විදු නැන නුවණ – Science Literacy for All

වැසිකිළියෙන් තැබෑරුමටට:  ප‍්‍රතිචකී‍්‍රකරණය කළ අපජලයෙන් නිපදවෙන බියර්

පරිසර සංරක්ෂණය හා ධරණීය සංවර්ධනයට මුල් තැන දෙමින් දකුණු කැලිෆෝනියාවේ බීර පෙරුම්හලක් (brewery ) තනිකරම අපගත ජලය(waste water) යොදා ගනිමින් නව බියර් විශේෂයක් නිපදවයි. සැන්දියාගෝ හි පිරිසිදු  ජල ව්‍යාපෘතියෙන් (San Diego’s Pure Water Project )සැපයෙන ප‍්‍රතිචකි‍්‍රකරණය කල ජලය යොදා ගනිමින් නිපද වූ “Full Circle Pale Ale” (පූර්ණ චක‍්‍ර පේල් ඒල් පානය) බියර් වර්ගය මේ මාසයේ දී(2017 මාර්තු) සමාගම මගින් එළි දැක්විණ. ‘මේ සියල්ල සිදු කෙරුණේ තිරසාර සංවර්ධනයක් නාමයෙන් තමයි’ බෲවර් සමාගම ප‍්‍රකාශ කර සිටියි.

මේ නව බියර් වර්ගය නිපදවීමෙහි වැදගත්කම වටහා ගැනීමට නම් අප මදක් ඉතිහාසයට එබී බැලිය යුතුය. කැලිෆෝනියා ජනපදයේ ඓතිහාසික නියඟය කෙතරම් දුරට එම ජනපදයේ වැසියන්ට හා ජල මූලයන්ට අහිතකර බලපෑමක් ඇති කළේද යන්න එහිදී දැන ගත හැකිවේ. California’s Long Drought Has Killed 100 Million Trees යන මැයෙන් 2016  දෙසැම්බර් 7 දා  Live Science හි  පළ වූ වාර්තාවකට අපි මොහොතක් අවධානය යොමු කරමු. එම ජනපදයේ 2010  සිට දිගටම පවතින නියගය හේතුවෙන් 2016 වසරේ පමණක් ගස් මිලියන 62 ක් විනාශ වූ බවක් එහි සඳහන් විය. සය අවුරුදු නියගයෙන් විනාශව ගිය මුළු ගස් සංඛ්‍යාව මිලියන 102ක් බවද පළවිණ. පාරිසරික වශයෙන් ඇති කරවන හානියට අමතරව ගස් විනාශය අසාමාන්‍ය ලැව් ගිනිවලට ද මඟ පාදයි. එය තවත් පාරිසරික හානියක් පමණක් නොව ජීවිත හා සම්පත් විනාශයකි. මෙය,  කැලිෆෝනියා නියඟය ගෙන ආ විපත් හා හානිවලින් එක් අංගයක් පමණකි. ජල හිඟය ජනතාවගේ එදිනෙදා ජීවිතයට ඇති කළ බලපෑම ගැන නිතර පළවූ වාර්තාවලින් කරුණු දැක්විණ. නියඟය නිම කරමින් දැන් මෙම ජනපදයට වැසි ලැබුණත් නව බියර් වර්ගය සම්බන්ධවන්නේ එකී දිග්ගැස්සුණු නියං සමයටයි.

නියඟයෙන් පැමිණි විපත් සමනය කිරීමටත් ජනතාවට අඛණ්ඩව ජලය සැපයීමටත් අධිකාරීහු  විවිධ පියවර ගත්හ. ජල සංරක්ෂණ රාමුවක් තුළ ජල ප‍්‍රතිචකී‍්‍රකරණය ඉන් එකකි. 2021 වන විට කැලිෆෝනියා ජනපදයට කැලිෆෝනියා නගරයට දිනකට ජලය ගැලූම් මිලියන 30ක් (ලීටර මිලියන 110ක්) සැපයීම පෙර කී සැන් දියාගෝ පිරිසිදු ජල ව්‍යාපෘතියේ එක් අරමුණක් විය. ඒ අනුව ව්‍යාපෘතිය, බියර් නිපදවීම සඳහා බෲවරියට නව ජල මූලයක් ලබාදීමට ඉදිරිපත් විය. එපමණක් නොව, ව්‍යාපෘතිය හා එහි අරමුණු ගැන ජනතාව අතර දැනුවත් භාවයක් ඇතිකිරීමෙහි ලා ද මෙම පියවර ආධාර වනු ඇතැයි බලාපොරොත්තු විය. සමාගම එම යෝජනාව බාර ගෙන නව බියර් වර්ගය නිපදවීමට තීරණය කළේය. මෙකී අසම්මත වර්ගය හොඳ රසයකින් යුක්ත බව Times of San Diego  පුවත්පත වාර්තා කළේය. කැලිෆෝනියා නගරාධිපතිවරයා එය විස්තර කළේ ‘විශිෂ්ට’ බියරයක් ලෙසය. නව බියර් වර්ගය නිපදවීමට ගත් පවිත‍්‍ර කළ, ප‍්‍රතිචකී‍්‍රකෘත ජලය ඇත්ත වශයෙන්ම, බෲවරියේ  සාමාන්‍ය ජල සැපයුමෙහි ජලයට වඩා පිරිසිදු යයි එහි ප‍්‍රධාන  විධායක නිලධාරි පැට්ස් ටියර්නන් පැවසීය. “මෙම ජල මූලය හේතුවෙන් ස්වාභාවික ජල මූලයන්ගෙන් ලැබෙන ජලය අඩුවෙන් යොදා ගැනීමට අපිට අවස්ථාව සැලසෙනවා එපමණක් නොව එය අඛණ්ඩව  විශ්වාසය තැබිය හැකි ජල මූලාශ‍්‍රයක්. අපටත් එය ප‍්‍රතිචකි‍්‍රකරණය කරන්න පුළුවනි. අපේ පිළිවෙතටත් එය  ගැළපෙනවා” යනුවෙන් ඔහු කියා සිටියි.

Full Circle Pale Ale බියර් වර්ගය විශේෂ කාරණාවක් නිසා එකවරක් පමණක් නිපදවන බියර් වර්ගයක් බව සැබවි. එහෙත් Stone Brewing සමාගමේ ප්‍රයත්න,  අපගත ජලය යොදා බියර් නිපදවීමට  පමණක් සීමා නොවේ. සමාගම තිරසාර සංවර්ධනය හා පරිසර සංරක්ෂණය වෙනුවෙන් සපයන දායකත්වය බෲවරියේ  මූලස්ථානයෙහි ජල ප‍්‍රතිචකි‍්‍රකරණ පද්ධතියක්  ඇති අතර මූලස්ථාන ගොඩනැගිල්ලෙහි විදුලිය අවශ්‍යතාවයෙන් 20%ක් සඳහා යොදා ගන්නේ සූර්ය බලශක්තියෙනි.

ස්වාභාවික ආපදාවන්ට මුහුණදී ඉන් ගොඩ ඒමේ සාමූහික ප‍්‍රයත්නයක් මෙන්ම තිරසාර සංවර්ධනය උදෙසා පෞද්ගලික අංශයත් නිර්මාණශීලීව කි‍්‍රයාකාරී දායකත්වයක් සැපයීම පිළිබිඹුවන අවස්ථාවක් ලෙස මෙය සැලකිය නොහැකිද?

Live Science හි පල වූ Toilet to Tap: Brewery Creates Beer from Recycled Wastewater යන ලිපිය ඇසුරෙනි

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: