විදු නැන නුවණ – Science Literacy for All

මානව වංශ කතාව II කොටස

                                                              මෙහි මුල් කොටස ඊයේ තතු හි පළවිය

මහා පිපිරුමේ සිට වත්මන දක්වා මානව වංශ කතාව යන මැයෙන් ඊයේ තතු හි පළ වූ ලිපිය අවසන් කළේ ඩයිනොසෝර උරගයන්ගේ ඇවෑමෙන් ක්ෂීරපායි පරම්පරාවේ උදවිය මේ මිහිතලය මත තම අණසක පතුරුවා හැරීම ඇරඹී අවස්ථාව දක්වමිනුයි. ඒ අනුව මෙයට වසර මිලියන 5 ක් වනවිට අප‍්‍රිකාවේ ඇතැම් වානරයන් කෙළින් නැගිට සිට ඇවිදයාමේ කලාව ප‍්‍රගුණ කර තිබුණි. මොවුන් තමයි හොමිනිඩායි හෙවත් ආදි මානවයන් (hominids). ඉන් අනතුරුව එළඹි මිලියන කිහිපය තුළ ඔවූහු අප‍්‍රිකාවවේ සැරිසැරූහ. විද්‍යාඥයන් ඔවුන්ව වර්ග කළේ ඔස්ට‍්‍රපොලිතිකස් ගණයට (genus Australopithecus) අයත් උදවිය ලෙසටයි. මේ ගණයේ එකිනෙකට වෙනස් හෙවත් විවිධ සාමාජික විශේෂ අඩු තරමින් හතක්වත් විය.

එහෙත්, වසර මිලියන 2.5 කට පමණ පෙර ඔස්ට‍්‍රපොලිතිකස් ගෙන් අළුත් වංශාවලියක්  ශාඛා වශයෙන් බෙදිණ. මෙය දැන් හඳුන්වනු ලබන්නේ හෝමෝ ගණය ලෙසටය. මේ සම්බන්ධයෙන් වඩාත් පතළ අදහස වන්නේ නව වංශාවලියේ ප‍්‍රථම සාමාජිකයා හෝමෝ හැබ්ලිස්(Homo habilis) යන්නය. වසර මිලියන දෙකක් පමණ පෙර දී වන විට හෝමෝ ඉරෙක්ටස්(Homo erectus) වශයෙන් දැන් හඳුන්වනු ලබන ආදිතමයන් නැගෙනහිර අප‍්‍රිකාවේ යහතින් වැජඹෙමින් සිටි අතර කල් නොඉක්මවා යුරේසියාවේ සහ ආසියාවේ ප‍්‍රචලිත වන්නට විය. ආයුධ වැඩි දියුණු කිරීමට සමාන්තරව හෝමෝ වංශාවලියේ මොළ පරිමාවෙහි ද  සීඝ‍්‍ර ප‍්‍රසාරණයක් ඇති විය. කෙසේ වෙතත් නියැන්ඩර්තාල් ආදී මානවයන් ආයුධ වැඩි දියුණු කිරීමෙහි දී පසු බෑමකට ලක් වූ බවක් පෙන්නුම් කෙරිණ. ඒ අතරේ, හෝමෝ සේපියන්ස් තාක්ෂණය, සංස්කෘතිය හා සම්ප‍්‍රජානනය අඛණ්ඩව ඉදිරියට ගෙන ගියේ අපේ මානව ආදිතමයන් පෘථිවිය මත නව (භූ)ගෝලීය බලයක් බවට පරිවර්තනය කරමිනි. අවසානයේ දී එක් විශේෂයක් හැර අනෙක් සෑම හොමිනිඩායි විශේෂ සියල්ලම නෂ්ටප‍්‍රාප්ත වූහ. දැනට ඉතිරි,පැවැත්මක් සහිත  එකම හොමිනිඩායි විශේෂය මනුෂ්‍යයන්ය.

ආයුධ තැනීම පිළිබඳ දීර්ඝ කාලීන වාර්තා විමර්ෂණයෙහි යෙදෙන පුරා විද්‍යාඥයන් සාතුව ඇති ප‍්‍රබල සාක්ෂි අපව යොමු කරන්නේ මෙයට වසර 100,000 ක සහ  60,000 ක අතර කාලයේ මානවයන්ගේ බුද්ධියෙහි ඇති වූ පුදුම එලවන සුළු පිම්ම වෙතයි. එහෙත් කුතුහලය දනවන කාරණාවක් වන්නේ, ඔය කියන කාලය වනවිට ලෝකයේ මිනිස් ගහණය පුද්ගලයන් දහස් ගණනක් තරම් සුළු සංඛ්‍යාවක් දක්වා පහළ බැස තිබූ බව ජාන විද්‍යාඥයන් සොයා ගෙන තිබීමයි. මෙසේ ජනගහණය හිනවූයේ ඇයි යන්න ගැන තවමත් අපට හරි වැටහීමක් නැත. එසේ වුව ද  මෙයට වසර 73,000 කට පමණ පෙර සුමත‍්‍රා දුපතේ ටෝබා ගිනි කන්ද පුපුරා යාම අපට අමතක කර දැමිය හැක්කක් නොවේ. පසුගිය වසර මිලියන 30 ඇතුළත සිදු වූ විශාලතම යමහල් සිද්ධිය එය වූ අතර අඩි තිහක ඝනකමින් යුත් අළු තට්ටුවක් ඉන්දියාවේ තැන්පත් කිරීමටත්, වසර දාහක් මුළුල්ලේ පවතින්නට ඇතැයි සිතන ගෝලීය ශීත සෘතුවක් හටගන්ටත් එය මග පෑදීය. ටෝබා සිද්ධියෙන් ගැලවීමට සමත් වූ  නැගෙනහිර අප‍්‍රිකාවේ විසූ මානවයන් වනාහි,  නව එමෙන්ම වඩා හොඳ හෝමෝ සේපියන් කොට්ඨාශයක් බව පෙනී යයි. ඇතැම් විට ඔවුනට භාෂාවක් කතා කිරීමේ හැකියාව සහ එමගින් ප‍්‍රදානය කෙරුණු සහයෝගීතා සංස්කෘතියකට හිමිකම තිබෙන්නට ඇත. නූතන මිනිසා යනුවෙන් චර්යාමය වශයෙන් හඳුන්වනු ලබන මේ නව මානව කොට්ඨාශය වැඩි කල් නොගොසින්ම අප‍්‍රිකාවෙන් පිටව ලෝකයේ සෑම වාසයෝග්‍ය මහද්විප සියල්ල වෙත ව්‍යාප්ත වූයේ නියැන්ඩර්තාල් ආදී මානවයන් සහ ඉතිරිව සිටි අනෙකුත් සියළුම හොමිනිඩායි විශේෂයන්  නෂ්ටප‍්‍රාප්තය කරා තල්ලූ කරමිනි. ඒ මහා පිම්මෙන් පසුව නව මානවයන් සමග තරඟ කිරීමට තරම්  සාධාරණ අවස්ථාවක් පෘථිවිය මත කිසිම ප‍්‍රාණලාභීයෙකුට උදා නොවීය.

වසර මිලයන දෙකකට වැඩි කාලයක් මුළුල්ලේ මානව ආදිතමයෝ ජීවිතය ගත කළේ  දඩකරු-අන්නගවේෂකයන් (hunter-gatherers) ලෙස තැනින් තැන යමින්ය. පෘථිවියේ දේශගුණය වඩා උණුසුම් හා සෞම්‍ය වෙද්දී ප‍්‍රථම වතාවට මේ තත්ත්වය වෙනස් වූයේ මෙයට වසර 11,500 කට පමණ පෙරය. මැද පෙරදිග එවකට ජීවත් වූ ජනතාව කෑමට ගත හැකි ශාක ගැන අත්හදා බැලීම් කරමින් වඩා හොඳ ශාකවල බීජ තෝරාගෙන ආරක්ෂිත ස්ථාන හෝ ප‍්‍රදේශවල ඒවා වගා කරන්නට වූහ. ගෙඋයන් විදුව(horticulture)  යනුවෙන් හඳුන්වනු ලබන මේ ආකාර ගෙවතු වගාව පවත්වාගෙන යාමට නම් මිනිසුන් එක් තැනක රැඳී තමන්ගේ බව බෝගවලට සාත්තු කරමින් රැක බලා ගැනීම අත්‍යවශ්‍ය විය. කලින් ගෙවු තැනින් තැන යන එඩේඞ්ර ජීවන රටාවෙන් ක‍්‍රමයෙන් ඈත්වෙමින් වඩාත් උපවිෂ්ට, ස්ථීර වාසස්ථානවල ගත කරන ජීවිතයකට ඔවුහු පුරුදු වන්නට වූහ. මිනිස්සු සතුන් හිලෑ කරමින් සහකරුවන්, සේවකයන් මෙන්ම ආහාර මූලයන් ලෙස ද ඔවුන්ව ගෘහාශ‍්‍රිත ජීවිතයකට පුරුදු කරන්නට වූහ.

මෙයට වසර 10,000 කට පමණ පෙර වන විට පුරා විද්‍යා වාර්තා වල ජෙරිකෝ සහ කාටල්හොයුක්  වැනි විශාල ස්ථීර ජනාවාස පැන නගින්නට විය. වසර 5,200 කට පෙර මැද පෙරදිග ස්ථාන කිහිපයක දීම ප‍්‍රථම පුර රාජ්‍ය  දැක ගත හැකිවේ. එමෙන්ම පුරා විද්‍යා වාර්තා දක්වන අන්දමට ප‍්‍රථම වතාවට සමාජ ස්තරායනය(social stratification) හෙවත් විවිධ ස්තරවලට සමාජය බෙදීම් පැහැදිලිව දැක ගන්නට හැකිවේ. මේ තමයි ශිෂ්ටාචාරයේ ආගමනය. ලේඛනය සොයා ගැනීමත් සමග මානවයන්ට දැනුම වඩාත් ස්ථිර එමෙන්ම පාලිත ආකාරයට ලිවීමේ හැකියාව උදාවිය. ඒ වන විට අද ලෝකයේ පවතින්  ගති ලක්ෂණ ගණනාවක්ම විද්‍යා මානව තිබිණ. ඒවා අතර මධ්‍යගත බලය සහ ආණ්ඩු, හමුදා බලකායන් සහ යුද වැදීම, සංස්ථාගත ආගම්, පුරුෂ මූලික සමාජ, මූල්‍ය පද්ධති මහා පරිමාණ කෘෂිකර්මාන්තය, වෙළඳ ජාල සහ අධිරාජ්‍යය ද වේ.  චීනය, ඉන්දියාව, ඊජිප්තුව, පේරු, කේ‍්‍රට් සහ මැක්සිකෝව ඇතුළුව වෙනත් ස්ථාන බොහොමයක ඉක්මණින්ම ස්වාධීන ශිෂ්ඨාචාරයන් බිහිවන්නට විය. නම් ගම් හැරුණු කොට මේවායින් වැඩි යමක් පසුගිය වසර 5,000 මුළුල්ලේ වෙනස් වී නොමැත. මෙම ආකෘතිය ද අපට වඩාත් හොඳින් ඵලදායි වන්නේ?  නැති නම් මානව වර්ගයා යම් අළුත් දෙයක් වැළඳ ගැනීමට – බාගදා ඊළඟ මහා පිම්මට – සූදානම් ද?

මෙම ලිපියේ මුල් කොටස ඊයේ තතු හි පළවිය. අර්ථලාභය සඳහා එම  කොටස ද නොවරදවා කියවන්න.

 

Live Science හි පළවූ Humanity’s Journey, from the Big Bang to the Present ලිපිය ඇසුරෙනි

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: