පෘථිවිය මත මුල්ම ජීවය කුමක්වී ද ?

බටහිර ඕස්ටේ්රලියාවේ මෝර බොක්කේ (Shark Bay) ලෝක උරුම ප්‍රදේශයේ දක්නට ලැබෙන ආකාරයේ ස්ට්රෝමටොලිටයන් (Stromatolites) ගේ අඩංගු විය හැකි සයනොබැක්ටීරියා(cyanobacteria) පෘථිවියේ ප්‍රථම ප්‍රභාසංස්ලේෂිත ජීවීන් වීමට බොහෝ ඉඩ තිබේ. මේ මිහිතලය මත මුල්ම ජීවය පිලිබඳ පැරණිතම සාක්ෂි ඉස්මතු වෙන්නේ පෘථිවි ග්‍රහයා මත තවමත් සුරැකිව පවතින පැරණිතම පාෂාණ අතරිනි.
පෘථිවිය වසර බිලියන 4.5 ක් පමණ වයසැතිය. එහෙත් තවමත් පවතිත පැරණිතම පාෂාණ වල දින වකවානු දිවෙන්නේ වසර බිලියන හතරක් පමණ ඈතටය. එම පාෂාණ වාර්තාව පටන්ගෙන වැඩි කලක් යාමට මත්තෙන් ජීවය පිළිබඳ සිත් අළවන සුළු සාක්ෂි මතුවෙයි : ඕස්ටේ්රලියාවෙන් හමු වූ සූත්‍රිකා බඳු ෆොසිල කට්ටලය මෙයට වසර බිලියන 3.5 කට පෙර සූර්යාලෝකයෙන් ශක්තිය උකහා ගනිමින් පවතින්නට ඇති ක්ෂුද්‍ර ජීවීමය කළාලයක අවශේෂ විය හැකිය. (මේ පිළිබඳව Astrobiology සඟරාවේ 2013 දී වාර්තා කර තිබිණ.) ලොව පැරණිතම ජීවය පිළිබඳ තවත් සාක්ෂියක් ලෙස ඉදිරිපත් කළ හැක්කේ ග්‍රීන්ලන්තයෙන් හමු වූ පාෂාණ කට්ටලයකි. මේවායේ වසර බිලියන 3.7 ක් පැරණි සයනොබැක්ටීරියා කොළණිවල ෆොසිල අඩංගු විය හැකිය. සයනොබැක්ටීරියා කොළණි ස්ට්රෝමටොලිට යනුවෙන් හඳුන්වනු ලබන ස්තරගත ව්යුවයන් සාදයි.

ග්රින්ලන්තයෙන් හමුවූ කේතු ආකාර ව්‍යුහයන්
ග්‍රීන්ලන්තයේ ඇකිලියා දුපතෙන් සොයා ගත් වසර බිලියන 3.8 ක් පැරණි පාෂාණ තුළ ජීවීන් පිළිබඳ සාක්ෂි දක්නට ලැබෙන බව සමහර විද්‍යාඥයෝ කියා සිටිති. එම පර්යේෂකයන් 1996 දී ප්‍රථමයෙන් වාර්තාවක් Nature සඟරාවට සපයමින් කියා සිටියේ මෙම පාෂාණ වල සමාස්ථානික (isotopes = නියුට්‍රෝන විවිධ සංඛ්‍යාවක් සහිත මූල ද්‍රව්‍ය ස්වරූපයක්) හෙළි කිරීමට ඉඩ ඇත්තේ අභිරහස් ක්ෂුද්‍ර ජීවීන් මගින් ඉටු කෙරෙන පුරාණ පරිවෘත්තික ක්‍රියාකාරීත්වය බවයි. මෙම සොයා ගැනීම් සහ ඇත්තටම පුරාණ ජීවය පිළිබඳ සිදු කෙරෙන අනෙකුත් ප්‍රකාශ සියල්ලම ද දැඩි විවාදයට තුඩු දී තිබේ.
මෙයට වසර බිලියන 3.77 සිට බිලියන 4.29 පැරණි කාලයකට අයත් ක්ෂුද්‍ර ෆොසිල සොයාගත් බව ඉතාමත් මෑතක කැනඩාවෙන් විද්‍යාඥයෝ Nature සඟරාවට වාර්තා කළහ. එසේ නම් ජීවයේ සම්භවය හටගෙන ඇත්තේ පෘථිවිය මත මුල්ම සාගර බිහි වූ අවධියේම වාගේය. මේ සොයා ගැනීම ඔප්පු කිරීමට අසීරු යයි එම අධ්‍යයනයට සහභාගී නොවූ විද්‍යාඥයෝ තර්ක කරති. ආදි කාලීන පාෂාණ තුළ තිබී සොයා ගන්නා ෆොසිල එම පාෂාණ තරම්ම පැරණි විය යුතු නැති බවයි ඔවුන්ගේ අදහස. පාෂාණයේ සිදුරු අතරින් දියර ඇතුළට එද්දී ඒ සමග අළුත් ක්ෂුද්‍ර ජීවීන් පාෂාණය තුලට යා හැකි බව ඔවුහු පෙන්වා දෙති.
එය එසේ වුවද, පාෂාණ වාර්තාව ආරම්භ වන කාලයේම ජීවය හට ගත්තේ යයි හැඟවෙන සාක්ෂි තිබීම යන කාරණාවම හේතු කොටගෙන යම් ගැටළු ඉස්මතු වන බව එලිසබත් බෙල් පවසයි. ඇය ලොස් ඇන්ජලීස් හි කැලිෆෝනියා විශ්ව විද්‍යාලයේ භූ රසායනඥවරියකි. එක්කෝ කල් යෙදුම සමපාතයක් ද? නැතිනම්, ඊට කලින් ජීව ස්වරූප පැවතී පෘථීවියේ වඩාත්ම පුරාණ පාෂාණ සමග ඒවායේ අවශේෂ අතුරුදන් වී ගියේ ද?
පාෂාණ වාර්තා ආරම්භ වීමට පෙර කාලය හඳුන්වනු ලබන්නේ හෙඩියන්(Hadean) යනුවෙනි. එය පෘථිවියේ මුල්ම කල්පය ලෙස සැලකේ. ඉතා අසීරු කාල ෙඡ්දයක් වූ හෙඩියන් කල්පයේ දී ග්‍රහයා මත දිගට හරහට ග්රාහක සහ උල්කාෂ්ම (asteroids and meteorites) කඩා වැටිණ. මේ අප්‍රසන්න, අහිතකර කාල වකවානුවේදී ම ජීවය හටගත් බවට සාක්ෂි තමන් සතුව තිබිය හැකි යයි බෙල් සහ ඇගේ සගයෝ කියා සිටිති. 2015 දී මෙම පර්යේෂක කණ්ඩායම, වසර බිලියන 4.1 ක් පැරණි ගෝමේද (zircon) ස්ඵටික අතර තිබී කාබන් ස්වරූපයක් වන ග්රැපයිට (මිනිරන්) සොයා ගත්හ. ග්රැපයිටයේ සමස්ථානික (isotopes) අනුපාතය මගින් හැඟවුනේ ඒවායේ ජීව විද්‍යාත්මක සම්භවයක් ඇති බවයි. 2015 වාර්තාවට පසු පර්යේෂක කණ්ඩායමට තවත් දුර්ලභ කාබන් අඩංගුවීම් කිහිපයක්ම සොයා ගැනීමට හැකි වූ බව බෙල් පවසයි. ඒවා ඉක්මණින්ම විශ්ලේෂණය කිරීමට පර්යේෂකයෝ බලාපොරොත්තු වෙති.
දැනට එම කල්පය ගැන දන්නා කරුණු අනුව පෘථිවිය මත ද්‍රව ජලය තිබෙන්නට ඇත. තවද, ග්‍රැනයිට් පාෂාණමය, මහද්වීපික වැනි කබොල්ලක් ද තිබෙන්නට ඇතැයි බෙල් කියයි. කිසියම් ජීව ස්වරූපයක් පැවතියේ නම්, ඒ ප්රාග් න්‍යෂ්ටිකයන් (prokaryotes ) විය හැකි යයි ඈ වැඩි දුරටත් දක්වයි. (prokaryotes යනු ඒක සෛලික පටලයෙන් බැඳි න්‍යෂ්ටියේ සෛල හෝ ඉන්ද්‍රයිකා (organelles) නොමැති ජීවීන්ය.)
පෘථිවිය මත මුල් ජිවය පිළිබඳ වෙනත් ප්රවේශයකින් දැක්වෙන්නේ මුල්ම ජීවියන්ගේ ධාරකයන් වන්නට ඇත්තේ ජලතාප කවුළුය (hydrothermal vents). 2016 ජුලි මස Nature Microbiology නම් සඟරාවේ පළ වූ ලිපියක දැක්වෙන පරිදි මෙකී ජීවින්ට පොදු ප්‍රෝටීන හා ජාන සොයා ගැනීම පිණිස පර්යේෂකයෝ ප්රාග් න්‍යෂ්ටිකයන් විශ්ලේෂණය කර බැලූහ. එනම් අනුමාන වශයෙන් අද සිටින සියළුම ජීවීන්ගේ ප්‍රථම පොදු ඥාතියාවන, ලුකා හෙවත් අවසන් විශ්ව පොදු පූර්වජයාගේ(Last Universal Common Ancestor = LUCA) සමාප්ත ශේෂයන්ට පොදු ප්‍රෝටීන හා ජානයි.
සියළුම ආදි ඒකසෛලික සහ බැක්ටීරියා පෙළපත් මගින් බෙදා හදා ගනු ලැබූ ප්‍රෝටීන 355 සොයා ගැනීමට පර්යේෂකයෝ සමත් වූහ. මේ ප්‍රෝටීන පදනම්ව ලුකාගේ ජෙනොම දර්ශනයක් ප්‍රති නිර්මාණය කරන ලදුව ඉන් පෙනී ගියඅන්දමට ලුකා ජීවත් වූයේ ඔක්සිජන් මුක්ත ජලතාප පරිසරයක බවයි. එසේ නම් ලොව ප්‍රථම ජිවය(අඩු තරමින් පැවත එන්නන් ඉතිරි කළ ලොව ප්‍රථම ජිවය) අද ගැඹුරු මුහුදේ කවුළු වටා පොදි බැඳ සිටින ක්ෂුද්‍ර ජීවීන් සිහිපත් කෙරෙන බව පර්යේෂකයෝ කියා සිටිති.
(මෙතෙක් සොයා ගනු ලැබූ පැරණිතම ෆොසිලය කියන රහස යන මැයෙන් මාර්තු 13 ද තතු වාර්තාව ද කියවන්න)
Live Science හි පළවූ What Was the First Life on Earth? ලිපිය ඇසුරෙනි
ප්‍රතිචාරයක් ලබාදෙන්න