ජීවය පවතින ග‍්‍රහලෝක අතරට එක්විය හැකි නවතම ග‍්‍රහලෝකය – II කොටස

Posted by

ජීවය පවතින ග‍්‍රහලෝක අතරට එක්විය හැකි නවතම ග‍්‍රහලෝකය – II කොටස

දුර ඈත තාරකාවක් වටා භ‍්‍රමණය වන LHS 1140b ග‍්‍රහලෝකය විද්‍යාඥයන් විසින් සොයා ගනු ලැබීමත් සමගම ආගන්තුක ජීවීන් සෙවිය යුතු ග්‍රහ ලැයිස්තුවේ මුලටම එම ග‍්‍රහලෝකය පැමිණ ඇත. ඒ පිළිබඳව රචිත කොටස් 2 කින් යුත් ලිපියෙහි  මුල් කොටස ඊයේ පළවිය. LHS 1140b ස්කන්ධය යථාතථ්‍යව මැනීම ද එහි වායුගෝලය ගැන  අවබෝධයක් ලබා ගැනීමට වැදගත් වෙතැයි නව සොයා ගැනීම පිළිබඳ සකසන ලද පර්යේෂණ වාර්තාවේ ප‍්‍රධාන කතෘ, හාර්වඞ්  ස්මිත්සෝනියානු තාරකා භෞතික විද්‍යා මධ්‍යස්ථානයේ ජේසන් ඩිට්මාන් පෙන්වා දෙයි.

ඩිට්මාන් සහ සගයන් LHS 1140bහි එකී ඝනත්ව යථාතථ්‍ය  මිනුම ලබා ගත්තේ අරීය ප‍්‍රවේග ශිල්ප ක‍්‍රමය (radial velocity technique) යනුවෙන් නම් කෙරුණු වෙනත් ක‍්‍රමයක් උපයෝගී කර ගනිමිනි. මෙහිදී සිදු කෙරෙන්නේ විද්‍යාඥයන් බහීර් ග‍්‍රහයා සිය ධාරක තාරකාව කෙරෙහි ඇති කරන ඇදිල්ල(tugs) විද්‍යාඥයන් විසින් පරීක්ෂා කරනු ලැබීමයි. බහීර් ග‍්‍රහයන්ගේ ස්කන්ධය සහ ඝනත්වය යථාතථ්‍ය ලෙස මැනීමේ අවස්ථා එතරම් විරල නොවේ. එහෙත් ඇතැම් පද්ධතිවල දී මෙය අසීරු විය හැකිය. මීට උදාහරණයක් ලෙස TRAPPIST-1 මණ්ඩලයේ තනි තරුවක් වටා කරකැවෙන හත්දින්න ග‍්‍රහ පොකුර දැක්විය හැකිය. මේ තාරකා මණ්ඩලය පෘථිවියේ සිට ආලෝක වර්ෂ 39 ක් පමණ ඈතය. ‘‘එම ග‍්‍රහයන් 7 දෙනා අතුරෙන් නිවැරදිව ඝනත්වය මනිනු ලැබුවේ ඉන් එකක පමණකි. ඒ අනුව පෙනී ගියේ එය පාෂාණමය ග‍්‍රහයෙකු නොවන බවයි ස්මිත්සෝනියානු තාරකා භෞතික විද්‍යා මධ්‍යස්ථානයේ(Harvard-Smithsonian Center for Astrophysics-CfA)  නිවේදනයක සඳහන් වේ.’’ ඒ අනුව ඉතිරි ඒවායින් කිහිපයක් හෝ සියල්ලම පාෂාණමය නොවිය හැකිය.

ජීවය සොයා ග‍්‍රහලෝක ගවේෂණය කිරීමේ දී පසු විපරම් කිරීම සඳහා LHS 1140b යෝග්‍යතම වස්තුවක් වන්නේ භ්‍රමණයවන(එය යම් තාරකාවක් වටා කරකැවෙයි ද හෙවත් භ‍්‍රමණයවෙයි ද එම), තාරකාවේ වර්ගය නිසාවෙන් බව ඩිට්මාන් සහ සගයෝ කල්පනා කරති. එම තාරකාව අපේ සූර්යයාට වඩා බෙහෙවින් වෙනස් වන්නේ වී නමුත් LHS 1140 නම් තාරකාව M පංතියේ වාමන තරුවකි. (මේවා රතු වාමනයන් ලෙස ද හැඳින්වේ).  එය අපේ සූර්යයාගේ ප‍්‍රමාණයෙන් පහෙන් එකක් පමණ වේ. එමෙන්ම කැපී පෙනෙන මට්ටමකින් සිසිල්ය.

ප‍්‍රභාවත් තාරකාවක් වටා භ‍්‍රමණය වන බහීර් ග‍්‍රහයන් අධ්‍යයනය කිරීම අතිශය දුෂ්කරයි. ඊට හේතුව තාරකාවේ ආලෝකය හමුවේ ග‍්‍රහයාගේ එළිය වියැකී යාමයි. වඩාත් සිසිල්, ප‍්‍රභාවෙන් අඩු තාරකාවක් වටා කරකැවෙන ග‍්‍රහයෙකු සම්බන්ධයෙන් මේ ප‍්‍රශ්නය මදක් ලිහිල් වේ. මෙයටත් අමතරව, ගැලැක්සියේ වඩාත් බහුල M පංතියේ වාමන තාරකාය. මෙම කාරණාව, වාසයෝග්‍ය ග‍්‍රහලෝක සෙවීමේ දී සිය ඉලක්ක ලෙස රතු වාමන තාරකාම තෝරා ගැනීමට විද්‍යාඥයන්ව මෙහෙයවනු ලැබ ඇත.

කෙසේ වෙතත්, මේ (සාපේක්ෂව) ප‍්‍රභාවෙන් හීන රතු වාමන තාරකා ඒවායේ ආරම්භක අවධියේ බෙහෙවින් ප‍්‍රචණ්ඩ ස්වරූපයක් උසුලයි. එම තාරකා සිය ග‍්‍රහ මණ්ඩලයේ අළුත බිහි වූ ග‍්‍රහලෝක වෙත දරුණු පාරාජම්බුල විකිරණ හා එක්ස් කිරණ තදින් යොමු කරන්නේ ද්‍රව ජලය වාෂ්පීකරණයට ලක් කිරීමේ ඉඩකඩක් මෙන්ම මුල් ජීව ස්වරූප උපන් ගෙයිම වැනසීමේ හැකියාවක් ද ඇතිවයි. නව අධ්‍යයන වාර්තාව අනුව LHS 1140 තාරකාව සාපේක්ෂව ‘සන්සුන්’ රතු වාමනයකි. මේ හා  සංසන්දනයේ දී TRAPPIST-1 මණ්ඩලය මධ්‍යයෙහි ඇති තාරකාව සාපේක්ෂ බහුලතාවයකින් දරුණු විකිරණ ‘ප්‍රහාර ’ යොමු කරයි. තවද එම තාරකාව X කිරණ තරංග ආයාම ඔස්සේ ප‍්‍රබලව විකිරණය කරන බව සොයාගෙන ඇතැයි ද ඩිට්මාන් කියයි. අඳුරු, රතු තාරකාවක් වටා වාසයෝග්‍ය කලාපයක ග‍්‍රහයෙකු ස්ථානගත වීමට නම් එය (පෘථිවිය අපේ තාරකාව වන සූර්යයා වටා කක්ෂගතව ඇතිවාට වඩා) බොහෝ ආසන්නයේ කක්ෂගතව හැසිරිය යුතු යුතුය. හැබැයි එසේ වීමම නිසා, එවැනි ග‍්‍රහලෝකවලට සිය ධාරක තාරකාවේ දරුණු විකිරණ ‘සංග‍්‍රහයන්’ භුක්ති විඳීමට ද සිදුවේ.

මෙම තාරකාව පිළිබඳ වඩාත් හොඳින් සොයා බැලීම පිණිස හබල් අභ්‍යවකාශ ටෙලස්කෝපය භාවිතා කිරීමට තම පර්යේෂක කණ්ඩායමට අනුමැතිය ලැබී ඇතැයි ඩිට්මාන් පවසයි. එකී පාරජම්බුල කිරණ හා X කිරණ තරංග ආයාම්වල දී මෙම තාරකාව කෙතරම් ප‍්‍රභාවත් දැයි දැක ගැනීමට එවිට ඔවුනට අවස්ථාව සැලසේ. ‘‘ ඔය තාරකාව බොහොම අපූරුයි කියලා තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. ඒත් ඉතින් සොයා බලන එක වැදගත් නේ’’ හෙතෙම පැහැදිලි කරයි LHS 1140b’s ග‍්‍රහයාගේ වායුගෝලය පිළිබඳ දත්ත එක්රැස් කිරීමට හබල් යොදා ගැනීමට ද කණ්ඩායම අපේක්ෂා කරයි. 2018 දී දියත් කිරීමට නියමිත ජේම්ස් වෙබ් අභ්‍යවකාශ ටෙලස්කෝපය සහ 2020 වනවිට ක‍්‍රියාත්මක වීමට නියමිත මැගලන් දැවැන්ත ටෙලස්කෝපයද මේ සඳහා යොදා ගැනීමට අපේක්ෂිත යි.

 

LHS 1140b ග‍්‍රහයා මත ජීවය සොයා ගැනීමට බාගදා විද්‍යාඥයන්ට නොහැකිවීමට ඉඩ ඇත. එහෙත් මේ ග‍්‍රහයා සතු සුවිශේෂී ගති ලක්ෂණ, M පංතියේ වාමන තාරකාවක් වටා ග‍්‍රහයන් පරිණාමය වන්නේ කෙසේ දැයි විද්‍යාඥයන්ට හැදෑරීමට කදිම අවස්ථාවක් සැලසෙනු ඇත. ‘‘ගැලැක්සියේ වඩාත්ම බහුල තාරකා වර්ගය M පංතියේ වාමනයන්ය. ඒ  සමගම LHS 1140b ග‍්‍රහයා සොයා ගැනීමට හැකිවීම හේතුවෙන්, මේ තාරකා වටා භ‍්‍රමණය වන ග‍්‍රහලෝක වාසයෝග්‍ය දැයි දැන උගෙනීමට මෙය ඉතා කදිම අවස්ථාවක්’’ යයි වොෂිංග්ටන් විශ්ව විද්‍යාලයේ තාරකා විද්‍යා මහාචාර්ය වික්ටර් ටෙඩෝස් කියා සිටියි. හෙතෙම මේ අධ්‍යයනයට සම්බන්ධ නොවූවෙකි. ‘‘M වාමන තාරකා කක්ෂගතව සිටින LHS 1140b වාසයෝග්‍ය වේ නම් අපේ ගැලැක්සිය පුරා ජීවය ව්‍යාප්තවීමේ ඇති ඉඩකඩ තවත් ඉහළ යනවා’’ යනුවෙන් මහාචාර්යවරයා ප‍්‍රකාශ කරයි.

මෙම ලිපියේ I කොටස ඊයේ thathu හි පලවිය.(මෙතනින්කියවන්න)

Space.com හි පළවූ Newfound Alien Planet Is Best Place Yet to Search for Life යන ලිපිය ඇසුරෙනි

 

 

එක් ප්‍රතිචාරයක්

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.