විදු නැන නුවණ – Science Literacy for All

තාත්තලාගේ මොළ දුවරුන්ට සහ පුතුන්ට ප‍්‍රතිචාර දක්වන්නේ එකිනෙකට වෙනස් ආකාරයටයි

සිඟිති වියේ පසුවන දුවරුන් සිටින තාත්තලා සිය දරුවන් සමග අන්තර් කි‍්‍රයාකරන්නේ සිඟිති වියේ පුතුන් සිටින තාත්තලාට වඩා වෙනස් ආකාරයකට බව නව අධ්‍යයනයක් හඟවයි. පුතුන් සිටින පියවරු සමග සංසන්දනය කරද්දී දුවරුන් සිටින පියවරුන්, භාවිත කරන්නේ වෙනස් භාෂා විලාසයක් බවත්, සිය දියණියන්ගේ අවශ්‍යතා ගැන දක්වන අවධානම් මට්ටම් ද  වෙනස් බවත් පර්යේෂකයන්ට පෙනී ගොස් ඇත. මීට අමතරව ඔවුන්ගේ මොළ සිය දියණියන්ගේ ඡායාරූප කෙරෙහි දක්වන ප‍්‍රතිචාරය ද පුතුන් සහිත පියවරුන්ගේ ප‍්‍රතිචාරයන්ට වඩා වෙනස් බව මැයි 22 දා Behavioral Neuroscience  සඟරාවේ පළ වූ මෙම අධ්‍යයන වාර්තාවෙහි සඳහන් වේ.

මෙම හෙලිකිරීම්වලින් පෙනී යන්නේ පියවරුන්ගේ චර්යාවන්හි ලිංගිකත්වය පදනම් කරගත් වෙනස්කම්ය. මෙලෙස ලිංගිකත්වය පදනම් කරගත් වෙනස්කම් ප‍්‍රකට වන්නේ ළමුන් සිඟිති වියේදී පසුවන අවස්ථාවේ බව අධ්‍යයනයේ ප‍්‍රධාන කර්තෘ  ජෙනිෆර් මැස්කාරෝ පවසයි. ඇය ඇට්ලැන්ටාහි එමරි විශ්වවිද්‍යාල වෛද්‍ය පාසලේ පවුල් සහ නිවාරක වෛද්‍ය විද්‍යාව පිළිබඳ සහකාර මහාචාර්යවරියකි. අධ්‍යයනයට සම්බන්ධ වූ පියවරුන්ග් දරුවන් අවුරුදු 1-3ත් අතර විය.

දෙමාපියන් සිය පුතුන්ට සහ දුවරුන්ට සළකන්නේ වෙනස් ආකාරයකට යන්න වාර්තා කිරීමට ප‍්‍රශ්නාවලී පුරවද්දී පෙළඹුනේ ඉතා කලාතුරකින් බව මෙයට පෙර සිදු කෙරුණු පර්යේෂණවලින් පෙන්නුම් කෙරිණ. තවද පරික්ෂණාගාර වටපිටාවක දෙමාපියකු හා දරුවකු අන්තර් කි‍්‍රයා කරන ආකාරය පිළිබඳ මනෝ විද්‍යාත්මක නිරීක්ෂණ මගින් කෙරෙන අධ්‍යයන සැම විටම සාමාන්‍ය සත්කාරක සපයන්නෙකුගේ චර්යාවන් නියෝජනය වෙතැයි කිව නොහේ.

සැබෑ ලෝකයේදී පියවරුන් සහ සිඟිත්තෝ අතර අන්තර් කි‍්‍රයාකාරකම් නිරීක්ෂණය කිරීම පිණිස පර්යේෂකයෝ ඇට්ලන්ටා හි ජීවත්වන වයස අවුරුදු 21 ක් 55 ත් අතර පිරිමි 52 කු ස්වේච්ඡාවෙන් අධ්‍යයනයට සම්බන්ධකර ගත්හ. මේ 52 ටම වයස අවුරුදු 1 හෝ 2 ක දුවෙකු හෝ පුතෙකු ඇත. පියවරුන්ගෙන් 30 දෙනෙකුට සිඟිති දුවරුන්  සිටින අතර සෙස්සන් සතුවන්නේ පුතුන්ය. මේ සෑම දෙනාටම සිය  බඳ පටියෙහි සවි කෙරුණු  පටිගතකිරීමේ  උපකරණයක් සැපයිණ. ප‍්‍රරුපී (typical) සතියේ දිනක හා ප‍්‍රරූපී සති අන්ත දිනයක පළදින්නැයි උපදෙස් දෙනු ලැබූ මෙම උපකරණයන් සෑම විනාඩි නවයකට  වරක් තත්ත්පර 50ක ශබ්ද කොටස් පරිගත කෙරිණ. එහෙත් පියාටවත්, දරුවාටවත් උපකරණයෙන් පටිගත කෙරෙන්නේ කුමන වේලාවකදී ද යන්න ගැන දැනීමක් නොවිය.

”මෙම පටිගත කිරීමේ උපකරණ පැළදි විට පුද්ගලයන් බොහොම  ස්වාභාවිකව හැසිරෙනවා. මන්ද එය කොයි වේලේ වැඩ කරනවාද නැද්ද දන්නේ නැහැනේ?” යයි මැස්කාරෝ පවසයි. මේ සෑම පියෙකුගෙන්ම සම්පූර්ණ වශයෙන් පැය දෙකක පටිගත කිරීම ලබා ගැනීමට හැකි වූ අතර සිය දුවරුන් හෝ පුතුන් හා අන්තර් කි‍්‍රයා කරද්දී පියවරුන්ගේ සාවධාන බව (attentiveness), චර්යා රටාවන් මෙන්ම යොදාගත් භාෂා විලාශය සොයා ගැනිණ. පටිගත කිරීම ඇගැයීමට ලක් කිරීමෙන් මෙලෙස සොයාගත් සමහරක් කාරනා මෙසේය:

පුතුන් සිටි පියවරුන්ට සාපේක්ෂව ගත් කළ දුවරුන් ඇති පියවරු තම සිඟිත්තියන් වෙනුවෙන් (පුතුන් සහිත පියවරුන්ට වඩා) ගී ගයති.  සිඟිති දුවරුන් සහිත පියවරු තම දුවරුන්ට කතා කිරීමේදී  ‘ඇඩිම’ ‘දුක’  ‘කඳුළු’ ‘තනිකම’ වැනි වදන් සහිතව ශෝකය දනවන බසක් යොදා ගත්හ. එමෙන්ම ‘බඩ’  ‘කකුල’  ‘උදරය’ ආදී සිරුරට සම්බන්ධ වදන්ද,  එලෙසම වඩාත් සංකිර්ණ භාෂා සංවර්ධනයට මග පාදන ‘වඩා යහපත්’ ‘අධිකතර’ වැනි විශ්ලේෂණාත්මක වදන් ද දුවරුන් සහිත පියවරුන් යොදා ගෙන තිබේ. අනෙක් අතට පුතුන්  සහිත පියවරු ‘ජයගැනීම’ ‘ආඩම්බරයි’ ‘ඉහළටම’ වැනි කාර්ය සාධනය පාදක කරගත් වදන් වැඩිපුර යොදා ගත්හ. එමෙන්ම තම සිඟිත්තන් කිතිකැවීම උඩ දැමීම වැනි තරමක් ‘රළු’ කි‍්‍රයාවන්හි යෙදුනහ. සාවධාන බව සළකා බලන විට පෙනී යන්නේ පුතුන් සහිත පියවරුන්ට වඩා දුවරුන් සහිත පියවරු තම දරුවාගේ අවශ්‍යතා ගැන වඩාත් සැලකිලිමත් වූ බවයි.

සිය දරුවන් මුහුනෙන් විවිධ හැඟීම් පළ කරන ඡායාරූප පෙන් වූ කල්හි වෙනත් හැඟීම් ප‍්‍රකාශ කරණ  මුහුණුවලට වඩා තම දුවරුන්ගේ සතුටු මුහුණු පෙන්වන ඡායාරූප දුටු විට ප‍්‍රතිඵල හා චිත්තවේග පාලනයට සම්බන්ධ කොටස්වල ප‍්‍රබල ස්නායු ප‍්‍රතිචාරයක් දැක්වූ බව ඔවුන්ගේ මොළ ස්කෑන් පරීක්ෂණවලින් හෙළි විය. එහෙත්, මේ ආකාරයෙන්ම සිදුකල ස්කෑන් පරීක්ෂණවළ දී  පුතුන් සහිත පියවරුන්ගේ මොළවල වඩා ප‍්‍රබල  ප‍්‍රතිචාරයක් සටහන් වී තිබුණේ පුතුන්ගේ වෙනත් ප‍්‍රකාශනවලට වඩා මුහුනේ මධ්‍යස්ථ ප්‍රකාශනයන්ටය.

පියවරුන් අතර චිත්තවේගී හා චර්යාමය ප‍්‍රතිචාරවල විවිධත්වයක් තිබීමට හේතු වශයෙන් දැක්විය හැකි පැහැදිලි කිරීමක් වන්නේ එම ප‍්‍රතිචාර ජීව විද්‍යාත්මකව පදනම් වී ඇත යන්නය. එනම්දුවරුන්ට හා පුතුන්ට වෙනස් ආකාරවලට ප‍්‍රතිචාර දැක්වීමට මනුෂ්‍යයන් ජනාමය වශයෙන්  සැකසී ඇති බව යයි මැස්කැරෝ අදහස් කරයි. එසේ වුවද. තවත් පැහැදිලි කිරීමක් විය හැක්කේ පියවරුන් දුවරුන් සහ පුතුන් සමග අන්තර් කි‍්‍රයා කළ යුත්තේ කෙසේද යන්න ගැන සමාජමය, සංස්කෘතිමය හා ලිංගිකමය ප‍්‍රතිමාන (norms) පැවතීම යයි ඇය කියයි. අධ්‍යානයේදී පියවරුන් ගැන සොයා බැලූවේ එක ක්ෂේත‍්‍රයක් ගැන පමණකි.

Image result for Dad with Son and Daughter

තවද පොඩිත්තන් හා පොඩිත්තියන් ඇත්තටම හැසිරෙන ආකාරයේ ඇත්තේ කුඩා වෙනසක් පමණය. අනතුරුව එම හේතුව මෙම හැසිරීම ධෛර්යමත් කිරීමට පියවරුන් පෙළෙඹ වන්නේ යයි ද පැහැදිලි කිරීමක් කළ හැකි යයි මැස්කැරෝ පවසයි. ළමුන්ගේ දිගුකාලීන චර්යා රටා කෙරෙහි ඇති විය හැකි බලපෑමක් ගැන මෙම අධ්‍යයනයෙන් කිසිවක් හෙළි නොවිනැයි පර්යේෂකයෝ කියති. කෙසේවෙතත්, පියවරුන්ගේ චර්යාවන්හි සිය දුවරුන් හා පුතුන් කෙරෙහි වෙනස්කම් මේ තරම් කුඩා අවධියේ ඉස්මතුවීම ලිංගික භූමිකා වර්ධනය වන්නේත්, ප්‍රතිසාධනය වන්නේත් කෙසේද යන්න වටහා ගැනීමට පර්යේෂකයන්ට උපකාරි වනු ඇත.

Live Science හි පළවූ Dads’ Brains React Differently to Sons and Daughters යන ලිපිය ඇසුරෙනි

 

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: