විදු නැන නුවණ – Science Literacy for All

පෘථිවිය ඇතුළත යෝධ ලෝදිය පහන, චුම්භක ධ‍්‍රැව පෙරළීමට ලක්කරයි

පෘථිවියේ හරයට(core) ආසන්නයේම ඉහළින් ප‍්‍රවාරණ(mantle) ස්තරයෙහි කලාප  දැවැන්ත ලෝදිය (ලාවා) පහන් ලෙස හැසිරිය හැකි යයි විශේෂඥයෙක් කියා සිටියි. එහිදී උණු වූ පාෂාණ කොටස් වාරිකව ඉහළ පහළ යයි. මේ සංසිද්ධිය පෘථිවියේ චුම්භක ක්ෂේත‍්‍රය කෙරෙහි බලපෑම් ඇති කළ හැකිවේ. කාලය ඔස්සේ වසර 41,000ක් ආපසු ගමන් කර අවසාන අයිස් සමය වෙත ළඟා විය හැකි නම් ඔබේ කොම්පාසුව (මාලිමාව) උතුර වෙනුවට යොමු වනු ඇත්තේ දකුණටය. ඊට හේතුව ශත වර්ෂ කිහිපයක කාල පරාසයක් තුළ පෘථිවියේ චුම්භක ක්ෂේත‍්‍රය ආපසු හැරවී තිබුණ හෙයිනි. මේ ආපසු හැරවීම් අපේ ග‍්‍රහලෝකයේ ඉතිහාසය තුළ නැවත නැවත සිදුවී ඇත්තේ ඇතැම් අවස්ථාවල වසර සිය දහස් ගණනාවක් පවතිමිනි. අපට මේ බව දැන ගැනීමට හැකිවන්නේ චුම්භක ඛනිජ සෑදීම කෙරෙහි ආපසු හැරවීම් බලපෑ ආකාරය දැන් පෘථිවිය මතුපිට දී අධ්‍යයනය කිරීමට ලැබීමෙනි.

චුම්භක ක්ෂේත‍්‍ර ආපසු හැරවීම් සිදුවන්නේ මන්ද යන්න පැහැදිලි කිරීමට මත ගණනාවක්ම ඉදිරිපත් වී ඇත. ඉන් එකක් වඩාත් ඒත්තු ගන්වන සුළු බව පෙනී යයි. මේ ලිපිය ආරම්භයේ සඳහන් එම අදහස් ඉදිරිපත් කරනු ලැබුවේ ඔක්ස්ෆර්ඞ් සරසවියේ ගෝලීය භූකම්පනවේද පශ්චාත් ආචාර්ය උපාධි අධිශිෂ්‍යත්වලාභී පෝලා කුල්මෙයාර් ප‍්‍රමුඛ කණ්ඩායමක් විසිනි. ඔවුන් මෙම සොයා ගැනීම සිදුකර ඇත්තේ ලෝකයේ වඩාත්ම විනාශකාරී භූකම්පන ගණනාවක සංඥා අධ්‍යයනය කිරීමෙනි.

අපේ පයට කි.මි. 3000ක් පමණ යටින්– ඒ කියන්නේ සාගරයේ ගැඹුරුතම තැනට ඇති දුර මෙන් 270 ගුණයක් යටින් — තමයි පෘථිවි හරය ආරම්භ වන්නේ. හරය වනාහී වැඩි පුරම උණු වූ යකඩ සහ නිකල් වලින් හෙබි ද්‍රව ගෝලයකි. හරය සහ ඊට උඩින් ඇති ප‍්‍රාවරණය අතර ඉමෙහි දී උෂ්ණත්වය සෙල්සියස් අංශක 4,000ක් පමණ වේ. මේ උෂ්ණත්වය තාරකාවක මතුපිට උෂ්ණත්වයට සමානය. එමෙන්ම මෙහිදී පීඩනය පෘථිවිය මතුපිටට වඩා 1.3 ගුණයක් වැඩිය.

මේ ඉමෙහි ප‍්‍රාවරණය පැත්තෙහි වසර මිලියන ගණනක් තුළ ඝන පාෂාණ ගලා යන්නේ මහාද්වීප චලනයට හා ඒවායේ හැඩය වෙනස් කිරීමට බලපාන තැටි භූචලන  බලගන්වමිනි. ඉමේ හරය පැත්තෙහි තරලමය චුම්භක යකඩ සුළි ගැසෙමින් තදින් කරකැවෙන්නේ පෘථිවියේ චුම්භක ක්ෂේත‍්‍රය නිර්මාණය කර පවත්වාගෙන යමිනි. අභ්‍යවකාශ විකිරණය මගින් අපේ වායුගෝලය ගලවා ඉවත් කර ගනු ලැබීමෙන් වලක්වා ගන්නේ මේ චුම්භක ක්ෂේත‍්‍රයයි. වෙන වචනවලින් කිවහොත් චුම්භක ක්ෂේත‍්‍රය ඇද තබාගන්නේ වායුගෝලයයි. පෘථිවි හරය  සහ ප‍්‍රාවරණය අතර  ඉම ඒ තරම් ගැඹුරින් පොළවයට පිහිටා ඇති හෙයින් එය හැදෑරීමට ඇති ප‍්‍රධාන මග භූකම්පන වලින් ඇතිවන භූකම්පන සංඥා නිරීක්ෂණයයි. භූකම්පන තරංගවල හැඩය සහ වේගය ගැන තොරතුරු භාවිතා කිරීමෙන් ඒවා අප වෙත ළඟාවීම පිණිස ගමන් කළ පෘථිවියේ කොටස දැන කියා ගැනීමට අපට හැකිවේ. සුවිශේෂී ලෙස විශාල භූකම්පනයකින් පසුව අපේ ග‍්‍රහ ලෝකයම කම්පනය වන්නේ හඬ නගන සීනුවක් බඳුවය. මේ කම්පන විවිධ ස්ථානවලදී මැනීමෙන් පෘථිවිය ඇතුළත ව්‍යුහය වෙනස්වන ආකාරය අපට දැනගත හැකිවේ.

පෘථිවිය ඇතුළත විවිධත්ව

මේ ආකාරයට, අවට ප‍්‍රදේශවලට වඩා සෙමින් භූකම්පන තරංග ගමන් කරන විශාල කලාප දෙකක්, හරය මත ඇති බව අපි දන්නෙමු. එක් එක් කලාපය කොපමණ නම් විශාල ද කීවොත් ඒවා පෘථිවිය මතුපිට වී නම් එවරස්ට් කන්ද මෙන් සිය ගුණයක් උස වනු ඇත. සුවිශාල අඩු ප‍්‍රවේග පළාත්(large-low-velocity-provinces) ලෙස හඳුන්වනු ලබන මේවා ප්‍රාවරණයේ ගතිකයන් මත සැලකිය යුතු බලපෑමක් ගෙනෙයි. එමෙන්ම ඒවා,  හරය සිසිල්වන්නේ කෙසේද යන්න කෙරෙහි ද බලපෑමක් ඇති කරයි. මේ සිසිල්වීම පිටත හරයේ ගලා යාම වෙනස් කරයි.

මෑතක දශකවල ඇති වූ වඩාත් සුවිශේෂී විනාශකාරී භූ කම්පන කිහිපයක්ම හරය හා ප‍්‍රාවරණය අතර ඉම දිගේ ගමන් කරන විශේෂ වර්ගයක භූකම්පන දෝලන මැනීමට අපට මග සැලසීය. මේ දෝලන ස්ටෝන්ලි ප‍්‍රකාර(Stoneley modes) ලෙස  දැක්වේ. මේ ප‍්‍රකාර හෙවත් විධි ගැන අපේ අලූත්ම පර්යේෂණ පෙන්වන්නේ,  අවට ද්‍රව්‍ය හා සංසන්දයේදී, හරය මත කොටස්  දෙකෙහි ඇත්තේ පහළ ඝනත්වයක් බවයි. මෙයින් හැෙඟන්නේ අනෙකුත් භූ භෞතික නිරීක්ෂණ හා සමානුයෝගී වෙමින් ද්‍රව්‍යය කි‍්‍රයාකාරීව පෘෂ්ඨය දෙසට උඩට  නගින බවයි. මේ කලාප ඝනත්වයෙන් අඩුවීමට සරලව හේතුවන්නේ ඒවා උණුවට තිබීමය.

නව මතයක්

එහෙත් සිත් අලවන සුළු නව මතයක්ද ඉදිරිපත් වී තිබේ. එනම් ප‍්‍රාවරණයේ මෙම කොටස්වල රසායනික සංයුතිය, ලාවා පහනක පෙද මෙන් ඒවා හැසිරවීමට සැලැස්වීමේ හැකියාවයි. මෙයින් අදහස් වෙන්නේ, සිසිල්වී හරය මත වැටෙන්නට පෙර ඒවා  උණුසුම් වී වාරිකව පෘෂ්ඨය වෙත ඉහළ නගින බවයි. හරයේ  මතුපිටින් වසර මිලියන ගණනක් තිස්සේ තාපය ඇද ගන්නා ආකාරය එවැනි හැසිරීම් නිසා වෙනස්වේ. ඉතින් සමහර අවස්ථාවල පෘථිවියේ චුම්භක ක්ෂේත‍්‍රය ප‍්‍රතිවර්තනය වන්නේ(දෙකොන මාරුවන්නේ) මන්දැයි යන්න මෙයින් පැහැදිලි කර ගත හැකිය. චුම්භක ක්ෂේත‍්‍රය අපමණ වාරයක් පෘථිවියේ ඉතිහාසය තුළ වෙනස්වී තිබීමෙන් හැෙඟන්නේ අද අප දන්නා ආකාරයට පෘථිවියේ  අභ්‍යන්තර ව්‍යුහයද වෙනස්වන්නට ඇති බවයි. පෘථිවි හරය, (එහි මතුපිට මෙන්ම) කඳු හා නිම්නවලින් සමන්විත බව අපි දනිමු. එකී භූ ලක්ෂණ හැදෑරිමට පෘථිවියේ දෝලනවල දත්ත තවත් භාවිත කිරීමෙන් අපට හරය පිළිබඳ වඩාත් විස්තරාත්මක සිතියම් සකස් කළ හැකිය. ඒවායින්. අප පා යට ගැමුරු තැන්වල සිදුවන්නේ මොනවාදැයි යන්න ගැන අපට වඩාත් හොඳ අවබෝධයක් ලබා ගත හැකියි.

Live Science හි පළවූ  Giant ‘Lava Lamp’ Inside Earth May Cause Magnetic Poles to Flip   යන ලිපිය ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: