විදු නැන නුවණ – Science Literacy for All

කාබන් ඩයොක්සයිඞ් වසර මිලියන 50කට මෙපිට ඉහළම මට්ටමට නගී

වර්තමානයේ ලොව කාබන් ඩයොක්සයිඞ් මට්ටම් මානව ඉතිහාසයේ මෙතෙක් නොවූ විරූ තරම්  ඉහළ ගොස් ඇති අතර තව දශක දෙකක් ගත වෙද්දී පසුගිය වසර මිලියන 50ක් මෙපිට නොතිබූ මට්ටමකට නගිනු ඇතැයි කියැවේ.

කාබන් විමෝචන වර්තමාන ගමන් මගෙහිම ඉහළට ගමන් කළොත් මේ සියවස මැද වන විට වායුගෝලය පසුගිය වසර මිලියන 50ක එනම් ඩයිනසෝරයන් මිහිතලය මත සැරිසැරූ යුගයේ සිට මෙතෙක් දැක නැති මට්ටමකට පැමිණෙතැයි නව අධ්‍යයනයක් පෙන්වා දෙයි. ඒ යුගය ගැන විස්තරයක් කළොත්, උෂ්ණත්වයන් ෆැරන්හයිට් අංශක 18 (සෙල්සියස් 100) ක් දැනට වඩා උණුසුම්ය. කොයිබකවත් අයිස් දැක ගත නොහැකිය. සාගර ජලය දැනට වඩා පුදුමාකාර ප‍්‍රමාණයක් ඉහළ මට්ටමක පැවතිණ.

මේ අධ්‍යයන අපි‍්‍රයෙල් 04 දා Nature Communications සඟරාවෙහි පළ විය. එහි ප‍්‍රධාන පණිවුඩය මෙයයි, එනම් මනුෂ්‍යයන්ට ඇත්තේ විකල්ප දෙකකි: එක්කෝ කාබන් දුෂණය අඩුකර ගන්නවාද  නැතහොත් මානව ශිෂ්ඨාචාරය ව්‍යාප්තවීමට ඉඩහළ සීමාවෙන් පිටතට දේශගුණය තල්ලූකිරීමේ අවදානමට මුහුණ දෙනවාද යන්නයි.

වසර සහස‍්‍රයක් තුළ ස්වාභාවික චක‍්‍ර ඔස්සේ  බොහෝ සේ  උච්චාවචනය වෙමින් වායුගෝලීය කාබන් ඩයොක්සයිඞ් මට්ටම් වෙනස් විය. එසේ වුවද, කාර්මික විප්ලවයෙන් පසුව මනුෂ්‍යයන් පුදුමාකාර අන්දමින් වැඩිවැඩියෙන් කාබන් ඩයොක්සයිඞ් වායුගෝලයට එක්කර ඇත්තේ මිලියනයකට කොටස්(parts per million = ppm) 250 සිට මිලියනයකට කොටස්(ppm) 410ට  ආසන්න වන තෙක් ඉහළ දමමිනි. මෙය උෂ්ණත්වය ෆැරන්ට්හයිට් අංශක 1.8  සිට (සෙල්සියස් අංශක 1) තරමට ඉහළ යාමට ඉවහල් විය. එපමණක් නොව එය තවත් බලපෑම්වලට තුඩු දුනි.

කාබන් ඩයකොසයිඞ්වල(CO2) ඓතිහාසික විපර්යාසයන් ගැන ක‍්‍රම ගණනාවක් උපයෝගී කරගෙන,  ඇන්ටාක්ටිකාවේ අයිස් හරයේ වාත කුක්ෂිවල(air pockets)  සිට ගැඹුරු මුහුදු පත්ලේ සිට රොන් බොර(sludge) දක්වා නිරීක්සීමට විද්‍යාඥයෝසමත්ව සිටිති.  නව පර්යේෂණය මගින් මෙකී කාබන් ඩයොක්සයිඞ් ඇස්තමේන්තු ඇස්තමේන්තු 1500ක් සම්පාදනය කරමින්, වසර මිලියන 420ක් පැතිරෙන දර්ශනයක් නිර්මාණය කර තිබේ.

අද වායුගෝලයේ දක්නට ලැබෙන කාබන් ඩයොක්සයිඞ් මට්ටම මෙයට වසර මිලියන තුනක් ඇතුළත ළං වූ ඒවා නොවන්නට ඉඩ තිබේ. එහෙත්, මිනිස් කි‍්‍රයාකාරකම් මගින් වර්තමාන අනුපාතයන් අනුව දිගටම කාබන් ඩයොක් සයිඞ් වායුගෝලයට එක්කරන්නේ නම්, (පෙර කල තිබු) සමාන යුගයක් සොයා ගැනීම විද්‍යාඥයන්ට අතීතයේ තවත් ගැඹුරටම සෙවීමට සිදු වේ. දැනට අප නිර්මාණය කරමින් සිටින ශත වර්ෂයේ මැද වායුගෝලයට  සමීපතම සාදෘශ්‍යය දළ වශයෙන් මෙයට වසර මිලියන 50කට පෙර පැවති ඉයෝසීන නම් යුගයයි. එම කාලවකවානුවේදී ඉතා අධික තාපයෙන් යුතුව තිබු  සහ  අද වියළි බවට පත්ව ඇති ගොඩබිම විශාල ප‍්‍රදේශයක් සාගරවලින් යට වී තිබූ අපේ මහ පොළොව අදට වඩා සම්පූර්ණයෙන් වෙනස් විය. නව අධ්‍යයනයේ සම කර්තෘ වෙස්ලියානු විශ්වවිද්‍යාලයේ පුරාදේශගුණ විද්‍යා පර්යේෂක ඩානා රොයර් පෙන්වා දෙන අන්දමට ඉයෝසීන යුගයේ ස්ථාවර අයිස් නොතිබූ තරම්ය. එමෙන්ම, කැනේඩියානු ආක්ටික් ප‍්‍රදේශයේ පාම් ගස් මෙන්ම කිඹුලන්ද දකින්නට හැකිවිය.

ශතවර්ෂය මැද වන විට අප පෙර කී කාබන්ඩයොක්සයිඞ් මට්ටමට පැමිණියත් ආක්ටික් ප‍්‍රදේශයේ හිටි අඩියේ කිඹුලන් ඇති නොවෙන බව හෙතෙම අවධාරණය කරයි. එහෙත් කාබන් ඩයොක්සයිඞ් වායුගෝලයේ ශතවර්ෂ ගණනාවක් රැඳී තිබෙන හෙයින් එවන් උච්ච මට්ටමකට පැමිණීමෙන් පසුව මැජික් බලයෙන් මෙන් විමෝචන බිංදුවට බැස්සුවේ වී නමුත් දේශගුණ විපර්යාසයන් මගින්  දිගටම පෘථිවි ග‍්‍රහයා යළි සකසනුලැබීම  සිදුකරනු ඇති බව ඔහු කියා සිටියි. පසුගිය වසර මිලියන 50 තුළ දක්නට නොලැබුණු මට්ටමකට 2050 ගණන්වලදී කාබන්ඩයොක්සයිඞ් මට්ටම් ඉහළ යනු ඇත. එලෙස දිගටම ඉහළ ගියොත් 2200 වසර වන විට එමගින් නිර්මාණය වන්නේ අඩුතරමින් මෙයට වසර 420කට පෙර කාලය ඇතුලත පූර්වාදර්ශයක් නොමැති දේශගුණයකි. දැනටමත් සිදුවන උණුසුම්වීම හේතුවෙන් බටහිර ඇන්ටාක්ටික් අයිස් තලාව දියවීම නොවැළැක්විය හැකි අතර ලොව පුරා වෙරළබඩ ජීවත්වන ජනතාවට තර්ජනය එල්ල කරමින් එමගින් අඩි 13කින් මුහුදු මට්ටම් ඉහළ යාමක් සිදු වනු ඇත.

‘අතීත දේශගුණ වාර්තා අපට උගන්වන යම් දෙයක් වේ නම් ඒ වත්මනෙහි අඩුවීමක් නැතුව  සිදුකරනු ලබන ෆොසිල ඉන්ධන දහනය ඉතා දරුණු එමෙන්ම දිගුකලක් පවතින ඵලවිපාක ගෙන දෙන බවය’යි හවායි විශ්වවිද්‍යාලයේ පුරා දේශගුණ පර්යේෂකයකු වන රිචඞ් ශීබ් පෙන්වා දෙයි. ඒ ඉතින් ලෝකයේ දැනටමත් දැකගත හැකි දේශගුණ විපර්යාස බලපෑම් ගැන කතා නොකරමය. තාපාධික කාල වඩා බහුල වනවා පමණක් නොව  තීව‍්‍රතාවද වැඩිවේ. සාගර නිරතුරුවම මහා නගර යට කරයි. ලැව් ගිණි වඩාත් තදින් ඇවිලෙයි. කාබන් දුෂණය කපා නොහැරියත් විපාක තවත් උග්‍ර වනු ඇත.

රොයර්ගේ අධ්‍යයනයෙහි සඳහන් අනතුරු හැඟවීම මිනිස් අප නොසලකා හරින්නේ නම් අප පෘථිවිය ඇද දමන්නේ වසර අඩ බිලියනයක දීවත් නොඇසූ තත්ත්වයකටය. විමෝචන මේ විදිහට දුර අනාගතයටත් රැගෙන ගියොත් වසර 2250 වන විට මිලියනයකට කොටස් 2000(ppm) සීමාවට පැමිණෙනු ඇත. විලයනය හරහා හීලියිම් බවට හයිඩ්‍රොජන් පරිවර්තනය වෙද්දී,  සූර්ය ශක්තිය වර්ධනය වීම වසර මිලියන ගණන් තිස්සේ සිදුවන ස්වාභාවික කි‍්‍රයාවලියකි. එයත් සමග  ඉහත කී තත්ත්වය එකට එක්වීමෙන් වඩාත් ඉඩකඩ ඇත්තේ මේ මිහිතලය මිනිසුන්ට වාස යෝග්‍ය නොවන තැනක් බවට පත්වීමයි. මේ මවන්නේ අන්තවාදී චිත‍්‍රයක් විය හැකියි. දේශගුණය ගැන තමනටත්  අවබෝධයක් තිබෙන ලෝක නායකයන් එවැන්නක් ඇතිවීමට ඉඩ දෙතැයි සිතිය නොහේ. ඒත් අපට අහිමිවී යා හැක්කේ මොනවා දැයි එම නායක කාරකාදීන්ට මෙන්ම සෙසු ලෝකයාටත් මතක් කරදීම මෙමගින් ඉටුවන වැදගත්ම කාර්යයි.

මෙහි මුල් ලිපිය Climate Central හි පලවිය.

Live Science හි පල වූ Carbon Dioxide Could Reach Levels Unseen in 50 Million Years ලිපිය ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: