විදු නැන නුවණ – Science Literacy for All

සංකල්ප සාර සංග්‍රහය 24: මනුෂ්‍ය ස්වභාවය(Human nature)

මහා සංකල්ප ගැන සරලව හා කෙටියෙන් දැක්වෙන තතු ලිපි පෙළහී තවත් ලිපියක්

මෙම ලිපි පෙළෙහි අවසන් වරට අප කතාකළේ මානවවාදය හෙවත් මානවියවාදය ගැනයි. ඒ පසුගිය 8 දා. අද සංකල්ප සාර සංග්‍රහය 24 වෙන් කෙරෙන්නේ ඊට අදාළ මාතෘකාවක් ගැන  සාකච්චාවකටයි.

මනුෂ්‍ය ස්වභාවය’ යනුවෙන් යම් දෙයක් වේදැ යි කියන ප්‍රශ්නය මෙන්ම එවැන්නක් ඇත්නම් ඒ ස්වභාවය කුමක් වේදැ යි යන්න ද ශත වර්ෂ ගණනාවක් මුළුල්ලේ චින්තකයන් වෙහෙසට පත්කළ කාරණාවකි. ක්‍රිස්තියානි  ධර්මයට අනුව දෙවියන්ට අකීකරු වූ ආදම් සහ ඊවා  ඒඩන් උද්‍යානයෙන් පලවා හරිනු ලැබූ    අවධියේ සිට  සෑම මනුෂ්‍යයෙක්ම  මුල් පවට ගොදුරුව අත්පත්තිය ලබන බවයි. මේ මතය අනුව මනුෂ්‍යයන් සියල්ලෝම සහජයෙන්ම පව්කාරයෝය. එමෙන්ම, ගැලවීමේ එකම මග වන්නේ පුජකයන්ගේ මැදිහත්වීම, යහපත් ක්‍රියා සහ ඒ සියල්ලටම වඩා ඇදහිල්ල, ශ්‍රද්ධාව ආදී විවිධ දේවල සංයෝගයකින්ය. (මෙය නිකාය අනුව වෙනස් වේ)

ඉංග්‍රීසි ජාතික දාර්ශනිකයෙකු වූ තෝමස් හොබ්ස් (1588-1679) මනුෂ්‍ය ස්වභාවය ගැන මේ හා සමාන අඳුරු මතයක් දැරූවෙකි. ආදී මානවයන්ගේ ජීවිතය ‘දුෂ්කර, ප්‍රචණ්ඩකාරී සහ කෙටි’ එකක් විනැයි ඔහු කියා සිටියේය. ජනතාව ‘සහාසික මරණයක් පිළිබඳ නිරන්තර බියෙන් හා අන්තරාවෙන්’ පසුවීම වලක්වා ගත හැකි එකම මග පරම බලය හොබවන පාලකයෙකු විසින් මෙහයවනු ලබන දැඩි විනයක් සහිත සමාජයක් මගින් පමණකැයි ඔහු තර්ක කළේය.

අදටත් දේශපාලනික වශයෙන් කොන්සවටිව් හෙවත් සංස්ථීතික මතධාරීන් අධිකාරිත්වයෙහි සහ ධුරාවලිගතවීමෙහි වැදගත්කම අවධාරණය කරන්නේ දුගී ජනයාගේ තත්ත්වය නංවාලීමට ගන්නා උත්සාහයන් අසාර්ථකවීමට ඉරනම්ගත යයි  හෙළාදකිමිනි. එවන් අසාර්ථක වීමට මගපාදන්නේ යයි ඔවුන් කියා සිටින්නේ මනුෂ්‍යයන් ස්වභාවයෙන්ම කම්මැලි සහ ආත්මාර්ථකාමී පිරිසක්ය යන මතය ඔවුන් දරන නිසාවෙනි.

දහඅටවන සියවසේදී, ප්‍රංශ ජාතික දාර්ශනික ජින්-යෙක් රූසෝ(1712 – 78) මනුෂ්‍ය ස්වභාවය පිළිබඳව මිට පරස්පර මතයක් දරමින් තර්ක කර සිටියේ  ස්වභාවික තත්ත්වයේ පසුවන මනුෂ්‍යයන් ‘අභිජාත වනචාරින්’(noble savages) ලෙස වන අතර ඔවුන්ගේ ස්වභාවික යහපත් ගුණය යටපත් වී ඇත්තේ සමාජය මගින් පමණක් යනුවෙනි.

හොබ්ස්ට එක් පරම්පාරාවකට පසුව තවත් ඉංග්‍රීසි ජාතික දාර්ශනිකයෙකු වූ ජෝන් ලොක් අදහස් දක්වමින් කියා සිටියේ මනුෂ්‍ය ස්වභාවය යනුවෙන් දෙයක් නොමැති බවයි. ඔහුගේ තර්කය වුයේ මිනිසුන් ‘හිස් ගල්ලෑල්ලක්’ ලෙස උපදින බවත් එනිසා  ඔවුන්ගේ වටපිටාව සහ හැදීයාව අනුව හැඩගැස්විය හැකි බවත්ය. ඔහු ඉමහත් අවධාරණයක් යොමු කළේ අධ්‍යාපනය සම්බන්ධයෙනි. වාම දේශපාලනික චින්තකයන් – ඒ නම් සමාජ වාදීන්, කොම්යුනිස්ට්වාදින්  සහ අරාජිකවාදින් පොදුවේ මේ ස්ථාවරය දැරුහ. නියම ආකාරයෙන් සමාජය හැඩගස්වන්නේ නම් ආත්මාර්ථකාමීතත්වයෙන් තොරව එකිනෙකා හා සමග සහයෝගයෙන් ක්‍රියා කර යහපත් ආකාරයට හැසිරෙමින් සතුට ළඟා කර ගත හැකිය යන්න විශ්වාසය විය. ස්වභාවයට එරෙහි ස්වභාවය පිලිබඳ විවාදයේ දේශපාලන හරය එයයි.

 

Big ideas in brief (Quercus, 2013) නම් ග්‍රන්ථයේ Human nature කොටස ඇසුරෙනි

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: