විදු නැන නුවණ – Science Literacy for All

මේදය අධික එක ආහාර වේලක් පවා අක්මාවට හානි කරයි

මේද අධි පරිභෝජනයෙහිවේගවත් බලපෑම, කාලය ගත වෙද්දී රෝගාබාධවලට හේතු විය හැකියයි පර්යේෂකයෝ කියති.

මේද අධික ආහාරයක් – අපි කියමු චීස් බර්ගරයක්, අලතීරු බැදුමක් (French fries) හෝ පෙපරෝනි පිට්සාවක්(pepperoni pizza) විය හැකියි – මේද අධික ආහාරයක් අනුභව කිරීම අක්මාවේ කි‍්‍රයාකාරීත්වය අවුල් කරන බව නව අධ්‍යයනයකින් හෙළි වෙයි. එවන් සරු ආහාරවල දැකිය හැකි ඉහළ මට්ටමක සංතෘප්ත මේද ක්ෂණිකව අක්මාවට හානි කරන්න පටන් ගන්නේ ඇතැම්විට  ඒ අතර වාරයේ ශරීරය දරුණු රෝගාබාධ කරා ගෙන යමිනුයි. ‘මේ බලපෑම අනුකරණය කරන්නේ දරුණු  පරිවෘත්තියරෝග වලින් (metabolic disease)  පෙළෙන්නන් අතරේ දැකිය හැකි අසාමාන්‍යතාවන්’ යයි අධ්‍යයනයේ සම කතෘ මයිකල්  රොඩෙන් මේද අක්මා රෝගය සහ සිරෝසියාව(cirrhosis) වැනි තත්ත්වයන් ගැන සඳහන් කරමින් පවසයි. “ස්ථුලතාව සහ 2 වර්ගයේ දියවැඩියාව යන සන්දර්භයන් තුළ අක්මා පරිවෘත්තියේ වෙනස්කම් මේද අක්මා රෝග සහ අක්මාවේ සිරෝසියාවට මග පාදන ආකාරය පිළිබඳ චිත‍්‍රයක් අපේ සොයා ගැනීම් තුලින් මතුවෙනවා” යයි රොඩෙන් පෙන්වා දෙයි. ඔහු ජර්මනියේ  ඩුසෙල්ඩොෆ් හි හෙන්රිෂ් හයින් විශ්ව විද්‍යාලයේ දියවැඩියා මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂවරයායි. සාරවත් ආහාරයක් ගැනීමෙන් පසුව මෙකී පරිවෘත්තීය වෙනස්කම් කොපමණ වේලා පවතී ද යන්න පැහැදිලි නැත.

අප ආහාරයට ගන්නා මේද සහ කාබොහයිඩ්‍රේට් සැකසීමේ දී, අක්මාව ප‍්‍රධාන කාර්ය භාරයක් ඉටු කරයි. සමහර අවස්ථාවල මේදය සහිත ආහාර දිගින් දිගටම අතිරික්ත ප‍්‍රමාණවලින් ආහාරයට ගත්විට ක‍්‍රමයෙන් ඒකරාශී වී ‘මධ්‍යසාරී නොවනා මේද අක්මාව’ යනුවෙන් හඳුන්වනු ලබන  රෝගී තත්ත්වය හටගනී. මෙම තත්ත්වය ඇ.එ.ජනපදයේ ස්ථුලතා වසංගතයන් සමග එක්ව උත්සන්න වන්නට පටන් ගෙන ඇති අතර එරට ජනගහනයෙන් සියයට 25 තරම් ප‍්‍රමාණයකට එය බලපායි. මෙය, අක්මාවේ කැලල් හට ගැනීමේ ගති ලක්ෂණ වලින් පෙන්නුම් කරන බරපතල තත්ත්වයක් වන සිරෝසියාවට මග පෑදිය හැකිය.

ෆින්ලන්තයේ  හෙල්සින්කි සරසවියේ වෛද්‍ය මහාචාර්යවරිය වන  හැනෙල්   වයිකි-යාර්විනන් පවසන්නේ ‘අප දන්නා පරිදි සංතෘප්ත මේදය බහුල ආහාර මේද අක්මා තත්ත්වය ඇති කරනවා’ යනුවෙනි. ‘ඉතින් බටර්, මේදමය චීස් සහ පොල්තෙල් තමයි අක්මාව ගැන සලකන විට අපට පරිභෝජනය කළ හැකි නරකම දේවල්’ ඇය තව දුරටත් සඳහන් කරයි. ඇය නව අධ්‍යයනය සමග නිකුත් කෙරුණු  විවරණයක(commentary) සම කතුවරියයි.

අධ්‍යයනය සඳහා සිහින් සිරුරෙන් හෙබි, සෞඛ්‍ය සම්පන්න තරුණයන් 14 ක් තෝරාගනු ලැබු අතර ඔවුනට අස්වැසුම් ආහාරයක්(placebo) හෝ ෆාම් තෙල් වඩියක් දෙන ලද්දේ ඔවුන්ගේ බර අනුව ප‍්‍රමාණය වෙනස් කරමිනි. ෆාම් තෙල් වලින් පෙති අටක පෙපරෝනි පිට්සාවක හෝ විශාල අලතීරු බැදුම සමග චීස් බර්ගර්යක (a cheeseburger) සමාන මේද ප‍්‍රමාණයක් සැපයිණ. මෙලෙස මේද ’පැටවීම’ අක්මාව මගින් 70% ක් වැඩිපුර ග්ලූකෝස් නිපදවීමට හේතුවුනු අතර කල් ගත  වෙන්ට රුධිර ග්ලූකෝස් ප‍්‍රමාණය ඉහළ දැමීමට හේතු වන්නට පුළුවන් යයි රොඩෙන් කියයි. මෙය 2 වර්ගයේ දියවැඩියාවේ පුරෝගාමී ඉන්සියුලින් සංවේදිතාවට(insulin sensitivity) දායක විය හැකි යයි රොඩෙන් සඳහන් කරයි.

මෙලෙස අධිකව මේද ගැනීම හේතුවෙන් අක්මා සෛලවලට  වැඩියෙන් ක‍්‍රියා කිරීමට සිදුවේ. එමගින් සෛල පීඩාවට ලක්ව අක්මා රෝගවලට දායක වේ. මීටත් අමතරව, සංතෘප්ත මේද, මේද වලට සාපේක්ෂව ග්ලූකෝස් ගබඩා කිරීමේ අක්මාවට ඇති හැකියාව පහත හෙළන අතර කාලයත් සමග එය මේද අක්මා රෝගයට හිතකර තත්වයන් ඇති කර විය හැකි යයි රොඩෙන් පෙන්වා දෙයි. සෞඛ්‍ය සම්පන්න පුද්ගලයන්ට මෙම බලපෑම් පහසුවෙන් මග හරවා ගත හැකි වුවත් මේද බහුල ආහාර යළි යළිත් ගන්නා අය ඔවුන් තරම් වාසනාවන්ත නැති බව ඔහු පෙන්වා දෙයි. වයිකි-යාර්විනන් පෙන්වා දෙන අන්දමට ‘ කෙනෙකු ඔලිව් තෙල් වල අඩංගුව ඇතිවා වැනි සෞඛ්‍ය සම්පන්න මේද තම ආහාරයට වැඩියෙන් එක් කර ගැනීමෙන් දින කිහිපයකින් අක්මාවේ මේද අඩු වී’ යයි.

මානවයන් සම්බන්ධ කරගෙන ඔවුන් කරගෙන යන කටයුතුවලට අමතරව මීයන් මේද එක් කර ගැනීම ගැන මේ ආකාර විශ්ලේෂණයක් පර්යේෂකයන් විසින් සිදු කරන ලදී. මේදය ජානවලට බලපාන අන්දම ගැන ඇතුළු නුවණක් ඉන් ලැබුණු බව අධ්‍යයනයේ කතෘවරු පවසති.

රොඩෙන් ඊළඟට බලාපොරොත්තු වන්නේ, මේද අධික ආහාර වේලක බලපෑම කොපමණ වේලාවක් පවතී ද සහ එය ප්‍රෝටීන සහ කාබොහයිඩ්‍රේට් වැනි අනෙකුත් පෝෂක හා කෙසේ සැසඳේද යන්න ගැන සොයා බැලීමටය.

අධ්‍යයන වාර්තාව ජනවාරී අග Journal of Clinical Investigation සඟරාවේ පලවිය.

 

HealthDay හි පළවූ  Even One High-Fat Meal Can Harm You  ලිපිය ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: