ස්වභාවයේ(Nature) අන් සෑම දෙයක් විලසම කෙනෙකුගේ ජීවිත කාලය තුළ පිරිමියෙකුගේ ශිශ්නය විපර්යාසයන් මාලාවකට බඳුන් වේ. මේ විපර්යාස පෙළෙහි සෑම අදියරක්ම වැඩි වශයෙන් පාලනය වන්නේ පුරුෂ හෝමනය වන ටෙස්ටොස්ටෙරෝන් මගිනි. වයස අවුරුදු 9 ත් 15ත් අතර කාලයේ යම් අවස්ථාවක ඔබේ පිටියුටරි ග‍්‍රන්ථ (pituitary gland), ටෙස්ටොස්ටොරොන් නිෂ්පාදනය ආරම්භ කරන්නැයි ඔබේ සිරුරට දන්වන හෝමෝන නිකුත් කරයි. යෞවනෝදය හෙවත් ලිංගික පරිපාකය(වැඩිවියට පත් වීම-Puberty) එලෙස ඇරඹෙන්නේ විපර්යාසයන් ගෙන එමිනි. ඔබ වෘෂණ(testes (testicles) අණ්ඩකෝෂ පැස(scrotum), ශිශ්නය සහ යුනික මයිල්(pubic hair) යන මේ සියල්ල වැඩෙන්නට පටන් ගනී. ඔබ ගැටවර වියේ අග සිට වයස අවුරුදු විසි ගණන්වල මුල දක්වා ටෙස්ටොස්ටෙරොන් මට්ටම උපරිමයකට පත්වෙයි.
ඔබ සිරුරේ ටෙස්ටොස්ටෙරෝන් ප‍්‍රමාණය වයස 20 ගණන්වල අග සිට 40 ගණන්වලදී මද වශයෙන් අඩුවිය හැකි වූවත් එම වෙනස සුළුය. අවුරුදු 40න් පසු ඔබේ සමස්ත ටෙස්ටොස්ටෙරොන් මට්ටම අඩුවන්නේ මද වශයෙන් වුවත් ඔබේ සිරුර ලිංගික හෝමෝන බන්ධන ග්ලොබියුලින්(sex hormone binding globulin-SHBG) නම් ප්‍රෝටීනය වැඩියෙන් නිපදවීම ආරම්භ කරයි. මෙය ඔබේ රුධිරයෙහි ඇති ටෙස්ටොස්ටෙරෝන්වල ඇළී ඔබේ සිරුරට ප‍්‍රයෝජනයට ගත හැකි ටෙස්ටොස්ටෙරොන් ප‍්‍රමාණය පහත හෙළයි. මෙලෙස ටෙස්ටොස්ටෙරෝන් මට්ටම පහළ වැටෙද්දී ඔබට අනෙකුත් වෙනස්කම් දැනෙන්නට හැකිවේ:
යුනික මයිල්: ඔබේ සිරුරේ වෙනත් ලෝම මෙන්ම යුනික මයිල් ද තුනීවෙන්නට පටන් ගන්නා අතර සුදු පැහැ ගැන්වෙන්නට පුළුවන.
ශිහ්නයේ ප‍්‍රමාණය: ඔබේ ශිශ්නය පෙර තිබුණු තරම් විශාල නැති බව ඔබට පෙනී යාමට පුළුවන. එහෙත් බොහෝ විට ඇත්තම ප‍්‍රමාණය කෙහෙත්ම අඩු නොවී තිබෙනවා විය හැකියි. ශිශ්නය එක්කම ඉහළින් ඇති යුනික අස්ථියේ මේදය වැඩියෙන් ඇත්නම් එම ප‍්‍රදේශය එල්ලා වැටීමෙන් ශිෂ්නය සාපේක්ෂව කුඩාවට පෙනීමට හැකිය.
ශිශ්නයේ හැඩය: පිරිමි සුළුතරයකගේ ශිශ්න වයසට යන විට වක් වීමට ඉඩ තිබේ. මෙය, ශිශ්නයේ දිග, වට ප‍්‍රමාණය සහ කි‍්‍රයාකාරිත්වය කෙරෙහි බලපෑමක් ඇති කළ හැකිවේ. මේ තත්ත්වය හඳුන්වනු ලබන්නේ පේරොනීගේ රෝගය(Peyronie’s disease) යනුවෙනි. එය හට ගන්නේ කායික ක්ෂතිය(physical trauma) හේතුවෙනි. මෙය සාමාන්‍යයෙන් සිදුවන්නේ ලිංගික කි‍්‍රයාවේදී ශිශ්නය නැමෙන හෙයිනි. එය සුවවෙද්දි ශ්වේත චෝලය(tunica albuginea) ඔස්සේ කැලැල් පටකයක් සෑදෙයි. එය සෘජුවිම (කෙළින්වීම) ඇතිකිරීම පිණිස රුධිරය පිරෙන සවීවර පටකය වටා ඇති ශක්තිමත් කොපුවකි. එහෙත් (පෙරකී) කැලැල් සහිත කොටස ප‍්‍රසාරණය වීමට නොහැකි නිසා වක් වී කෙළින් වීම සිදුවේ. සැත්කමකට ලක් කිරීමෙන් හෝ ඖෂධ මගින් මෙම තත්ත්වය නිවාරණය කල හැකිවේ.
වෘෂණ: ඔබේ අණ්ඩ කෝෂ පැස තුළ ඇති කුඩා අවයව වැඩිකොටම පවතින්නේ ශුකාණු නිපදවීමටය. ඔබේ ටෙස්ටොස්ටෙරෝන් මට්ටම පහළ වැටෙද්දී ශුකාණු නිෂ්පාදනය මන්දගාමී වීම නිසා ඒවා(වෘෂණ කෝෂ) හැකිළෙයි. ඔබ හෝමෝන ආදේශ කිරීමේ චිතිත්සව ලබා ගන්නේ නම් ඔබේ ටෙස්ටොස්ටෙරෝන් සාදන්නැයි ඔබේ පිටියුටරි ග‍්‍රන්ථ වාෂණවලට සංඥා යැවීම නතර කරන අතර වෘෂණ තවත් හැකිළේ.
අණ්ඩ කෝෂ පැස: මෙහි කාර්යය වන්නේ වෘෂණවල උෂ්ණත්වය පාලනය කිරීමයි. අණ්ඩ කෝෂ පැස, සුමට පේශියකින් පෝරු දමා ඇත. එම පේශිය ඔබේ වාෂණ උණුසුම්ව තබා ගැනීමට උවමනා වූ විට ශරීරයට සමීප කරවීම පිණිස හැකිළෙයි. සිසිල් කිරීමට අවශ්‍ය වූ විට පේශිය බුරුල් වන්නේ වෘෂණ සිරුරෙන් ඈත්ව එල්ලා වැටීමටය. එහෙත් ඔබ වයසට යද්දී ඔබේ මාංශ පේශී එතරම් හොඳින් කි‍්‍රයා නොකරයි. එනිසා ඔබේ අණ්ඩ කෝෂ පැසද වඩාත් ලිහිල්ව පවතී. එම සාධකය, ඔබේ සමෙහි ස්වභාවිකව පරිහානියට පත්වීම කියන සාධකය සමග එක්වූ විට එල්ලා වැටීම තවත් උග‍්‍ර වේ.
ඔබ වයස අවුරුදු 40ට වැඩි නම් ජල පුඤ්ජය(hydrocele) නිසාද අණ්ඩ කෝෂ එල්ලා වැටීම ඇති විය හැකිය. එය ඇතිවන්නේ ඔබේ වෘෂණයක් හෝ වෘෂණ දෙකම වටා දියර ඒකරාශී වීමෙනි. බාගදා ඔබේ සිරුර වුවමනාවට වඩා දියර නිපදවනවා විය හැකියි. නැතිනම් අපවහනය හරියාකාරව සිදුනොවනවා වෙන්නටද පුළුවන. මේ තත්ත්වය සාමාන්‍යයෙන් වේදනාවකින් තොරය. ඉදිමීමක් දක්නට ඇත්නම් හෝ අපහසුතාවක් දැනේ නම් කල යුත්තේවෛද්‍යවරයෙකු මුන ගැසිමය.
ශිශ්නයේ කාර්යය: ඔබ වයසට යද්දී, ඔබේ ශිශ්නයේ ස්නායු සංවේදීතාවයන් අඩුවේ. කාම උත්තේජනයක් (පිබිදීමක්) ඇතිවීම හෝ සුරතාන්තයක් අත්කරගැනීම සම්බන්ධයෙන් ගැටලූවලට මෙය මග පාදයි. ටෙස්ටොස්ටෙරෝන් මට්ටම පහළ වැටෙද්දී, උත්ථාපක දුෂ්කෘත්‍යය(erectile dysfunction) හටගැනීමට වඩාත් ඉඩකඩ ඇත. ශිශ්නයෙහි දැඩි බව අහිමිව යාමට පුළුවන් වුවද සම්භෝග හැකියාව ද අවශ්‍යයෙන්ම නැති වෙතැයි ඉන් කියැවෙන්නේ නැත. වඩාත් සුලබව දැකිය හැකි ගැටළුව වන්නේ ශිශ්නයෙහි රුධිරය රඳවා තබා ගැනීමට නොහැකියාවයි. මේ තත්ත්වය උදා වූ විට, උත්ථාපකයක් ඇති වුවද එය දිගටම එලෙස පවත්වා ගෙන යා නොහැකි වේ. රුධිරය ඇතුළට ගලා ආවද උත්ථාපක පටකය(erectile tissue) වටා ඇති මහළුවියට පත්ව ඇති මාංශ පේශීයට රුධිරය ඒ තුළ රඳවා තබා ගත නොහැක. ප‍්‍රතිඵලය දෘඩභාවය නැතිවී යාමයි.
කෙනෙකුගේ ලිංගික අවයව සහ ලිංගිකත්වය පිළිබඳ විපර්යාසයන් වයස්ගතවීම හා සම්බන්ධ සාමාන්‍ය දේවල්ය. එහෙත් එවැනි විපර්යාසයන් තම ජීවිතයට හා තම සම්බන්ධතාවලට බලපෑමක් වේ නම් වෛද්‍යවරයෙකු මුන ගැහෙන්න. ඵලදායී ප‍්‍රතිකර්ම ඇත.
Informational article