සුනඛයෝ තමන්ගේම වලිගය අල්ලාගන්න කරකැවෙන්නේ අයි?

Posted by

බල්ලෝ හිටි අඩියේම වගේ තමන්ගේ වලිගය කටින් අල්ල ගන්න අසාර්ථක උත්සාහයක යෙදෙමින් රවුමේ, රවුමේ කැරකෙනු නොදැකපු කෙනෙක් අප අතරේ නැති තරම්. ඔවුන් මෙහෙම කරන්නේ මෝඩකමට ද?

තමුන්ගේ වලිගය හඹා යාම හෙවත් වේගී කැරකිල්ල(whirling)  යනුවෙන් ද දැක්වෙන මේ බමනය විවිධ විලෝපීය විශේෂ අතර බොහෝ විට දැකිය හැකි ස්වභාවික චර්යාවකි. ඇතැම් විශේෂඥයන් විශ්වාස කරන්නේ හුදෙක් මේ පුරුද්ද කුඩා වයසේ විලොපියන් නිදහසේ ගත කරනවිට විනෝදයට කරන ක්‍රියාවක් පමණක් යනුවෙනි. වෙනත් සතෙකු තමන්ව අහරට ගනිවී යයි ගොදුරු සතුන්ට(prey animals) නිරතුරුව ඇති බිය විලොපිය සතුන්ට(predators) නොමැති නිසා සෙල්ලමින් ගත කිරීමට කාලය ඔවුනට ඇත.

වලිගය හඹා යාම වැඩියෙන් සිදු කරන්නේ බැලු පැටව් බව  අප බොහෝ විට දැක ඇත්තක්. කෙළි දලෙන්  පසුවන කුඩා අවධියේ මෙය සම්පුර්ණයෙන්ම ස්වභාවික ක්‍රියාවක්. බැලු පැටවූ වලිගය පසු පස හඹා යන්නේ එය තමන්ගේ සිරුරට අයත් නැතයි කල්පනා කරන්නක් වාගෙයි! මෙය සිදුවන්නේ බොහෝවිට ඔවුන්ට කම්මැලි දැනෙන විටයි. ඉතින් කුඩා අවධියේ  බැලු පැටවූ වැඩිපුර ඉන්නේ කම්මැලි කමෙන්. ඒ නිසා නිතරම පාහේ බැලු පැටවූ තමනේගේ වලිගය හඹා යනවා. වලිගය අල්ලන්න කැරකෙන කොට එක සැරයක් හරි කටට එය අහුවුනොත් කුමක් වේ දැයි අපට සිතෙන අවස්ථා තියනවා නේද? තමන්ගේම කටට තමන්ගේම වලිගය හැපුනොත් වලිගයත් තමන්ගේම ශරීරයේ කොටසක් බව බැලු පැටවූ වටහා ගනීවි!

වලිගය හඹා යාමේ මේ ‘බලු සිරිත’ බලා සිටින අපටත් විනෝදයක්. අප සිනාසෙමින් ඒ ගැන අවධානය යොමු කරන්නේ ඒ නිසාවෙන්. ඉතින් බැලු පැටියාට ඊ ළඟ සැරේ තමන් කෙරෙහි  අවධානය ලබාගන්න ඕන වුනහම  අප ඉදිරියේ වලිගය හඹායමින් කැරකෙන්න පටන්ගන්න පුළුවනි.

හැබැයි ඉතින් වලිගය කියන්නේ තමන්ගේම සිරුරේ කොටසක්ය යන පාඩම ඉගෙන ගෙන හරි නැතුව හරි වයසින් වැඩෙත්ම මේ පුරුද්ද ක්‍රමයෙන් මග හැරී යන බව පෙනී යයි. ඉතින් වැඩිහිටි සුනඛයෙක් තම වලිගය අල්ලා ගැනීමට කරකැවෙනවා නම් ඉන් අපට ලැබෙන පණිවුඩය තමයි සතාව පශු වෛද්‍යවරයා ළඟට රැගෙන යායුතු කාලය පැමිණ ඇති බව. මන්ද වැඩිහිටි සුනඛයෙක් එසේ කරන්නේ මැක්කන්ගේ උවදුරප් නිසා වෙන්න පුළුවනි.

එපමණක් නොවෙයි, වැඩිහිටි බල්ලන්ගේ මේ ක්‍රියාව චර්යාමය ගැටළුවක්(behavioral problem) වන්නත් පුළුවනි. මිනිස් අපට මෙන් සුනඛයන්ටත්  මැඩපවත්වා ගත නොහැකි රෝගාබාධ ඇතිවේ. එවිට ඔවුනට පැහැදිලි හේතුවක් නොමැතිවම තමන්වම හපාගැනීමට හෝ ලෙවිමට අවශ්‍යවේ.

මීටත් අමතරව අපට පැහැදිලිව නොපෙනන හේතු නිසාත් මේ දේ  සිදුවිය හැකියි. උවමනාවට වැඩි කාලයක් තිස්සේ ගේ අස්සෙම රිංගා ගෙන  සිටිය ඇතිවෙලා වන්න පුළුවනි. අනික, ඇතැම් සුනඛ වර්ග අතරේ මේ පුරුද්ද සෙස්සන්ට වඩා ඇති බවත් සොයාගෙන තිබේ.

කොහොමවුණත් වැඩිහිට සුනඛයන් තම වලිගය හඹා යන්නේ නම් සතාව පශු වෛද්‍යවරයෙකු වෙත ගෙන යාම සුදුසුයි. එය ඖෂධ ලබා දී සුවකල යුත්තක් ද සුවකල  හැක්කක් ද නැතිනම් වෙනත් ක්‍රියා මාර්ගයක් ගත යුතු ද යන්න වෛද්‍යවරයා තීරණය කරාවි.

WONDEROPOLIS හි පළවූ Why Do Dogs Chase Their Tails? යන ලිපිය ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.