විදු නැන නුවණ – Science Literacy for All

සංකල්ප සාර සංග්‍රහය 23: මානවවාදය හෙවත් මානවියවාදය (Humanism)

මහා සංකල්ප ගැන සරලව හා කෙටියෙන් දැක්වෙන තතු ලිපි පෙළහී තවත් ලිපියක්

අපගේ අවධානය යොමු කරන කාරනා මධ්‍යයෙහි  මනුෂ්‍යයන් තබන බුද්ධිමය ආකල්පය මානවවාදය ලෙස පුළුල් ලෙස අර්ථ නිරුපනය කළ හැකියි. සොක්‍රටිස්ට පළමුව සිටි ග්‍රීක දාර්ශනිකයෝ මුලික වශයෙන් අවධානය යොමුකළේ  විශ්වයේ ස්වභාවය ගැනයි. එහෙත්,දේශපාලනය සහ චර්යා ධර්ම  ගැන ඔවුන්ගේ සැලකිල්ල මත සොක්‍රටීස්, ප්ලටෝ සහ ඇරිස්ටෝටල් කරලිය මධ්‍යයෙහි සිටවුයේ මනුෂ්‍යන්ය.

මාධ්‍ය කාලින යුරෝපයේ බුද්ධිමය ව්‍යායාමයන් වැඩිකොටම සැලකිල්ල යොමු කළේ  දෙවියන් සහ දේව ධර්මය කෙරෙහියි. එහෙත්, ප්‍රධාන වශයෙන්  ඓහික(secular)  හෙවත් ලෞකික ප්‍රවේශයක් ගත්  පුරාණ ග්‍රීකයන්ගේ  හා රෝමවරුන්ගේ ලේඛන ගැන උනන්දුව (14-16 වන සියවස්වලදී යුරෝපයේ කලා ශිල්ප ආදියෙහි පුනරුදයක් ඇතිවූ) පුනුරුද කාලයේ (Renaissance) යලි හිස ඔසවන්නට වුනා. දෙවියන්ගේ පැවැත්ම හෝ අධිපතිත්වය ප්‍රශ්න කෙරුනේ කලාතුරකින් වුව ද කලාව, සාහිත්‍යය සහ ප‍්‍රාඥත්වය යන සියල්ලෙහි අවධානය  වඩාත් තිරසාරව  මනුෂ්‍යයන් කෙරෙහි යොමුවූ බව පෙනුනා.

දහසය වැනි සිය වසේ විද්‍යාත්මක විප්ලවයේ ආරම්භයත්  සමගම මනුෂ්‍ය විචාරය තුලින් විශ්වයේ ක්‍රියාකාරිත්වය අවබෝධ කරගත  හැකිය යන්න ජනතාවට ඒත්තු යන්න පටන්ගත්තා. අද වනවිට, “මානවවාදය”  යන්නෙන් බොහෝවිට හඟවනු ලබන්නේ අදේවවාදයයි. නො එසේනම්  අඩුම තරමින් ප්‍රබල  ඓහික ආකල්පයක්.

 

Big ideas in brief (Quercus, 2013) නම් ග්‍රන්ථයේ Humanism කොටස ඇසුරෙනි

 

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: