මහා සංකල්ප ගැන සරලව හා කෙටියෙන් දැක්වෙන තතු ලිපි පෙළහී තවත් ලිපියක්
මිනිස් සංහතිය ලෙනක් තුල යදමින් බැඳ දමා තිබෙන සිරකරුවන් පිරිසකට සමාන කෙරමින් ප්ලටෝ The Republic නම් සිය කෘතියෙහි උපහැරණයක් ඉදිරිපත් කරලා තියෙනවා. මේ සිරකරුවන්ට දැක ගත හැකි එකම දෙය තමන් ඉදිරියෙන් ඇති බිත්තිය පමණකි. මෙලෙස වස්තුන් පිළිබඳව ඔවුන්ගේ එකම අත්දැකීම වනුයේ ගින්නකින් බිත්තිය මත වැටෙන සෙවනැලි, ඡායා පමණකි. ප්ලටෝට අනුව මෙය පරම යථාර්ථය පිලිබඳ අපගේ නොදැනුවත්කම හා සාදෘශ්‍ය වෙනවා. පරම යථාර්ථය, පරමාදර්ශී කළ(idealized) එමෙන්ම, විපරිණාමය කළ නොහැකි(unchangeable) ආකෘති වලින්(Forms) සමන්විතයි.
මේ ආකාරයට සලකන විට මේසයක් යනු පරමාදර්ශී මේසයක අපරිපුර්ණ පිටපතක් හෝ ඡායාවක්ය; අශ්වයෙකු යනු අශ්වබවෙහි ආද්‍යාකෘතියක(archetype of Horsiness) ආවිෂ්කරණයක් හෙවත් විද්යමානවිමකි. තනි තනි අශ්වයින් සියල්ල ඇතැම් ආකාරවලින් එකිනෙකාට වෙනස්වන හෙයින් ඉන් එකෙක්වත් තථ්‍ය, පරමාදර්ශී අශ්වයා නියෝජනය නොකරයි. අප අත්දකින ලෝකයේ වස්තුන් සදාකල්හිම විපරිණාමය වේ. මේස යනු කලක් වෘක්ෂයන්ය. අශ්වයෝ උපදීති, වැඩෙති, මියයති. සැබෑ දැනුම හෝ ඥානය සාක්ෂාත් කර ගත හැක්කේ ආකෘතීන්ගේ අනිරික්ෂණිය ලෝකය(unobservable world of Forms) තුළ පමණකි; ඉන්ද්‍රීය ලෝකය(world of the senses) තුළ අප දැනුම ලෙස ලබාගන්නා සියල්ල ඇත්ත වශයෙන්ම මතයට හෝ විශ්වාසයට වැඩි යමක් නොවේ.
2017 මාර්තු 4 දා තතු හි පළවූ සංකල්ප සාර සංග්‍රහය 18: ප්ලතෝනිකවාදය (Platonism) ලිපිය ද කියවන්න
Big ideas in brief (Quercus, 2013) නම් ග්‍රන්ථයේ Plato’s cave කොටස ඇසුරෙනි