විදු නැන නුවණ – Science Literacy for All

සෛල සොයා ගැනීමට මග පෑදු අන්වීක්ෂය

සෛල සොයා ගැනීමට මඟ පෑදුවේ ආළෝක අන්වීක්ෂය නිපදවීමයි. ආලෝක අන්වීක්ෂය වැඩිදියුණු කිරීම රඳා පැවතුණේ වීදුරු කාච නිෂ්පාදනයේ වර්ධනයන් මතයි. පියවි ඇසට නොපෙනෙන විස්තර හඳුනා ගැනීමට හැකි තරමට දහහත් වන සියවස වන විටත් කාච ප‍්‍රබලව තිබුණි. එවැනි ප‍්‍රබල කාචයක් යොදා ගෙන තැනූ උපකරණයක පිටිවහල ලබමින් රොබට් හුක් (කිරල වැනි ගස්වලින් ලබාගන්නා) කෝක් කැබැල්ලක් පරීක්ෂා කර බැලූ අතර 1665 දී ලන්ඩනයේ රාජකීය සංගමයට වාර්තාකර සිටියේ කෝක් සෑදි ඇත්තේ ඉතා කුඩා කුටීර සමූහයක් ඒකරාශී වීමෙන් බවයි. ඔහු මෙම කුටි හැඳින්වූයේ කුටිති නැතිනම් ‘සෛල’ (cells) ලෙසටයි. එලෙස  නම් කිරීමට පදනම් වූයේ පූජ්‍ය ආශ‍්‍රමයක පුජකවරයින් නැවතී සිටින සරල කුටි හා  (අන්වික්ෂයෙන් ඔහු දුටු) කුටීර අතර  ඇති සමාන කමයි.

හුක් තම වාර්තාවේ විස්තර කළ ව්‍යුහයන් ඇත්තටම සෛල බිත්තිය. ඒ කියන්නේ ඒවා තුළ සජීවී ශාක සෛල මිය යාමෙන් පසුව ඉතිරිව තිබු  සෛල බිත්තිය. ඒ කෙසේ වෙතත් හුක් ඒවාට යෙදූ නම දිගටම පැවතිණ. පසුව හුක්, තමන්ගේ සමකාලීනයෙකු වූ  ඕලන්ත ජාතික අන්ටෝනි ෆිලිප්ස් ෆන් ලේවන්හුක් (Antoni van Leeuwenhoek)  හා එක්ව සජීවී සෛල  නිරීක්ෂණයකට සමත් විය. පියවි අසට නොපෙනෙන තරම් කුඩා නලියන ක්ෂුද්‍ර ජීවීන්ගේ පිරි ලෝකයක් කවරෙකු හෝ දුටු ප‍්‍රථම අවස්ථාව එය විය.

එතැන් පටන්, එවැනි උපකරණ එනම් ප‍්‍රථම ආලෝක අන්වීක්ෂ හුදු පොහොසතුන් ස්වල්ප දෙනෙකුට පමණක් උරුම වූ අතිශය සුවිශේෂී මෙවලමක් ලෙස වසර 200 කට ආසන්න කාලයක් තිස්සේ පැවතිණ. ඇත්ත වශයෙන්ම  සෛල දැක බලා ගැනීම පිණිස අන්වීක්ෂ බහුලව යොදා ගැනීම දහනව වන සියවස වන තුරුම සිදු වන්නේ නැත. විශද එහෙමත් නැතිනම් නිශ්චිත විද්‍යාවක් ලෙස සෛල ජීව විද්‍යාව ඉස්මතු වීම බොහෝ දෙනෙකු දායක වූ ක‍්‍රමික කි‍්‍රයාවලියකි. එසේ වුවද එම විෂයෙහි නිල බිහිවීම ප‍්‍රකාශන දෙකක් මගින් සංඥා කරනු ලැබී යයි පොදුවේ සැලකේ. ඉන් එකක් උද්භිද විද්‍යාඥ මාතායස් ෂ්ලේඩන් විසිනි. ඒ 1838 දීය. අනෙක 1839 දී සත්ව විද්‍යාඥ තියෝඩොර් ෂ්වෝන් විසින් පළකරන ලද්දකි. මේ ලේඛන මගින් විද්‍යාඥයන් දෙදෙනා ලේඛනගත කර තිබුනේ ආලෝක අන්වීක්ෂයක් යොදාගෙන ශාක හා සත්ව පටක පිළිබඳව සිදු කෙරුණු ක‍්‍රමානුකූල පරීක්ෂණයක ප‍්‍රතිඵලය.සෛල  වනාහි සියලූම සජීවී පටකවල සකල තැනුම් ඒකක බව එමගින් දැක්විණ. ඔවුන්ගේ ප‍්‍රයත්න සහ දහනව වන සියවසේ අනෙකුත් අන්වීක්ෂඥයන්ගේ කටයුතු,  ‘සියලූම සජීවී සෛල සෑදෙන්නේ පවතින සෛලවල වර්ධනයෙන්  හා විභජනයෙන්ය’  යන අවබෝධයට සෙමින් මග පෑදීය. මෙය ඇතැම් විට ‘සෛල න්‍යය’ ලෙස ද හඳුන්වනු ලබන නියමයකි.

සජීවී ජීවීන් ස්වයසිද්ධව හටගන්නේ නැත, එහෙත් පවතින ජීවීන්ගෙන් ජනනය වන්නේය යන අනුමිතිය දැඩිව විවාදයට ලක්වූවකි. එහෙත් ලූවී පාස්ටර් 1860 ගණන්වල සිදු කළ සුසැධි සම්පරීක්ෂණ පෙළකින් එය අවසානයේ සනාථ කෙරිණ.

සමස්ත ජීව විද්‍යාවෙහි යටිතලයෙහි පවතින්නේ  ‘සෛල ජනනය කරනු ලබන්නේ පෙර පවතින සෛලවලින්ය එමෙන්ම ඒවායේ ගති ලක්ෂණ පෙර පවතින සෛලවලින් උරුම කරගන්නේය යන සිද්ධාන්තයයි. එමෙන්ම එය ජීව විද්‍යාවට සුවිශේෂී ස්වරුපයක් ගෙන දෙයි. ජීව විද්‍යාවේදී වර්තමානය පිළිබඳ ප‍්‍රශ්න මගහැර යා නොහැකි ලෙස අතීතය හා සම්බන්ධ  ප‍්‍රශ්න සමග බැඳී පවතී. වර්තමානයේ හෙවත් අද දිනයේ සෛල සහ ජීවීන් හැසිරෙන ආකාරයට හැසිරෙන්නේ මන් දැයි  අවබෝධ කරගැනීමට අපට ඒවාගේ ඉතිහාසය ඔව්, මේ මිහිතලය මත මුල්ම සෛලවල අපැහැදිලි සම්භවය කරා දක්වාම ආපසු යා යුතුය. මේ ඉතිහාසය අවබෝධ කර ගැනීමට මග පාදන ප‍්‍රමුඛ පරිඥානය ලබා දෙන ලද්දේ චාල්ස් ඩාවින් විසින්ය . 1859 දී ප‍්‍රකාශයට පත්වුණු ඔහුගේ පරිණාමවාදය, සසම්භාවී ප‍්‍රභේදනය සහ ස්වාභාවික වරණය පොදු පුර්වජයෙකු උරුම කර ගන්නා ජීවීන් අතරේ විවිධත්වයක් මතුවීමට තුඩු දෙන ආකාරය පහදා දෙයි. සෛලවාදය හා එකට එක්කරගත් විට පරිණාමවාදය ආරම්භයේ සිටම අද දක්වා සමස්ත ජීවයම තනි තනි සෛලවල මහා පුළුල් වෘක්ෂයක්  ලෙස දැකීමට අපව යොමු කරවයි. එහෙයින් සෛල ගැන හදාරන්නෙකුට නිරතුරුවම පරිණාමය පිළිබඳ තේමාව අභිමුඛවීම නොවැළැක්විය හැකියි.

සෛල හා එහි සමහරක් අංගෝපාංග විමසා බැලීමට ආලෝක අන්වීක්ෂය මග පාදන ආකාරය, ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂ මගින් සෛලයක සියුම් ව්‍යුහය හෙළි කරන ආකාරය මතු තතු ලිපියකින් බලාපොරොත්තුවන්න.

 

Alberts Essential Cell Biology (4th ed 2014  by Bruce Alberts, Dennis Bray, Karen Hopkin, Alexander Johnson, Julian Lewis, Martin Raff, Keith Roberts, and Peter Walter) හි The invention of the light Microscope led to the discovery of Cells කොටස ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: