරයි.

kelp-forest

මේ අධ්‍යයන වාර්තාවෙහි  ධනාත්මක ස්වරය පරිසරය සම්බන්ධයෙන් ක‍්‍රියා කළ යුතු නැත යන්නට පක්ෂව යොදා ගැනීමට ඇති හැකියාව ගැන  ඕලියරි අනතුර හඟවයි. ‘අප කියා සිටින්නේ දේශගුණික පීඩනය නොවැදගත් නොව එය හිතා ගන්නටත් බැරි තරමටම වැදගත් බවයි. එහෙත් දේශගුණ විපර්යාසයන් ඇතිවීමට බලපාන කාරණා අවම කරගත යුතුවාක් මෙන්ම ඒවා ඇති වූ විට පරිසර පද්ධතිවලට යළි ප‍්‍රකෘතිමත් වීමට හැකිවන අයුරින් ඒවා කළමණාකරණය ද කළ යුතු වේ.’  ඕලියරි පෙන්වා දෙයි.

පරිසර පද්ධති ගැන තව බොහෝ දේ අප තවමත් දැන නොසිටින බව පවසන  ඩිලියෝ පර්යේෂණයේ ඇතැම් හිඩැස් ඇති බව පිළි ගනියි. විශේෂයන් සහ වාසභූමී විසිරී ඇති ආකාරය අවබෝධ කර ගැනීම, පීඩනයන්ට සමුද්‍ර ගහණයෙන් මුහුණ දෙන ආකාරය තේරුම් ගැනීම මෙන්ම දේශගුණයේ විපර්යාසයන් ඒ ඒ විශේෂයන්ට සහ පරිසරාත්මක ප‍්‍රජාවන්ට බලපාන අන්දම වටහා ගැනීම ද එම හිඩැසට ඇතුළත් බව ඔහු පෙන්වා දෙයි. ‘තවම අපි මතුපිට අතපත ගාන්න පටන් ගත්තා විතරයි’ ඔහු කියා සිටියි.

Scientific American හි පළවූ Marine Ecosystems Are Preparing for Climate Change යන ලිපිය ඇසුරෙනි

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: