මේ කතාව ජංගම දුරකතන හෙවත් සෙලූයලර් දුරකථන භාවිතය ආරම්භ වූ කාලයේ සිටම සංසරණය වන්නක්. ගුවන්විදුලි මධ්‍යස්ථාන මගින් තරංග ඔස්සේ සිදුකරනු ලබන ප‍්‍රචාරයන් ගැනත් ජනතාවට යම්යම් සැකසංකාවන් ඇතත්, ඒ පිළිකාමය තර්ජනයන් ගැන නම් නොවේ. විවිධ නාලිකා ගුවන් විදුලි තරංග ඔස්සේ සිය වැඩසටහන් අප දෙසවනට සම්පේ‍්‍රෂණය කිරීමේදී පාරිභෝගික අපගේ මැසිවිලි, සැක සංකා ඇතිවන්නේ ඒවාගේ අන්තර්ගතය, සංයුතිය ගැන මිස පිළිකාව වැළඳීමේ අනතුරක් ගැන නොවේ. එහෙත්, අප භාවිත කරන ජංගම දුරකනතයෙන් නිකුත් කෙරෙන ගුවන් විදුලි තරංග(radio waves) කෙනෙකුගේ මොළයෙහි පිළිකා ඇති කිරීමට සමත් වෙතැයි කියන කතාව දුරකථන භාවිත කරන, නොකරන සෑම දෙනාටම අසන්නට ලැබෙන්නකි. මාර්තෘකාවේ අසා ඇති ප‍්‍රශ්නයට පිළිතුර කුමක් දැයි දැන ගැනීමට මේ ලිපිය අවසානය දක්වාම කියවා බලන්න.
මුලින්ම කියන්න තියෙන්නේ රේඩියෝ හෙවත් ගුවන් විදුලි තරංගත් ඇත්තටම එක්තරා විකිරණ ස්වරූපයක් බවයි. එහෙම වුණත් ඒවා සාපේක්ෂව පහළ සංඛ්‍යාත තරංගයි. එම නිසා ශක්තියන් ද පහළයි. අධිසංඛ්‍යාත, අධි ශක්ති තරංග වන x කිරණ වැනි තරංගවලට ඔබේ DNAවලට හානි පැමිණිය හැකියි — එහෙත් ගුවන් විදුලි තරංගවලට නොහැකියි. ගුවන් විදුලි තරංගවලට කළ හැක්කේ වැඩිම වුණොත් ඔබේ සම රත්කිරීම පමණයි. ඒත් ඉතින් නැවත කියනවා නම් එහි ශක්තිය ඔබේ මොළයට තබා ඔබේ කනටවත් කිසිම හානියක් කිරීමට නොහැකි මට්ටමකට දුර්වලයි.
ඒ කතාව කොහොම වුණත්, ගුවන් විදුලි තරංග මගින් පිළිකාව හැදෙයි යන්න ගැන පර්යේෂකයන් සමපේක්ෂණය කරන්න පටන් ගත්තේ 1950 ගණන්වල සිටයි. “ඒ වුණාට ඒක හුදු අනුමානයක් පමණයි” යනුවෙන් ඇමරිකානු පිළිකා සංගමයේ ප‍්‍රධාන වෛද්‍ය නිලධාරි ඕටිස් බ්‍රෝලි ප‍්‍රකාශ කරයි, “ඒවායින් පිළිකාව සෑදෙවිය යන්න ගැන ස්ථිරසාර ස්ථාවරයක් ගන්න අපට ඇත්තටම තවමත් බැහැ.”
සෙලියුලර් දුරකථන හා පිළිකාව අතර සම්බන්ධයක් සොයා බලන මුල්ම සැබෑ අධ්‍යයනවලදි පර්යේෂකයන් (මොළයේ ටියුමරයක් හෙවත් අර්බුදයක් සහිත) රෝගීන්ගෙන් අසා සිටියේ ඔවුන් සාමාන්‍යයෙන් සෙලියුලර් දුරකථනය ළංකර තබා ගන්නේ කුමන කනට ද යන්නයි. පුදුමවන්නට දෙයක් නොවෙයි, ඔවුන්ගෙන් හතරෙන් තුනක්ම කියා සිටියේ සෙලියුලර් දුරකථනය ඔවුන්ගේ මොළ අර්බුදය වර්ධනය වූ හිසෙහි පැත්තෙහි තබන බවයි. දුරකථනය තබන්නට හුරුව සිටීන කන හා මොළ අර්බුදය අතර සහසම්බන්ධතාවයක්(correlation) තිබෙනවා නේද? නැහැ. ඉතින් එහෙමම වෙන්නත් ඕන නැහැ. මුලින්ම කියන්න ඕන, හැමෝටම තියෙන්නේ කන් දෙකක් නිසා ඒ හැමෝටම කැමති එකක් තෝරා ගැනීමට 50% අවස්ථාව තියෙන බවයි. ඉතින් 75% නිවැරදිව අනුමාන කිරීම අහම්බයක් වෙන්න ද පුළුවන. මෙතැන පූර්ව විනිශ්චයක් ඇතිවෙන්න අවස්ථා තිබේ. “පිළිතුරු දෙන රෝගීන් දැන සිටියා ඔවුන්ගේ මොළ පිළිකාව(අර්බුදය) තිබෙන්නේ මොළයෙහි කොයි පැත්තේද කියා. ඉනින් ඔවුන් ස්වාභාවිකවම ඒ පැත්ත තෝරා ගන්න ඉඩ තිබෙනවා” බ්‍රෝලි පෙන්වා දෙයි. ඇත්තටම ප‍්‍රශ්නයට සම්බන්ධ ආචාර ධර්මයි(ethics). විද්‍යාඥයන්ට පරික්ෂනත්මක වශයෙන් කළනොහැකි, කළහැකි දේ ආචාරධර්ම මගින් සීමාවේ. කුමක් සිදුවේදැයි බලනු අටියෙන් ජනතාව පරික්ෂණාගාරයේ වාඩිකර තබා පිළිකා කාරක වර්ෂාවක් ඔවුන් වෙත හෙළීමට වෛද්‍යවරුන්ට නොහැකිය. ගුවන් විදුලි තරංග ගත්තත් කියන්න තියෙන්නේ ඒකම තමයි. ඇත්තටම රේඩියෝ තරංග පිළිකාව කෙරෙහි බලපෑමක් ඇතැයි මිනිසුන් ඊට භාජනය කිරීමෙන් පසුව සොයා ගනු ලැබුවොත් පර්යේෂකයන් මුහුණපාන වන තත්ත්වය කුමක්ද? මේ නිසා පර්යේෂකයන්ට කි‍්‍රයා කරන්න වන්නේ මීයන්, කොස් ඇට මීයන්(mice and rats) යොදා ගත් ආකෘති මගිනි. පසුගිය වසරේ සිදුකළ අධ්‍යයනයක දී සිදු වූයේ ද එයමයි. මාධ්‍ය මගින් ඉමහත් ප‍්‍රසිද්ධියක් ලබා දුන් මේ අධ්‍යයනයේදී විද්‍යාඥයෝ ගුවන් විදුලි තරංගවලට ලක් කළ මීයන් තුළ අර්බුද වර්ධනය වූ බව ඇත්තටම සොයා ගත්හ. මේ අධ්‍යනය තුල බලගතු අවවාදයක් ද අන්තර්ගතය.
පර්යේෂණවලදී මිනිසුන් වෙනුවට මීයන් යොදා ගැණුනද ද මීයෝ මිනිසුන් නොවෙති. ඔවුන්ගේ පටක ගුවන් විදුලි තරංගවලට වෙනත් ආකාරයකට ප‍්‍රතිචාර දැක්විය හැකියි. අනික, පර්යේෂකයන් මේ කුඩා සතුන්ට ලබා දුන්නේ සෙල්ෆෝනයකින් මිනිසෙකුට ලැබෙන විකිරණය මෙන් හත් ගුණයක් පමණ විකිරණයකි. ඒ කියන්නේ මාස ගණන් එක දිගට දිනකට පැය නවය බැගින් නිරාවරණය කිරීමයි. අවසාන වශයෙන්, මේ පර්යේෂණය සමාන කණ්ඩායමක විචාරයට භාජනය නොවීය. මේ තත්ත්වය හමුවේ සෞඛ්‍ය සංවිධානවලට සිය ස්ථාවරය දැක්වීමට සිදුවූයේ සුපරික්ෂාවෙන් තෝරා ගත් වදන් යොදා ගනිමිනි. ඔප්පු කිරීමට හෝ නිෂ්ප‍්‍රභා කිරීමට දාමයක්, පුරුකක් නොමැති නිසා ඔවුනට ප්‍රකාශ කිරීමට සිදුවුයේ, ‘සෙලියුලර් ෆෝන් පිළිකාවට හේතුවීමට ඉඩතිබේ(Phones might cause cancer) වැනි වදන්ය. නිදසුනක් දක්වතොත්, එක්සත් ජාතීන්ගේ පිළිකා පර්යේෂණය සඳහා වන අන්තර් ජාතික ඒජන්සිය(UN’s International Agency for Research on Cancer) ප‍්‍රකාශ කළේ සෙල්ෆෝන් භාවිතය මිනිසුන්ට පිළිකා ඇති කරන්නක් විය හැකිය යනුවෙනි.
“සෙල්ෆෝන් මගින් පිළිකා හැදෙන්න පුළුවන් බව එක්සත් ජාතීන්ගේ ඒජන්සිය කීවාම ඇත්තටම ඒ ගැන සැලකිල්ල යොමු වුණා” බ්‍රෝලි කියයි, “ඒත් ඔය ලැයිස්තුවේම ලිප්ස්ටික් අචචාරු, ස්ටයිරොෆෝම්(styrofoam) ද තිබෙන බව දැනගත්තහම ඒ ගැන බලන්නේ වෙනත් කෝණයකින්.”
දත්තවල හිඟකම නිසා සෙල්ෆෝන් පිළිකාව සාදන්නේ යයි නිගමනයකට මේ මොහොතේ එළඹිය නොහැකිය. “ඒක නොවිසඳුන ප‍්‍රශ්නයක්, ඒක වලංගු ප‍්‍රශ්නයක්. ඒත් මං හරි හැටියට පිළිගන්න උත්තරය නම් ‘නැහැ’ යන්නයි” බ්‍රෝලි පහදා දෙයි, “බලාගෙන ගියහම පසුගිය වසර 40 තුළ මොළයේ අර්බුද වැඩිවීමක් පෙන්නුම් කරන්නේ නැහැ”.
කෙසේ වෙතත් තීරණය ඔබේ අතෙයි. වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්.