විදු නැන නුවණ – Science Literacy for All

දන්ත ශල්‍ය විද්‍යාව, ගල් ආයුධ භාවිත කළ කාලයේදී ත් තිබූ බවට සාක්ෂි

දන්තාබාධයක් සඳහා නූතන ශල්‍යාගාරයකට ඇතුල් වන ඔබේ සිතට දැනෙන්නේ බියක් නොව විශ්වාසයකි. ඔබ දෙපස සුදුවතින් සැරසුණු වෛද්‍යවරයෙකු සහ සාත්තු සේවිකාවක සිටිනවා විය හැකිය. ඔබව හිඳුවන්නේ සුව පහසු නූතන දන්ත වෛද්‍ය ආසනයකය. ඒ අවට ඇති මෙවලම් ඔබේ විශ්වාසය තවත් තහවුරු කරයි. දන්ත වෛද්‍යවරයා අතට ගන්නා මෙවලම් හා උපකරණ ඔබේ සිතට කිසිදු බියක් ඇතුල් නොකරන තරම්ය.

එහෙත් මොහොතකට මේ චිත‍්‍රය මදක් වෙනස් ආකාරයකට සිතට නගා ගන්න. ඔබ ඉදිරියේ සිටින්නේ සත්ව සමකින් යාම්තමට විලි වසාගත් පුද්ගලයෙකි. (ඔබගේ ඇඳුම් ද ඒ ආකාරයමය). එළිමහන් වටපිටාව ද කටුකය. ඔබගේ දත් පරීක්ෂා කිරීමට උත්සාහ දරන තැනැත්තා අත ඇත්තේ  දළ ගල් ආයුධය. දතේ අමාරුවට වෙදකම් කිරීමට ඔහුට හැකියාවක් ඇතැයි ඔබ තුළ කිසිම විශ්වාසයක් ගොඩ නොනැගේ. ඒ වෙනුවට සිතට දැනෙන්නේ බියකි. මෙය හුදෙක් සිතින් මවා ගත හැකි දර්ශනයක් පමණකයි කෙනෙකුට කිව හැක. එහෙත් ඇත්තටම දන්ත ශල්‍යකාර්ම සිදු කිරීම ආරම්භවුයේ අද ඊයේ නොවන බවයි දැන්හෙලිවෙන්නේ. ඔව්, මෙයට වර්ෂ දහස් ගණනකට පෙර ද දන්ත ශල්‍යකර්ම සිදු කෙරුණු බව විද්‍යාඥයෝ සොයා ගනිති.

පුරාවිද්‍යා කැනීම් සිදු කෙරෙන ස්ථානවල දත් පරීක්ෂාවට ලක් කර අධ්‍යයනයේ යෙදීමෙන් ප‍්‍රාග් විද්‍යාඥයෝ අනුමාන කරන්නේ ඵෙතිහාසික මානවයා දන්තාබාධවලට නොයෙකුත්  උපක‍්‍රම සහිත විසඳුම් සොයාගෙන ඇතැයි යන්නය: දත් කුහර විදීම, මස්තක බිඳුමක්(crown fractures) මී ඉටි වලින් වසා දැමීම. ප්‍රදාහයට පත් විදුරුමස් වලට ප‍්‍රතිකාර සඳහා දත්කටු(toothpick)  භාවිතය සහ නරක් වූ දත් ගැලවීම එසේ සිදු කරන කාර්යයන් අතර වේ. දැන් පරීක්ෂකයන් කියා සිටින්නේ මෙතෙක් හමුවී ඇති පැරණිතම දත් පිරවුමක් පිළිබඳ නිදසුනක් ඉතාලියේ අයිස් සමයට අයත් ස්ථානයකින් හමු වී ඇති බවයි.

 

උතුරු ඉතාලියේ ලූකා ආසන්නයේ ප‍්‍රදේශයකින් මෙයට වසර 13,000 කට පමණ පෙර ජීවත් වූ අයෙකුගේ සැකිල්ලක අවශේෂ සොයා ගෙන තිබේ. එම පුද්ගලයාගේ ඉදිරිපස දත් (ඉහළ මධ්‍යම කෘන්තක දත්= incisors) දෙකෙහිම දන්ත කල්ක කුටීරය දක්වා විශාල සිදුරු දක්නට ඇත. පර්යේෂකයන් මෑතකදී දත් සිදුරු ඇතුළත තිරස් විලේඛ හෙවත් වෛරම්  (කුඩා කට්ට) විශ්ලේෂණයකින් පසුව තීරණය කරනු ලැබුවේ සීරීම් ලකුණු හට ගන්නට ඇත්තේ අතින් ක‍්‍රියාකරන මෙවලමක සීරීම් හා ඇඹරීම් හේතුවෙන් බවයි. අයිස්  සමයට අයත් මේ පුද්ගලයා බොහෝ විට දන්ත පටක මියයාමෙන් (necrotic) හෝ දත අභ්‍යන්තරයේ දන්ත කල්කය ආසාදනය වීමෙන් වේදනා විඳන නිසා ඊට සහනයක් සොයමින් සිටින්නට ඇත. ආදී දත් ‘දොස්තරලා’ මියගිය පටකය  ඕනෑකමින්(සිතාමතාම) ඉවතට ගෙන දත් කුහරය  විශාලනය කරන්නට ඇතැයි Physical Anthropology නම් ඇමරිකානු සඟරාවෙහි පළමු අධ්‍යයන වාර්තාවෙහි සඳහන් වේ.

 

එසේ වුවද දන්ත ශල්‍යකර්මය එතැනින් නිමා වී නැත. දත් සිදුරු තුළ ගල් කීල හෙවත් බිටුමන්(bitumen) ශේෂ මාත්‍ර වශයෙන් ඇති බව පර්යේෂකයන්ට පෙනී ගියේය. තාර වැනි මේ ද්‍රව්‍යය ප්‍රතිපුතික (විෂබීජ නාසකයක්) ලෙස හෝ දත ආසාදනය වීම වළක්වාලනු වස් යොදා ගන්නට ඇතැයි පර්යේෂකයෝ කල්පනා කරති. මේ අධ්‍යයනයේ කතෘ වරුන් දන්ත වේදයේ පුරාණය සම්බන්ධයෙන් ගොඩ නගන තර්කය බොහෝ සේ පිළිගැනීමට ලක්වෙන බව නැතිනම් ඒත්තු ගන්වන සුළු බව මේ අධ්‍යයනයට සම්බන්ධ නොවූ අලෙජන්ඩ‍්‍රා  ඕටිස් පවසයි. ඇය ඇරිසෝනා රාජ්‍ය සරසවියේ මානව සම්භවය පිළිබඳ ආයතනයේ පර්යේෂිකාවකි.

‘‘මෙතෙක් දත් පිරවීමක් පිළිබඳ ලැබී තිබූ පැරණිතම සාක්ෂි සොයා ගැනුනේ ස්ලොවේනියාවෙන්. ඒ වසර 6500 ක් පැරණි මිනිස් දතක් ’’  ඕටිස් Live Science සමඟ පැවසීය. ‘‘කාබොහයිඩ්‍රේට් වලින් සරු නූතන ආහාරය දත් දිරා යාම් දැවැන්ත අන්දමින් ඉහළ යාම සිදුවන්නට පෙර මුඛ සෞඛ්‍ය භාවිතයන් ඉස්මතුවීමේ හැකියාව  ගැන තවත් තොරතුරු ප‍්‍රමාණයක් මේ නව සොයා ගැනීම් මගින් එකතු වෙනවා.’’

එවත පුරා- දන්තවේදය(paleo-dentistry) පිළිබඳ ඊට වඩා පැරණි එකම නිදසුන ඒ අසලම ස්ථානයකින් හමු වූ බව අධ්‍යයනයේ සම කතෘ  බොලොඥ විශ්ව විද්‍යාලයේ පුරා විද්‍යාඥ ස්ටෙෆානෝ බෙනාසි පවසයි. උතුරු ඉතාලියේ විලබෲනා හි තිබී හමු වූ එම දත වසර 14,000 ක් පැරණිය. එම දත පරීක්ෂාවට ලක් කළ බෙනාසි සහ සගයන් පවසන අන්දමට දතෙහි  සීරුම් ලකුණු තිබුණද කුහර පුරවා නොතිබිණ.

‘‘උතුරු දිග ඉතාලියේ විලබෲනා සහ රිපාරෝ ප්‍රේඩියන් යන යාබද ප‍්‍රදේශ දෙකකින් සොයා ගනු ලැබූ මේ දත් නිදසුන් ඔප්පු කර සිටින්නේ ඔය කියන කාලයේ යම්  දෙයක් වෙනස් වෙමින් තිබුණ බවයි.’’ බෙනාසි තවදුරටත් කියා සිටියි, “පශ්චිම උපරි පුරා ශිලා  යුගයේදී දත් කුහර වැනි සමහර දන්ත රෝග ජනතාව අතර ඉහළ මට්ටමකට යමින් තිබූ බවට  සාක්ෂි විද්‍යාඥයන්ට එන්ට එන්ටම වැඩියෙන් ලැබෙනවා. ඒ වැඩිවීම ආහාරවල වෙනස්වීමට මෙන්ම ආහාර සැකසීමේ වෙනස්කම්වලට අදාලයි.’’

‘‘අපි ඇත්තටම කියන්න දන්නේ නැහැ. ඒත් දන්ත ප‍්‍රශ්න වැඩිවෙද්දී සමහර ජනතාව ඒවාට ප‍්‍රතිකාර කිරීමේ ක‍්‍රම ද වැඩි දියුණු කරා විය හැකියි’’ බෙනාසි වැඩි දුරටත් සඳහන් කරයි.

Live Science හි පළවූ  Earliest Dental Fillings Discovered in 13,000-Year-Old Skeleton යන ලිපිය ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: