විදු නැන නුවණ – Science Literacy for All

ෆොසිලගත කිනිතුල්ලෙකු පරිපූර්ණව සංරක්ෂිත රතු රුධිර සෛලයක් පෙන්නුම් කරයි

මෙයට අඩු තරමින් වසර මිලියන 20 කට වත් පෙර ඇමිබර(amber) තුළ හිරවූ ලේ පිරි කිනිතුල්ලෙකු තුළ වඳුරෙකුගේ යැයි සැක කරන රතු රුධිර සෛලයක්  මනාව සංරක්ෂණය වී තිබේ. මෙය, ඇමිබර තුළ සංරක්ෂණය වූ එකම ආදීකාලීන ක්ෂීරපායි රතු  රුධිර සෛලලයක් පිළිබඳ එකම හඳුනාගනු ලැබ ඇති නිදසුන විය හැකියි.

සමහර විට මේ සොයා ගැනීමට මුල් වන්නට ඇත්තේ වඳුරෙකුගේ නොහික්මුණු  ක‍්‍රියාවක් විය හැකියි. කිනිතුල්ලෙකු තුළ ෆොසිලගතව ඇති  රතු රුධිර සෛලල සොයා ගනු ලැබ ඇත්තේ රුධිරමය  ආහාර වේලක් බුදිමින් සිටි  මේ කිනිතුල්ලා (ලේ උරා බොමින් සිටියදීම) ඇමිබර මත හෙළන්නට ඇතැයි සිතිය හැක. ෆොසිලගත කිනිතුල්ලාගේ පිටුපස සියුම් ලක්ෂණයක් හඟවන්නේ සිය මිතුරෙකු හැඩ ගන්වමින්(grooming) සිටි වඳුරෙකු මිතුරාගේ ලේ උරා බොමින් සිටි කිනිතුල්ලා අල්ලා ඇද විසි කරන්නට ඇත යන්නය. කිනිතුල්ලාගේ පිටුපස ඉතා කුඩා සිදුරු දෙකනින් පෙන්නුම් කරන්නේ වඳුරා කිනිතුල්ලා ඇද දමද්දී කෙළින්ම ඇමිබර්වලට වැටෙන්නට  ඇතැයි සිතා ගත හැක. 

ඇම්බර් යනු වසර මිලියන ගණනක් පැරණි වෘක්ෂ ලාටු ඝණ ව ෆොසිලගතවීමෙන් සැදුනකි. ඇතැම් මුහුදු වෙරළ වලින් ඇහිඳ ගන්නා ඇම්බර ආභරණ තැනීමට යොදා ගැනේ.

ඉතා හොඳින් සංරක්ෂණය වී ඇති නිදර්ශකය සීරුවෙන් පරීක්ෂා කිරීමේ දී පර්යේෂකයන්ට කිනිතුල්ලාගේ අතුණු බහන්වල පරපෝෂිතයන් අසීමිත සංඛ්‍යාවක් සිටි බව අනාවරණය විය. ඒ හා සමාන Babesia microti වැනි පරපෝෂිතයයෝ,  නූතන කාලය ගතහොත්,  මනුෂ්‍යයන්ගේ සිට ගවයන් දක්වා ක්ෂීරපායින්ගේ රුධිර සෛල ආසාදිත කරති. ‘‘මෙකී පරපෝෂිතයන්ගෙන් ආසාදිත ෆොසිලගත රුධිර සෛලවල විස්තර පුදුමාකාර ලෙස පැහැදිලියි. මෙම සොයා ගැනීම Babesia වැනි ව්‍යාධි කාරකවල දැනට දන්නා එකම ෆොසිල සපයන්නේය ’’ යයි අධ්‍යයනයේ සම කතෘ ජෝර්ජ් පොයිනර් පවසයි. හෙතෙම ඇමිබර විශේෂඥයෙකු වන අතර ඔරිගන් විශ්ව විද්‍යාලයේ සම්මානිත මහාචාර්ය වරයෙකි.

ෆොසිලය සොයා ගනු ලැබුවේ ඩොමිනිකන් සමූහාණ්ඩුවේ කෝඩිලේරා සෙප්ටෙන්ටි‍්‍රයොනල් කඳුයායේ ආකර වලිනි. එම ප්‍රදේශයෙන්ම සොයා ගනු ලැබූ කැල්සියම් කාබනේට් තැටි වලින් ආවරණය වූ ඇල්ගී සහ ඒක සෛලික ප්ලවාංග(plankton) කාල නිර්ණය පදනම් කර ගනිමින් පර්යේෂකයන් කියා සිටින්නේ ඇමිබර මෙයට වසර මිලියන 15 සිට මිලියන 45 දක්වා වෙතැයි යනුවෙනි. අධ්‍යයනයේ වාර්තාව මාර්තු 20 වෛද්‍ය කීටවිද්‍යා (Medical Entomology) මාර්ග ගත සඟරාවෙහි පළ විය. පෙරකී කාල සීමාවේ දී මේ ප‍්‍රදේශය ඝන නිවර්තන වනාන්තරයක් වන්නට ඇත.

මීට පෙර කිසිදා නොවූ මට්ටමේ සංරක්ෂණයක් නිර්මාණය කිරීමට ඇමිබර සමත්ව තිබේ. කිනිතුල්ලාගේ  අතුණු බහන් තුළ රතු රුධිර සෛල මිදී ගල් වී තිබුණේ ජීර්ණයේ විවිධ අවධි වලිනි. ඇමිබරය, සිය  ජීවන චක‍්‍රයේ විවිධ අවස්ථාවල පසු වූ ඒක සෛලික පරපෝෂිතයන් බොහොමයක පැවැත්ම හෙළි කළේය. පරපෝෂිතයන් සහ රුධිර සෛල අතර වයනය සහ බර සම්බන්ධයෙන් ඇති වෙනස්කම් හේතු කොටගෙන ඇමිබර ස්වභාවිකව පරපෝෂිතයන් වර්ණ කෙරිණ. එහි ප‍්‍රතිඵලයක් ලෙස ළා පැහැගත් රතු රුධිර සෛල හමුවේ පරපෝෂිතයන් දිස්වන්නේ අඳුරු  පේරස් මුදු හැඩගත් ව්‍යුහයන් ලෙසය.

රතු රුධිර සෛලවල ප‍්‍රමාණය ගතහොත් බොහෝ ක්ෂීරපායින්ට තිබිය හැකි ප්‍රමාණයට  වඩා විශාල වැඩිය. මෙලෙස ප‍්‍රමාණය ගතහොත් ක්ෂීරපායින් අතුරෙන් සුනඛයන්, සාවුන් සහ ඊට සමාන සත්වයන් හෝ ප‍්‍රිමාවේස් හැර සෙසු සතුන් නොසලකා සිටීමට හැකිවිය. කෙසේ වෙතත්, ඔය කියන කාලයේ සාවුන් සහ සුනඛයන් ඒ ප‍්‍රදේශයේ ජීවත් වූයේ නැත. එහෙත්, කාල නිර්ණය අතින් එකී කාලයට අයත් ප‍්‍රිමාටෙස් ෆොසිල ගණනාවක්ම පුරාතත්ත්ව විද්‍යාඥයන්  විසින් සොයා ගනු ලැබ ඇත. එහෙයින් කිනිතුල්ලාගේ ධාරකයා ප‍්‍රිමාටේස් සත්වයෙකු වීමේ හැකියාව වැඩිය. අනික, ප‍්‍රිමාවේස් සතුන් එකිනෙකා හැඩ ගැන්වීම(grooming) ගැන නම් දරන බව දන්නා කරුණකි.

පරපෝෂිතයන්ගේ බොහෝ සෛලවලින් සෑදුණු හැඩතල හා ව්‍යුහයන් පදනම් කර ගනිමින් පොයිනර් එම පරපෝෂිතයන් ස්ථානගත කරන්නේ  Babesia හෝ Theileria ගණයට වැටෙන  පයිරෝප්ලැස්මිඩා (Piroplasmida)  ග්‍රෝත‍්‍රයට පුළුල් ලෙස අයත්වන ලෙසටයි. මනුෂ්‍යයන්ගේ සිට ගවයන් දක්වා ක්ෂීරපායින් අද Babesia මගින් ආසාදනයට පත්විය හැකියි. එසේ වූ විට සුවිශේෂී නොවන, සෙම්ප‍්‍රතිශ්‍යාවට සමාන රෝග ලක්ෂණ පහළ වෙතැයි ඇමරිකා එක්සත් ජනපදයේ රෝග පාලනය හා නිවාරණය සඳහා වූ කේන්ද්‍ර (Centers for Disease Control and Prevention) පවසයි.

‘‘ෆොසිලගතව තිබෙන ජීවී ස්වරූපයන්ට  අදත් අපට ගැටළු ගෙන එන රෝගවල පරිණාමය සහ ඉතිහාසය ගැන තොරතුරු හෙළි කරන්න ඇමිබර්වලට පුළුවන්’’ පොයිනර් පෙන්වා දෙයි. ‘‘නිදසුනක් ගතහොත් පෙර කී පරපෝෂිතයො පහළව ඇත්තේ. පැහැදිලිවම මනුෂ්‍යයන්ට වඩා වසර මිලියන ගණනාවකට කලින්. ඔවුන් ප‍්‍රිමාටේස් ඇතුළුව වෙනත් ධාරකයන් හා සමගම පරිමාණය වූ බව පෙනී යනවා.’’

Live Science හි මුලින් පළවූ Fossilized Tick Reveals Perfectly Preserved Red Blood Cells යන ලිපිය ඇසුරෙනි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: