අතීතයේ ජීවත් වූ නෂ්ටප්රාප්ත මැමතා නම් ඇතුන් සමාන සත්ව විශේෂය යළි පන ගැන්වීම දැන් දැන් හුදු සිහිනයක් නොවෙතත් යළිත් වරක් මේ මිහිතලය මත ඇවිදයාමට නම් තව කලක් ගතවෙනු ඇතැයි විද්‍යාඥයෝ අදහස් කරති.
මැමතා වර්තමානයේ ජීවත්වෙන අලි ඇතුන්ගේ ඥාතිවරයෙකි. ඔවුන් මෙලොවින් වඳවී ගොස් දැනට වසර 4000ක් පමණ වේ. චීනයේ ජාතික ජාන බැංකුවේ (China National Gene Bank) ප්‍රධාන විධායක ෂු ෂුන් Science and Technology Daily පුවත්පතට කරුනු දක්වමින් කියා සිටින්නේ මැමතා යළි ‘බිහිකිරීමේ’ දී පියවර තුනක් අදාළ වන බවයි. ප්‍රථමයෙන්ම මැමතෙකුගේ සෛලයක් ප්‍රකෘතිමත් කර ගත යුතුය. ඊළඟට එය කලල සෛලයක්(embryonic cell) හැටියට වර්ධනය කර ගත යුතුවේ. එය තමයි, පසුව ප්‍රසූත කරනු පිණිස ගැබ දැරීම සඳහා තැන්පත්කළ යුතුවේ.(ෂෙන්ශෙන්වල පිහිටි මේ ජාන බැංකුව, ජීව විද්‍යාත්මක සම්පත් රැස් කිරීම හා තොරතුරු වෙත බෙදා හදා ගැනීමට කැප වූ රජයේ ආධාර ලබන ආයතනයකි)
විද්‍යාඥයන් ප්‍රථමයෙන්ම, 2013 දී සයිබීරියාවේ නිත්‍ය තුහින අතරේ තිබී හමු වූ හානි නොවූ මැමත කුණපයකින් සෛල න්‍යෂ්ටියක් ලබා ගෙන එය ආසියානු අතෙකුගේ සෛලයකට විදීමට කටයුතු කළහ. මේ ආකාරයට ඔවුහු මැමතාගේ සෛල යළි පණ ගැන්වූහ. ඉන් පසුව ඔවුන් කළේ, ක්ලෝන කිරීම හා මූලික සෛල තාක්ෂණය යොදා ගෙන මැමතාගේ කලල සෛල ප්රත්යුත්පාදනය කිරීමය.

මැමතා යළි නිර්මාණය කිරීමේදී දුෂ්කරම කාර්ය වන්නේ ප්රතිනිහිතභාවය(surrogacy) යයි ෂූ කියා සිටියි. ඊට හේතුව ප්‍රතිනිහිත ඇතින්නියක සේ (පිටස්තර කලලයක් සිය ගැබ තුළ තැන්පත් කිරීමට යොදා ගන්නා) ගැබ තුළ කලලය තැන්පත් කිරීමෙන් පසු ජාන වෙනස්කම් හේතුවෙන් ගබ්වැටුමකට හෙවත් ගර්භපාතයකට තුඩු දිය හැකිවීමයි. “කළ හැකි එක දෙයක් තමයි අපම (කෘතිවම) ගර්භාෂයක් තැනීම. ඒ ඒ කාර්යය සඳහා වසර 5හේ සිට 10 දක්වා අතර කාලයක් ගත වේවි” ඔහු කියයි.
මේ අතර, පෙබරවාරි 17 දා Telegraph හි වාර්තාවක දැක්වුණේ දෙමුහුන් මැමතා අතෙකු වසර දෙකක් ඇතුළත යළි නිර්මාණය කළ හැකි යයි හාර්වඞ් විශ්වවිද්‍යාලයේ කණ්ඩායමක් ප්‍රකාශ කළ බවයි. ඒ ඇතෙකුගේ කලලයක ජෙනෝමයට(genome) මැමතා ජානයක් පිරිද්දීමෙනි. ලොමින් වැසුණු සමක්, විශාල කන්පෙති, නොමිදෙන ලේ වැනි මැමතෙකුගේ ගති ලක්ෂණ දෙමුහුන් සතා වෙතින් පැහැදිලිව හඳුනාගත හැකි වෙනු ඇත.
නෂ්ටාප්රප්ත සත්ව විශේෂ යළි පණ ගැන්වීම මතභේදයට තුඩු දී ඇති ප්රශ්නයකි. මේ මතය දරන්නන් කියා සිටින්නේ වඳවීමේ තර්ජනයට මුහුණ පා සිටින සතුන් ආරක්ෂා කර ගැනීම සඳහා මෙය පිටුවහලක් වේය යනුවෙනි. එහෙත් ඔවුන්ගේ විරුද්ධවන්නන්ගේ මතය වන්නේ එය ස්වාභාවයට එරෙහිව යාමක් විය හැකි බවයි. “අපේ අරමුණ මැමතා/අලි දෙමුහුන් සතෙකු නිපදවීමයි. අපි තවම අරමුණ වෙත ළඟා වී නැහැ. හැබැයි වසර දෙකක් ඇතුළත එය සිදුවේවි” යයි හාවඞ් ලෝම මැමතා යළි පණ ගැන්වීමේ කණ්ඩායමේ ප්‍රධානී මහාචාර්ය ජෝර්ජ් චර්ච් පවසයි.
ලෝම මැමතා සත්තු අයිස් සමයේ යුරෝපය, ආසියාව, අපි‍්‍රකාව සහ උතුරු ඇමරිකා මහද්වීපවල සැරි සැරූ අතර මෙයට වසර 4500කට පමණ පෙර වඳවී ගියහ. දේශගුණික විපර්යාස සහ මිනිසුන්ගේ දඩයමට හසුවීම ඊට හේතු වන්නට ඇත. මේ මැමතා සතුන්ගේ සමීපතම නෑදෑයා අපි‍්‍රකානු ඇතා නොව ආසියානු ඇතාය. මැමතා නෂ්ටප්රාප්ත භාවයෙන් මුදා ගැනීම යථාර්ථයක් බවට පත්ව ඇත්තේ විප්ලවකාරී ජාන ශිල්ප ක්‍රම හේතුවෙනි. CRISPR/Cas9 ලෙස හැඳින්වෙන ලොව වඩාත් පුළුල්ව යොදා ගන්නා ශිල්ප ක්‍රමය සංවර්ධනය කිරීමේදී මහාචාර්ය චර්ච් දායක විය. “හාවඞ් ලෝම මැමතා ව්‍යාපෘතියේ අරමුණු දෙකක් තියනවා. ආපදාපන්න ආසියානු අලි ඇතුන් වෙනුවෙන් විකල්ප අනාගතයක් සුරක්ෂිත කිරීම සහ ගෝලීය උණුසුමට එරෙහිව සටනට සහායවීම(ඒ අරමුණු)” යයි මහාචාර්ය චර්ච් පවසයි.
ජාන ඉංජිනේරු ශිල්පයේ වර්ධනයන් හෙතු කොට ගෙන යුග කාල ආපසු හැරවීම ඉදිරි වසර 10 ඇතුලත යථාර්ථයක් බවට පත්වනු ඇතැයි මහාචාර්ය චර්ච් පුරෝකතනය කළ ද අනෙක් අතට ජාන ඉංජිනේරු ශිල්පය අතිශෝක්තියට නංවා ඇතැයි ඔහු විශ්වාස කරයි. “එය තවත් ශිල්ප ක්‍රමයක්. එය සියල්ල වෙනස් කරා යයි කියන්න බැහැ. එසේ පැවසීම හරියට 1960 දශකය නිර්මාණය කළේ බීට්ල්ස් සංගීත කණ්ඩායම විසින් යයි කීම බඳුයි.” බොස්ටන් හි පැවති ඇමරිකා විද්‍යාභිවර්ධන සංගමයේ (American Association for the Advancement of Science) වාර්තා රැස්වීමේදී ආරාධිත දේශකයෙකු ලෙස අදහස් දක්වමින් ඔහු කියා සිටියි.
Chinadaily .com හි පළවූ Long way to go before mammoths live and breathe again, Chinese scientist says ලිපිය සහ The Telegraph හි පළවූ Woolly mammoth will be back from extinction within two years, say Harvard scientists ලිපිය ඇසුරෙනි