මෙවර පොසොන් දාට පායන්නේ කුඩා හඳක්?

Posted by

 

අද  අහසේ පායන සඳ විශේෂ සඳක්. මේ විශේෂ වර්ගයේ හඳ දකින්න ලැබෙන්නේ අවුරුද්දකට එක් වතාවක් පමණයි. මෙය හැඳින්වෙන්නේ මිනි චන්ද්‍රයෙකු (minimoon) නැතිනම් සාමාන්‍ය පෝදාවකට අප දකින පුර්ණ චන්ද්‍රයාට වඩා මදක් කුඩා හඳක්. මොනවා? හඳ කුඩා වෙනවාද? නැත, නැත.. ඒත් ඉතින් චුල චන්ද්‍ර හෙවත් මිනි චන්ද්‍රයා ගැන දැන ගන්න  ඕන නම් තවදුරටත් කියවාගෙන යන්න.

මිනිචන්ද්‍රයා කියන්නේ කුමකටද?

මිනි චන්ද්‍රයා යනුවෙන් හඳුන්වනු ලබන්නේ චන්ද්‍රයා භූදූරකයට(apogee) පැමිණි අවස්ථාවේ දිස්වන චන්ද්‍රයාටයි. භූ දුරකය යනු චන්ද්‍රයෙකු(හෝ ග‍්‍රාහයෙකු) කක්ෂයෙහි ගමන් කරමින් පෘථිවියට දුරම අවස්ථාවට පැමිණීමයි. මෙය හරියටම සුපිරි චන්ද්‍රයාගේ අනික් පැත්තයි. චන්ද්‍රයා භූ සමීපයකට(perigee) පැමිණි අවස්ථාවේ එනම් චන්ද්‍රයා සිය කක්ෂයෙහි ගමන් කරමින් පෘථිවියට ආසන්නම ලක්ෂ්‍යයෙහි සිටින විට පූර්ණ චන්ද්‍රයා දිස් වන ආකාරය සුපිරි චන්ද්‍රයා නමින් හැඳින් වේ. මිනි චන්ද්‍රයා මෙකී පුංචි චන්ද්‍රයා මෙන් 14  ක් කුඩාවට  දිස්වන අතර සාමාන්‍ය පූර්ණ චන්ද්‍රයාට වඩා දීප්තතාව මඳක් අඩුය.

සුපිරි චන්ද්‍රයන් සහ මිනිචන්ද්‍රයන් අපට දැක ගන්නට ලැබෙන්නේ (පෘථිවිය වටා) චන්ද්‍රයාගේ කක්ෂය පූර්ණ වෘත්තයක් නොව පෘථිවිය ඉලිප්සීයේ එක නාභියකද චන්ද්‍රයා අනික් නාභියෙහි වශයෙන්  මඳක් ඉලිප්සීය බවක් ගන්නා හෙයිනි. සාමාන්‍යය ගතහොත් භූසමීපකයේදී පෘථිවියේ සිට චන්ද්‍රයාට කි.මී. 363,000ක් වන අතර භූදුරකයේ දී පෘථිවියේ සිට කි.මි. 405,500 දුරක පිහිටයි.

ඉලිප්සයේ නාභි දෙක හරහා අඳින රේඛාව දැක්වෙන්නේ දුරාන්තික රේඛාව (line of apsides) ලෙසටයි. චන්ද්‍රයාගේ දුරාන්තික රේඛා භ‍්‍රමණය වන්නේ තරකාවලට සාපේක්ෂව සෑම වසර 8.85කට වරකි. මෙයින් හැඟීයන්නේ භූ සමීපකය හා භූ දුරකය සෑම විටම පූර්ණව පුන් සඳ හා පේළිගත වෙන්නේ නැත යන්නයි. සමහර අවස්ථාවල චන්ද්‍රයාගේ  දුරකය චන්ද්‍රයාගේ ප‍්‍රථම කාර්තුව හා සමීපතවේ.

සුපිරි චන්ද්‍රයන් හා මිනි චන්ද්‍රයන් දෘශ්‍ය ප‍්‍රමාණය අප දකින සාමාන්‍ය චන්ද්‍රයාගේ දෘශ්‍ය ප‍්‍රමාණයට වඩා මඳක් වෙනස්ය. අධුනිකයකුට දැක තේරුම් ගැනීමට තරම් එම වෙනස්කම් කුඩා වැඩිවිය හැකි යයි නාසා ආයතනයේ ප‍්‍රධාන දෘශ්‍ය ශිල්පි අර්නි රයිට් පවසයි. “ආදි කාලීන ජනතාව අහසේ සිදුවන දේවල් ගැන අද ඉන්නා අපට වඩා සැලකිල්ලෙන් සිටියා. ඒත් චන්ද්‍රයාගේ දෘශ්‍ය ප‍්‍රමාණය වෙනස්වීම ගැන කවුරුවත් එතරම් සැලකිල්ලක් දැක්වූ බවක් නම් පේන්න නැහැ” ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.

මෙවර භූ දුරකය හරියටම සිද්ධ වෙන්නේ ජූනි 8 පැය 22ට එනම් චන්ද්‍රයා නිල වශයෙන් පූර්ණ චන්ද්‍රයාවීමට පැය 14 විනාඩි 47කට කලිනුයි. භූ දුරකයේදී මෙම චන්ද්‍රයා පෘථිවියේ සිට කිමි. 404,401ක(සැතපුම් 252,525) දුරකින් ස්ථාන ගත වේ. අද භූ දුරකය ඇතිවන්නේ ලෝකයේ බොහෝ ප්‍රදේශවල සඳ නැග ඒමට පොරාතුවයි. අද බලා ගැනීමට නොහැකි වුවහොත් නැවත මිනි චන්ද්‍රයා දැක ගැනීමට අවස්ථාවක් එළැඹෙන්නේ 2018 ජුලි 27 දායි.

Space.com හි June Full Moon 2017: How to See the Strawberry Mini-moon This Month යන ලිපිය ඇසුරෙනි

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.