විදු නැන නුවණ – Science Literacy for All

පෘථිවි අභ්‍යන්තරය කලින් සිතා සිටියාට වඩා රස්නෙයි

පෘථිවියේ දැවෙන අභ්‍යන්තරය කොපමණ නම් උෂ්ණත්වයකින් යුක්තද? සිතා ගැනීමටවත් බැරි තරමට රස්නයකින් යුක්ත බව අපි දනිමු. එහෙත් නව අධ්‍යයනයකින් දක්වන්නේ එය ෆැරන්හයිට් අංශක 2570 ක් හෙවත් සෙල්සියස් අංශක 1410 ක් බවයි.

නව සොයා ගැනීම අනුව හෙළිවන්නේ, පෘථිවි සාගරයට යටින් ඇති පෘථිවි ප‍්‍රාවරණය (Earth’s Mantle)  හෙවත් පෘථිවි ග‍්‍රහයාගේ ද්‍රව හරය දක්වාම දිවෙන කබොලට එක්කම යටින් පටන් ගන්නා කොටස විද්‍යාඥයන් කලින් අදහස් කළාට වඩා ෆැරන්හයිට් අංශක 110ක් (සෙල්සියස් 600)  පමණම රස්නයකින් යුක්ත බවයි. මේ නව සොයා ගැනීම, තැටි භූකාරක හේතු(plate tectonics) ඇතුළුව පෘථිවියේ බොහෝ භූ ගතික කි‍්‍රයාවලීන්(geodynamic processes) වඩාත් නිවැරදිව ආකෘතිගත කිරීමට ආධාර වනු ඇතැයි පර්යේෂකයෝ කියා සිටිති.

“ඒ හා රස්නයකින් යුතු ප‍්‍රවාරණයක් ඇතැයි කියන්නේ ප‍්‍රවාරණයේ දුස්ස‍්‍රාවී ස්වාභාය (ඇළෙන සුළු ගතිය) අඩුයි. ඔව් ගලා යාම වැඩියි. (ශිලා ගෝලයට පහළින් පිහිටි පෘථිවි ප‍්‍රාවරණයේ ඉහළ ස්ථරයවන  අධෝ ගෝලය (asthenosphere) මත තැටි භූ කාරකයන්ට ඉඩ සැලසෙන්නේ කෙසේද යන්න පැහැදිලි කර ගැනීමට මෙය ආධාර කර ගත පුළුවනි”  යයි අධ්‍යයනයේ ප‍්‍රධාන පර්යේෂක එමලි  සර්ෆියන් පවසයි. ඇය, මැසචුසෙට්ස් තාක්ෂණ ආයතනය (Massachusetts Institute of Technology – MIT)  සහ වුඞ්ස් හෝල් සාගරවිද්‍යා ආයතනයේ ඒකාබද්ධ වැඩ සටහනකට සම්බන්ධ ආචාර්ය උපාධි අපේක්ෂිකාවකි.

ඇය  පවසන අන්දමට අධෝගෝලය මත උෂ්ණත්වයෙහි බලපෑම  හා රස්නය පැණි කෙරෙහි බලපාන අන්දමට අතර වැඩි වෙනසක් නැත. “ශීතකරණයේ පැණි තබා ටික වේලාවකට පසුව ගන්නා විට එය බේරෙන්නේ අසීරුවෙන්. ඒත් ලිප අයිනේ තබා ගත හොත් පහසුවෙන් වැගිරෙනවා” ඇය කියයි.

ප‍්‍රවාරණයේ අභිරහස

පෘථිවියේ සාගර යටින් ඇති ප‍්‍රවාරණය අතිශය රස්නයකින් යුක්ත බවට හෝඩුවාවල් ගණනාවක්ම ඇත. නිදසුනකට ගතහොත් ජලය යට යමහල් මගින් පිටකරන ලාවා ජනනය කරන්නේ ප‍්‍රාවරණය මගිනුයි. කෙසේ වෙතත් කාට වුනත් පැහැදිලිව පෙනී යන හේතූන් නිසා විද්‍යාඥයන්ට කෙළින්ම ප‍්‍රාවරණය වෙත ගොස් එහි උෂ්ණත්වය මැන බැලිය නොහැකිය. ඒ වෙනුවට විද්‍යාඥයන් කරන්නේ, ඛනිජ තැනුම් ඒකකවල කුඩු එකතු කිරීමෙන් පරීක්ෂණාගාර තුළ ප‍්‍රාවරණ පාෂාණ  තැනීම  බව සරෆියන් පෙන්වා දෙයි. “ප‍්‍රාවරණ පාෂාණය මෙලෙස තනා ගත්තාට පසුව, නිශ්චිත පීඩනයක් යටතේ  පාෂාණය උණුවෙන්නේ කුමණ උෂ්ණත්වයක දී ද යන්න තීරණය කිරීම සඳහා  එම පාෂාණය ප‍්‍රාවරණ පීඩනයන්ට හා උෂ්ණත්වයන්ට භාජනය කරනවා” යයි ඇය කියයි. වරෙකට සුළු ප‍්‍රමාණය බැගින් විවිධ පීඩනයන් යටතේ  උෂ්ණත්වය ඉහළ දැමීමෙන් සිය කෘතිම ප‍්‍රාවරණ පාෂාණය උණුවීමට පටන් ගත්නේ කුමන උෂ්ණත්වයකදී ද යන්න විද්‍යාඥයන්ට තීන්දු කිරීමට පුළුවන්. මෙම තත්ත්වය හඳුන්වනු ලබන්නේ ප‍්‍රාවරණ බෙදුම් ඉර (mantle solidus) යනුවෙනි. එහෙත්, මෙම සම්පරීක්ෂණයේදී ප‍්‍රධාන ගැටලූව වන්නේ ජලයයි. ප‍්‍රාවරණ පාෂාණවල ජලය සුළු ප‍්‍රමාණයක් අඩංගුයි. ඒත් පරීක්ෂණාගාර සාම්පලවල නියමිත ප‍්‍රමාණය තිබීම සහතික කිරීම අතිශය අභියෝගාත්මක බව සර්ෆියාන් පෙන්වා දෙයි. එපමණ නොව වායුගෝලයේ ද ජලය තිබේ. “ඒ හින්ද අපේ සාම්පලවලට හරිහැටි නොදන්නා  ජලය ප‍්‍රමාණයක් ඒවාට අවශෝෂණය වෙනවා. ඒවා ඇත්තටම වියළි පාෂාණ නෙවෙයි” ඇය කියයි.

විද්‍යාඥයන් මේ ප‍්‍රශ්නය ගැන අවබෝධයක් තිබුණත් “ඒත් ඔවුන්ගේ අත්හදා බැලීම්වලදී කොපමණප්‍රමාණයක්  තිබුණේ ද යන්න ඔවුනට කවදාවත් ප‍්‍රමාණනය කරන්න බැහැ. මන්ද කීවොත් ප‍්‍රාවරණ පීඩනය හා උෂ්ණත්වය යටතේ පවත්වනු ලබන අත්හදා බැලීමක ඛනිජ කණිකා දැනට තිබෙන විශ්ලේෂණ ක‍්‍රමවේද භාවිතයෙන් මැනීමට නොහැකි තරමට ඉතාමත්ම කුඩා වැඩියි”.

පාෂාණවල ඇති ජලය එහි ද්‍රවාංකය (melting temperature) පහතට හෙළිය හැකියි. අතීතයේදී වියළි කෘතිම පාෂාණ යොදාගෙන සම්පරීක්ෂණ කළ විද්‍යාඥයන් සම්පරීක්ෂණයට ගණිතමය වශයෙන් ජලය එකතු කිරීමයි. කෙසේ වෙතත් පසුව සරෆියන්ට හා ඇගේ සගයන්ට පෙනී ගිය අන්දමට මෙකී ‘වියළි’ පාෂාණ ‘වියළී ඒවාම’ නොවීය. ඒවායේ දළ වශයෙන් ප‍්‍රාවරණයේ අඩංගු  ප‍්‍රමාණයේම වාගේ ජලය අඩංගු වන බව ඇය කියයි. එහෙත් ගණිතමය ලෙස ජලය එකතු කිරීම අනවශ්‍ය කි‍්‍රයාවක් වූවා පමණක් නොව ප‍්‍රතිඵලවල වැරදි හට ගැනීමට මුල් වීය.

ඔලිවින් පිහිටට එයි

ගැටලූව වෙනත් ආකාරයට විසඳා ගැනීමට සරෆියන්ට  පත කණ්ඩායමට පිහිටවුයේ මැග්නීසියම් මූලයක් වන ඔලිවීන් (olivine) නම් ඛණිජ යයි. ඔලිවීන් ප‍්‍රමාණයෙන් තුනී වැලි සමානවුවත් කර්ණිකාව ඇතුළත ජලය නිවැරදිව මැනීමට පර්යේෂකයන්ට ඉඩ සැලසෙන තරමට විශාල විය. එපමණක් නොව එය ප‍්‍රාවරණයේ ස්වාභාවිකව හට ගන්නා දෙයකි. සිය අත්හදා බැලීම්වලට ඔලිවීන් කණිකා එක්කර ගනිමින් මේ පර්යේෂණයන් සිදු කළ අධ්‍යයනයේදී පෙනී ගිය සාම්පලයේ අඩංගු ජල ප‍්‍රමාණය ප‍්‍රවාරණය අඩංගු ප‍්‍රමාණයට සමාන බවයි. ඒ නිසා අපේ දත්තයන් නිවැරදි කරන්න අපට කිසිම සමීකරණයක් එකතු කරන්න සිදු වන්නේ නැහැ.’ සරෆියන් පෙන්වා දෙයි.

LIVE SCIENCE  හි  Earth’s Mantle Is More Than 100 Degrees F Hotter Than Scientists Thought   ලිපිය ඇසුරෙනි

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: