මහා සංකල්ප ගැන සරලව හා කෙටියෙන් දැක්වෙන තතු ලිපි පෙළහී තවත් ලිපියක්
‘මනස’ යනුවෙන් අප දක්වන්නේ කුමක්දැයි කියනවාට වඩා එහි කාර්යයන් විස්තර කිරීම පහසුය. මනස යනු සංජානනය හෙවත් ප්‍රග්‍රහණය, විශ්වාසය, විචාරය, මතකය, දැනීම මෙන්ම අධිෂ්ඨානය සඳහා අපට ඇති හැකියාව හෝ මාර්ගයයි. මනස කියන්නේ අපේ මානසික ක්‍රියාදාමයන් — එනම් අපේ සංජානනයන්, විශ්වාසයන්, විචාරයන්, මතකයන්, හැඟීම්, සහ තීරණයන් — මානසික ක්රියාදාමයන්ගේ එකතුවක් ද නොඑසේනම් එය(මනස) තුළම ඇතිවන අවස්ථාවලට ඉහලින් සහ ඔබ්බෙන් මනස හා සම්බන්ධ වෙනමම යමක් වේ ද යන කිතිකවන සුළු ප්රශ්නය තමයි දාර්ශනිකයන් අවිවේකිව තබන්නේ.
ඔව්, මෙලෙස මනස යනුවෙන් වචනයක් තිබෙනවාය එහෙයින් අප සතුව ඊට වචනයක් ඇති හෙයින් එය කිසියම් ආකාරයක සැබෑ මෙන්ම නිශ්චිත දෙයක් — ඒ කියන්නේ බාගදා ආත්මය ට සමාන වරප්රසාදිත තත්ත්වයක් සහිත දෙයක් යන කාරනාව හේතුවෙන් ඇතිවන මේ ප්රශ්නය මායාවී නැතිනම් රැවටිලි ස්වරූප එකක් කියා සමහරු කියාපාන්න පුළුවන්.
එදා සිටම දාර්ශනිකයන් කාර්ය බහුලව තබා ගැනීමට හේතුවූ, මනසෙහි ස්වභාවයට සම්බන්ධ තවත් ප්‍රශ්න ඇත. එය සිරුර හා සමානම ජාතියේ දෙයක් ද, නැතිනම් වෙනස් දෙයක් ද? මෙය හඳුන්වනු ලබන්නේ “මනස-සිරුර ගැටළුව” ලෙසිනි.
පරමාදර්ශවාදින්(idealists) අදහන්නේ යථාර්ථය යනු අදහස් රාජ්‍යයක් පමණක්ය, එමෙන්ම සිරුර වනාහි හුදෙක් මනසේ ප්රක්ෂේපනයක් ය හැටියටය. ප්‍රතිවිරෝධිව, භෞතිකවාදීන් කියා සිටින්නේ යථාර්ථයක් වන්නේ භෞතික ලෝකයපමණක්ය, එමෙන්ම මනස යනු හුදෙක් සිරුරෙහිම කාර්යයක් හැටියටය.මේ දෙකම ‘අද්වෛතවාදී’ ආස්තානයන්ය; අද්වෛතවාදය(monism: ග්‍රීක monos =තනි යන්නෙන් බිඳී ආවකි) කියාපාන්නේ යථාර්ථය සමන්විතවන්නේ එක් ආකාර දෙයකින් පමණක් බවයි.
අද්වෛතවාදීන්ට ප්රතිවිරුද්ධව ද්වෛතවාදීන්(dualists) අවධාරණය කර සිටින්නේ මනස සහ සිරුර යනු එකිනෙකට වෙනස් දේවල් බවයි. වඩාත්ම ප්‍රකට ද්වෛතවාදී ස්ථාවරය වන්නේ දාහත්වන සියවසේ ප්‍රංශ දර්ශනවාදියෙකුවන රෙනේ දෙකාට් ප්‍රකාශ කර සිටි මතයයි: මනස සහ සිරුර යනු වෙනස් දේවල්ය, එහෙත් අන්තර්ක්‍රියා කිරීමේ හැකියාව ඇත යන්නය. විසිවන සියවස වෙද්දී මේ තත්ත්වය විස්තර වන්නේ , බ්‍රිතාන්‍ය දර්ශනවාදියෙකුවන ගිල්බට් රයිල් උපහාසාත්මකව හුවා දක්වන අන්දමට ‘යන්ත්‍රය තුළ හොල්මන’ ලෙසටය.
it is a very important