විදු නැන නුවණ – Science Literacy for All

අහස සූරන මැදුරකින් වැටෙන කාසියක් වැදී කෙනෙකු මියයාවිද?

නූතන පුරවරයක බහු මහල් යායන් අතරේ සරන්නෙකුට කලාතුරකින් හෝ මෙවැනි  බියක් ඇති විය හැකියි. අහස සූරන මැදුරකින්(Skyscraper) කාසියක් වැටුණොත් එය හිසේ වැදී මරණයට පත්වේද? යන්න එම බියයි. අපේ ප‍්‍රශ්නය වන්නේත් ඇත්තටම එහෙම මිය යන්නට පුළුවනිද යන්නයි.

විද්‍යාඥයෙකුගෙන් එම ප‍්‍රශ්නය ඇසුවොත් දෙන පිළිතුර තමයි ඔය සම්බන්ධයෙන් නම් බියක් අතිකරගත යුතු නැත යන්න. මුලින්ම කිව යුත්තේ කාසියක් මාරක අවියක් ලෙස පරිවර්තනය කිරීමත් ලෙහෙසි කාර්යයක් නොවන බවයි. අනික ඉතා උස ගොඩනැගිල්ලකින් කුඩා කාසියක් බිමට පතිතවීමට පෙර හමුවන බාධක ද අපමණයි. මාරක අවියක් වීමට තරම් කාසියක් කුඩා වැඩියි පැතැලි වැඩියි. එමෙන්ම අතරතුර වාතය හමුවීම වැඩි නිසා හානි අඩු කිරීමක්ද සිදුවේ.

“කාසියක් නුබ සූරන මැදුරක මුදුනේ සිට බිමට වැටෙන්නේ ගසක කොලයක් මෙන් තටු සලමිනි. ඉතින් එවැන්නක් ඔබේ නළලේ වැදුනත් දැනෙන්නේ ගෑවී බිමට වැටුනාක් මෙනි. එයත් දැනෙන්නේ යන්තමට තමයි” යනුවෙන් වර්ජිනියා විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යාඥ ලූවී බ්ලූම්ෆීල්ඞ් කියා සිටියි. බ්ලූම්ෆීල්ඞ්ට මේ ගැන හොඳ දැනුමක් තිබිය යුතුය. ඒ මන්ද බ්ලූම්ෆීල්ඞ්,  අහස  සූරන මන්දිරවල සිට කාසි බිමට පතිතවීම පරීක්ෂා කිරීම සඳහා වා නළ මං සහ හීලියම් පිරවූ බැලූන් යොදා ගනිමින් පර්යේෂණ පැවැත්වූ අයෙකුවීම නිසයි. අත්හදා බැලීමට යොදා ගත් කාසියක් ඔහුගේ ‘මුහුණේ ගැවී බිමට වැටෙනු ’ ඔහුට මතකය.

බිමට පතිත වන කාසියක් ගුරුත්වයේ බලයට අවනතව එය වැටෙන මුළු කාලය තුළම ත්වරණය() වෙතැයිද, එමෙන්ම  කාසිය බිමට ළඟාවන විට අන්තරයාකරලෙස වේගවත් වෙතැයිද,  මිනිස්සු වැරදියට සිතති.  මෙය සිදුවිය හැක්කේ කාසිය බිමට පතිත වන ස්ථානය සම්පූර්ණයෙන්ම සුළං ඉවත් කර ඇත්නම් පමණකි. ඒ කියනනේ රික්තයක් බවට පත්කිරිමෙනුයි. එහෙත් සුළං එලෙස ඉවත්කිරීමක් සිදු නොවන විට සුළං අණු සමග ගැටීම නිසා කාසිය බිමට පතිතවීම මන්දගාමී වේ. ‘මන්දන බලය හෙවත් රෝධ බලය’(drag force) ලෙස හඳුන්වනු ලබන සුළං ප‍්‍රතිරෝධය, කාසිය පහළට චලනය වීමට ප‍්‍රතිරෝධය දක්වන්නේ ගුරුත්වයේ බලයට විරුද්ධව කි‍්‍රයාකරමිනි.

කාසිය පහළට වැටෙන වේගය වැඩිවන්නට වන්නට එය මුහුණපාන සුළං ප‍්‍රතිරෝධයත් වැඩිවේ. ඉතිං කිසියම් (උපරිම) ප‍්‍රවේගයක දී  රෝධ බලය සමානවනවා  මෙන්ම  පහළ යන ගුරුත්ව බලයට විරුද්ධවේ. මෙලෙස බල දෙකම තුලනය වූ විට කාසිය තවදුරටත් ත්වරණය නොවේ. ඒ වෙනුවට එය නියත වේගයකින්(constant speed) පොළව දක්වාම පතිතවේ. මෙය හඳුන්වනු ලබන්නේ අග‍්‍ර ප‍්‍රවේගය(terminal velocity) ලෙසිනි.

කාසිය පැතලිය. එහෙයින් බොහෝ සේ සුළං ප‍්‍රතිරෝධයට බඳුන් වේ. එසේම ඒවා සැහැල්ලූය. එම නිසාවෙන් ඒවායේ බරට ප‍්‍රතිවිරුද්ධව කි‍්‍රයාකිරීමට විශාල රෝධ බලයක් අවශ්‍යවන්නේ නැත. එනයින් අහස පීරන  මන්දියකින් බිමට පතිතවනවිට අඩි 50ක්(මීටර 15) පමණ ගතවෙද්දීම   අග‍්‍ර ප‍්‍රවේගය ළංකර ගැනීමට සමත් වේ. ඊට පසුව ඒවා පාවෙමින් බිමට පතිතවන්නේ පැයට සැතපුම් 25 ක තරම් සුළු වේගයකිනි යයි බ්ලූම්ෆීල්ඩ් පෙන්වා දෙයි. සුළං නොතිබුණේ නම් බිමට වැටෙන කාසිය පැයට සැතපුම් 208 වේගයක්  දක්වා ත්වරණය වේ. බිමට (හෝ හිස මතට) එවන් වේගයකින් කාසිය පතිත වෙද්දී ඔබේ හිස් කබලට හානියක් වෙන්නට පුළුවන් වුවත් හිස නිල්කරගෙන ඇතුළට බසින්නේ නැත. “කාසියක් කියන්නේ පොඩි දෙයක් විතරයි. එය එතරම් සංගතදෙයක් නොවෙයි. ඒ නිසා හිස හිල් කරන්න අපහසුයි” බ්ලූම් ෆීල්ඞ් කියා සිටියි.

කොහොම වුණත්, තවත් මද වෙලාවක් ඉවසන්න. මේ කතා අසා හිසෙහි පැළඳ සිටින ආරක්‍ෂිත හිස් වැසුම  දැන්ම ගැලවීමට උත්සාහ දරන්න එපා. ඊට කලින් දැනගත යුතු කාරනා තිබේ.

කාසියක් කොහොම වුවත් පහළට වැටෙන බෝල්පොයින්ට් පෑන් වැන්නක් සැබෑ අනතුරක් ගෙන එන්න පුළුවනි. අහස සිඹින මැදුරක මුදුනේ සිට යමෙකු බෝල්පොයින්ට් පෑනක් බිම හෙලූවොත් එය කෙනෙකුට මරණය ළඟා කර දිය හැකියි. ඒවායේ  නිෂ්පාදන රටාව අනුව පදනම්ව,  එම පෑන් එක්කෝ බ‍්‍රමණය(spin) වෙයි. නැතිනම් එය පියාසලන්නාක්  (flutter) මෙන් වැටෙයි. එහෙමත් නැතිනම් හීයක් සේ පහලට විදියි (shoot down). අවසන කිව් අන්දමට සිදුවුණොත් එය පහළට වැටෙන්නේ පැය සැතපුම් 200ක වේගයකින් බව  බ්ලූම්ෆීල්ඞ් පෙන්වා දෙයි. “බෝල් පොයින්ට් පෑන පහළට වැටී යමක වදින්නේ (කුඩා ප‍්‍රදේශයකට) මහා ගම්‍යතාවකින් () යුතුවය. එය පදිකවේදිකාව  මතට වැදුනොත් ඉන් කොටසක් කැඞී යා හැකිය. ලෑල්ලකට වැටුණොත් එය හිල්විය හැකිය. එය ඔබේ හිස මතට පතිත වුවහොත්???  බාගදා ඊට පිලිතුරු දෙන්න වෙන්නේ  ඔබට නොව වෙන කෙනෙකුට වෙන්න පුළුවන්!

Scientific American හි පළවූ  Could a Penny Dropped Off a Skyscraper Actually Kill You? ලිපිය ඇසුරෙනි.

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: