මහා සංකල්ප ගැන සරලව හා කෙටියෙන් දැක්වෙන තතු ලිපි පෙළහී තවත් ලිපියක්
තත්වාරෝපණය(Conditioning) කියන්නේ චර්යාව හා සම්බන්ධ උත්තේජක වෙනස්කිරිමෙන් සහ ඒ අනුව ප්‍රතිචාරය වෙනස්කිරිමෙන් චර්යාව සංශෝධනය කරන ක්‍රියාවලියයි. සම්භාව්‍ය තත්වාරෝපණයේ පුරෝගාමියාවූ රුසියානු භෞතවේදී අයිවන් පව්ලොව්(1849–1936) මිට අදාළ සම්පරික්ෂණ මාලාවක් පැවැත්වුවා. එහිදී ඔහු පෙන්වා දුන්නා ආහාර පෙනෙන්නට තිබීම සුනඛයන්ට කෙළ ඉනිමට හේතුවන බව. එලෙස ආහාර විද්‍යාමානව තිබීම ක්‍රමානුකුලව සීනුවක් නාද වීම සමග සම්බන්ධ කළවිට කාලය ගත වෙද්දි ආහාර විද්‍යාමානව නොතිබුනත් සිනුවේ හඬ ඇසෙනවිට සුනඛයන්ට කෙළ ඉනිමට පටන් ගන්නවා. මෙය හඳුන්වන්නේ තත්වාරෝපිත ප්රතීකය(conditioned reflex) ලෙසයි.
අනෙක් ප්‍රධාන තත්වාරෝපණ ස්වරුපයවන්නේ සක්‍රිය හෙවත් ප්රතිඵලකාරක තත්වාරෝපණයයි(operant conditioning) . සම්භාව්‍ය තත්වාරෝපණයේ දී සම්බන්ධ වන්නේ ස්නායු පද්ධතියේ සවිඥානක පාලනයට ඔබ්බෙන් කොටසක් වුණත් තත්වාරෝපිත ප්රතීකය බලාපොරොත්තුවන්නේ දණ්ඩනය හා ඉෂ්ටඵලය මාර්ගයෙන් ස්වෙච්චා හෙවත් ඉච්චානුග චර්යාව(voluntary behavior) වෙනස්කිරිමටය. ස්ථම්භනය(reinforcement) යනුවෙන් මේ ක්‍රියාදාමය හැඳින්වෙනවා. මෙවැනි ශිල්ප ක්‍රම ව්‍යාවර්තන චිකිත්සාවේදී මනෝචිකිත්සකයන් විසින් ද එමෙන්මඅධ්යාපනික හා කාර්මික මනොවිද්යාඥයන් විසින් ද යොදා ගනු ලබනවා. තත්වාරෝපණ වර්ග දෙකම කෙරෙහි චර්යවාදින්* උනන්දු වෙනවා.
*ඊළඟ සතියේ අපි චර්යාවාදය(Behaviorism) ගැන කතාකරමු.
Big ideas in brief (Quercus, 2013) නම් ග්‍රන්ථයේ Conditioning and conditioned reflexes කොටස ඇසුරෙනි