විදු නැන නුවණ – Science Literacy for All

සෛල සහ සෛල වාදය

ක‍්‍රි:ව: 1655 වනතුරු කිසිවෙකුත් සෛලයක් නිරීක්ෂණය කර තිබුණේ නැත. එවිට, ඉංග‍්‍රීසි ජාතික රසායනඥ රොබට් බොයිල්ගේ රසායනාගාර සහායෙකුවන විසි හැවිරිදි රොබට් හුක්,  තමන් විසින්ම  සරල අන්වීක්ෂයක් තනා ගනු ලැබීය. ඔහු ගසක පට්ටයකින් පතුරක් සිය අන්වීක්ෂයට තබා බලද්දී ප‍්‍රථම වරට ජීවයේ තැනුම් ඒකක දිටීය. ඔහු ඒවා නම් කලේ ‘සෛල’ (cells) වශයෙනි. මේ සෛල ඇත්තේ ශාකවල පමණකැයි ඔහු වැරදියට තේරුම් ගත්තේය. ඔහු දුටු සෛල වනාහී ‘අභිජාත යුෂ’ අඩංගු වන භාජන යයි ඔහු කල්පනා කළේය. බාගවිට මේ යුෂ යනු කෝක් ගසේ යුෂ(sap of the cork tree) විය හැකිය. ඔහු එය සලකන්නට ඇත්තේ ජීවය සපයන ද්‍රව්‍යයක් ලෙසිනි.

504757812_1280x720

කෙසේ වෙතත් අන්වීක්ෂය නියම ආකාරයෙන් සම්පූර්ණ කළේ  ඕලන්ද ජාතික විද්‍යාඥ ඇන්ටන් වෑන් ලිවෙන් හොක්(1632–1723) ය. ඔහුගේ අන්වීක්ෂය යම් දෙයක් 270 ගුණයක් දක්වා  විශාල කර පෙන්විය හැකි තරමට බලයක් තිබූ නිසා එය ප‍්‍රායෝගිකව භාවිතයට ගත හැකි විය. වෑන් ලිවෙන්හොක් විසින් තමයි ප‍්‍රථම වරට ප්‍රොටෝසෝවා ඒක සෛලකයන් (1674), බැක්ටීරියා (1676), යීස්ට් සෛල (1680), රුධිර සෛල (1702) විස්තර කරනු ලැබුවේ. ඔහුට ඒ සඳහා මග පැදුවේ එකී  වැඩි දියුණු කිරීම් හා නිපදවීම්ය.  මෙවැනි වර්ධනයන් ඉදිරියට ගියේ වී නමුත්  1838 වන තුරුම  සෛල වාදය ඉදිරිපත් කෙරුණේ නැත. එම වසරේ දී Theodor Schwann සහ  Matthias Schleiden යන ජර්මන් ජාතික ජීව විද්‍යාඥයන් දෙදෙනෙකු වන විසින් සෛල වාදය  ඉදිරිපත් කරනු ලැබීය. සෛල වාදය පදනම් වී ඇත්තේ පූර්යාවයවයන් තුනක් මතය. ඒවා නම්:-

  • ජීවත් වන සියල්ල එක් සෛලයකින් හෝ ඊට වැඩි ගණනකින් සමන්විතයි.
  • සෛල බිහිවිය හැක්කේ ඊට කලින් තිබූ සෛල වලිනි. (එනම්, ප‍්‍රතිගුණනය = replication)
  • සෛල තමයි ජීවයේ කුඩාතම ස්වරූපය.

මේ  පූර්යාවයව තුන ජීවය පිළිබඳ ප‍්‍රායෝගික නිර්වචනයක් සපයයි. මේ පූර්යාවයව වලට අමතරව ආහාර අවශෝෂණයෙන් හෝ ලබා ගැනීමෙන්, ශක්ති නිෂ්පාදනයට හා ගබඩා කිරීමට අවශ්‍ය වාතය හා අනෙකුත් ද්‍රව්‍යයන් අවශෝෂණය කිරීමෙන්, ජල තුලනයක් පවත්වාගෙන යෑමෙන්, ප‍්‍රජනනයෙන් හෝ ප‍්‍රතිගුණනයෙන්, අපද්‍රව්‍ය බහිඝ‍්‍රාවය කිරීමෙන් හෝ බැහැර කිරීමෙන්,  එමෙන්ම බාහිර තත්ත්වයන්ට ප‍්‍රතිචාර දක්වමින් තනි සෛලයක් සජීවී ජීවියෙකුගේ (living organisms) ගති ලක්ෂණ සපුරාලයි. වෛරස, සජීවින්ගේ වර්ගීකරණයෙන් බැහැර කර ඇත්තේ එකී පදනම මතයි. වෛරස යනු ප‍්‍රතිගුණනය සඳහා සජීවින්ගේ සෛල යොදා ගන්නේ වී නමුත්, සෛලයක් සතු අනෙකුත් අංගෝපාංග කිසිවක් නොමැති එක්තරා වංක හෝ අසම්මත   DNA ඇසුරුම් වර්ගයකි.

සියළුම සෛල මතු දැක්වෙන  ගති ලක්ෂණ කියාපායි:-

පටලයකින්(membrane) වටවී තිබීම

  • සෛල ප්ලාස්මයක්(cytoplasm ): ඒ කියන්නේ විවිධ ඉන්ද්‍රයිකා සහ අනෙකුත් ද්‍රව්‍ය අඩංගු ජලමය තරලයක්

 

  • DNA –  මේවා  න්‍යෂ්ටිය තුළ අන්තර්ගත හෝ අන්තර්ගත නොවිය හැකිය
  • RNA – මේවා සෛල ව්‍යුහයන් සෑදීමට හා පවත්වාගෙන යාම පිණිස සහ කාර්යයන් (කෘත්‍යයන්) සඳහා සෛලය ඇතුළත තොරතුරු රැගෙන යයි.

animalplantbacteriacells1

ඉහත චිත‍්‍රයේ සරල බැක්ටීරියාවක, පටකයක හා සත්ව සෛලයක් පෙන්වයි. මේ එක් එක් සෛලයක් සෛල පටලයකින්(a cell membrane) වට වී ඇත. පෝෂක, අපද්‍රව්‍ය සහ අනෙකුත් ද්‍රව්‍ය ගමන් කරන්නේ මේ පටලය හරහාය. සෛල බිත්ති ඇත්තේ බැක්ටීරියා,  දිලීර සහ ශාක සෛලවල පමණකි. ඒවා දෘඪ ව්‍යුහයන් සපයයි. සෑම සෛලයක්ම තරලයකින් සහ සෛල ව්‍යුහ හෝ ඉන්ද්‍රයිකාවන් අඩංගු එක්තරා අන්දමකට දුස්ස‍්‍රාවී සෛල ප්ලාස්ම වලින් මෙන්ම පෝෂක හා අපද්‍රව්‍යවලින්  පිරී ඇත. සෛල ප්ලාස්මය පුරාවට දැකිය හැකි විවිධ වූ ඉන්ද්‍රයිකා, අපේ අවයව කරන්නා වාගේම (සෛලයේ) පැවැත්මට අවශ්‍ය කාර්ය භාරයන් ඉටු කරයි. සෑම සෛලයකටම DNA ඇත ද  න්‍යෂ්ටියක් ඇත්තේ ප‍්‍රාක්තම (protist), ශාක, දිලීර සහ සත්ව සෛලවල පමණකි. මයිටොකොන්ඩි‍්‍රයම , රිබෝසෝම, ගොල්ගි දේහ(Golgi apparatuses) වැනි අනෙකුත් විවිධ ව්‍යුහයන් ද සෛල තුළ පිහිටා ඇත.

[ජීවයේ තැනුම් එකක වන සෛල ගැන තතු නිතර ලිපි පළකරයි.  මේ තවත් එවන් ලිපියකි. අපේ සංරක්ෂිත ලිපි අතරේ එවන් පොස්ටු බොහොමයක් කියවීමට හැකිය.]

 

Life Processes and Systems හි Cells and Cell Theory කොටස ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: