විදු නැන නුවණ – Science Literacy for All

සන්තාපය, දුක ශෝකය තේරුම් ගැනීම

ඉංගී‍්‍රසියෙන් grief යන වදනට සිංහල තේරුම වශයෙන් කනස්සල්ල, දුක ශෝකය, සන්තාපය,  වීස්සෝපය, ඛේදය ආදී වදන් දැක්වෙයි. මේ ලිපියෙන් දැක්වෙන සන්දර්භය තුළ  මේ අතුරින් වඩා යෝග්‍යයයි අපට හැඟුනේ  “දුක ශෝකය” යන්නයි. එහෙත්  ඉතින් කෙනෙකුගේ වියෝවෙන් සිතට ඇතිවන වේදනාව දක්විම සඳහා අනෙක් වදන් ද සමාජයේ යොදා ගනු ලබන අතර ලිපියේ දැක්වෙන කරුණු කාරනාවලට ඉන් අවහිරයක් නැත.

දුක ශෝකය යනු කුමක්ද?

දුක ශෝකය යනු විප්‍රයෝගය(loss) අත්දකින විට අප ප‍්‍රතිචාර දක්වන්නේ කෙසේද යන්නයි. දුක ශෝකය යනු විප්‍රයෝගය ගැන දක්වන සාමාන්‍ය, ස්වාභාවික සහ නොවැළැක්විය හැකි ප‍්‍රතිචාරයකි. ඊට අපේ ජීවිතවල සෑම අංශයකටම බලපෑ හැකිය. (සැනකෙලි භූමිවල දකින) රෝලර් කෝස්ටරයකින් වරක් වේගයෙන් උඩට ද වරෙක පහළට ද යන ගමනක් මෙන් දුක ශෝකය පෙනී යා හැකිය. නොඑසේ නම් කුණාටුවකට හසුව අරමුණකින් තොරව ගැස්සෙන පැද්දෙන ඔරුවක් මෙන් දැනී යා හැකිය. ඇතැම්විට, එය දරාගත නොහැකි, බිය දනවන්නක් සේ පෙනෙන්නට පුළුවන. කෙසේ වෙතත්, අපට සිදු වූ විපතට ක‍්‍රමයෙන් හැඩ ගැසීමට මෙන්ම මිය ගිය පුද්ගලයා නොමැතිව අපේ ජීවිතය ගෙන යාමට දුක ශෝකය අපට අවස්ථාව සලසයි.

දුක ශෝකය අපට දැනෙන්නේ කෙබදු ආකාරයකටද?

අප සෑම දෙනාම දුක ශෝකය අත්විඳින්නේ අප-අපටම ආවේනික ආකාරයටය. දුක්වීමේ ‘හරි’ නැතිනම්  ‘නිසියාකාර’ ක‍්‍රමයක් යනුවෙන් දෙයක් නැත. එමෙන්ම එය ‘හරි ගස්සා ගැනීමට’ ද ක‍්‍රමයක් නැත.

හැඟීම්(වේදිත)

අප කම්පනය, අවුල් සහගත බව, සන්තාපය, කෝපය, කාංසාව සන්ත‍්‍රාසය මෙන්ම අස්වැසිල්ල හෝ හිරිවැටිම (අසංවේදී බව) වැනි ප‍්‍රබල හැඟීම් අත්විඳිනවා විය හැකිය. ඇතමෙක්, විප්‍රයෝගයක් අත් විඳිමින් ඊට හැඩ ගැහෙමින් සිටිනා විටක මිය ගිය පුද්ගලයා අමතක වේදෝහෝයි හෝ මිය ගිය අය සමග සබඳතාව ගිලිහේ දෝ හෝයි නැතිනම් ද්‍රෝහි වූයේ යයි හැඟීමක් ඇතිවෙතැයි බියක් දක්වති

සිතිවිලි

අපට, ව්‍යාකූල බවක් දැනී, සිත එකඟ කර ගැනීම හෙවත් සමාධිගතවීම අපහසු බවක් පෙනී යා හැකිය. මිය ගිය අය සිහිනයෙන් දැකීම හෝ ඔවුන් තමන් හා ගැව සෙතැයි සිතීම හෝ මිනිසුන්ට අසාමාන්‍ය දෙයක් නොවේ. මේවායින් බොහෝ කොටම සැනසිල්ලක් අත් පත් වේ. මිය ගිය අය තමන්ට සමීප බවක් දැනවීමට ඒවා අපට උපකාරී වේ. මෙම දුකින් අපට කිසිදාක ගැලවීමක් නැත හෝ අපට පිස්සු හැදීගෙන එතැයි වැනි හැඟීම් ද ඇතිවේ. මේ සියල්ල දරා ගත නොහෙන  තරමට අසීරුය. එමෙන්ම අපත් මිය ගිය අය සමගම හිටියා නම් යන සිතුවිල්ල අපට ඇතිවේ. මෙය සැබැවින්ම වේදනාව හා ශෝකය කැටිකර ගත් අත්දැකීමකි.

ශාරීරික ප‍්‍රතිචාර

අපට සමහර අවස්ථාවල හරිහැටි නිදා ගැනීම පවා අසීරු වේ. විඩාවට පත් ගතිය, ආහාර රුචිය හීනවීම, වමනය හෝ වේදනාව වැනි ශාරීරික රෝග ලක්ෂණ හට ගැනීමට ද දුක ශෝකය මග පාදයි. මේ රෝග ලක්ෂණ  දිගටම පවතින්නේ නම් වෙනත් හේතු බලපාන්නේද නැද්ද යන්න තහවුරු කර ගැනීම සඳහා වෛද්‍යවරයෙකු විමසීම යෝග්‍යයි.

සම්බන්ධතා

සම්බන්ධතාවලට ද බලපෑම් ඇතිවිය හැකිවේ. ඇතැම් අවස්ථාවල අප අපේම සිතුවිලි අතර අතරමං වෙයි. නැතහොත් ආතතියට පත්වීම ඇතිවේ. අන් පුද්ගලයන් හෝ වෙනත් දේවල් ගැන ඇත්තේ උකටලී බවකි(උනන්දුවක් නැති බවකි).

චර්යාවන්

අපට අලස ගතියක් හෝ ඊට ප්‍රතිවිරුද්ධව අධික කි‍්‍රයාකාරී ගතියක් ඇතිවේ.  තමන් ගැන බලා කියා ගැනීම සම්බන්ධයෙන් ඇති අවධානය අඩුවේ. වැඩිපුර නිදා ගැනීමට පෙළඹේ. මත්පැනට යොමුවීමට හෝ නිර්දිෂ්ට නොකළ ඖෂධ භාවිතය හා වෙනත් අනතුරුදායක විය හැකි චර්යාවන්ට යොමුවීමට පෙළඹීමක් ඇතිවිය හැකිවේ.

විශ්වාසයන්

ජීවිතය පිළිබඳ අපේ විශ්වාසයන් අභියෝගයට ලක්වීමට පුළුවන. දුක ශෝකයට පත් පුද්ගලයෝ බොහෝ විට  මෙවන් දෙයක් අපට සිදු වුනේ මන්දැයි සිතමින් තැවෙති.

දුක ශෝකය කොපමණ කලක් පවතීද?

දුක ශෝකයට කාල සීමාවක් නැත. වසර  ගණනාවක් පවා ගත වන විස්තීරණ කාලඡේදයක් තුළ දුක ශෝකය දැනීම අසාමාන්‍ය නොවේ. මුලදී ඉතා දැඩිය දුක ශෝකය දැනේ. කාලය ගෙවී යත්ම දුක ශෝකය ‘කළමනාකරණය’ කර ගැනීමට අපි ඉගෙන ගන්නෙමු. සමහර අවස්ථාවල යහතින් ගෙවී ගියේ යයි දැනෙන කාල පරාසයකට පසුව (යළි) දොම්නස, බලාපොරොත්තුව සුන්ව ගිය ගතිය හෝ කෝපය ඇති විය හැකිය. මෙය බොහෝ විට සන්තාපයේ ස්වභාවයයි. වරෙක උත්සන්න වෙයි. වරෙක හීනවෙයි. මේ අන්දමට මෙය නැවත නැවතත් සිදුවිය හැකියි.

අවසානයේ දී නැවත වරක් ජීවිතයට අරුතක් එක්වන නමුත් වියෝවෙන් ඇති වූ පාඩුව සැම විටම අපේම කොටසක් ලෙස පවතී.

මෙහි දක්වා ඇත්තේ තම ඥාතියා, හිතවතා හෝ දන්නා කියන අයෙක් මෙලොවින් සමුගත්විට අප තුළ ඇතිවන දුක්දොම්නස හා ඊට සම්බන්ධ ප්‍රතිචාරයන් ගැනයි. අප ශෝකවන අන්දම සහ ඒ සම්බන්ධයෙන් ක්‍රියා කළ හැකි ආකාරයන් ද ඇතුලත් මෙම ලිපියේ ඉතිරි කොටස හෙට තතු හි පළවේ. නොවරදවා කියවන්න.

 

Palliative Care Australia වෙබ් අඩවියෙහි Understanding grief  යන ලිපිය ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: