විදු නැන නුවණ – Science Literacy for All

ආක්ටික් සාගරයේ කොටස් අත්ලන්තික් සාගරයට යොමු වෙයි

දේශගුණික විපර්යාසයන් කලාපය පුරා පැතිරෙද්දී ආක්ටික් සාගරය පුදුමාකාර සීඝ‍්‍ර සංක‍්‍රාන්තියකට ලක්වෙමින් පවතී. සිදුවෙමින් පවතින විපර්යාසයන් පිළිබඳ අළුත්ම නිදසුන වටහා ගැනීමට මග පාදන නවතම පර්යේෂණ පෙන්වා දෙන්නේ ආක්ටික් සාගරයේ කොටසක් අත්ලන්තික් සාගරයේ ස්වරුපයට  වඩාත් සමීප ස්වරුපයක් දක්වන බවයි. සාගරයේ ඵලදායිතාව හා රසායනය වෙනස් කරමින් උණුසුම් ජලධාරා ස්කැන්ඩිනෙඩියාව හා රුසියාවට උතුරින් සාගරයට ගලා එයි. මෙය මුහුදු අයිස් පසු බැස්වීමට මග සලසන අතර, ගිම්හාන අයිස් නැත්තටම නැති කිරීමේ ක‍්‍රියාදාමයකට මුල පිරිය හැකියි. ‘‘2015 අයිස් වලට ඉතා අහිතකර වර්ෂයක් වුණා.  එවැන්නක් අතීතයේ අත් විඳ නැහැ. ඉතින් එය අපව  දිරි ගැන්වූවා ඇයි එහෙම වෙන්නේ කියලා සොයන්න. මෙවන් විශාල වෙනස්කම් ඇති වන්නේ කුමකින් ද?’’  ඉගෝර් පොලියැකොව් පවසයි. ඇලස්කා විශ්ව විද්‍යාලයේ සාගර විද්‍යාඥයෙකු වන ඔහු මෙම නව අධ්‍යයනයේ ප‍්‍රධාන කතෘවරයයි.

අධ්‍යයනයේ සොයා ගැනීම් Science  සඟරාවෙහි පළ කෙරුණි. ඉන් කියැවෙන අන්දමට උණුසුම් වාතය ද යම් දායකත්වයක් සපයන අතර කලාපය මුලික වෙනස් කරවන සුළු ප‍්‍රතිඵල ගෙන එන්නේ සාගරය තුළම සිදුවන ක‍්‍රියාදාමයන් හේතුවෙන්ය. මෙම විපර්යාසයන්, ආක්ටික් කලාපය සිය වාස භූමිය කරගත් ජනතාව, සත්වයින් හා ශාක කෙරෙහි බලපෑම් ඇති කරයි. එපමණක් නොව, මෙයට කලින් අයිස් යට හිර වී සැඟව තිබූ සම්පත් එළිමත්තට පැමිණීමත් සමගම හා නැව් මාර්ග විවෘත වීමත් සමගම එම විපර්යාස මගින් භූ දේශපාලනික ආතතියන් තව තවත් ඇති කිරීමට ද ඉවහල් වෙයි. නැගෙනහිර ආක්ටික් සාගරයේ විස්ථාපනය ඉස්මතු වන්නේ සාගර ස්තරම වෙනස් කරවමිනි. ආක්ටික් සාගරයේ නැගෙනහිර කොටස වසාගෙන ලවණ ගතිය අඩු,  සිසිල් වැස්මක් ඇත. මෙම වැස්ම යට උණුසුම් ලූණු ගතියෙන් යුත් ආක්ටික් ජලයෙන් සැදි දියකඩිත්තකි. ඊට මෑතක් වනතුරුම, මතුපිටට ඒමේ අවස්ථාවක් සොයා ගත නොහැකිව තිබුණි. එකී  ස්තාරයනය හෙවත් තට්ටු ගැසීම (stratification) හේතුවෙන් උණුසුම් ජලයේ ග‍්‍රහණයට හසු නොවී අයිස් ආරක්ෂා වී පැවතිණ.

1970 ගණන් වල සිට සාගරය ස්තරිභූතවීම (තට්ටු වශයෙන් සෑදීම) ක‍්‍රමයෙන් අඩු වෙන්නට පටන් ගෙන තිබේ.   බෝයාවන්  සහ චන්ද්‍රිකා වලින් ලබා ගත් දත්ත යොදා ගනිමින් පොලියැකොව් සහ පර්යේෂක කණ්ඩායමට පසුගිය දශක එකහාමාර තුළ කැපී පෙනෙන විස්ථාපනයක් සොයා ගත හැකිවිය.  2002 වසරේ සිට ස්තර අතර ජල උෂ්ණත්වයේ වෙනස ෆැරන්හයිට් 20 පමණ පහත වැටී ඇත. 2013-2015  ශීත සෘතුවේ දී ගැඹුරේ ජලය සහ මතුපිට ජලය වෙන් කරන වැස්ම සමහර ස්ථානවල සම්පූර්ණයෙන්ම අතුරුදන් විය. මෙය, උණුසුම් අත්ලාන්තික් ජලය මතුපිටට පැමිණ තව දුරටත් කැටි අයිස් (sea ice pack) තුළට කාවැදුණි. ඒ අතර වාරයේම,  උණුසුම් වාතය හේතුවෙන් තව දුරටත් මුහුදු අයිස් අඩු කෙරුණු අතර සාගර ස්තර තව දුරටත් මිශ‍්‍ර වීමට මග පෑදීය.

මෙහි ප‍්‍රතිඵලය වන්නේ අයිස් වලින් තොර අත්ලාන්තික් සාගරය යම් ආකාරයට සිහිගන්වන ආකාරයකට,  නැගෙනහිර ආක්ටික් සාගරයෙන් දළ වශයෙන් තුනෙන් එකක් නොවැරදීම හරවන ප‍්‍රතිපෝෂණ ලූපයකි. ‘‘නැගෙනහිර ආක්ටික් සාගරයේ ක්ෂණික වෙනස්කම් සාගර අභ්‍යන්තරයෙන් තාපය වඩාත් මුහුදු අයිස් පතුල වෙත ඒමට ඉඩ සලසන්නේ ඉන් දේශගුණික විපර්යාසයයන්ට එය වඩාත් සංවේදී කරමිනුයි.’’ පොලියැකොව් පවසනවා. ‘‘සෘතුමය වශයෙන් මුහුදු අයිස් වැස්මක් පමණක් සහිත ආක්ටික් සාගරයක් නිර්මාණය වීම දෙසට ඇදෙන ගමනේ මෙය විශාල පියවරක්. ’’

ඇති වී තිබෙන විපර්යාසයන් දැනටමත් කලාපය තුළ දැක ගත හැකියි. 2011 සිටම මෙම කලාපය ගිම්හාන සෘතුවේ දී බොහෝ කොට අයිස් වලින් තොරය. ශීත සෘතුවේ මුහුදු අයිස් උපරිමය පිට පිට වසර තුනකදී ම වාර්තාගත අවම මට්ටමක පවතී. (මේ ගැන සැකසුණු තතු ලිපියක් 2017අප්‍රියෙල්  7 දා පළ විය). මෙයට විශාල වශයෙන් වගකිව යුත්තේ නැගෙනහිර ආක්ටික් ප‍්‍රදේශයේ අයිස් නැතිකමයි. මුහුදු අයිස් විපර්යාසයන් ප‍්‍රබල බලපෑම් ඇති කර තිබේ. Science සඟරාවේ පළ වූ වෙනත් පර්යේෂණ වාර්තාවක් පෙන්වා දෙන්නේ අයිස් තට්ටුව තුනීවීම නිසා කලාපය පුරා ශාකප්ලාවාංග(phytoplankton) මතුවීමට මග  පෑදී ඇත.

ශාක ප්ලවාංග යනු  ගෙදර දොරේ පෝච්චිවල සාමාන්‍යයෙන්  වගා කෙරෙන ආකාරයේ කුඩා පැලෑටිය. ඒවායේ මල් හට ගැනීමට හිරු එළිය අවශ්‍යයයි. එහෙත් එලෙස මල් හට ගැනීම මුහුදු අයිස් ඝනව පැවතීම හේතුවෙන් මෑතක් වනතුරුම වැළකී තිබුණි. නව සොයා ගැනීම පෙන්නුම් කරන්නේ පසුගිය දශකය තුළ ආක්ටික් හි සියයට 30 ක් පමණ ගිම්හාන මල් හට ගැනීමට සූදානම්ව පවතින බවයි. ‘‘පර්යේෂණ ප‍්‍රතිඵල දෙකම පෙන්නුම් කරන්නේ ආක්ටික් සාගරය අතීතයේ තිබුණාට වඩා බොහෝ වෙනස් ස්ථානයක් බවට පරිවර්තනය වී ඇත්තේය යන්න’’ යයි හාවඞ් හි සාගර විද්‍යාඥයෙකු වන ක‍්‍රිස්ටෝපර් හොවාට් පෙන්වා දෙයි. ශාක ප්ලවාංග අධ්‍යයනය මෙහෙයවනු ලැබුවේ ඔහු විසිනි. ‘‘ජලයේ ගමන් මග වෙනස් වෙමින් පවතිනවා. පාරිසරික තත්ත්වය වෙනස් වෙමින් පවතිනවා. මේ සියල්ල සිදුවන්නේ මුහුදු අයිස් කෙත් ඝන වීමෙනුයි.’’ හොවාට් වැඩි දුරටත් සඳහන් කරයි.

2002 වසරේ පර්යේෂණ කටයුතු වලට පැමිණි අවස්ථාවට වඩා දැන් නැගෙනහිර ආක්ටික් සාගරයෙහි කඩිනමින් ඇති වී තිබෙන වෙනස්කම් සෘජුවම තමන් අත් විඳින බව පොලියැකොව් සඳහන් කරයි.

Live Science හි පළවූ  Parts of the Arctic Ocean Are Turning into the Atlantic යන ලිපිය ඇසුරෙනි (මුල් ලිපිය Climate Central හි පළවිණ)

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: