විදු නැන නුවණ – Science Literacy for All

තනිකම, හුදකලාවීම හෙම්බිරිස්සාව උග‍්‍ර කිරීමට හේතුවෙයි

අපට සෙම්ප‍්‍රතිෂ්‍යාවක්  වැළඳුනොත් අප බොහෝ විට කල්පනා කරන්නේ සෙනග සිටින තැන්වල ගැවසීම එය වැළඳීමට හේතු වී යයි යනුවෙනි. එහෙත් තනිවීම, පාළුව  රෝග ලක්ෂණ තවත් නරක අතට හැරවීමට හේතුවේ යැයි නව අධ්‍යයනයකින් හෙළවෙයි. කිසිවෙකුට සෙම්ප‍්‍රතිෂ්‍යාව සෑදී තිබෙන විට තනිකම දැනීමෙන් පුද්ගලිකව වඩාත් දුක්ඛිත තත්ත්වයට පත්වෙන බව පර්යේෂකයෝ සොයා ගනිති. තවද මිතුරන් සිටියේවී නමුත් එසේ සිටින  ගණන නොතකා පුද්ගලයන්ට තනිකම දැනෙන්නට පුළුවන් බවද පර්යේෂකයන්ට පෙනී ගියේය.

පුද්ගලයෙකුගේ සෞඛ්‍යය කෙරෙහි සමාජ සම්බන්ධතා ප‍්‍රධාන කාර්ය භාරයක් ඉටු කල හැකි බව මීට පෙර සිදු කරන ලද පර්යේෂණවලින් ද පෙනී ගොස් ඇතැයි ජෝන් කැසියෝපෝ පවසයි. චිකාගෝ සරසවියේ මනෝවිද්‍යා මහාචාර්යවරයෙකු වන ඔහු  “Loneliness: Human Nature and the Need for Social Connection” (W. W. Norton & Company, 2008)නම් ග‍්‍රන්ථයේ කතුවරයා ද වෙයි. ‘දුර්වල මානසික හා කායික සෞඛ්‍ය කෙරෙහි බලපාන ප‍්‍රධානතම  අවදානම් සාධකයක් ලෙස තනිකම හඳුන්වන්න පුළුවනි.’  කැසියෝපෝ කියයි. හෙතෙම මේ නව අධ්‍යයනයට සම්බන්ධ නොවුවකි. ‘ජනගහනයෙන් 5% සිට 10% දක්වා පිරිසක් නිතර හෝ හැම තිස්සේම තනිකමෙන් පෙළෙනවා. තවත් 20% සිට 30% අතිරේකව අඩුම තරමින් ඉදහිට හෝ තනිකමින් පසුවෙනවා’ හෙතෙම පෙන්වා දෙයි.

මේ අධ්‍යයනය සඳහා සහභාගිවූ සෞඛය සම්පන්න පුද්ගලයන්  213 දෙනෙකු ගැන පර්යේෂකයෝ සොයා බැලූහ. සහභාගිවන්නන්ට කෙතරම් තනිකමක් දැනුනේද ඔවුන්ගේ  සමාජ ජාල, ඒ කියන්නේ ඔවුන් නිතර ඇසුරු කරන පිරිස කොපමණද යන්න ආදිය ගැන දත්ත එක් රැස් කෙරිණ. මෙකී සමාජ ජාලවල විවිධත්වය ඒ කියන්නේ ඇසුරු කරන්නාගේ  හා සහභාගිවන්නා අතර සම්බන්ධතා ස්වභාවයන් නිදසුනක් දක්වතොත් ඔවුන් මතුරන්, කාලත‍්‍රයා, එකට වැඩ කරන්නන් අතර වූ විවිධ  සම්බන්ධතාවන් ගැනද සොයා බැලූහ. අනතුරුව ඔවුන්ව  සෙම්ප‍්‍රතිෂ්‍යා වෛරසයකට නිරාවරණය කරන ලද අතර දින පහක් හෝටලයක රඳවා තබන ලදහ. ඔවුන් අතරේ එකම සමාජ සබඳතාව වුණේ කොරිඩෝවේ දී යාන්තමට එකිනෙකා මුන ගැසීම පමණකි.

සහභාගි වන්නන් අතුරෙන් 159 දෙනෙකුට සෙම්පතිෂ්‍යාව වැළඳින. මේ පිරිසෙන් 60%ක් පමණ පිරිමිය. තවද අවුරුදු 30ක සාමාන්‍යයන  වයසක් සහිතව අවුරුදු 18 සිට 55 දක්වා අය ඊට අයත් වූහ. හෝටලේ ගත කළ දින පහේ කාල පරාසයේ දී සෙම්ප‍්‍රතිෂ්‍යා රෝගයට අදාළ  ලක්ෂණ අටක තීව‍්‍රතාව ඇගයිමට ලක් කිරීමට  ඔවුනට සිදුවූයේ   සෑම දිනකම ඊට පෙර පැය 24 තුළ ඔවුනට දැනුනු ආකාරය වාර්තා කරමිණි.. පර්යේෂකයන් (වයස, ලිංගිකත්වය, ශරීර ස්කන්ධ සුචිය[BMI], සහභාගිවන ඍතුව ආදී) විචල්‍යයන් ගණනාවක් ගැන පරික්ෂා කරන ලද අතර ඔවුනට පෙනී ගිය කාරණයක් වූයේ වඩාත් දරුණු සෙම්ප‍්‍රතිෂ්‍යා රෝග ලක්ෂණ වාර්තා කිරීම සහ තනිකම දැනීම අතර ඉහළ මට්ටමක  සම්බන්ධ කමක් ඇති බවයි.

 

තනිකම පිළිබඳ හැඟීම කෙනෙකු රෝගී තත්ත්වයට පත්කිරීම කෙරෙහි බලපෑමක් නොවූ  බව පෙනීයාම මෙහිදී වැදගත් වන්නේයයි  පර්යේෂකයෝ කියති. පාළුවක් තනිකමක් නොදැනෙන බව ප‍්‍රකාශ කළ අයට වුවත් එවැනි තත්ත්වයන් ඇති අයට වගේම සෙම්ප‍්‍රතිෂ්‍යාව වැලදීමේ හැකියාව ඇත. එමෙන්ම, සහභාගිවූවෙකුගේ සමාජ ජාලයෙහි සිටින පුද්ගල සංඛ්‍යාව ද ඔහු හෝ ඇය රෝගලක්ෂණ අත්විඳීම කෙරෙහි සැලකිය යුතු බලපෑමක් නොමැති බවද පෙනී ගොස් ඇත. එපමණක් ද නොව (කලින් ද සඳහන් කළ) සමාජ ජාලාවේ විවිධත්වය ද තමන්ගේ රෝගී තත්ත්වය කෙරෙහි ඉමහත් බලපෑමක් නොවී යයි පර්යේෂකයෝ කියති. මීට පටහැනිව කලින් සිදු කෙරුණු පර්යේෂණවලින් කියැවුණේ  වඩාත් විවිධත්වයකින් යුතු සමාජ ජාල මගින්  රෝගයට එරෙහිව වඩාත් ප‍්‍රතිරෝධයක් ඇති කරනු ලබන බවයි.

පාළුව, තනිකම සහ රෝගයෙන් තැවීම අතර හේතුඵල සම්බන්ධතාවක් ඇතැයි අධ්‍යයනයෙන් ඔප්පු නොවීය. හැබැයි සෞඛ්‍ය ගැටලූවල දී සිතට දැනෙන සහ ඇත්තටම තිබෙන හුදකලාවීම බලපෑමක් ඇතිකරන සාධක බව කලින් සිදුකෙරුණු අධ්‍යයනවලදී හෙළි වී තිබේ. Perspectives on Psychological Science  සඟරාවේ 2015 දී පළවූ විග‍්‍රහයකින් කියැවුණේ පාළුව තනිකම ආදාළ අධ්‍යයන කාලසීමාව තුළ පුද්ගලයෙකු මිය යාමට ඇති හැකියාව සමග  26%ක සම්බන්ධතාවක් දක්වන බවයි. එමෙන්ම සමාජිය හුදකලාවීම මේ හැකියාව 29% න් ඉහළ දමන බවයි. නව අධ්‍යයනය සිදු කළ පර්යේෂකයන් කියා සිටින්නේ හුදකලාවීම පිළිබඳව පුද්ගලයන්ගේ සංජානනය,  වාස්තවික සමාජ හුදකලාවීමට වඩා බලගතු විය හැකි බයි. ‘මෙම සංජානනය වාස්තවික හුදකලාවීම නිසා සිදුවනවාට වඩා විවිධ යාන්ත‍්‍රණ මගින් සෞඛ්‍ය කෙරෙහි බලපාන්න පුළුවනි’ යයි මහාචර්ය කැසියෝපෝ කියයි. නව අධ්‍යයනය පාළුව හා සෞඛ්‍ය සම්බන්ධ වර්තමාන සිද්ධාන්ත සමග  ගැළපෙන බවද ඔහු කියා සිටියි.

මිනිසුන්ගේ පාළුව, තනිකම මට්ටම් ගැන වඩාත් දීර්ග කාලයක් තිස්සේ සොයා බලමින් සහ වයස් ගත  ජනතාවක් කෙරෙහි වැඩි අවධානය යොමු කරමින්  තව දුරටත් අධ්‍යයන සිදු කළ යුතු බව පර්යේෂකයෝ ප‍්‍රකාශ කර සිටිති. මෙම ජනකොටස් අසනීප තත්ත්ව  මෙන්ම පාළුව ද උග‍්‍රව අත්විඉඳීමට වැඩි ඉඩකඩක් ඇති පිරිසක්  බව ඔවුන්ගේ අදහසයි.

 

Live Science  හි පළවූ Coughing, Sneezing … Loneliness: Isolation Can Make Colds Worse ලිපිය ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: