විදු නැන නුවණ – Science Literacy for All

ගස් සංක‍්‍රමණය වෙන්නේ කොහොමද?

සංක‍්‍රමණය වෙනවා ගමන් කරනවා ආදී වශයෙන් පවසන විට අපට නිතැතින්ම මතක් වෙන්නේ මිනිසුන් සතුන් ආදියයි. ඔව්, බැක්ටීරියා වෛරසය ආදියත් සංක‍්‍රමණය වනවා නේ. ඒත් ඉතින් ශාකත්  සංක‍්‍රමණය වෙනවාද? පරාගන උපක‍්‍රමයක් හැටියට ශාක කොටස් විවිධාකාරයෙන් තැනකින් තැනකට සංක‍්‍රමණය වුණත් සම්පූර්ණ ගහක් තැන් මාරු කළ හැකිද? මහ  දැවැන්ත වෘක්ෂයක් ගැන හිතන කොට අපගේ සිතට එය ගමන් කරතැයි දැනෙයිද? එහෙත් ඇත්තටම එලෙස සිදුවෙයි. බොහොම සෙමින් වුණත් ගස් සංක‍්‍රමණය වෙයි. පාරිසරික විපර්යාසයන් සහ මනුෂ්‍යයන්ගේ අන්තර් කි‍්‍රයාකාරකම් හමුවේ ගස් සිය පැවැත්ම තකා චලනය වී ඇත.

අයිස් සමයේ සිට ගස් උතුරු දිග බලා සංක‍්‍රමණය වීමට හේතුව වශයෙන් විද්‍යාඥයන් දක්වන්නේ ගෝලීය උණුසුම බව කිව යුතුයි. ශාක සංක‍්‍රමණ රටා පිළිබඳ දත්ත විශ්ලේෂණය පෙන්නුම් කරන්නේ 20 වැනි සියවසේදී පමණක් ප‍්‍රංශයේ කඳුවැටි හයක් තුළ ගස්, පිහිටි ස්ථානවල සිට අඩි හැටක වෙනසක් පෙන්නුම් කරයි. ශාක සංක‍්‍රමණ රටා පැහැදිලිව දැක ගත හැකි ප‍්‍රදේශ අතුරෙන් මෙය එකකි. චලනය වන ගස් කෙරෙහි පක්ෂී සංක‍්‍රමණ රටාවල ද එක්තරා බලපෑමක් කර ඇති කරයි. විශේෂයෙන්ම ශාක බීජ රැගෙන ගොස් වෙනත් ස්ථානවල බහාලන පක්ෂීන්ගෙන් මෙවන් බලපෑම් ඇති වේ.

හඳුනාගැනීම

ගස් සංක‍්‍රමණය වන විට ඒවා ගමන් කරන්නේ කණ්ඩායම් වශයෙනි;  මුළු කැලෑවක්ම වැනි කණ්ඩායම් වශයෙනි. අලූත් ප‍්‍රදේශ ස්ථාපිත වන අතර මුලින් පැවති වපසරිය හීන වීමට පටන් ගනී.  සුළඟ මගින් හෝ පක්ෂීන් මගින් විස්ථාපිත බීජ ද මේ සංක‍්‍රමණයේදී කාර්ය භාරයක් ඉටු කරයි.

කිසියම් වූ ශාක විශේෂයක වර්ධනයට යෝග්‍ය පාංශු සංයුතිය හා වායු තෙතමන අනුපාත තීරණය කිරීමේ දී දේශගුණ විපර්යාසයන් වැදගත් වැඩ කොටසක් ඉටු කරයි. පසුගිය දශක දෙකක කාලය මුළුල්ලේ වනයේ ගස්වල ඉම සැලකිය යුතු ආකාරයකින් චලනය වී ඇතැයි ස්වීඩනයේ පර්යේෂකයෝ වාර්තා කරති. එම පර්යේෂකයන් කියා සිටින්නේ මෙම විපර්යාසයන්  සියයට 75කටම හේතු වී ඇත්තේ හරිතාගාර වායු බවයි.

පරිණාමය

මුල්ම ශාක පැවතියේ මෙයට වසර මිලියන 500කට පමණ පෙර, ජලගතවය. ගොඩබිම ජීවිතයට හැඩ ගැහී පැවතීමට, ශාකවලට තවත් වසර මිලියන 170ක් පමණ ගත වීය. ගොඩ බිමට අනු ගත වූ ශාකවලට තරම් ආරක්ෂාවක් දිය යට ශාකවලට අවශ්‍ය නොවීය. ජල පාදක පරිසරයක සිට  වියළි පසක් සහ වාතය සහිත පරිසරයක් වෙත සංක‍්‍රමණය වීම පිණිස ශාක අද අපට දැකිය හැකි ආකාරයේ පිටපොත්ත වර්ධනය කර ගත්තේය.

ගුරුත්වයට අදාළ කාරණා ද මෙහි දී  ඉස්මතුවේ. එහි බලපෑම හේතුවෙන් ශාකවලට චලයන්(rings),  මූල සන්ධි සහ අභ්‍යන්තර අතු බැඳීම් වශයෙන්සහායක සැකිල්ලක් ගොඩ නගා ගැනීමට  අවශ්‍ය  විය. පොළොවෙහි සිට පත‍්‍ර දක්වා ජලය සහ පෝෂක රැගෙන යාම සැලකිල්ලට ගන්නා විට, මෙකී ආවරණ ශාකවල පරිවර්තික කි‍්‍රයාදාමය(metabolic processes) වසන් කිරීමට මග පෑදීය. මෙකී අනුවර්තන කි‍්‍රයාදාමයට වසර මිලියන 100කට වැඩියෙන් ගත විය.

ප‍්‍රතිඵල හෙවත් බලපෑම්

වෙනස්වන දේශගුණික තත්ත්වයන් හමුවේ ශාක සංක‍්‍රමණය සිදුවන බව අධ්‍යයන මගින්  දිගින් දිගටම පෙන්වා දෙනු ලැබ ඇත.  ඕනෑම පරිසර පද්ධතියක් තුළ ශාක සුවිශේෂී හා සුවිසාල අංගයක් නිසා,  ශාක සංක‍්‍රමණය ගෝලීය දේශගුණික විපර්යාසයන් කෙරෙහි බලපෑම් ඇති කරයි.  ශාක සංක‍්‍රමණය වනාහී ඇත්තටම අනුවර්තී යාන්ත‍්‍රණයකි. පැවැත්මක් සහිත අනෙකුත්  ඕනෑම ජීවියෙකු ඇත්තටම අනුවර්තී යාන්ත‍්‍රණයෙහි අනෙකුත්  ඕනෑම සජීවියෙකු සම්බන්ධයෙන් වාගේම පවතින තත්ත්වයන් ඇතුළත ගැලපීම පිණිස ශාකද අනුවර්ත  සිදු කෙරේ.

සැමදාමත් ඒවායින් සිදු කලාක් මෙන්  ශාක, අඛන්ඩව ඉදිරියටත්  අපට වාසි සලසනු ඇත. කෙසේ වෙතත්,  අවට ලෝකයේ සිදුවන විපර්යාසයන් අනුව යමින් ඒවායින් සැලසෙන වාසිද වෙනස් වනු ඇත. ශාක උතුරු දිගට තවදුරටත් සංක‍්‍රමණය වෙද්දී එහි ප‍්‍රතිඵලයක් ලෙස ඒවායින් සැලසෙන පිරිසිදු වාතයද ඒවා සමග රැගෙන යනු නොඅනුමානය.

ශාක ප්‍රජන්නයෙහි යෙදෙන්නේ කෙලෙස ද?

වගාකිරීම මාර්ගයෙන් අලිංගකවද පිරිමි හා ගැහැනු ප‍්‍රජනන පද්ධති අතර පරාග හුවමාරුවීමෙන් ලිංගිකවද ශාක ප‍්‍රජනනය කරයි. සුළඟින් සිදුවන පරාගනය, පරාගකයන්ගේ කාර්ය භාරය,  බීජ ව්‍යාප්තිය, කැපූ කඳන් ආදී වශයෙන් ශාක ප‍්‍රජානනය සිදුවන ආකාරය ගැන තතු ලිපියක් ඉදිරියේදී බලාපොරොත්තු වන්න.

 eHow Discover හි පළවූ  How Do Trees Move? යන ලිපිය ඇසුරෙනි

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: