විදු නැන නුවණ – Science Literacy for All

යන්තර නැති මන්තර – මන්තර නැති යන්තර

අපි හැමදෙනාම දැනුවත්ව හෝ නොදැනුවත්ව සෑම දිනකම කොයි යම් ආකාරයක හෝ යන්තර යොදාගන්නවා. ඒ අපේ වැඩපල කරගන්නයි. අපි පාවිච්චි කරන බොහොමයක් යන්තර සරල, ප්‍රාථමික ඒවා. සමරහක් සංකීර්ණයි  හෝ සංයුක්තයි. මේ  කොයිකවුණත් ක්‍රියා කරවන හැටි දන්නවානම් මන්තර නැතුවාට යන්තරවලින් වැඩ කර ගන්න පුළුවන්. වැඩ කරවාගන්න මන්තරවල පිහිට පතන අයත් ඉන්නවා. ඒ අයටත් හැබැයි අනිවාර්යයෙන්ම යන්තර පාවිච්චි කරන්න වෙනවා. එත් මන්තර නැතුව කොයි යන්තරය වුණත් ක්‍රියාකරන්න පුළුවන්. ඒවා අතුරෙන් අද අපි කතාකරන්නේ සරල යන්ත්‍ර ගැනයි.

සරල යන්ත්‍රයක් කියන්නේ කුමකට ද?

සරල යන්ත්‍රයක් කියන්නේ කුමකට ද?

ඔබෙන් මෙහෙම ප්‍රශ්නයක් අහමු: වඩාත් ලෙහෙසි,  පියානෝවක් අඩි දහයක් උඩට උස්සන එකද? නැතිනම් බිම සිට අඩි දහයක් උඩට යන තුරු බෑවුම් මගක් ඔස්සේ  තල්ලු කරන එකද? අපට නම් හිතෙන්නේ වැඩි දෙනෙක් පියානෝව බෑවුම් මගක් ඔස්සේ  උඩට උස්සාවී.

ආනත තල(inclined planes) ලෙස ද හඳුන්වනු ලබන බෑවුම් මං සරල යන්ත්‍රණය. සරල යන්ත්‍රණ යනු වැඩ කටයුතු පහසු කර ගැනීම පිණිස යොදාගනු ලබන උපකරණ වේ.  ලිවර, රෝද, ඉස්කුරුප්පු, Vකූඤ්ඤ, සහ කප්පි ද සරල යන්ත්‍රණය. අනෙකුත් යන්ත්‍ර, සංකීර්ණ හෝ සංයුක්තඒවායි. සංකීර්ණ හෝ සංයුක්ත යන්ත්‍ර වල එක් සරල යන්ත්‍රයකට වඩා අන්තර් ගතවේ. දොඹකර, කොම්පියුටර සහ මොටර රථ සංකීර්ණ හෝ සංයුක්ත යන්ත්‍ර වලට නිදසුන් ලෙස දැක්විය හැකිය.

සරල යන්ත්‍ර කොපමණ සුලබ ද කිවොත් ඒවා කෙරෙහි අපේ කොපමණ රැඳියාවක් ඇත ද යන්න පවා අපෙන් වසන්වෙයි. එහෙත්, ඒවා නොමැතිව එක දිනයක් හෝ ගෙවා දැමීම කළ නොහැක්කක් නොවේ නම් ඉතාමත් අසීරු දෙයක් බව නොඅනුමානය.

සරල යන්ත්‍ර මිනිසුන්ට තම වැඩ කරගැනීමට උපකාරිවේ. ‘වැඩකිරීම’යනුවෙන් විද්‍යාඥයන් අදහස් කරන්නේ ‘සෙල්ලම්කිරිම’යන්නට විරද්ධ පදය   නොවෙයි.  ඔවුන් ඊට කියන්නේ කාර්යය(work) යනුවෙනි. වස්තුවක් චලනයවන දුර වැඩිකිරීම වස්තුවක් චලනය කිරීමට අවශ්‍ය ආයාසය(බලය)   කාර්ය ලෙස දැක්වේ. කාර්යය ඉටුකිරීමේ දී , දුර වැඩිකිරීමෙන් සරල යන්ත්‍ර තල්ලුකිරිම(තෙරපීම) හෝ ඇදීම(එසැවීම)  නැතිනම් ආයාසය අඩුකරයි. නිදසුනක් ලෙස ඔබට රත්තල් 50ක පොත් මිටියක් පොළවෙන්  අඩි පහක් උසින් ඇති ලොරියක තට්ටුවට පැටවීමට අවශ්‍යය යි සිතමු. ඔබට කෙලින්ම පොත් මිටිය තට්ටුව වෙත එසැවිය හැකිය. එසේ නොමැතිනම්  බැවුම් මගක් හෙවත් ආනත තලයක් දිගේ එය තල්ලු කර හැකිය. එසේ තල්ලු කිරීම සඳහා වැයවන ආයාසය අඩුය. එහෙත් වැඩි දුරක් ඔස්සේ බලය යෙදවිය යූතුවේ. මේ අවස්ථා දෙකෙහිදීම ඔබ ඉට කරන කාර්යබාරය  එකමය: කෙටි දුරක දී වැඩි ආයාසයක්  වෙනුවට වැඩි දුරකදී අඩු ආයාසක් ලෙසටය.

‘යන්තර මිනිහා’ යන  පොදු ආමන්ත‍්‍රණ නාමයෙන් හැඳින්වූ, ඇලෙක්සැන්ඩ‍්‍රියාවේ  (ක්‍රි.ව. 100 ගණන්වල විසු) හෙරොන්  ග්‍රීක ජාතිකයෙකි. ඔහුට එම නම පටබදුනේ ඔහුගේ සුවිශේෂී නිපැයුම් හේතුවෙනි. සරල යන්ත්‍ර එකට එක් කර එක ගොඩකට දමා  දැක්වූ  ප්‍රථම ලේඛකයා ඔහුයි. සරල යන්ත්‍ර දෙකක් හෝ වැඩි ගණනක් එකට එක් කිරීමෙන් සංකීර්ණ යන්ත්‍රයක් නිපදවන අන්දම ඔහු සිය Mechanica  නම් ග්‍රන්ථයේ සඳහන් කරයි. ඉතින්,  ඒ කාලයේ දී සංකීර්ණ යන්ත්‍රයක් කිවේ කැටපෝලයකට හෝ නැවක රුවලකට විය හැකියි.

සරල යන්ත්‍ර  ගණ හෙවත් කොටස් දෙකකට ගොනු කර දැක්විය හැකිය. එක ගණයක් වන්නේ  ලිවර ගණයයි. අනෙක ආනත තල ගණයයි. මෙය මෙලෙස පැහැදිලි කළහැකිය:  රෝදය සහ දණ්ඩ(ඇක්සලය) යන දෙකම එකම නියමයක් අනුව ක්‍රියා කරන අතර කූඤ්ඤ, වෙනත් වෙස් ගත් ආනත තලය.

ලිවර ගණය

ලිවරය

සොයාගත් දිනය: ප්‍රාග්ඓතිහාසිකයි

දැනට දන්නා අන්දමට මුලින් භාවිත කරන්න ඇත්තේ: ආදී මානවයන් විසින් කුඩා සතුන් සෙවීමට පොලව හැරිම හෝ ගල් යට සෙවීමට ගල පෙරලීමට

වත්මන් නිදසුන්: බෝතල් විවරකරණය, බිලිපිත්ත, ගිරය

රෝදය සහ දණ්ඩ

සොයාගත් දිනය: මැද පෙරදිග දී ක්‍රි:පූ: 4000 සිට 3500

දැනට දන්නා අන්දමට මුලින් භාවිත කරන්න ඇත්තේ: කුඹල්        සකපෝරුව

වත්මන් නිදසුන්: ටයර, නුල් කටින් යන්ත්‍රය, සුළං මෝල්

කප්පිය

සොයාගත් දිනය: ක්‍රි:පූ: 8000 සිට 1000

දැනට දන්නා අන්දමට මුලින් භාවිත කරන්න ඇත්තේ: දොඹකරයක කොටසක් ලෙස විය හැකියි

වත්මන් නිදසුන්: කොඩිගහ, රෙදි වැල, (විදුලි)සෝපානය

ආනත තල ගණය

ආනත තලය

සොයාගත් දිනය: ප්‍රාග්ඓතිහාසිකයි

දැනට දන්නා අන්දමට මුලින් භාවිත කරන්න ඇත්තේ: මැද පෙරදිග හා ඊජිප්තුවේ පිරිමිඩ වැනි ව්‍යුහයන් තැනීමට. ඇත්තටම ඊට පෙරත් භාවිත වන්නට ඇත

වත්මන් නිදසුන්: බැවුම් මං, කඳුකර මාර්ග, එස්කලේටරය

 

ඉස්කුරුප්පුව

සොයාගත් දිනය: ක්‍රි:පූ: 400 සිට 200 ගණන්

දැනට දන්නා අන්දමට මුලින් භාවිත කරන්න ඇත්තේ: මැද පෙරදිග හා ඊජිප්තුවේ අතින් කරකවන ජාල පොම්ප සඳහා

වත්මන් නිදසුන්: විදින කටුව(බුරුමය), අවරපෙත්ත, කස්කුරුප්පුව

කූඤ්ඤය

සොයාගත් දිනය: ප්‍රාග්ඓතිහාසිකයි(පුරා විද්‍යාඥයන්ට අනුව ක්‍රි:පූ: වසර මිලියන 2.6කට පෙර)

දැනට දන්නා අන්දමට මුලින් භාවිත කරන්න ඇත්තේ: දඩයමට හා ඉඳිකිරීම් සඳහා

වත්මන් නිදසුන්: නියන, පොරව, ඊ හිස

මෝටර් රථයක් යනු සරල යන්ත්‍ර බොහොමයක් උපයෝගී කරගෙන තනු ඉතා සංකීර්ණ යන්ත්‍රයකි

 

 Kids Discover හි  පළවූ What Is a Simple Machine යන ලිපිය ඇසුරෙනි

 

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: