විදු නැන නුවණ – Science Literacy for All

බහීර් ග‍්‍රහයන් සහ වාසයෝග්‍ය කලාපය

අප ජීවත් වන මේ මහ පොළොවෙන් බැහැරව වෙනත් ලෝකවල ජීවීන් සිටින බව සිතන්නට පටන් ගත්තේ මානවයන් මේ ලොව පහළ වූ අවධියේ සිටමය. දැන් ඒ සිතුවිල්ල දරන කොට්ඨාශයට විද්‍යාඥයෝ ද එකතු වී සිටිති. හැබැයි මේ දෙපිරිස තම විශ්වාසයන්ට පදනම් කර ගන්නේ එකිනෙකාට වෙනස් සාධකය. ආදී මිනිසා අහස් කුසේ අපූරු වස්තු දුටුවේය. එමෙන්ම තමන් අවට සිදුවන ඇතැම් දේ තේරුම් බේරුම් කර ගන්නට අසීරු අවස්ථාවලට ද මුහුණ දුන්නේය. එවිට ඔවුන් නිගමනයකට එළඹෙන්නේ තමන් ජීවත්වන මහ පොළොවට අමතරව, තවත් ලෝක පවතීය, එමෙන්ම ඒවායේ වසන ප‍්‍රාණීන් මේ ලෝකය සමග අන්තර් කි‍්‍රයා කරති’ යි යනුවෙනි. විද්‍යාඥයන්ට නම් ඇත්තේ  අනුමානයන්ය. ඒ සඳහා ඔවුන් මෙතෙක් ජනනය වී ඇති විද්‍යා ඥානය පමණක් නොව විද්‍යාව, ගණිතය හා තාක්ෂණය උපයෝගී කරගන්නවා පමණක් නොව, ඉන් නිපදවා ගත් උපකරණ ද උපයෝගී කර ගනිති. තතු මෙම ලිපියෙන් සංක්ෂිප්තව සලකා බලන්නේ විද්‍යාඥයන් සිය අනුමානයන් සඳහා පාදක කරගන්නා සාධක හා දර්ශකය.

තනි තරුවක් වටා පෘථිවි සමාන ග‍්‍රහලෝක හතකින් සමන්විත පද්ධතියක් ප‍්‍රථම වරට සොයා ගැනීම ගැන 2017 පෙබරවාරි 22 දා නාසා ආයතනය නිවේදනය කිරීමත් සමගම පෘථිවියෙන් පිටත අප දැනට දන්නා ආකාරයේ ජීවීන් සිටින ලෝකයක් සොයා ගැනීමේ බලාපොරොත්තු පිම්මේ ඉහළ ගොස් තිබේ. මෙය, අපේ සෞර ග‍්‍රහ මණ්ඩලයෙන් පිටත තනි තරුවක් වටා වාසයෝග්‍ය කලාපයේ (habitable zone)* පිහිටි ග‍්‍රහයන් වැඩිම සංඛ්‍යාවක් සොයා ගත් ප‍්‍රථම අවස්ථාවයි. පෘථිවි සමාන ග‍්‍රහලෝක හතෙන් තුනක් ම එම පද්ධතියේ ‘වාසයෝග්‍ය කලාප’ යෙහි නිත්‍ය වශයෙන් පිහිටා තිබීම විශේෂයි. නව නව

මේ ග‍්‍රහලෝක පද්ධතිය හඳුන්වනු ලබන්නේ TRAPPIST-1, named for යනුවෙනි. එම ඉංග‍්‍රීසි අකුරු වලින් කියැවෙන්නේ The Transiting Planets and Planetesimals Small Telescope යන්නයි. (සංක‍්‍රාන්ති ග‍්‍රහලෝක සහ ග‍්‍රහපිණ්ඩ කුඩා ටෙලස්කෝපය හෙවත් දුරේක්ෂය) චිලිහි පිහිටි TRAPPIST ටෙලස්කෝපය යොදා ගනිමින් මේ පද්ධතියේ ග‍්‍රහලෝක තුනක් සොයා ගත් බව 2016 මැයි මාසයේ දී පර්යේෂකයෝ නිවේදනය කළහ.  යුරෝපීය දකුණු දිග නිරීක්ෂණාගාරයෙහි අති විශාල ටෙලස්කෝපය (European Southern Observatory’s Very Large Telescope) ඇතුළු භූමිගත ටෙලස්කෝප කිහිපයකම සහාය ඇතිව නාසා ආයතනයේ  ස්පිට්සර් (Spitzer) අභ්‍යවකාශ ටෙලස්කෝපය මේ ග‍්‍රහයින් තුනෙන් දෙකක පැවැත්ම සනාථ කළ අතර අතිරේකව තවත් පහක් සොයා ගැනීමට සමත් විය. ස්පිට්සර් දත්ත යොදා ගෙන ග‍්‍රහයන් හත් දෙනාගේ ප‍්‍රමාණයන්  ගණන් බලනු ලැබූ අතර ඉන් හයක ස්කන්ධ වල ප‍්‍රථම ඇස්තමේන්තු සකස් කර ඇත. දුරම තිබෙන හත්වැනි ග‍්‍රහයාගේ ස්කන්ධය තවම ඇස්තමේන්තු කර නැති අතර එය ‘අයිස්මය’ ලෝකයක් විය හැකි යයි විද්‍යාඥයෝ කියති.

පෘථිවියේ සිට ආළෝක වර්ෂ 40 ක් (සැතපුම් ටි‍්‍රලියන 235ක්) පමණ දුරින් කුම්භ රාශීයේ පිහිටි මේ ග‍්‍රහ පද්ධතිය අපට සාපේක්ෂව සමීපය. මේවා අපේ සෞර ග‍්‍රහ මණ්ඩලයෙන් පිටත පිහිටි නිසා ඒවා විද්‍යාත්මකව හඳුන්වනු ලබන්නේ බහීර් ග‍්‍රහයන් ලෙසය (exoplanets).

ආපසු කැරකැවීම(REWIND):

මෙයට හරියටම වසර තුනකට පෙර, එනම් 2014 පෙබරවාරි මාසයේ අග නාසා ආයතනය ප‍්‍රකාශයට පත්කළේ එහි කෙප්ලර් මෙහෙයුම නව  බහීර් ග‍්‍රහයන් 715 කගේ පැවැත්ම සනාථ කරැ ඇති බවයි. ඉන් හතරක් ඒවායේ ධාරක තාරකාවේ වාසයෝග්‍ය කලාපය තුළ පිහිටි ඒවාබව ද කියැවින. (ඉහත * ලකුණින් දක්වා ඇති තැන ද මේ ගැන කියැවේ.) ඒත් බහීර් ග‍්‍රහයන් කියන්නේ කුමක් ද? අපට වඩා බොහෝ ඈතින් පිහිටි ග‍්‍රහයෙකු වාසයෝග්‍ය යයි විද්‍යාඥයන් තීරණය කරන්නේ කෙසේ ද? එය සරල ක‍්‍රියාදාමයක් නොවේ. එහෙත් පහත විස්තර හා අනුරූප අපට ඒ ගැන යම් මුලික අවබෝධයක් ලබා දීමට හැකිවේ.

habitable-zone-alien-planets

බහීර් ග‍්‍රහයෙකු වාසයෝග්‍ය තත්ත්වයට  පත් වන්නේ කෙසේ ද?

මුලින් ම කිව යුත්තේ ජීවයේ පැවැත්ම සඳහා ජලය අවශ්‍ය බවයි. අප දැනට අවබෝධ කරගෙන ඇති ස්වරූපයෙන් ජිවය පැවතීමට නම් ග‍්‍රහයෙකු වාසයෝග්‍ය කලාපයෙහි පිහිටිය යුතුය. මෙම යනු ධාරක තාරකාව වටා පිහිටි, එමෙන්ම ග‍්‍රහයෙකු මතුපිට ද්‍රව ජලය සෑදීමට අවකාශ සලසන උෂ්ණත්වයකින් හෙබි කලාපයක් විය යුතුය.

capture

 

සැලකිල්ලට යොමු විය යුතු තවත් කාරණා:

බහීර් ග‍්‍රහයෙකු වාසයෝග්‍ය කලාපයක පිහිටියේ වුණද සංයුතියෙන් පෘථිවි සමාන වුවද එම ග‍්‍රහයා අවශ්‍යයෙන්ම වාසයෝග්‍ය විය යුතු නැත. ග‍්‍රහයාගේ ඇලවීම (tilt), භ‍්‍රමනය, හරයේ සැකසුම හා වායුගෝලය වැනි දේවල් අතර  අනෙකුත් ග‍්‍රහමය ගති ලක්ෂණ (මින් සමහරක් විද්‍යාඥයන්ට දැනට නිගමනය කළ හැකි අතර සමහරක් නොහැකි ඒවාය) සැලකිල්ලට ගත යුතුය.

NASA Exoplanets NASA Telescope Reveals Largest Batch of Earth-Size, Habitable-Zone Planets Around Single Star and The Guardian News: Explained: Exoplanet Habitability ඇසුරෙන් තතු මාණ්ඩලිකයෙකු විසින් සැකසිණ

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: