විදු නැන නුවණ – Science Literacy for All

මානව ශිෂ්ඨාචාරය තුළ ගංගාවන්ගේ භූමිකාව

මානව ශිෂ්ඨාචාරය තුළ ගංගාවන්ගේ භූමිකාව

මානවයන්ගේ  ජීවන පැවැත්මට අත්‍යවශ්‍ය වන ජලය ගංගා මගින් සැමදාමත් ගෙන ආවේය. අද පවා අපේ පාණීය ජලයෙන්  තුනෙන් දෙකක්ම ලබාගන්නේ ගංගාවලිනි. එහෙත් ගංගාවන් රැගෙන එන්නේ ජලය පමණක් නොවේ. ආහාර භෝග වගාකිරීමට යෝග්‍යවන පරිදි පස සරු කරන පෝෂක ගෙන යන වාහක පටි (conveyor belts) ලෙසද ගංගාවන් හැඳින් විය හැකිය. ඇත්තටම ගතහොත්, ගංගා නොවන්නට මානව ශිෂ්ඨාචාරය කිසිදා ආරම්භ නොවන්නට තිබුණි.

වසර 12,000කට පෙර අවධිය වන විට මානවයන් ගත කළේ තැනින් තැන යන නොමැඩවරයෙකුගේ, සරන්නෙකුගේ(nomads) ජීවිතයයි. මිනිස්සු එක තැනක සිට තවත් තැනකට යන්නේ සතුන් දඩයම් කරමින් කෑමට ගත හැකි පලවැල නෙලා ගනිමිනි. ඒ ආකාරයෙන් ඔවුන් ගත කළ අවධියේ දී  ඔවුන්ව හැඳින් වූයේ දඩකරු අන්නගවේෂකයන් (hunter-gatherer)ලෙසිනි. එහෙත්, ගංගාවන් සමග මිනිසාගේ  සබැඳියාව ඔවුන් එකල ගෙවූ සංචාරක දිවි පෙවෙත වෙනස් කිරීමෙහිලා මුල් විය.

ගංගාවක් ස්වභාවිකව  පිටාර ගලන විට එමගින් පෝෂකවලින් පිරි රොන් මඩ පිටාර තැන්නෙහි(floodplain) තැන්පත් කරනු ලැබේ. ආදි කාලයේ මෙසපොටේමියාවේ,  ඊජිප්තුවේ, ඉන්දියාවේ සහ චීනයේ ගංගා ආශි‍්‍රත සරු පොළවෙහි තමයි අපේ පැරණ්නන් ප‍්‍රථමයෙන්ම කෘෂි කර්මාන්තය ව්‍යාපාරය ආරම්භ කළේ. ඉඩම් වගා කරමින් භව බෝග සිටුවමින් මිනිසාගේ පැවැත්මට ප‍්‍රමාණවත් ආහාර නිපදවා ගැනීමට  සමත්වීමත් සමගම ආහාර හා දඩයමට සතුන් සොයමින් තැන තැන යාමේ අවශ්‍යතාව ක‍්‍රමයෙන් අහිමිව යන්නට පටන් ගත්තේය. ජනාවාස පිහිටුවීමට මග පෑදුවේ මෙයයි. එලෙස මානව ශිෂ්ඨාචාරය ආරම්භ විය. ඒවා  පිටුපස වූයේ ගංගාවන්ය.

නූතන සමාජය ගතහොත් අද පවා ඊජිප්තුවේ ජනගහනය ඒකරාශී වී සිටින්නේ නයිල් නදියේ දෙපස ඉවුරුවල සහ නයිල් ඩෙල්ටාවෙහිය. මානවයන්ගේ මුල්ම ජනාවාස ආරම්භ වන්‍නේ මෙසපොතේමියාවේ ටයිට‍්‍රන් සහ පුපරයීන් ගංගා අතර සහ ඊජිප්තුවේ නයිල් නදිය ඔස්සේය. ගංගාවල ස්වාභාවික පිටාර ගැලීම හේතුවෙන් සරු පසක් උරුම වූ අතර බෝග වගාවට අවශ්‍ය ජලය ද සැපයිණ. එහෙත්, ගංගා පිටාර ගැලීම (ගංවතුර හානි නම් වන) අනතුරු ද  ගෙන එයි. ආදි කාලීන මෙසපොටේමියානු  වැසියන් හා ඊජිප්තු වැසියන් සැලකිලිමත් නොවූයේ නම් පිටාර තැන්නේ තැනුනු ඔවුන්ගේ නිවෙස් ගංවතුරට ගසාගෙන ගොස් විනාශ වන්නේය. ලොව මුල්ම නිපැයුම් බොහොමයක් ජලයේ ස්වභාවික ගලායාම පාලනය කිරීමට අදාළ ඒවා වූයේ ඒ නිසාය. මෙසපොටේමියානුවෝ ඇළවල් කපා  කෘතිම විල් තැනුවේ ගංවතුර වෙනතකට යොමු කර තම ජනාවාස බේරා ගැනීමේ අදහසිනි. ඉන් පසුව කුඩා බිසෝ කොටු තනා සොරොව් මගින් තම භෝග වගාවන්ට නිසි ප‍්‍රමාණයෙන් ජලය ලබාගත්හ.

ගොවිතැනට අවශ්‍ය ජලය හා පෝෂක පමණක් නොව  ගංගංවෝ, මිහිපිට ආදීකාලින  ජනතාවට වෙනත් සම්පත් ද ගෙන ආහ. මෙසපොටේමියානුවන් ලේඛන කලාව හඳුන්වාදීමේදී ඒ සඳහා අවශ්‍ය මෙවලම් ඔවුනට සපයනු ලැබුවේ ගංගා මගිනි. තෙත් රොන් මඩ නිධි තිබීමෙන් ඇති පදම් මැටි ලබා ගත හැකි විය. ජනතාව එම ගංගා මැටි ගෙන පුවරු තනා ගත්හ. ගංගාවලින් සැපයුණු පන්ගස්,  පන්හිඳ මෙන් යොදා ගෙන මෘදු මැටි පුවරුවල සංකේත ආකාරයෙන් ලිවීම ආරම්භ කළහ.

ස්වාභාව ධර්මය දායාද කර ඇති ගමන් මාර්ග වන්නේ ගංගාවන්ය. තවද, දුම්රිය, ට‍්‍රක් රථ, මෝටර් රථ හා අහස් යානා නිර්මාණය වනතුරු ගමන් බිමන් යාම සඳහා කදිම මඟ වූයේ ගංගා හා අල මාර්ග ඔස්සේ ගමන් කිරීමය. නූතන  පුරවර බොහොමයක් ඉදිවී ඇත්තේ ගංගා ඉවුරුවලය. ඒ භාණ්ඩ හා පුද්ගලයන් නගරයෙන් නගරයට ප‍්‍රවාහනය කිරීමට ඉඩ ලැබෙන බැවිනි. මීට අමතරව, කාර්මික විප්ලවයේ මුල් අවධියේ දී නගර හා රෙදි මෝල බොහොමයක් ගං ඉවුරු ඇසුරෙන් පැන නැංගේය. ඒවායේ යන්ත‍්‍ර හා මෝල් කි‍්‍රයා කිරීමට ජල ප‍්‍රවාහනය යොදා ගැනීමට අවකාශ ලැබීම ඊට හේතුවයි. මීට හොඳ නිදසුනක් ලෙස මිසිසිපි නදී පද්ධතියයි. එදත් අදත් එය ප‍්‍රධාන ප‍්‍රවාහන මාර්ගයකි.

මානව ශිෂ්ඨාචාරයන්, වාරිකර්මාන්තය, ප‍්‍රවාහනය හා යාන්ති‍්‍රක බලය වශයෙන් ජල ප‍්‍රවාහයන් ප‍්‍රයෝජනයට ගන්නේ වසර දහස් ගණනක සිටය. එහෙත් ගංගාවන්ගේ ජල ශක්තිය  විදුලිබලය ජනනය සඳහා යොදා ගැනීම ගැන 1809 ගණන්වල අග දක්වා වන තුරුම ඉංජිනේරුවන්උනන්දුවක් දැක්වූයේ නැත. වර්තමානයේ  ලොව විදුලි බල සැපයුමෙන් හයෙන් එකක් පමණ ජනනය කරන්නේ ජල විදුලි බලාගාර මගිනි. ගංගා ජලය හරස් කර වේළි ඉදිකොට,  එම ජලය ටර්බයින් කරකැවීමට යොදා ගැනීමෙන් නිපදවන විදුලිය පරිසර හිතකාමීය. මන්ද වායු දුෂණයක් හෝ හරිතාගාර වායු විමෝචනයක් සිදු නොවන නිසාවෙනි.

කෙසේ වෙතත්, ගංගා හරස් කොට  වේළි බැඳීමත් එලෙස  ගංගාවේ ජලය ගලාබැසීම හෙවත් ජල ප‍්‍රවාහය වෙනස් කිරීම ගංගා පරිසරයට හානි කර විය හැකිය. නව වේළි ඉදිකිරීම බොහෝ විට මතභේදයන්ට තුඩු දෙන්නේ එහෙයිනි. එහෙත් ගංවතුර පාලනය කිරීමට වගාවන් සඳහා වාරිමාර්ග සැපයීම මෙන්ම ජලබලාගාර කි‍්‍රයාකරවීමට ජලය සැපයීමටද උපකාරි වේ. මේ මිහිතලය මත වඩාත්ම ජෛවී විවිධත්වයක් ඇති පරිසරයකි ගංගා. එහෙත් ඒවා මිනිස් කි‍්‍රයාකාරකම් දැඩිව සිදුවන්නාවූ ද  තැනකි. අවාසනාවකට මෙන් එවැනි ඇතැම් ක්‍රියාකාරකම් වාසස්ථාන හානියට සහ දුෂණයට ද  තුඩුදිය හැකියි.

Kids Discover හි පළවූ The Role of Rivers in Human Civilization ලිපිය ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: