‘සූර්යයාගේ ලප ඇතිවෙන්නේ කෙලෙසද?’ යන්න, විසඳීමට අසීරු ගැටලූවකි. සඳේ ලප ගැන කතා කළාට සූර්ය ලප තිබෙන බවක් අප අතරේ සමහරු දැන ගෙන වත් නොසිටින්න පවා පුළුවනි. ඇයි, කෙළින්ම සූර්යයා දිහා බලන්න පුළුවනැයි?. ඒත් සූර්ය ලප තිබෙන බව මිනිස්සු දැන ගෙන සිටින්නේ ශත වර්ෂ ගණනාවක සිටමයි. උදෑසන හෝ සැන්දෑකරේ සූර්යයාගේ ‘සැර’ අඩුව යන විට අඳුරු පැල්ලම් දුටු පුරාණ චීන ජාතිකයෙක් මෙන්ම මධ්‍යකාලීන යුරෝපයේ තාරකා ගවේෂකයෝ ඒ ගැන විස්තර ලියා තැබූහ. එහෙත්, සූර්යයාගේ මේ ලප හට ගන්නේ කොයිබින්ද යන්න ගැන අර්ධ වශයෙන් හෝ සාර්ථක පිළිතුරක් ඉදිරිපත් කිරීමට විද්‍යාඥයන්ට හැකි වී ඇත්තේ මෑතකදීය.
තාරකා විද්‍යාවට අදාළ බොහෝ දේවල් මෙන්ම සූර්යලප ගැන උනන්දුව ද දැල්වුණේ 17 වැනි සිය වසේ මුල දී ගැලීලියෝගේ විප්ලවකාරී කි‍්‍රයාවේ ප්‍රතිඵලයක් ලෙස ටෙලස්කෝපයක් හෙවත් දුරේක්ෂයක් අහස දෙසට එල්ල කිරීමත් සමගය. සූර්ය ලප මොනවාද යන්න සහ ඒවායේ ස්වභාවය ගැන ඒ කාලයේ සැලකිය යුතු වාද විවාද පැවතිණ. සූර්යාගේ ලප මෙන් දිස්වෙන අඳුරු පැල්ලම් වනාහි ග්‍රහයන් පොකුරක් යනුවෙන් සමහරු අනුමාන කළහ. ඒත් එම අදහස මෝරන්නට ස්ථිරවම ඉඩක් ලබා නුදුන්නේ ගැලීලියෝමය. සූර්යයා භ්‍රමණය වන බව පෙන්නුම් කිරීමේ උත්සාහයක යෙදෙමින් සිටි හෙතෙම පෙන්වා දුන්නේ සූර්ය ලප එහි පෘෂ්ඨයටම ඇලී පවතින බවයි.
අහෝ! විශ්වයේ සංසිද්ධි ගැන විමසා බැලීමට කැස කවමින් සිටි ගැලිලියෝ සහ සගයන්ට විශ්වයම එරෙහි වූ සෙයකි. මේ ගැන තවදුරටත් සොයා බැලීමට විද්‍යාඥයන් පමණක් නොව සෙසු ජනතාවත් බොහෝ උනන්දු වුණත්, ඊළඟ සියවසේ දී සූර්යයාගේ කි‍්‍රයාකාරිත්වයෙහි අඩුවක් දක්නට ලැබිණ. අසාමාන්‍ය ලෙස සූර්ය ලප ප්‍රමාණය අඩුවිය. ඊට සමරූපීව ලෙලසිළු වැනි සූර්ය කි‍්‍රයාකාරකම්වලද අඩුවක් පෙන්නුම් කෙරිණ. සූර්ය රැස් වළල්ලේ කැපී පෙනෙන ලෙස දීප්තිය අඩුවීමක් සූර්ය ග්රහණවලදී දැක ගත හැකි විය. 1700 ගණන් වනතුරු සූර්යයාගේ කි‍්‍රයාකාරිත්වය යළි ඉහළ ගියේ නැත.
මෙවැනි පසුබෑම් නොතකා සූර්ය නිරීක්ෂණ අඛණ්ඩව සිදු වූ නමුදු මධ්‍යගත අභිරහස නොවිසදී පැවතිණ. සූර්ය ලප ඇතිකිරීමට හේතු වන්නේ කුමක්ද? 1900 මුල ප්‍රධාන පෙළේ නිරීක්ෂන කිහිපයක්, තාරකා විද්‍යාඥයන් හා භෞතික විද්‍යාඥයන් නිවැරදි මගට යොමු කිරීමට සමත්විය.
මින් එක නිරීක්ෂණයක් වුනේ සූර්ය ලප කි‍්‍රයාකාරිත්වය සෑම වසර 11කම චක්‍රයක් ලෙස සිදුවන බවයි. 1600 ගණන්වල සූර්ය කි‍්‍රයාකාරිත්වය අඩුව පැවැති ‘මෞන්ඩර් අවමය’ (The Maunder Minimum) ලෙසින් හඳුන්වනු ලබන යුගයේ පවා මෙම චක්‍රය දැක ගත හැකි විය. (1645 පමණ සිට ආරම්භ වී 1715 දක්වා පමණ පමණ වනතෙක් පැවති) මෞන්ඩර් අවමයේ දී එකල සූර්ය නිරීක්ෂණයන්ට පෙනී ගිය පරිදි සූර්ය ලප අතිශය දුලබ විය.
නිරික්ෂණය වූ තවත් කාරණාවක් වුනේ උෂ්ණත්වයයි. ඉහතින් ද සඳහන් වූ පරිදි සූර්ය ලප අඳුරු පැහැයක් ගනී. එහෙත් ඒ, ඒවා වටා ඇති සූර්යා මතුපිට තිබෙන අතිශය උණුසුම් වාතාවරණයට සාපේක්ෂව පමණකි. ඒවා සූර්යයාගේ සෙසු කොටසට වඩා සිහිල් බවක් තිබෙන්නට පුළුවන් වුණත් සූර්යයා සිතා ගන්නට බැරි තරමට උෂ්ණාධිකය. සමහර අවස්ථාවල සූර්ය ලප විශාලය. තවත් විටක කුඩාය. ඒවා සතියක් දෙකක් හෝ මාස ගණනක් පැවතිය හැකිය.
ඒ ඒ සූර්යලප ගැන සිදුකෙරුණ විස්තරාත්මක ගවේෂණයෙන් පෙනී ගියේ ඒවා අධිබලැති චුම්භක ක්ෂේත්‍ර කලාප බවයි. පර්යේෂකයන් මෙම සොයා ගැනීම සිදු කළේ සූර්යයාගේ හයිඩ්රජන් හා හීලියම් මගින් මුදාහරිනු ලැබූ ආළෝකය මැන බැලීමෙනි. මේ මූලද්‍රව්‍ය වර්ණාවලි රේඛා(spectral lines) නම් ඉතා විශේෂ තරංග ආයාම විමෝචනය කරයි. බලගතු චුම්භක ක්ෂේත්‍ර පවතින විට ඒවා හමුවේ මේ එක් එක් සුවිශේෂී තනි තරංග ආයාම ඉතා සමීප වෙන් වූ තරංග ආයාම දෙකක් ලෙස පැලී යයි. සීමන් ආචරණය(Zeeman effect) ලෙස හැඳින්වෙන එය අදාළ වන්නේ ක්වොන්ටම් යාන්ත්‍රණයටයි.

අන්තිම වශයෙන් නිරීක්ෂණයන් විසින් සොයා ගනු ලැබුවේ සූර්යාගේ චුම්භක ක්ෂේත්රය උතුර-දකුණු සිට දකුණ-උතුරට ද නැවත උතුර දකුණටද යනාදී ලෙස පෙරළෙන බවයි. මේ පෙරළීම සෑම වසර 11කට වරක් සිදුවෙයි. ඉතින් සූර්යලප ගැටලූවට යම් ආකාරයකින් චුම්භක ක්ෂේත්‍ර සම්බන්ධ බව පෙනීගිය කරුණකි.
දැන් මෙහෙම පැහැදිලි කර ගමු. සූර්ය ලප යනු, පැටලීමට හෙවත් සංකූලවීමට ලක්වූ සූර්ය චුම්භක ක්ෂේත්රය හේතුවෙන් ඇතිවන ගතිලක්ෂණයි. මෙකී චුම්භක ක්ෂේත්රය සුමට තත්ත්වයේ සිට සෑම වසර 11 කට වරක් පටලැලි හෙවත් සංකුල තත්ත්වයට පත්වෙයි. සූර්ය ලපවල ඇති ගුණාංග මෙන්ම ඒවායේ චර්යාවන් පැහැදිලි කිරීමටත්, එමෙන්ම සූර්ය ලෙළ සිළු හා කොරෝනා ස්කන්ධ නෙරපුම් වැනි අනෙකුත් චුම්භක සිදුවීම්වලට සූර්ය ලප සම්බන්ධ ඇතැයි සලකන්නේ මන්ද යන්න පැහැදිලි කිරීමටත් එය සමත් වේ.
ඒත් ඉතින් ඇයි මේ 11 වසරක චක්‍රයක්? සූර්යයාගේ පමණක් නොව වෙනත් තරකාවල ද ‘තරුලප’ තාරකා විද්‍යාඥයන් විසින් නිරීක්ෂණය කරනු ලැබ ඇත. ඒවා සිදුවන චක්‍රය නොයෙක් ආකාර ගනී. එය 11 වසරක චක්‍රයේ වීම පිණිස සූර්යා තුළ සිදුවන්නේ කුමක්ද? තවත් අවුරුදු 400ක නිරීක්ෂණයන් පසුව බාගදා විද්‍යාඥයන්ට එය තෝරා බේරා ගැනීමට හැකි වන්නට පුළුවන. එතෙක්…? එතෙක් අපි මේවා මෙන්ම සූර්යයාගේ අනෙකුත් කි‍්‍රයාකාරකම් ගැන සොයා බලමින් සිටිමු.
Live Science හි පළවූ Why Does the Sun Have Spots? යන ලිපිය ඇසුරෙනි