සංකල්ප සාර සංග්‍රහය 20: චර්යාවාදය (Behaviorism)

Posted by

මහා සංකල්ප ගැන සරලව හා කෙටියෙන් දැක්වෙන තතු ලිපි පෙළහී තවත් ලිපියක්

චර්යාවාදය යනු විසිවැනි සියවසේ මුල් භාගය පුරා මනෝවිද්‍යා ක්ෂේත්‍රය තුල ආධිපත්‍යය පතුරුවාගෙන සිටි  මනෝවිද්‍යා ගුරුකුලයකි. මෙහි ආදිතම යෝජකයෙකු වුයේ ඇමරිකානු චර්යාවාදියෙකු වූ ජේ. බි. වොට්සන්(1878 – 1958) ය.  කලින් ප්‍රචලිතව පැවතී  ක්‍රම වේදයක් වූ අන්තරාවලෝකනය හෙවත් අන්තරික්ෂණය()වොට්සන් බැහැර කලේ වැදගැම්මකට නැති ආකාරයට පුද්ගලස්ථයි නැතිනම් විෂයිගතයි යනුවෙනි. ඒ වෙනුවට ඔහු යෝජනා කළේ මනෝවිද්‍යාව විද්‍යාවක් හැටියට ගණන් ගැනීමට නම් සිතුවිලි, අදහස් සහ හැඟීම් වැනි අභ්‍යන්තර තත්ත්වය පිලිබඳ සියලු සමපෙක්ෂණයන් හෙවත් අනුමානයන් වළකාලමින් චර්යා නිරික්ෂණයන්ට පමණක් සිමාවී තිබිය යුතු බවයි.

මේ අධ්‍යාසය ඇතිව, බොහෝ රටවල චර්යාවාදීන් චර්යාවේ විවිධාකාර ස්වරූප — විශේෂයෙන්ම මිනිය හැකි ඒවා අධ්‍යනය සඳහා මිනිසුන් සහ සතුන් යන දෙකොට්ඨාසයම සම්බන්ධ කරගන්නාවූ පරීක්ෂණාගාර සම්පරික්ෂණ සකස් කළා. එවැනි සම්පරික්ෂණ බොහෝ විට සිමාවුයේ උත්තේජනයක් සපයා ප්‍රතිචාරය නිරීක්ෂණය කොට ඉන් අනතුරුව, මේ දෙකට අදාළ වන්නේ කුමන සිද්ධාන්ත ද යන්න හෙළි කර ගැනීම පිණිස ප්‍රතිපල  සංඛ්‍යාලේඛනාත්මකව විශ්ලේෂණය කිරීමටය.

සුනඛයන් යොදාගෙන රුසියානු භෞතවේදී අයිවන් පව්ලොව් සිදු කල පුරෝගාමී සම්පරික්ෂණ මගින් සම්භාව්‍ය තත්වාරෝපණයේ (Conditioning)  සිද්ධාන්ත තහවුරු කරනු ලැබුවා. (මිට අදාලව 2017 මාර්තු 11 දා  thathu හි පළවූ සංකල්ප සාර සංග්‍රහය 19: තත්වාරෝපණය සහ තත්වාරෝපිත ප්‍රතීකය කියවන්න). ඇමරිකාවේ චර්යාවාදි බි. එෆ්. ස්කිනර් (1904–90) ‘උත්තේජන හා ප්‍රතිචාර’ ක්‍රමවේදය උපයෝගී කරගනිමින් සක්‍රිය හෙවත් ප්‍රතිඵලකාරක තත්වාරෝපණ(operant conditioning) සිද්ධාන්ත වැඩි දියුණු කරා. ස්කිනර් සිය ‘ස්කිනර්ගේ පෙට්ටිය’ (Skinner box) සැලසුම් කර සකස්කළේ මියන් සහ පරෙවීයන්  ආදී සතුන්ට සරල ක්‍රියාවන් ඉගැන්වීම සම්මතයකට අනුව නිශ්චය කිරීමටයි. ඔහුගේ මෙම ප්‍රවේශය තව දුරටත් ඉදිරියට ගෙන ගිය ඔහු විවිධ අධ්‍යාපනික ආධාරක සකස්කරගනිමින් මිනිසුන්ගේ චර්යාවන් ගැන සොයා බැලීමටත් එය යොදා ගත්තා. විවිධාකාර වූ චර්යාමය රෝගාබාධවලට භාජනයවූ මිනිසුන්ට ප්‍රතිකාර කිරීම පිණිස ඇතැම් මනෝවිද්‍යාඥයන් ප්‍රතිඵලකාරක තත්වාරෝපණය යොදා ගත්තා. එසේ කළේ, නව චර්යාවන් උගැන්වීමට සහ යෝග්‍ය යයි සැලකෙන චර්යා මුලිනුපුටා දැමීමට පාරිතෝෂ සහ දඬුවම්(rewards and punishments) උපයෝගී කර ගනිමිනි.

කෙසේවුව ද, චර්යාවාදය වනාහි උපක්‍රමයෙන් සිදු කල  හෙවත් කෘතිමව ඇතිකළ තත්ත්වයන් තුල චර්යාවන්ගේ උඩින් පල්ලෙන් බැලෙන අංග ගැන පමණක් සලකන අතිශයින් නියථිවාදීය(deterministic)ය සහ ප්‍රකාරන්තරණිය (reductionist) යනුවෙන් විචාරයට ලක්කෙරුනා. චර්යාවාදය සවිඥානක වරණය (conscious choice) යන සාධකය නොසලකා හරිනවා. එමෙන්ම එමගින් චිත්තාවේග, භාෂාව සහ සම්බන්ධතා, බන්ධුතා වැනි සංකීරණ සංසිද්ධි ගැන සැලකීමට නොහැකි බවක් පෙනී යනවා. සතුන්ගේ චර්යාවන් ගැන චර්යාවාදය බොහෝ අන්තර්දෘෂ්ටින් හා පරිඥානයන් සපයන්නේ වී නමුත් මානව  මනෝවිද්‍යාවෙ දී ඥානන ප්‍රවේශය මගින් එය අභිභවයි.

Big ideas in brief (Quercus, 2013) නම් ග්‍රන්ථයේ Behaviorism කොටස ඇසුරෙනි

 

 

එක් ප්‍රතිචාරයක්

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.