සැමට විදු නැන නුවණ – Science Literacy for All

උත්තර හා දක්ෂිණ ධ‍්‍රැව අයිස් වර්තාගත අඩුවීමක්

පෘථිවියෙහි ධ‍්‍රැව ප‍්‍රදේශවල මුහුදු අයිස් ක‍්‍රමයෙන් අඩුවීගෙන යන අතර මේ වසරේ මාර්තු මාසයේ දී වාර්තාගත අඩුවක් දැක්වී යයි විද්‍යාඥයෝ වාර්තා කරති.

2017 මාර්තු 7 දා ආක්ටික් අයිස්වල ශීත ඍතු උපරිම ප‍්‍රමාණයයෙහි වාර්තාගත අඩුවක් දක්නට ලැබිණ. මේ වාර්තාවන්ට වග කිව යුත්තේ ගෝලීය උණුසුම්වීම ද යන්න නිශ්චිතව දැන ගන්නට නැතත් ආක්ටික් ප‍්‍රදේශවල උෂ්ණත්වයන් ඉහළ යාම මිනිස් කි‍්‍රයාකාරකම් හේතුවෙන් ඇතිවූ දේශගුණික විපර්යාසයන්ගේ ප‍්‍රතිඵලයක් ලෙස බොහෝ විද්‍යාඥයන් පිළිගන්නා බව ජාතික හිම සහ අයිස් දත්ත කේන්ද්‍රය(National Snow and Ice Data Center NSIDC) සඳහන් කරයි. පසුගිය වසර 30 ඇතුළත පෘථිවියේ උත්තර වැස්ම ග‍්‍රහ ලෝකයේ වෙනත් කිසිම කලාපයකට වඩා උණුසුම් වූ බව මෙම කේන්ද්‍රයේ(NSIDC) විද්‍යාඥයෝ පවසති.

ධ‍්‍රැව අයිස්වල යම් වෙනසක් ඇතිවීම ස්වාභාවිකය. සෑම වසරකම ධ‍්‍රැව දෙකෙහිම මුහුදු අයිස් සිසිර කාලයේදී එහි උපරිමය දක්වා වර්ධනයවීමේ සහ උණුසුම් කාලවල හැකිළීමේ වාරික චක‍්‍රයකට හසුවෙයි. උත්තර හා දක්ෂිණ ධ‍්‍රැව ගතහොත්, ශීත ඍතුව හා ගිම්හාන ඍතුවවල එකිනෙකට  කණ පිට පෙරළෙයි. මෙහි තේරුම වන්නේ ආක්ටික් මුහුදු අයිස් සැප්තැම්බරයේදී වසරේ අවම ප‍්‍රමාණයට පැමිණෙන අතර ඒ කාලයේදීම වාගේ ඇන්ටාක්ටකාවේ අයිස් වළල්ල වසරේ උපරිම ප‍්‍රමාණය දක්වා ප‍්‍රසාරණය වේ. (මෙයම කණපිට පෙරළී පෙබරවාරියේ හෝ මාර්තු මාසවල දී ආක්ටික් ප‍්‍රදේශයේ මුහුදු අයිස් ආවරණය උපරිමයකට පත්වන අතර ඇන්ටාක්ටිකාවේ අවම ප‍්‍රමාණයකට පත්වෙයි.)

මේ වසරේ දී පිළිවෙළින් ආක්ටික් හා ඇන්ටාක්ටික්හි මුහුදු අයිස් වැස්ම උපරිමය හා අවමය මෙතෙක් දැක ඇති අඩුම මට්ටමකට පත්වීමෙන් වාර්තා බිඳ හෙළිණ.

වසරේ උපරිම අයිස් වපසරිය ආක්ටික් හි දැකගත හැකිවූයේ මාර්තු 07 දාය. එය වර්ග සැතපුම් මිලියන 5.6 ක්(වර්ග කිලෝමීටර මිලියන 14.4 ක්) වශයෙනි. මෙය, මීට වසර 38කට පෙර චන්ද්‍රිකා මගින් පෘථිවියේ අයිස් ආවරණය වාර්තා කිරීම ආරම්භ කළාට පසුව දැක ගත හැකිවූ අඩුම මට්ටම යයි නාසා ආයතනය සහ NSIDC කේන්ද්‍රය පෙන්වා දෙයි. මෙයට කලින් අවම ප‍්‍රමාණය වාර්තා වූයේ 2015  වසරේදීය. මෙවර එනම් මාර්තු 7 දා  වාර්තා වූ ප‍්‍රමාණය 2015ට වඩා වර්ග සැතැපුම් 37,000 ක් (වර්ග කිලෝමීටර 97,000ක්) අඩුය. පර්යේෂකයන් පෙන්වා දෙන අන්දමට සාමාන්‍යයට වඩා උණුසුම් උෂ්ණත්වයක් සහ කුණාටු වැනි අනෙකුත් සාධක ශීත ඍතුවේ අයිස් වර්ධනය වීම මන්දගාමී කළේය.

මෙලෙස  මෙවර වාර්තා ගත අඩුව, එක්තරා  ප‍්‍රවණතාවයක කොටසකි. 1979 සිට සෑම දශකයකදීම ආක්ටික් කලාපයෙහි උපරිම අයිස් වපසරිය සාමාන්‍ය වශයෙන් ගතහොත් 2.8%කින් පහළ වැටි ඇතැයි නාසා ආයතනය පවසයි. අවම වපසරියෙහි පහළ වැටිම ඊටත් වැඩිය. එනම් 1979 සිට සෑම දශයකදීම 13.5%ක් ලෙසිනි. මේ අයිස් අඩුවීම පැතිර ඇති සරිය හෙවත් ප්‍රදේශය වශයෙන් පමණක් නොව ඝනකම වශයෙන්ද සිදුවන නිසා මේ අයිස් බිඳ වැටීමේ අවදානම,  මුහුදු මගින් මෙන්ම සුළඟින් හා වඩාත් උණුසුම් උෂ්නත්ව මගින්ද වැඩිකර ඇතැයි නාසා ආයතනය පෙන්වා දෙයි.

මේ අතර, දක්ෂිණ අර්ධගෝලයේ ගිම්හානයෙහි නිමාව සලකුණු වීමට දළ වශයෙන් අනුරූපී වන මාර්තු  3 දා ඇන්ටාක්ටිකාව වටකරගත් මුහුදු අයිස් වපසරිය,   චන්ද්‍රිකා මගින් මෙතෙක් වාර්තා කරනු ලැබූ අඩුම වපසරිය දක්වා අනුක‍්‍රමයෙන් පසු බෑ බව නාසා ප‍්‍රකාශනයෙහි සඳහන් වෙයි. අයිස් වපසරිය අඩුම ප‍්‍රමාණය මෙයට කලින් වාර්තා වූයේ 1997 දීය. මෙවර ඊට  වඩා වර්ග සැතපුම් 71,000ක් (වර්ග කිලෝමීටර 184,000ක්) අඩුවිය. මේ වාර්තාගත අඩුව ඇතැම් විද්‍යාඥයන්ට  ප‍්‍රහේලිකාවක් විය. ඊට හේතුව එය දැක ගත හැකි වූයේ මුහුදු අයිස් වපසරියේ මාසික වාර්තා ඉහළ මට්ටම් පෙළක්ම වාර්තාවීමෙන් පසුව වීමයි.

“ආක්ටික් සහ ඇන්ටාක්ටික් දෙකෙහිම මුහුදු අයිස් වපසරියෙහි වසරෙන් වසර ඇතිවන විචල්‍යතා බොහොමයි. ඒත් සමස්තයක් වශයෙන් ගත්තහම ඇන්ටාක්ටිකාවේ ප‍්‍රවණතාව සෑම තනි මාසයකදී අයිස් වැඩිවීම කෙරෙහිය” යයි ක්ලෙයාර් පාකින්සන් පවසයි. මේරිලන්ඞ් ගී‍්‍රන් බෙල්ට් හි නාසා ගොඩාඩ් අභ්‍යවකාශ ගමන් මධ්‍යස්ථානය හි ජ්‍යෙෂ්ඨ මුහුදු අයිස් පර්යේෂිකාවක වන ඇය නාසා ප‍්‍රකාශනයක සඳහන් කරන්නේ “පසුගිය වසරේ ඇන්ටාක්ටිකාවේ ප‍්‍රධාන මුහුදු අයිස් අඩුවීම් පුදුම එළවන සුළු අන්දමකට වෙනස්. ඇන්ටාක්ටික් මුහුදු අයිස් වපසරිය ඇත්තටම වාර්තාගත අවමයක් කරා පැමිණෙන බව සිතීම පැහැදිලිවම  උනන්දුව යොමු විය යුත්තක්.”

වාර්තාගත නව අවමය ගෝලීය උණුසුම නිසා ඇතිවූවක් වශයෙන් සෘජුවම වගකීම පැවරිය හැකිදැයි යන්න ගැන විද්‍යාඥයෝ ස්ථිරවම නොදනිති. “අවසානයේ ඔන්න ගෝලීය උණුසුම්වීම ඇන්ටාක්ටිකාවත්  ගිලගන්න පටන් අරගෙන යයි කීමට අප පොළඹවන සුළු වන්නට පුළුවන්. එහෙම වුණත් ප‍්‍රවණතාවයේ සැලකිය යුතු වෙනසක් ඇති බව කියන්න නම් අපට තවත් වසර ගණනාවක දත්ත අවශ්‍ය වේවි.” යයි ගොඩාඞ් අභ්‍යාවකාශ ගමන් මධ්‍යස්ථානයෙහි මුහුදු අයිස් විද්‍යාඥයෙකු වන වෝල්ට් මෙයියර් පවසයි.

Live Science හි පළවූ Record-Low Ice Confirmed at North and South Poles ලිපිය ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

w

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: